රැයක් එළිවන තරුත් සැඟවෙන ලොවම සැතපෙන මැදියමේ
නිදිවැදුන මුදු වසන්තය ඉකිගසා වැලපෙන කම්මලේ
අගක් නොදකින සිතත් කළඹන නැගෙන රළු හඬ යන්තරේ
නුඹේ හදවත ගයන ගීතය සොරාගත්තද මල්ලියේ
පාන් කාලයි කෙසල් ගෙඩියයි දනියි නම් කුසගිනි නුඹේ
වතුර හොද්දයි නාඩු හාලයි ගනියි වෙන වෙස් දහවලේ
කඳුළු හෙලනට තහනම්ව ඇති පිරිමි හදවත දහවලේ
හෙලන කඳුළුද බිංදු දා ලෙස සිමෙන්තිය මත දිලිසුනේ
අට පැයක වැඩ මුරය ගැන කිසි දින අසා නැති වැඩබිමේ
දවස් ගානට වැටෙන පඩි පත නුඹේ ගත වෙත සවිය දේ
ගම් පියසෙ හීනෙනුත් හිනහෙන පෙම්වතිය ගැන නිනවුවේ
තට්ටු ඇඳ මිස නුඹේ පෙම් ලොව දුටුවෙ කවුරුද මල්ලියේ
වැඩ ඇඳුමටම භුක්තිවුන කය නොදුටු රසතැන් දහවලේ
ලාභ මල් පැණි අතර සරමින් සොයන නුඹ ගන කළුවරේ
සිහිවෙනා විට උරයෙ රැඳි බර නොදකිනා සිහිනය රැයේ
කවද කොතනද දකින්නේ නුඹ නෙතු පියා සුව සහනයේ
නුඹත් සමගින් අකුරු කලවුන් සරද්දී පර්මිට් ලොවේ
නුඹේ දහඩිය පවුල් බර මත කාසියට අඩු ලංසුවේ
දහස් ගණනක සුසුම් කැටිවුන උන් පැදන්යන රියසකේ
අතර සිරවී කැරකුනේ දිවියමයි නුඹලගෙ පැල්පතේ
කපටි ඇඳුමින් වසා නිරුවත හිනහුනේ උන් පෙරදිනේ
රජ කරන්නයි උඹව හෙට දින උඹට හිමිනැති උඹෙ රටේ
ලබාදුන් යස ඉසුරු උඩ උඹ තැනුව මාලිග මන්දිරේ
නැකත එනතුරු ගෙට වදින්නට නොහැක නුඹලට කිසිදිනේ
කෝල සිනහව ලාභ කිංකිණි අතර සැගවෙන සෙයිලමේ
අයාලේ යන සිතුම් කැටිකර තොග මිලට විකුණන වෙලේ
අසංවර සිත අතර පියඹන සමණළුන් පෑ මදහසේ
අරුත් සොයනට නිබද ලතැවුන නුඹෙ සිතයි මෙහි පොඩිවුනේ
ටච් පෑඩ් මත දුවන දසැඟිලි උදය දහවල මහරැයේ
නොවිදිනා මුදු මෙලෙක හදවත හදුනයිද දහඩිය රසේ
තුනම සීයට විකුණනා රතු ඇපල් මළු ඇති මාවතේ
වාරු ඇතිවෙද දනින් නොවැටී ඇවිද යන්නට දිවිමගේ
කටුස්සා....
ජීවිතේ දුක අදුනන්නේ ඒ දුක විඳීන මිනිස්සු විතරයි බං.
ReplyDeleteකවි ටික ඉස්තරම්.
හිිත ගස්සපු කවක් මංචං..
ReplyDeleteඇත්තටම බං මේ වගේ ජිවිත කොයි තරං පොළවට නිස්කාරණේ දියවෙලා යනව ඇද්ද..
උඹේ කවිය රහයි මචං කවදත් වගේ.. දුක වැඩියි
ඔන්න මමත් මේ පැත්තට ආවා.
ReplyDeleteපොඩි දුකක් නම් ඇතිවුණා මචන්...ඒත් ලස්සනයි.....
සුබ නව වසරක් වේවා!!!
හරිම ලස්සනයි අයියේ....
ReplyDeleteකවි ටික ලස්සනයි.... මහපොළවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හැබෑ හැගීම් ඒක්ක ලියැවෙන ගීත ඒන්රිකේ ඉඹින්න ගිය උන් ගැන කතා කරන ලෝකයට වඩා කොච්චර ඉස්සරහින් තියෙනවාද කසුට්ටෝ............... ජය
ReplyDeleteඅඩේ අපි ගැනත් ලියහන්!අපි පැය 24 වැඩ මුරේට වැඩ කරන උදවිය!
ReplyDeleteලස්සනයි කසුටු..... කිවුවත් වගේ ලස්සන කවි......
ReplyDeleteලස්සනයි බං .
ReplyDeleteමසුරං කවි ටික. ආයෙ කියල වැඩක් නෑ කසුට්ටො.
ReplyDeleteකවදා ඉවර වේදැයි නොදන්න වැඩගොඩක හිරවුණු, බැලූ බැල්මට හීනයක් ඇතැයි කොහෙත්ම නොහිතෙන මේ මිනිස්සු වෙනුවෙන් උඹ මේ ලියපු පද වැල් ටික කෝටි ගාණක් වටිනවා කටුස්.
ReplyDeleteපට්ට.. දෙවෙනි කවියේ දහවලේ දහවලේ කියල දෙකක් එක ලඟ ඉවර උනේ නැත්නම් මන් කැමතියි. :)
ReplyDeleteදෙවෙනි කවියේ දහවලේ දහවලේ කියල දෙකක් එක ලඟ ඉවර උනේ නැත්නම් මන් කැමතියි. :)
ReplyDeleteකාලෙකින් කටුසු කවියක් කියෙවුවේ
පට්ට..හිත කීරි ගැහුනා
දුක් විඳින මිනිස්සු ගැන හිතන මිනිස්සු බොහොම ටිකදෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්න එක ගැන සන්තෝසයි..
ReplyDeleteආපහු ගොඩ කාලෙකින්...මේ දවස්වල ඉස්පිරිතාලෙකට වෙලා දින ගැනපු නිසා කමෙන්ට් වලට උත්තර දෙන්න බැරිවුනා.සමාව ඉල්ලනවා ඔක්කොමල්ලගෙන්ම ඒකට.ආපහු පුරුදු ජීවිතේට ආපු නිසා පුරුදු විදිහටම බ්ලොග් ජීවිතේ ගෙවමු.පෙන්නල දුන්න අඩුපාඩු වලට වගේම දිරි ගැන්වීම් වලටත් ගොඩක් ස්තූතියි.
ReplyDeleteඇනෝපීලිසෝ....කරපු උදවුවට උම්ම්ම්ම්ම්ම්ම්මා......