Monday, December 21, 2015
පමාවූ සුභ පැතුම....
තව දිනක් ඔබ නැතුව මං නොදැන වල්මත්ව
ඒ උනත් පෙර දිනක මේ දවස අමතකද
රෝස මල් පොකුරු මැද රැඳුණ සුභ පැතුම්පත
දිවිමගේ සුන්දරම වසත්කල මගේවුන
තාම දැනෙනව සීත වප් සුළඟ දඟකෙරුව
හමන නළ හා එක්ව පාවයන මකරන්ද
අසෙනියා රේණු මත දඟකරන බඹරුන්ට
කොදුරණා සොඳුරු කව ථේරි ගීයක් ලෙසට
සවනතේ හැමදාම රැවුදිදී නිම්නාද
සදාකල් රැදෙනු මැන අදට නොව හැමදාම
කල්බලා මං සොයන සමණලුන් තටු අතර
ඉඳුසරින් සොරාගන සගවගත් හැම වර්ණ
නුඹ දිවිය අදුරුකල මා ඇන්ද සිතුවමම
වසා පින්තාරුකර ඉරක්වත් නොපෙනෙන්න
නොසංසුන් සුරත මත සංසුන්ව රැදෙනු මැන
සුරඟනට අමතකව මිහි ලොවට පෙර දිනක
විසි කෙරුව කඩුපුලක පෙති අතර රැදි සුවඳ
මගෙ අතින් කිළිටිවුන නුඹේ හද දෙවොල මත
මගෙ සුවඳ වියකෙන්න දස අතම හමායන
සුවඳ පොද වී දිනක සදා එහි රැදෙණු මැන
සුභ උපන්දිනයක් වේවා.....!
කටුස්සා...
Labels:
වැට නැති කවි
Subscribe to:
Post Comments (Atom)
හරිම ලස්සනයි කසුට්ටෝ...... :)
ReplyDeleteබොහොමත් විස්කෝතුයි කිවුවා.....
Deleteහ්ම්ම් ලස්සනයි කසුටු
ReplyDeleteලස්සන අතීතය....
Deleteදැන් කාගේද උපන් දිනේ
ReplyDeleteබැල්ලි පැටියෙකුගේ....
Deleteකීයක් කියල ලව් හුට පට මතක තියාගන්නද ? දැන් මේ කුළුදුල් කීවෙනි එකේ උපන් දිනේද ?
ReplyDeleteකුළුදුලේ හිටපු 3නි එකගේ
DeleteThis comment has been removed by the author.
ReplyDelete//සුරඟනට අමතකව මිහි ලොවට පෙර දිනක
ReplyDeleteවිසි කෙරුව කඩුපුලක පෙති අතර රැදි සුවඳ//
උඹේ කවි වගේ ම මේ වර්ණනාත් හරි ම අගෙයි බං.............
බොහොමත් ස්තූතියි මචෝ....
Deleteඋඹ ඇරියස් කවර් කරනවද දවසට පෝස්ට් දෙක ගානේ දාන්නේ...
ReplyDeleteලස්සන නිර්මාණයක්...
කාට හෝ මේ කියන අයට සුභ උපන් දිනක් වේවා...!
උපන්දිනේ පහුවෙලා මාසයක් විතර.ගිය අවුරුද්දෙනම් හරියට දිනේට පෝස්ට් කලා.මේ අවුරුද්දේ පරක්කුවුනා.
Deleteමොකද බං මේ,ආගිය අතක් නැතුව ඉඳල එකපාරට රේස් දුවන්නෙ.
ReplyDeleteඉස්සල්ලා පෝස්ට් එක පොඩි ටෙස්ටින් පාරක් මම තාම සින්ඩිවල ඉන්නවද බලන්න කරපු.ඒක අසාර්ථක නිර්මාණයක්.ඒකයි ඉක්මනට මේක දැම්මේ.
Deleteකවුරු නමුත් කසුට්ටගේ අතිවිශේෂ කෙනෙක්ගෙ උපන්දිනයක්. මට හිතෙනව 'ඔබට මා මටද ඔබ හමුවුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන...සෙනෙහසින්' පොස්ටුවේ සඳහන් කරපු කෙනාගේ උපන්දිනේ වත්ද කියල දන්නේ නෑ හරියටම නිකන් උපකල්පනයක් විතරයි
ReplyDeleteවිශේෂ කෙනෙක් තමයි.ඒත් "අරයනම්" නෙමෙයි.ජීවිතේ වැඩියෙන්ම හිනාවුන ,වැඩියෙන්ම දුක්වුන කාලයේ හිටිය කෙනෙක්.
Deleteඑයාට සුභ උපන් දිනයක්. මාස ගානක් අතුරුදන් වෙච්ච් හේතුව වෙන්න ඇති .
ReplyDeleteහැහ්...මම කෙල්ලෙක් එක්ක පැනලාගියා කියල හිතුවද?
Deleteනැහ් ඒකනම් වෙන්නම බැ ආච්චියෙක් මිසක්...
Deleteනැහැ කෙල්ල උඹත් එක්ක පැනලා ආව කියල හිතුවේ.
Deleteපද වැල් නං සුපිරි! අපිත් සුභ පැතුවයි කියාපං.
ReplyDeleteමාව හම්බවුනහම ඒකිට කලන්තේ නොදැම්මොත් කියන්නම්කෝ...
Deleteකටුස්සා.. සුපුරුදු රිද්මයට ඇවිත්.. ජයවේවා මචෝ.. අර ඈත පළාතෙ දරුවගෙ උපන්දිනේ වෙන්ටැ..ම් එසේම වේවා...
ReplyDeleteප්‍රෙශර් එක වැඩිවෙනකොට රිදම් එක නගිනවා තවත්...
Deleteසුපිරි කවිය. සුබ උපන් දිනයක් කීවැයි කියහං.
ReplyDeleteමතකේ විදිහටනම් පළමු ගොඩවැදුම වෙන්න ඕනේ.වෙල්කම් කිවුවා කස්සා....
Deleteමේ පෝස්ට් එක බලහං.
Deletehttp://katusuhadawatha.blogspot.com/2015/08/blog-post_23.html
ගින්දර කවියකින් නෙව උපන්දිනේට විස් කොරල තියෙන්නෙ පට්ට ගති මචං
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුං
ස්තූතියි මයියා...
Deleteහැපී බිලෙටඩ් විෂස් ෆ්‍රොම් කල්‍යාණ මිත්‍ර ඔල්සෝ කියපං.. උඹ ආපහු 'සුපුරුදු රිද්මයෙන්' ලියන එක ගැන පට්ට හැපී.. උඹේ මේ හරස් පද ප්‍රෙහේලිකා වගේ කවි වලට මන් පට්ට ලයික්.. මේ රයිම් එක ලේසියෙන් හම්බවෙන්නේ නැති එත් හිතට තිතට වදින රයිම් එකක්.. එළ යැ!
ReplyDeleteඋඹයි මමයි ඉස්සල්ලම චැටක් දැම්මේ ගිය අවුරුද්දේ මේකට ලියපු කවියගැන.නොවැම්බර් මාසේ.උඹ "සේෆ්ටි සිංහළෙන්" ලියන කාලේ.මතක්කරලා බලපන්.එතකොට ඔය පටළැවිලි ගතිය හරියයි.
Deleteමතකයි මතකයි.. කියපං කියුවට කියන්න බැරි බව දන්නවා..
Delete//උඹ "සේෆ්ටි සිංහළෙන්" ලියන කාලේ// හෑ.. එහෙම කාලෙකුත් තිබ්බ නේන්නං.. :p
http://nelumyaya.com/?p=4871
ReplyDeleteමේං මූ රේස් පදිනවා. තාම අරකෙ කමෙන්ට් වලටත් රිප්ලයි නෑ..
ReplyDeleteලස්සනයි බං මේක.
රිප්ලයි දානවෝ....
DeleteSAME TO YOU...
ReplyDeleteEla da Bra
උඹ කොහේදෝ......?
Deleteබතුමාගෙ අඩවියේ මගේ පළමුවෙනි කමෙන්ට් එක. ඉතාම ලස්සන කවියක්. උපන්දිනය අයිති කෙනාට සුභපැතුම්.
ReplyDelete//බතුමාගෙ අඩවියේ// බතුමා කියන්නෙත් කටුස්සා ට කියන තවත් නමක් ද? හැක හැක හැක..
Deleteසාදරයෙන් පිළිගන්නවා කටුසු හදවත පැත්තට.......
Deleteමේ කොයි එකද??? රටේ උඩින් ද ? රටේ යටින් ද?
ReplyDelete