Tuesday, October 7, 2014
චපලකම, ඔබේ නම ස්ත්‍රියයි
ගැඹුරු සුසුම් රැළි විඩාබර සිතුවිළි
අතර ගිලෙමින්.....
තෘප්තිමත් කෙදිරියේ විලාපය මැදින්
දියවී යන්නේ
යුග ගනන් ආත්මයක් පාසා
මගේමයැයි මා සිතු
මගේම ආදරය නොවේද සොදුරිය....
මල් පෙත්තක් මත අහින්සකව
රැදුනු පිණි බිදකැයි සිතා
නොරිදෙන්න නොදනෙන්න
අනන්ත වු සෙනෙහසින්.... අපිරිමිත ශක්තියෙන්.....
රැකගත්තු ආදරය.. රැකගත්තු ජීවිතය.....
ඇදවුන පසුව සෙවනැල්ලත්..... අපේ ආදර ලෝකේ
බිදීගිය......
මතක වීදුරු කටු මත වැතිර
දේඅත් අතරේ... සිරව ඔහුගේ....
බුර බුරා ඇවිලෙනා රාග ගිනි දැල් අතර
දියවුනේ විසිරුනේ
මගේ ආදරයමැයි.......
"චපලකම, ඔබේ නම ස්ත්‍රියයි"
කටුස්සා....
Labels:
වැට නැති කවි
Subscribe to:
Post Comments (Atom)
ආදරය කියන්නෙත් එක්තරා විදවිල්ලක් තමයි
ReplyDeleteවෙනස කවදාවත් ගැලවිල්ලක් නැති එකයි
Deleteආදරය......අහුවෙන්නේ නැති...අල්ලාගන්ඩ බැරි...වස්තුවක්!!!
ReplyDeleteදැනෙන්නේ නැතුව අල්ලගන්න විතරක් පුලුවන් වුනානම් කියල හිතෙන්නෙ වස්තුවට කෙළ උනහම තමයි.....
Delete