Monday, March 7, 2016

අවාරයේ පිපි මල් කැකුළේ....



තටුකැඩී රිදුම්දෙන ගත පොළව මත හොවා
කඳුළු රැඳි නෙතු එක්ක ගුලිගැසී වැතිරිලා
ඉඳිද්දී මගෙ ලඟට හිමින් පා තිය තියා
සුරඟනක් මෙහි ඇවිත් සිනාමල් වපුරලා

තරු අතර සැඟවිච්ච සඳ එළිය අහුලලා
හද මඩල මුවාකල කලු වලා අතර'ලා
අමතකව ගිය සුවය දිවි මගට කැදවලා
සමනලිය මගෙ දිවිය නිම්නයක පාකලා

තුරුළුවී සෙනෙහසින් පපුව මත හිස තියා
විසල්වුන නෙතින් මගෙ නෙතු දෙසම බල බලා
ඉවරයක් නැති කතා කියනවිට මට මෙදා
කන්න හිතෙනව උඹව මිරිකගන හිතපුරා

ගොළුවිච්ච මුවින් මම හිඳිනවිට නෙතුඅයා
කතානොකලට බණින රතු ගැහුණ මුවපුරා
දෙතොල ගෙනියන්න මගෙ හිතන මට ඔරවලා
කොනිත්තන නුඹ සුරත මගෙ ලොවම සරසලා

සිනිඳු සුදු පෙම රැගෙන හෙටත් නුඹ එනතුරා
පුරන පෙරුමන් රැඳුන නොසන්සුන් හදවටා
වෙලී දෙවඟන විලස රඟන නුඹ මැවු රටා
මගෙ දිවිය රැඳුන ඉම තව තවත් දුරකලා


කටුස්සා....

34 comments:

  1. ජීවිතේ මාරයි නේද බං..........

    ඕකට පොඩි ලස්සන හැදින්වීමක් තියෙනවා. සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ කියනවානේ...........

    ReplyDelete
    Replies
    1. ඕකේ තව කෑල්ලක් තියනවා.සැබෑ පෙම්වතුන් කිසිදා එක්නොවේ...එකතුවනවුන් කිසිදා සැබෑ පෙම්වතුන් නොවේ...."

      දැන් ඕක කියලා බිරින්දෑගෙන් ගුටුකනවා එහෙම නෙමෙයි...

      Delete
  2. ජීවිතේ මාරයි නේද බං..........

    ඕකට පොඩි ලස්සන හැදින්වීමක් තියෙනවා. සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ කියනවානේ...........

    ReplyDelete
    Replies
    1. එකපාරයි කිව්වේ. මෙන්න දෙකක් ම වැටිලා. උඹේ බ්ලොග් එකට ටිකක් වැඩිවෙලා වගේ කසුට්ටෝ....... මේක අර නිදහස් චතුරස්‍රෙය් ඉන්න සිකුරුටු කෙනෙක්ට හරි සිල්වා සර්ට හරි පෙන්නහං... නැත්තං උසාවි දාහං.... ඒකනේ කෝකටත් තෛලය... එතකොට බයවෙයි.... අනික් බ්ලොග්වත් ආයේ මෙහෙම දේවල් කොරන එකක් නැහැ... හැක්

      Delete
    2. එකෙත් ඇත්තක් නැත්තේම නැ වගේ

      Delete
    3. ඔය කම්මල සින්ඩ්‍රෝමය හැදුන එක කියන්න ඕනේ සිල්වා සර්ට....කම්මලාව මස්කරයි එතකොට.ඕකට චූ යයිද දන්නෙත් නෑ කලිසමේම.....

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  3. ලස්සනයි මචන්......

    ReplyDelete
  4. උබේ පෙම ඇයි මෙහෙම හැමදාම වැලපිලා
    පෙම තවත් ඇත ලොවේ තනි යහනෙ සැතපිලා
    සෙයා ගොස් ඒ පෙමක් නුඹේ සිත සනසලා
    හිදිනු මැන කටුස්සෝ ඒ ලෝකෙ සැගවිලා...

    තො කියයි ඇයව මා කෙසේ වෙම් කරම්දෝ
    නුඹ කියයි මට එසේ අනෙ බොල කටුස්සෝ
    පෙම හොදයි හැමදාම නේද අපෙ කටුස්සෝ
    කැමතිනම් සොයන් පල අනේ පිං කටුස්සෝ

    ReplyDelete
    Replies
    1. නොදකින්...ඉඳලා ඉඳලා හොද දෙයක් ගැන කිවුවහමත් හරහටමයි කතාව....

      Delete
    2. ඇයි යකෝ...ඔය වයසට කසාදයක් එහෙම කොරන් ඉන්ඩ එපෑයැ...තව අවුරුදු දෙක තුනක් හිටියොත් ආච්චියක් තමා බදින්ඩ වෙන්නෙ...:P

      Delete
  5. ලස්සනයි...වෙන මුකුත් කියන්න තේරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අර කරෝල කූරියගෙන් ඔළුවට පාරක් හම්බුනහම ඔය ගතිය නැතිවෙයි....

      Delete
  6. ඉඳල ඉඳල ආවම කසුට්ටගේ බ්ලොගේට එනකොට කියවන්න ලොට් එකක් තියනවා කියන්නකො ඉතිං :D කවිය නම් හරි රහයි :)

    ReplyDelete
    Replies
    1. ඉඳලා ඉඳලා එන්න කොහේ යනවද මන්දා ඔයත්.....

      Delete
  7. පට්ටයි.

    ///කන්න හිතෙනව උඹව මිරිකගන හිතපුරා///

    ඇයි මේ දවස් වල උඹ වැඩිපුර ඉන්නේ බඩගින්නේ ද මේ කෙල්ලව කන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද....මේ දවස්වල වේල් 10ක් විතර කනවා අර කඩේට ගිහින්.

      Delete
  8. එළකිරි එළකිරි

    ReplyDelete
  9. කටුස්සෙක් කනවයි කියල කීව නං අනිවා කෙල්ල මැස්සියක් වෙන්න ඕන...

    කවිය ලස්සනයි මචෝ...
    රිප්ලයි කවි ලියන්න විදියක් නෑ. හිත එකතැන නෑ.
    සොරි ඉතිං

    ReplyDelete
    Replies
    1. හිත හීලෑ නෑ....වයසේ වැරද්ද තමයි ඉතින්.පොරොන්දු 2ක් දුන්නා.ඒත් පබ්ලිශ්කලේ වෙන එකක්.මොනවා නැතිවුනත් අර වියන රෙදිගැන කතන්දරේ ලියපන් ඉක්මනට.

      Delete
  10. ඇති යන්තන් අද සතුටු හිතෙන කවියක් ලියලා.දැන් ඔය "ගිමන් නිවාලන තපෝ වාසයෙන්" අයින්වෙලා කසාදයක් කරගන්න.ගෙදරිනුත් සෑහෙන්න බැනුම් අහනවනේ ඔය කාරනාවට.හිතක් ඔච්චර ගල් කරගන ඉන්නවා මම දැක්කමයි. (අදත් ඉතින් මට බැනුම් කෝටියයි.)

    හරි.දන් ගිහින් අර කතාවේ 3 කොටස ලියන්න.නැත්තන් ඒකටත් අනික්වට සිද්දවුන දේමවෙයි.

    ReplyDelete
    Replies
    1. \\ගෙදරිනුත් සෑහෙන්න බැනුම් අහනවනේ ඔය කාරනාවට.\\

      දැන් මට හිතාගත්තැකි කවුද කියලා.යකෝ...බ්ලොග් ගැන මගෙන් ඉගන ගන මාවම කනවා.අපේ නයි අපිවම කයි තමයි.ගෙදර ආවහම මම අල්ලගන්නම් බෙල්ලෙන්ම.

      Delete
  11. කවිම ලිය ලිය ඉන්නැතුව මැරුම් නොකා අරකෙ 3 කොටස දාපන්... :3

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ඉන්න තැන අවුල් දිග ඒවා කොටන්න.ලබන සතියේ ඉදන් දාන්නම්.

      Delete
  12. කටුස්සට හොඳටම ලව් සික් වගේ..))

    ReplyDelete
    Replies
    1. ඒ සික් එක හොඳවෙලා ගොඩක්කල්....:)

      Delete
  13. කෝ කව්ද​?? මං මේ කොහෙද​?? ස්ස්....සුට්ටක් අතරමං වුනා....මේ පැත්තෙ ආවොත් ඔහොමමයි..ඒ කියල ඉතින් මටත් ලැජ්ජාවක් නෑ..මං නම් මාාාාර ආාාාාසයි......!!!

    ReplyDelete
    Replies
    1. අතරමංවෙන එක එච්චරම ජොලිද....?දවසක අපි දෙන්නා අතරමංවෙමු හොඳේ....

      Delete