Monday, March 21, 2016

නුඹට හිතැති නුඹ හිත නැති .....



හිරු රැසින් පිපි රෝස කුසුමක් නෙලා පිණිදිය විසුරුවා
සිසි උවන රැඳි සිසිල දෝතින් සුමුදු පෙති මත රඳවලා
උදා ඉරබටු තාරුකාවේ කැල්ම රොන් වට තවරලා
ඔබ නිදන සයනයෙ තියන්නම් ඔබට රහසින් පැමිනිලා

ඈත හිමගිර සීත කඳුරක උනන පැන් දෝතට දරා
මිනිස් ඇසකින් නොකිලිටිව ගිය සුවඳ පරසතුවක තබා
තඹර රොන්මත සරන බඹරුන් තනන මධු බිඳකුත් දමා
දෙතොල් නා දළු මත තබන්නම් සසල නෙතු බිඳකට වසා

ගැඹුරු සමුදුර පතුල රැඳි මුතු කිමිද සුරැකිව ලයහොවා
නීල අහසේ වලාවක් මත එකින් එක මුතු අමුණලා
නුඹ නමින් නෙත ඉණුව කඳුලින් ධවල මුතුපොට සරසලා
සුමුදු ගෙලවට පළඳවන්නම් සිහිනයෙන් මම පැමිණිලා


කටුස්සා.....


ප.ලි -

කට්ටියගෙන්ම ලොකු උදවුවක් ඕනේ.පහුගිය දවසක පෝස්ට් 100ක් පබ්ලිශ්කරපු ප්‍රීතිය වෙනුවෙන් ලියපු "පොෂ් බල්ල්ලෙක්ද...වල් බල්ලෙක්ද" කියන ලිපිය මගේ අතින් මැකිලා.එම ලිපිය නැවත ස්ථාපනය කරගත හැකි මාර්ගයක් දන්නේනම් කමෙන්ට් මගින් හෝ පහත දක්වා ඇති මාගේ මේල්ලුවට හෝ දන්වා එවන ලෙස සියල්ලන්ගෙන්ම කාරුණිකව ඉල්ලාසිටිමි.

dimuthusomnas8@gmail.com

47 comments:

  1. හීනෙං ඇවිල්ල ඒ ගෑණුළමය බයකරන්නද හදන්නෙ බෙල්ල අතගාල.

    ReplyDelete
    Replies
    1. කෑගැහුවොත් එකපාරටම මිරිකන්න පුළුවන්නේ බං ආපහු "ම්හ්" ගාන්න බැරිවෙන්න....

      Delete
  2. ඔය අනං මනං කරන්න යන්න එපා බං.... විශේෂයෙන් රෑටනේ... හිතයි අපේ ඩ්‍රැකියාවත් ආවා කියලා.... උඹට කුරුසෙන් ඇනලා මරලා දායි..... අායි අපිට නිදිමරන්න වෙනවා බං.. එහෙම කරගත්තත් කමක් නෑ 26 ලංවෙලා.. නැත්තං කොහේ තියන නිවාඩුද බං....

    ReplyDelete
    Replies
    1. යකෝ....දැන් මම මැරෙන්නත් ඕනේ තොපිට නිවාඩුද බලලද.....මටනම් එපාවෙනවා බං.....ඕනේ නෑ එකෙක්වත්.අන්තිම කැමත්තේ ලියනවා අවසන් කටයුතු රජයේ වියදමින් කරන්න කියලා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙහෙමයි මචං රජයෙන් කොරන්න කියලා පුළුවන් නං අපේ අමාත්‍යංශයක නමක් ලියහං.... ආන්න එතකොට අපි එනවා..... මාරි අරගෙන අඩාගෙන එන්නම්... උඹ උඩට වෙලා බලාගෙන හිටහං.........

      Delete
  3. http://webcache.googleusercontent.com/search?q=cache:xtLnKhwrO2sJ:katusuhadawatha.blogspot.com/+&cd=1&hl=en&ct=clnk&gl=lk

    ReplyDelete
    Replies
    1. යකෝ බොලා හෙන භයානක පොරක් නෙ බං.

      Delete
    2. ස්තූතියි දේශෝ....මේක ඉමේජ් එකනේ.ආපහු තිබුන කමෙන්ට් එක්ක ලිස්ට් එකට ඇදලා දාන්න ක්‍රමයක් නැද්ද?

      ප්‍රසා- උඹ අදද දන්නේ?

      Delete
  4. මොනාද අනේ හීනෙන් ඇවිත් ඒ ළමය බය උනොත් එහෙම තොවිල් නටන්නත් වෙනවා...හැබැයි ඉතින් හීනෙන් ආවත් ලස්සනයි හොදේ..මන් කුවේ කවි ටික කටුස්ස එහෙම කියල වරදවා තේරුම් ගන්නවා නෙමෙයි...හිකිස්..

    ඕක තමා කියන්නේ අත පය තියාගෙන පාඩුවේ ඉන්න කියන්නේ...බෑනේ ඉතින්...

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් අමුඩේ ඇන්දත් ලස්සන කොල්ලෝ විච්චකොට හපුටියන්ගේ ඔයවගේ කතා ගනන්ගනියිද අපි....හැක්

      අතපය තියනකොට කොහොමද ගෙම්බියේ පාඩුවේ ඉන්නේ....කියලා දීපන්කෝ මට.

      Delete
  5. මාර ලස්සන කවියක් මචං...

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි බීටලේ....පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඉන්න දෙන්නෑ දවල් කාලෙට කෝල් දෙනවා හැම පැයේ
    ගන්න පෙත්තක් නින්ද නැත්නම් ඉන්න දීලා මට මෙහේ
    නිදා ගන්නට දෙන්නෙ වත් නැහැ සැනසුමක් නැහැ වත් රැයේ
    නූල් බඳිනට වෙනව මාහට රෑට දැක්කොත් හෙම ඔහේ

    ReplyDelete
    Replies
    1. මමත් ශාරුක් වගේනම් අනේ උඹේ පස්සෙන් එනවද
      පට්ට කෑලිත් මගඇරන් වැඳි-රියන් පස්සේ යනවද
      කැඩපතින් නුඹේ මූන දැක්කම මතක්වෙන්නේ කාවද
      නාවොතින් මම රෑට උඹේ ගෙට උඹව ගන්නේ කවුරුද

      Delete
  8. //සුමුදු ගෙලවට පළඳවන්නම් සිහිනයෙන් මම පැමිණිලා//
    හීනෙන් මොකටද, හැබැහින්ම පලද්වමු.

    ReplyDelete
    Replies
    1. හැබැහින් පලඳවන්න ගියොත් කීයකගේ කියලා පලඳවන්නද බං....

      Delete
  9. ලස්සන මටසිලිටි වචන ටික තාලෙට අමුනලා... කවි සළුව අයිසින් එකක් කොරගත්තට මචෝ කේක් එක කේක් එකමනෙ.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.කේකුත් නෙමෙයි බං සමහරවෙලාවට.අයිසිං කරපු පරිප්පුවඩේ.

      "ගෑණු ඔක්කොම එකයි බං...අයිඩෙන්ටිටි නොම්බරේ විතරයි වෙනස් "
      -අටමා-

      Delete
  10. සුමුදු ගෙලවට පළඳවන්නම්
    ඔතනින් පහලට එහම අත තියනවා නෙමයි

    ReplyDelete
    Replies
    1. පිශ්ශුද බං...උඹ දන්නවනේ ඉතින් මගේ ගැන.

      Delete
  11. රෑ සිහිනෙන්.. ඔබ ලඟ මා සැනසෙනවා..
    මා සැබැවින්.. ඔබ ගැන සිත ලතැවෙනවා...

    මේ බැදුණු සෙනේ..
    කෙදිනද මා පවසන්නේ..
    ආදරිය කියා..
    කෙලසද මා අමතන්නේ..
    අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ..

    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා..
    මේ මිහිරි ලොවේ..
    සැනසුම් මා ලැබගන්නම්..
    කුමරියනේ..
    කිමද මා ගැන නොසිතන්නේ..



    ගායනය - නාමල් උඩුගම

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි සිංදුවෝ...ඕකේ අලුත් මියුසික් එක්ක කියන එක පට්ට ගති.

      Delete
  12. පුහ්...100න් පස්සේ මේ ළමයා දියුණු වෙච්චි තරම්...හික්ස්...කාටද ආඩම්බර ආ....මං ඉතින් ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...මගෙත් එක්ක පැනලා යන්න කැමති කෙල්ලට කවි නොලියා මම වෙන කාට කවිලියන්නද....
      ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
      කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි....

      Delete
  13. මේ මාසෙට පෝස්ට් 8ක් ලියලා.ඒත් එකම කතාවක්වත් නෑ.අර පෝස්ට් එක මැකිල ගිය එකමයි කාරිය.එහෙම වෙන්නේ පොරොන්දු කඩන පවට.අර කතාවේ 3වෙනි කොටස තාම නෑ.ඒකටත් "මම නුඹට ආදරෙයි, හිමි අහිමි "වලට වුනදේමද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සුදූ ඉතින්.තරහගන්න ඕනේ නෑ.ලියන්න බැරිවුන එකට ලොකුම වගකිවයුත්තා ලංවීම. ලියන්න හිතෙන වෙලාවට ඒ අය ඈත්වෙනවා. ඒ අය ලංවෙන වෙලාවට මට මූඩ් එකක් නෑ.3නි කොටස භාගෙට ලියලා තියෙන්නේ.මේ සතියේ දාන්නම්.ඩෙෆා....

      ඕක ලියන්නම ඕනෙත් නෑනේ.ගෙදර ආපු වෙලාවක අහන්නකෝ.මම කියන්නම්කෝ ඒක.කොච්චර ලේසිද ඒ වැඩේ ....

      ලබ්බෝ-
      මේ ඇනෝනම් මගේ ගෙවල්ගාව ඉන්න දන්න කියන සහෝදර ඇනිච්චියෙක්.ගෙදර ගිය වෙලාවක බිත්තරයක් හරි ගහන්න පුළුවන්. උඹ පරිස්සම් වියන්.ගහනවා තඩි පොල්ලකින් මේ 26 උඹේ හතර හංදි කඩලා යන්න.

      Delete
  14. මට හිතුනා ලංකාවේ වලාවේ රෑ දෙක තුන වෙනකම් චැට් වින්ඩෝ එකේ කටුස්සා ඉස්සරහින් කොලපාට තිත වැටිල තියෙනකොට..
    උඹ එක ගලෙන් මේ දවස්වල කුරුල්ලෝ තුන්දෙනෙක් මරනවා කටුස්සෝ..
    අච්චර අමාරුවෙන් කමෙන්ට් ලියපු පොස්ට් එක උඹ මකා ගත්තේ අහවල් ලබ්බක් කරන්න ගිහිල්ලද බන්..

    මේ කවිය ලස්සනයි බන්..

    ReplyDelete
    Replies
    1. එච්චර රෑ වෙනකන් ඉන්නේ නෑ බං.එහෙම හිටියොත් අමාරුවෙන් හොයාගත්තු ඩ්‍රයිවිං ජොබ් එකට කෙලවෙනවා....ඕක වෙලා තුයෙන්නේ ලොග් අවුට් වෙන්නේ නෑ.රෑට මොනවාහරි ඩවුන්ලෝඩ් වෙන්න දැම්මහම මම ඔන්ලයින්.

      කවුද බං තුන්දෙනා....?

      මම ඩ්‍රාෆ්ට් ඩිලීට් කලා.එතකොට මේකත් ඩිලීට්වෙලා බං....

      Delete
  15. හීනෙන් හරි හැබැහින් හරි ඕක ඉක්මනට පලඳවහංකො. අපි මේ බලං ඉන්නෙ එතකල්.

    ReplyDelete
    Replies
    1. හැක්...උඹලට බොන්න...මමනම් කියයි වෙඩිම උඹලට.මම පැනලා යනවා.

      Delete
  16. මෙන්න මේක කියවලා බලාන්ට අප්පා. යෙන්නා ඉදි කරච්චල්?

    http://www.howtocomp.com/2014/03/Recover-Deleted-Blog-Post-Page.html

    ReplyDelete
    Replies
    1. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා......අර "කාදලික්ක මොකද්ද එක හොඳේ ඔයාට.

      Delete
  17. ලස්සනයි කටුසු..
    බොක්ක කූල් වෙනව මචෝ...
    ඒත් ඉතිං ඕක හීනෙං කොරන්න ඕනැයි හැබැහිංම කොරාංකො... ඈ...
    අපිටත් සන්තෝසයි නෙව එතකොට...

    ලස්සනයි කියන්නෙ පට්ටම ලස්සනයි...
    ජයවේවා බොක්ක

    ReplyDelete
    Replies
    1. බොක්ක කූල් වෙන්නනම් ඉතින් කවි වලින් බෑ.වෙන එකක් ඕනේ.....

      ස්තූතියි මයියෝ.....

      Delete
  18. කටුස්සා රෑටත් වැඩ වගේ පරිස්සමින් පුතේ

    ReplyDelete
    Replies
    1. කාගෙන් පරිස්සම්වෙන්නද අහිංසක මම.....

      Delete
  19. කටුස්සො උඹ කවදාවත් කසාද බදින්න එපා , උඹට මේ වගේ ලස්සන කවි ලියන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. තුක් නොදකින්....හිත කීරිගස්සන කතා කියන්න එපා බොල.....

      Delete
  20. ධවල මුතු මට දෙනවනම් නුඹ
    හිදිමි මා නුඹගෙම වෙලා
    සුමුඳු ගෙල වට පලදනා විට
    විදිමි සුවයක නුඹ තියා



    ReplyDelete
  21. මා නෙත් කැදැල්ලේ ගීතය මතක් වුණා.. සුන්දර පැතුමක්..!!

    ReplyDelete