Monday, December 21, 2015

පමාවූ සුභ පැතුම....



තව දිනක් ඔබ නැතුව මං නොදැන වල්මත්ව
ඒ උනත් පෙර දිනක මේ දවස අමතකද
රෝස මල් පොකුරු මැද රැඳුණ සුභ පැතුම්පත
දිවිමගේ සුන්දරම වසත්කල මගේවුන
තාම දැනෙනව සීත වප් සුළඟ දඟකෙරුව

හමන නළ හා එක්ව පාවයන මකරන්ද
අසෙනියා රේණු මත දඟකරන බඹරුන්ට
කොදුරණා සොඳුරු කව ථේරි ගීයක් ලෙසට
සවනතේ හැමදාම රැවුදිදී නිම්නාද
සදාකල් රැදෙනු මැන අදට නොව හැමදාම

කල්බලා මං සොයන සමණලුන් තටු අතර
ඉඳුසරින් සොරාගන සගවගත් හැම වර්ණ
නුඹ දිවිය අදුරුකල මා ඇන්ද සිතුවමම
වසා පින්තාරුකර ඉරක්වත් නොපෙනෙන්න
නොසංසුන් සුරත මත සංසුන්ව රැදෙනු මැන

සුරඟනට අමතකව මිහි ලොවට පෙර දිනක
විසි කෙරුව කඩුපුලක පෙති අතර රැදි සුවඳ
මගෙ අතින් කිළිටිවුන නුඹේ හද දෙවොල මත
මගෙ සුවඳ වියකෙන්න දස අතම හමායන
සුවඳ පොද වී දිනක සදා එහි රැදෙණු මැන

සුභ උපන්දිනයක් වේවා.....!



කටුස්සා...

42 comments:

  1. හරිම ලස්සනයි කසුට්ටෝ...... :)

    ReplyDelete
    Replies
    1. බොහොමත් විස්කෝතුයි කිවුවා.....

      Delete
  2. දැන් කාගේද උපන් දිනේ

    ReplyDelete
  3. කීයක් කියල ලව් හුට පට මතක තියාගන්නද ? දැන් මේ කුළුදුල් කීවෙනි එකේ උපන් දිනේද ?

    ReplyDelete
    Replies
    1. කුළුදුලේ හිටපු 3නි එකගේ

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. //සුරඟනට අමතකව මිහි ලොවට පෙර දිනක
    විසි කෙරුව කඩුපුලක පෙති අතර රැදි සුවඳ//

    උඹේ කවි වගේ ම මේ වර්ණනාත් හරි ම අගෙයි බං.............

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි මචෝ....

      Delete
  6. උඹ ඇරියස් කවර් කරනවද දවසට පෝස්ට් දෙක ගානේ දාන්නේ...

    ලස්සන නිර්මාණයක්...
    කාට හෝ මේ කියන අයට සුභ උපන් දිනක් වේවා...!

    ReplyDelete
    Replies
    1. උපන්දිනේ පහුවෙලා මාසයක් විතර.ගිය අවුරුද්දෙනම් හරියට දිනේට පෝස්ට් කලා.මේ අවුරුද්දේ පරක්කුවුනා.

      Delete
  7. මොකද බං මේ,ආගිය අතක් නැතුව ඉඳල එකපාරට රේස් දුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සල්ලා පෝස්ට් එක පොඩි ටෙස්ටින් පාරක් මම තාම සින්ඩිවල ඉන්නවද බලන්න කරපු.ඒක අසාර්ථක නිර්මාණයක්.ඒකයි ඉක්මනට මේක දැම්මේ.

      Delete
  8. කවුරු නමුත් කසුට්ටගේ අතිවිශේෂ කෙනෙක්ගෙ උපන්දිනයක්. මට හිතෙනව 'ඔබට මා මටද ඔබ හමුවුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන...සෙනෙහසින්' පොස්ටුවේ සඳහන් කරපු කෙනාගේ උපන්දිනේ වත්ද කියල දන්නේ නෑ හරියටම නිකන් උපකල්පනයක් විතරයි

    ReplyDelete
    Replies
    1. විශේෂ කෙනෙක් තමයි.ඒත් "අරයනම්" නෙමෙයි.ජීවිතේ වැඩියෙන්ම හිනාවුන ,වැඩියෙන්ම දුක්වුන කාලයේ හිටිය කෙනෙක්.

      Delete
  9. එයාට සුභ උපන් දිනයක්. මාස ගානක් අතුරුදන් වෙච්ච් හේතුව වෙන්න ඇති .

    ReplyDelete
    Replies
    1. හැහ්...මම කෙල්ලෙක් එක්ක පැනලාගියා කියල හිතුවද?

      Delete
    2. නැහ් ඒකනම් වෙන්නම බැ ආච්චියෙක් මිසක්...

      Delete
    3. නැහැ කෙල්ල උඹත් එක්ක පැනලා ආව කියල හිතුවේ.

      Delete
  10. පද වැල් නං සුපිරි! අපිත් සුභ පැතුවයි කියාපං.

    ReplyDelete
    Replies
    1. මාව හම්බවුනහම ඒකිට කලන්තේ නොදැම්මොත් කියන්නම්කෝ...

      Delete
  11. කටුස්සා.. සුපුරුදු රිද්මයට ඇවිත්.. ජයවේවා මචෝ.. අර ඈත පළාතෙ දරුවගෙ උපන්දිනේ වෙන්ටැ..ම් එසේම වේවා...

    ReplyDelete
    Replies
    1. ප්‍රෙශර් එක වැඩිවෙනකොට රිදම් එක නගිනවා තවත්...

      Delete
  12. සුපිරි කවිය. සුබ උපන් දිනයක් කීවැයි කියහං.

    ReplyDelete
    Replies
    1. මතකේ විදිහටනම් පළමු ගොඩවැදුම වෙන්න ඕනේ.වෙල්කම් කිවුවා කස්සා....

      Delete
    2. මේ පෝස්ට් එක බලහං.
      http://katusuhadawatha.blogspot.com/2015/08/blog-post_23.html

      Delete
  13. ගින්දර කවියකින් නෙව උපන්දිනේට විස් කොරල තියෙන්නෙ පට්ට ගති මචං
    ඔන්න මගෙනුත් සුභ පැතුං

    ReplyDelete
  14. හැපී බිලෙටඩ් විෂස් ෆ්‍රොම් කල්‍යාණ මිත්‍ර ඔල්සෝ කියපං.. උඹ ආපහු 'සුපුරුදු රිද්මයෙන්' ලියන එක ගැන පට්ට හැපී.. උඹේ මේ හරස් පද ප්‍රෙහේලිකා වගේ කවි වලට මන් පට්ට ලයික්.. මේ රයිම් එක ලේසියෙන් හම්බවෙන්නේ නැති එත් හිතට තිතට වදින රයිම් එකක්.. එළ යැ!

    ReplyDelete
    Replies
    1. උඹයි මමයි ඉස්සල්ලම චැටක් දැම්මේ ගිය අවුරුද්දේ මේකට ලියපු කවියගැන.නොවැම්බර් මාසේ.උඹ "සේෆ්ටි සිංහළෙන්" ලියන කාලේ.මතක්කරලා බලපන්.එතකොට ඔය පටළැවිලි ගතිය හරියයි.

      Delete
    2. මතකයි මතකයි.. කියපං කියුවට කියන්න බැරි බව දන්නවා..
      //උඹ "සේෆ්ටි සිංහළෙන්" ලියන කාලේ// හෑ.. එහෙම කාලෙකුත් තිබ්බ නේන්නං.. :p

      Delete
  15. මේං මූ රේස් පදිනවා. තාම අරකෙ කමෙන්ට් වලටත් රිප්ලයි නෑ..

    ලස්සනයි බං මේක.

    ReplyDelete
  16. බතුමාගෙ අඩවියේ මගේ පළමුවෙනි කමෙන්ට් එක. ඉතාම ලස්සන කවියක්. උපන්දිනය අයිති කෙනාට සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. //බතුමාගෙ අඩවියේ// බතුමා කියන්නෙත් කටුස්සා ට කියන තවත් නමක් ද? හැක හැක හැක..

      Delete
    2. සාදරයෙන් පිළිගන්නවා කටුසු හදවත පැත්තට.......

      Delete
  17. මේ කොයි එකද??? රටේ උඩින් ද ? රටේ යටින් ද?

    ReplyDelete