Tuesday, December 30, 2014
හිරුට හොරා......
ඔබත් එක්ක ලන්ව ඉන්න
තුරුල් කරන් තරු ගනින්න
කණට ලන්ව කවි කියන්න
විසිරුණ මල් අහුල ගන්න...
හෙට රෑටත් මම එනවා
කුටියේ දොර ඇර තියන්න...
කණාමැදිරි එළි බලන්න
රැහැයි හඬට පද බදින්න
කඩුපුල් මල් ගොමු අතරේ
ඔබෙ ආදරේ සඟවලන්න...
මට ඔබ දුන් ආලයෙහි රස
වෙන කවුරුත් විඳ නොගන්න...
සපත්තුවෙන් හොයා ගත්තු
සින්ඩරෙල්ල ගැන කියන්න
මූණ ඉඹිනකම් නිදියපු
නිදි කුමාරි ගැන අහන්න...
නොනිදා හූමිටි තියන්න
ලාවට හිස පිරිමදින්න...
ඔඩොක්කුවේ හිස තියාන
ඔබෙ පියවුරු සුව විඳින්න
ඉඟ රැලි ගනිනා අතරේ
සුදු බණ්ඩියේ මුව තියන්න...
කිති කැවිලා මහ හයියෙන්
කෑගහන්න බෑළු ඔන්න...
දහවල මා නොදන්න සේ
අහක බැළු දුක නිවෙන්න
කිටි කිටියේ මිරිකාගන
ඔබ දෙතොලේ රස විඳින්න...
සිහින් කෙඳිරියක් ලෙස එන
අනුරාගය රසවිඳින්න...
කන්ද උඩින් නැග එන හිරු
එළිය දිහා නොබල ඉන්න
හිරු නැගෙන්න කළියෙන් යලි
නුඹෙ කුටියට පා තබන්න...
හෙට රෑටත් මම එනතුරු
මිහිරි මතක සුව විඳින්න...
කටුස්සා....
Labels:
වැට නැති කවි
Subscribe to:
Post Comments (Atom)
ලොව නිසසල වී නවතින මොහොතේ
ReplyDeleteයටිසිත් මතුකොට සිනා සලා...
ලොව දොඩමළු වී නෙතු මානන කල
අප දෙදෙනා ඉමු තරහ වෙලා...
සුන්දර හීන ඉක්මණටම එළිවෙනකොට දුකයි..
හෙට ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ නව වසරක් වේවා! ජය ශ්රී!
හීන ලෝකේ විතරක් කිරුළු නොදරා සැබෑ ලෝකෙදිත් රජ වීමට හැකි (කමිච්චිගෙන් ගුටි නොකා )සුභම සුභ අළුත් අවුරුද්දකට ,ඔබටත්,ඔබේ පවුලේ සියළුම දෙනාටත් මගෙන් සුභපැතුම් මිත්ර.
Deleteගිය අවුරුද්දේ මුණගැසුන "කළණ මිතුදම "මේ අවුරුද්ද පුරාවට පවතීවා.ජය වේවා......
අපූරුයි මචෝ
ReplyDelete2014 ඉවර වෙද්දිම එකක් දැම්ම නේද
ලස්සනයි කවිය....
ජයෙන් ජයම වේවා......
දාන කොටනම්දින බැළුවේ නෑ.කමෙන්ට් දකින කොට තමා මතක්වුනේ 31 නේද කියල.
Deleteසුභ අළුත් අවුරුද්දක් මහේශ්....
අපූරුයි කසුට්ටා..................
ReplyDeleteලස්සන කයිය..................
සුභම සුභ නව වසරක් වේවා................................
කුගැගීප
කු.ගෑ.ගී.පොතේ සියළුම දෙනාට ගල්,මල්,(බොන ඒවා) පිරුන සුභ අලුත් අවුරුද්දක් වේවා.....
Deleteරෑට රෑට කෙහේ රිංගනවද මන්දා.
ReplyDeleteකටුස්සාට සුභ නව වසරක් වේවා!
කොහේ ගියත් මහ රෑ මම ගම් මැද්දේ
Deleteනැගිටින කොට නුඹේ ලගයි මම උදයේ
ඔබටත් එසේම වේවා මදාවියෝ....
මේ කවි ටික පට්ට කටුස්සො. හරි ලස්සනයි. ලැබුවාවූ අළුත් අවුරුද්දේ සියළු පැතුම් ඉටු වී ජයෙන් ජයම ලැබේවා!!!
ReplyDeleteඋඹටත් සුභ අවුරුද්දකට සුභ පතනවා මනා.ජය වේවා.....
Deleteඊයාාාා......හරිම වල්!!!
ReplyDeleteවරෙන්කෝ බබා....සූප්පුව කටේ ගහන්න......
Delete