Monday, January 11, 2016

සුදු සහ කලු....



චන්ද්‍රමඩල මුවාකරන්
ගත ඇඳි සළු නෙක උනමින්
ක්ෂීරපථය තනි අතකට 
ගත්ත රූබරී....
නිල් දෙනයන කැල්මදරන්
සිත ටිකකට නතරකරන්
සප්ත සාගරය කැළඹුව
රත්න මෝහිණී....

කල්බලා ලැබුන ඉඩකින්
ඉවතහෙලා ලොව පතිදම්
විශාකාව තුරුලට ගිය
දීඝ ගාමිණි....
කිරට හඬන තම බිළිඳුන්
නොලා මගට සිත මවුවත්
දරු දෙනෙතට සිත කැපකළ
කිසාගෝතමී....

කඩා තනය පොළවෙගසන්
සාප නොකර නුවර දනන්
දුක තම ලැම මතම හෙවූ
චන්ද කින්නරී....
දරුපෙම සිත තුල දරමින්
වැගිරෙන කිරි නතරකරන්
පියවුරු කෙළි බඩුවක් කල
සප්ත පත්තිනී....

සලිතකරගන්න යටිකය
හොවන දණ්ඩ දැඟලිලි මැද
දරු කුසගිනි නිසාම
පිළිගත්තු ද්‍රෞපදී....
අනුරාගයෙ ඉම සොයමින්
පිහිනන දන සිත නිවමින්
ආයෙත් එන්නැයි පවසන
සීතා දේවී....

කරපු පවු වසා කඩතිර
මුවා කරන සිල්වතුන්ට
හැමදාමත් පවින් පිරුන
පට්ටම වේසී....
පවක්යැ'යි ලොවම පවසන
අපායක දිවිය රඳවන
රහසින්වත් පවු නොකරන
බිම්බා දේවී....

දිවි දවනා ගින්න මැදින්
සිත නිවනා පෙම සොයමින්
නිල් අහසට දුක පවසන
කුණ්ඩලකේසී....
අම්මා යන අකුරු තුනට
මහමෙරක් වෙන්න දඟලන
ලෝ ධාතුව කම්පාකල 
බුද්ධ භාශීණී....


කටුස්සා....

ප:ලි:
විශේෂ ස්තූතිය- කමියට සහ ඇනෝපීලිසාට.

28 comments:

  1. ඔක්කෝම කස්ටිය සෙට් කරගෙන නේද?? ජය වේවා..

    ReplyDelete
  2. පහුගියකාලේ එල්ලවුන චෝදනාවලට උත්තරයක්ද?ඒ මොනව උනත් ඔයාගේ ඉස්සර ස්ටයිල් එකට මම කැමතියි මේකටවඩා.

    \\චන්ද්‍රමඩල මුවාකරන්
    ගත ඇඳි සළු නෙක උනමින්
    ක්ෂීරපථය තනි අතකට
    ගත්ත රූබරී....
    නිල් දෙනයන කැල්මදරන්
    සිත ටිකකට නතරකරන්
    සප්ත සාගරය කැළඹුව
    රත්න මෝහිණී....\\

    මේක අත්දැකීමක්ද?

    ReplyDelete
    Replies
    1. මාත් ගොඩක් කැමති ඒකට තමයි.එහෙම ලියන කොට මට ඕනෙකරන දේ ලියන්න පුළුවන් අත දිග ඇරලා.අනිත් ප්‍රශ්නෙට උත්තරේනම් මම නීතිපති උපදෙස් අරගනම දෙන්නම් :)

      Delete
  3. මුඹට ජීවත් උනා ඇති වගේද බං...? නියමයි කසුට්ටෝ... දැන් බත් පැකට් ගහලා ඉවරද..?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ...තාම කසාදයක්වත් බැඳගත්තේ නෑ.දැන්ම මැරිලා කොහොමද.
      දැන් ටිකක් නිවි හැනහිල්ලේ ඉන්නවා.

      Delete
  4. හම්මේ මොනව කියන්නද දන්නෑ කසුටු.... මට මේ කවිය ගොඩක් ලස්සනයි ඊටත් වඩා ඇනෙන ඊතලයක් වගේ

    ReplyDelete
    Replies
    1. ජීවත්වෙන්නේ මෙහෙම තැනක කියලා තේරෙන්නනම් ඊතල ඇනෙන්නම ඕනේ බං

      Delete
  5. ඔන්න නියම කටුසු ස්ටැයිල්....
    මම මේක මනසින් ක්‍රිෂාන්ත එරන්දක කියන සිංදුවක් විදිහට රසවින්ද.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=0qcQqu_BHwY&spfreload=10
      මේක අහල බලන්න.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔන්න ට්‍රැක් එකට වැටිල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තාම කිරට හඬන චූටි දරුවොනේ...හිටපු ගමන් කැලේ පනිනවා.

      Delete
  8. නියමයි කටුස්සයියේ

    ReplyDelete
  9. සුපිරිම සුපිරියි කසුට්ටෝ..............

    ReplyDelete
  10. ඔන්න මේකනම් සුපිරියටම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වැඩනිසා මට මගඇරුනට මාව මගඇරිලා නැති එකට ස්තූතියි වර්ණ

      Delete
  11. ඔන්න කටුස්සෝ උබව බලන්නත් මාත් ආවෝ
    ලස්සනයි"

    ReplyDelete
    Replies
    1. බලලා කමෙන්ට් කලාට ගොඩක් ස්තූතියි මචෝ

      Delete
  12. උඹට ටිකක් තද වුණාද ?

    ReplyDelete
    Replies
    1. සුදීක අයියා දැකලා තියනවද කවදාවත් මට කේන්ති යනවා....:)

      Delete
  13. ලස්සනයි! වදින්න ඕනි තැන් වලටම වදිනවා.

    ReplyDelete
    Replies
    1. කොච්චර වැදුනත් හැදුන එකෙක් ඉන්නවාද?

      Delete