Wednesday, March 30, 2016

ආදරණීය චූටි


ආදරණීය චූටි,

ඔක්කොමල්ලා සනීපෙන් ඇතැයි හිතනවා.මමත් වැඩිය කරදරයක් නැතුව රස්සාව කරගන යනවා.මේ සතියේ අම්මව ක්ලීනික් එකට එක්කගන ගියාද? දොස්තරලා බලල මොනවද කිවුවේ? අර ගියපාර දුන්න බෙහෙතෙන් හතිය අඩුවෙන්නේ නෑ කියලා කිවුවද? මේ පාර පඩි එවුවහම අම්මව හම්බන්තොට එක්කගන ගිහින් වීරසිංහ මහත්තයට පෙන්නන්න.රසිකට සල්ලිදුන්නහම ඒකා වැඩට යන ගමන් චැනල් කරන වැඩේ කරයි.ඔයා ඒ වෙනුවෙන් හම්බන්තොට යන්න ඕනේ නෑ තනියම.අර එවපු සල්ලිවලින් නෙස්ටමෝල්ට් එකකුයි, මාමයිට් එකකුයි ගත්තද.අම්මනම් ඕවා එපා කියයි.ඒ වුනාට බලෙන් හරි හදලා දෙන්න.එයාගේ ඇග දැන් හරි දුර්වලයි චූටි.ගියපාර ගමේ ආව වෙලාවේ දැක්කහම මට ඇඬෙන්නත් ආවා. තාත්තා නැතිවිච්ච දවසේ ඉදන් හේන්වල, කුඹුරුවල කරවෙලාම තමයි එයාට ඔය කරුම ලෙඩේ හැදුනේ. එහෙම කරල හරි එයා අපි තුන්දෙනාට කන්න දුන්නනේ දවසට වේලක් හරි.ඒ නිසා චූටියෝ අම්මව බලාගන්න හොදට.අපි එයාට කොච්චර සැලකුවත් තාත්තා නැතිවුන දවසේ ඉදලා එයා කරපුවැයි ණය ගෙවාගන්න බැරිවෙයි අපිට කවදාවත්ම.වැඩිය තනිපන්ගලමේ එහේ මෙහේ ඇවිදින්න දෙන්න එපා. මට හරි බයයි එයා වැටිලා එක්තැන් වෙයි කියලා.අම්මව බලාගනින් ඇහැක්වගේ නංගියේ.

මල්ලිගේ විස්තර කොහොමද? මේ පාර විභාගේ ලකුණු හොදයිද? මොනවා නැතිවුනත් ඒකගේ ඉගනීමට ඕනේ කරන අඩුපාඩු ටික අරගන දීපන්. නැත්තන් එක එක අඩුපාඩු දැනෙනකොට පොඩි එකාගේ ඉගනීමට තියන උනන්දුව අඩුවෙයි.ඒකා හොදට ඉගනගන්න එක අපේ හිතට කොච්චර සහනයක්ද. පොඩ්ඩට කියන්න මම මේ පාර එනකොට සපත්තු දෙකක් ගේන්නම් කියලා.ඌත් දැන් අවුරුදු දෙකකින් සපත්තු කුට්ටමක් ගත්තේ නෑනේ.ඔය දෙන්නගේ එළවළු කොටුවේ වැඩ එහෙම කොහොමද? පෑවිල්ල නිසා එච්චර සරුනම් නැතුව ඇති නේද? අනේ චූටියේ, ඔය වැඩේ අතැරලා දාන්න.අම්මගේ වැඩයි, ගෙදර වැඩයි එක්ක උඹ කොහොමද නංගියේ ඔය වැඩත් කරන්නේ.පොඩ්ඩටත් ඉස්කෝලේ පාඩම් වැඩක් බලාගන්න කියන්න.ඕවට නැහුනා කියලා ඇති වැඩක් තියනවද? දන්නකාලේ ඉදන් ගමේ ඉන්න හැමෝම කරන්නේ ගොවිතැන.ඒත් දියුණුවිච්ච එකෙක් ඉන්නවද. හැමදාම දියුණුවුනේ ගුනේරිස් මුදලාළි විතරයි ,ගමේ එවුන්ගේ රීරි මාංසේ උරාබීලා.දෙයියනේ කියලා උඹලා තුන්දෙනාට කන්න දෙන්න දැන් මට පුළුවන්.ඔය ගෙදරට ඕනේ කරන දෙයක් මිස ලොකුවට වගාකරන්න යන්න එපා චූටියේ.

මට රසික ලියුමක් එවලා තිබුනා උඹලැයි දෙන්නගේ සම්බන්දේ ගැන. උඹත් ගොන් හරකියෙක්නේ. ගියපාර ආපු වෙලාවේ ඕක මට කිවුවනම් මම ඒ පාර රසිකලගේ ගෙදරත් එක්ක ඔයගැන කතාකරනවනේ. කමක් නෑ.අපි මේ පාර ආවහම කතාකරගන තීන්දුවක් ගමු.රසිකයා හොද කොල්ලා. ගෙදර මිනිස්සුන්ගෙත් වැරද්දක් නෑනේ.මට කියලා එවලා තිබුනා මේ කන්නෙන් පස්සේ මහ ට්‍රැක්ටරයක් ගන්නවා කියලා.ඌ කොහොමත් උත්සහවන්තයා. උඹට වැරද්දක් වෙන එකක් නෑ. උඹත් හිමිච්චි වගේ ඉදගන ඒකව දැලේ දාගත්තා නේද?.

මට මේ පාර අවුරුද්දට ගෙදර ඉන්න බැරිවෙයි චූටි.අවුරුදු දවස්වල නිවාඩු කැන්සල් කරලා.අනිවාර්යයෙන්ම පෝස්ට් එකේ ඉන්න වෙනවා. මම OIC මහත්තයට කිවුවා අවුරුද්දට කලින් ගෙදර ගිහින් එන්නම් කියලා.ඒ වැඩේ හරියයි.එහෙමවුනොත් මම අවුරුද්දට කලින් ගෙදර ඇවිත් යන්න එන්නම්.ඒ එනකොට ගේන්න මොනවහරි තියනවනම් මට ලියල එවන්න පොඩ්ඩගෙනුත් අහලා.මම අරගන එන්නම්.උඹට පුලුවන්නම් කැවුම් ටිකක්, කොකිස් ටිකක් හදල තියපන් මට අරගන යන්න.අවුරුදු දවස්වලට කොළඹ මල පාළුයි චූටියෝ.බලු බල්ලෙක් නෑ.අඩුමගානේ තේකක්වත් බොන්න කඩයක් නෑ.ඩියුටි වැටිලා ඉන්නකොටනම් ඔෆිස් එකෙන් කන්න ගෙනත්දෙනවා.ඩියුටි නැති වෙලාවට කාමරේට ගිහින් මොනවාහරි හදාගන්නවා.මම ගියසතියේ භූමිතෙල් ලිපකුයි අනිත් අඩුම කුඩුම ටිකකුයි ගත්තා. හැබැයි  ඒ දවස්වලට මගේ බාහිර උපාධියේ පාඩම් වැඩ ටිකනම් කරදරයක් නැතුව කරගන යන්න පුළුවන්.ඔෆිසුත් වහලා නිසා පෝස්ට් එකට වෙලා නිකන් ඉන්න එකනේ තියෙන්නේ.

මේ මාසේ ඉඳලා මගේ පඩිය වැඩිවෙනවා රුපියල් 3000න්.ඒකත් ලොකු දෙයක්නේ.කොල්ලොනම් කියනවා උඹ ලොක්කගේ පක්කලිකම් කරන නිසා තමයි එහෙම පඩි වැඩිවුනේ කියලා.ඒ වුනාට මම ඒ කතා ගණන්ගන්නේ නෑ.ඔය ඔෆිස් එකට ගිය වෙලාවක ලොක්කගේ වාහනේ හෝදනවා වගේ වැඩ කරන්නේ හිතවත්කමටවත්, ගොට්ට අල්ලන්නවත් නෙමෙයි කියලා උන්ට තේරෙන්නේ නෑ.ලොක්කගේ වාහනේ හේදුවහම හම්බවෙන 150න් මට දවස ශේප් කරගන්න පුළුවන්කම තියෙද්දි මොන බම්බුවටද මම ඒක නොකර ඉන්නේ. සිකුරිටි වැඩේ කරන්න ආවනම් සිකුරිටි වැඩේ කරපන් කියලා මගේ මූණටම කියපු එවුනුත් ඉන්නවා. මූණටම නොකියා හින්ට් පාස් කරන එවුනුත් ඉන්නවා.මම ඒ එකෙක්වත් මායිම්නොකර මගේ වැඩේ කරගන යනවා චූටියෝ. උඹට මතක ඇතිනේ, ගමේදිත් අපිත් එක්ක මූනිච්චාවට හිනාවුනාට බඩගින්නට බත්කටක් දුන්නේ කීයෙන් කී දෙනාද?.ගමෙයි කොළඹයි කියලා වෙනසක් නෑ චූටියෝ.අපි හම්බකලොත් අපි කනවා.මම මේ හදන්නේ කොහොමහරි කට්ට කාගන උපාධිය කරගන්න.මේ රස්සාව නිසා නිදහසේ රෑට පාඩම් වැඩටික කරගන්න පුළුවන්.OIC මහත්තයත් මට ටිකක් උදවුකරනවා.ඒ නිසාම ගොඩක් දවස්වලට නයිට් ශිෆ්ටෙකම දාලා දෙනවා මට. ඒ නැතුව මීට වඩා පඩියක් ගන්න පුළුවන් අත්වැඩ දෙන්න ගියානම්.ඒත් දවසම මහන්සිවෙලා ඇවිත් කොහොමද පොතක පතක වැඩක් කරගන්නේ.අපි කොහොමහරි ගොඩයමු චූටියෝ. කාටවත් පේන්න නෙමෙයි.අපි ඔක්කොම ගොඩක් දුක්වින්ද නිසා.මහන්සිවෙලා පොඩ්ඩටත් උගන්නගන්න ඕනේ.උඹටයි පොඩ්ඩටයි හරිගියාට පස්සේ මට මොනවාඋනත් කමක් නෑ.දැනටත් මේ වැඩකරන තැන්වල ඉන්න මිස්ලා සර්ලා මූණට හිනාවුනාට නැතිතැන මට කතාකරන්නේ සික්කා කියලා කියන එක මම නොදන්නවා නෙමෙයි. ඒත් දැන් මට ඒවට දුකක් හිතෙන්නේ නෑ චූටියෝ.මම දැන් හිතාගන ඉන්නේ මොන දුකක් විඳලාහරි කමක් නෑ මම නැගිටිනවා කියන එක විතරයි.මම විතරක් නෙමෙයි.අපි ඔක්කොම.

මම නවතින්නම් චූටි.ඔක්කොමල්ලවම මතක්කලා කියන්න.අම්මව, පොඩ්ඩව බලාගනින්.උඹ තමයි දැන් ගෙදර ඉන්න දෙවනි අම්මා. උඹ නිසා තමයි මම හිතේ සැනසීමෙන් මෙහෙ වැඩටික කරගන්නේ.ගෙදර ඔක්කොටමත් උඹටත් රත්නත්තරේ පිහිටයි.

ලොකු අයියා.

ප.ලි -
අවුරුද්දට ඇදුම් අරන් එද්දී රසිකටත් කමිසයක් ගේන්නම්.ඒකගේ කමිස සයිස් එක අහලා එවපන් ලියුමක් එවනකොට.




කටුස්සා....



82 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හ්ම්ම්...දැණුනා....ඇත්තටම​.....(දැන් කියපු එක joke එකට ගත්තොත් දෙනව මන්න පාරක්..හික්z..) විහිළු නෙවෙයි..හිතටම වැදුනා...බුල්ටෝ එකක් වත් දෙන්ට ඉතින් එකනෙ අනේ...

    ReplyDelete
    Replies
    1. මන්න පාර වුනත් මොකද පැටියෝ...ඔයාගෙන්නේ....ඔයාගැනම හැමතිස්සෙම හිත හිත ඉන්නගමන් ලියවෙන එවුවා ඔයාට වැදෙන්නේ නැතිවෙන්න විදිහක් නෑනේ....ආපහු මොකටද බුල්ටෝ.දැන් ඉතින් මමම ඔයාගෙනේ.

      Delete
    2. කස්ටිය එන්ඩෝ...මෙන්න වෙඩිමක් තීනවෝ.....ඕයේ....

      Delete
    3. මෙන්න බාල අපරාධ කොරන්ඩ හදනෝ .....

      Delete
    4. එන පොට හොද නෑ. කෙල්ල ගෙට ගනින්

      Delete
    5. හික්z...අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ.....

      Delete
    6. හැක හැක හැක අනේ ඉතින් මට හිතෙන එව්වා මෙහෙම ප්‍රසිද්දියේ කියාගන්න බැරි හැටි

      Delete
    7. රසික, ඇනෝ, මනෝ-
      උඹලටත් හරි අනුකම්පාවයි නේ....

      බොසා-
      ඔයා ඕවා හිතන්න එපා සුදූ....ඊරිසියාව.

      ගෙම්බි-
      මට පස්සේ හොරෙන් කියහන් හොඳේ.

      Delete
    8. මොකද්ද වෙන්න යන්නේ

      Delete
    9. හොරෙන් කියල බෝසගෙන් ගුටි කන්න උනොත් එහෙම :D

      Delete
  3. නියමෙටම වැදුනා බං පට්ට රහයි.

    ReplyDelete
    Replies
    1. හැලායියා එහෙම කියනවනම් තවත් මොනවද ඉතින්....

      Delete
    2. මෙන්න සම්මාන.මෙව්ව උඹලට එපා කියන්න බෑ.

      Delete
    3. ඔවුවට තියන පෙරේතකම කොච්චරද කියනවනම් ඕවා පැනලා ගන්න සම්මාන....

      Delete
  4. මට මේක උඹේ කටහඬින් කියනව වගේ ඇහුනා. සෑහෙන්න සැරට දැනුන මචං.

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි කසුනෝ...උඹලට දැනෙනවා කියන්නේ මම දිණුම්.

      Delete
  5. ආදරණීය උත්සහ වන්ත ලොකු අයියෙක්....හිතට වදින්නම ලියල

    ReplyDelete
    Replies
    1. ජීවිතේ බර කරගහගන යන ගොඩක් අයියලා මෙහෙම තමයි නංගියේ...

      Delete
  6. කසුට්ටෝ කොහොමත් උඹ පට්ට ලියන්නෙක් බං... උඹ තුළ ඉන්නා කවියා වගේ ම උඹ තුළ ඉන්නා කතාකාරයත් පට්ට බං......

    ReplyDelete
    Replies
    1. හැමදාම කියනවා.කවදාවත් අහන්නේ නෑ.මුරුංගා අතු පොඩ්ඩක්වත් හයිය නෑ.

      Delete
  7. බොහොම සැරයි කටුස්සෝ..බොහොම සැරයි..
    උඹේ ලියවිල්ල බොහොම සැරයි...

    අපිත් පෞද්ගලිකව මමත් කීදෙනෙක්ට නම් සික්කා කියලා උන් නැති තැන චා කරලා තියෙනවා ද?
    උනුත් දුක්විඳලා ජීවත් වෙන මිනිස්සු කියලා අද උඹ කියා දුන්නා...

    එක බොහොම වටිනවා...

    ReplyDelete
    Replies
    1. කවියක් ලියනකොට කවදාවත් හිතලා ලියලා නෑ.ඒත් අර නිදහස් චතුරස්‍රයේ සිදුවීමෙන් පස්සේ සික්කා කියන වචනෙට කවියක් ලියන්න සෑහෙන්න උත්සහකලා මාසයක් විතර තිස්සේ ඉදන්.ඒත් මම ෆේල්.ඒකයි මේ කතාව ලිවුවේ.

      පලවෙනි ගොඩවැදුමට වල්කම් කිවුවා....

      Delete
  8. වාව් මචෝ පට්ට......කියන්ඩ වදන් නෑ....නොකිය ඉන්ඩත් බෑ....ඔය නංගි සම්බන්ද රසිකය??...

    ReplyDelete
    Replies
    1. අඩේ ඔයා නේද මේ කතාවෙ ඉන්න රසික... පව් හලෝ කසුට්ටගෙ නගා..))

      Delete
    2. ඇයිඩෝ පව් වෙන්නෙ....:Pඅපිත් හොද ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො හරිය....:D:D!!

      Delete
    3. සිරාවට උඹව මතක්වෙලා තමයි නම තෝරගත්තේ.ටයිප් කරන්නත් ලේසියිනේ....

      වරුසා-
      අවුලක් නෑ.හෙන අහිංසක පාට පොඩි එකෙක්.වෙලාවට මට නංගියෙක් නැත්තේ.

      Delete
    4. රසිකගේ වෙලාවට කටුස්සට නැඟී කෙනෙක් නැති උනේ...පු නැත්තන් අපේ මලය...:P

      Delete
    5. අනේ ගිම්මියො කෝලන් නොකර හිටු...

      Delete
  9. හැමදාමත් වගේ ලියන්න දෙයක් හිතාගන්න බැහැ බන්.. අපිටත් පණ්ඩිත වාක්කියක් ලියන්න දෙයක් ඉතුරු කරලා ලියහන්කෝ ලියන දෙයක්..

    සුපිරියි බන්..

    උඹ ඉන්න ඕන ඔතන නෙවෙයි කටුස්සෝ.. මම මේ කතාව කිව්ව දෙවනියා උඹ.. පළවෙනියා හිස් අහස ලිව්ව සඳරු .. දෙවනිය උඹ.. බොරු නෙවෙයි හරිද..මෙව්වා බොක්කෙන් කියන එව්වා..

    ReplyDelete
    Replies
    1. සඳරු....ඌ සිරාවට මේකේ ලෙජනරි එකක්.මේ බ්ලොග් කියවද්දී මට හම්බවුන ඇබ්බැහිවෙන සුළු එකම බ්ලොග් එක.අළුතින් බ්ලොග් ලියන එවුන් දෙන්නෙකුටත් මම ඒ ලිංක් එක යවලා තියනවා.ඌත් එක්ක බලද්දී මම තුත්තිරි ගහක් මචෝ.

      Delete
  10. මචං.. නියම විදිහක් උඹ මේ කතාව කියන්න තෝරගෙන තියෙන්නෙ.ඒක නැවුම්.දෙබස් දාගෙන මේකම ලිව්වනං චොර.මේ විදිහ නියමයි.
    ඇත්තටම කවියක් වගේ ලියවිල්ලක් මචෝ.. රුපියල් 450 වැටුපකට සෙකීල කන කට්ට එහෙම්ම පිටින් මේ වචන වල තියෙනවා.. රෙශ්පට් කිව්වා මචං...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය මිනිස්සු හරි පවු බං.රස්සාව සිකියුරිටි වුනාට මේ ලන්කාවේ ඒ මිනිස්සු කරන්නේ එක එකා වෙනුවෙන් කඩේ යන එකයි වාහන හෝදන එකයි තමයි වැඩිපුරම."සික්කා" කියලා ටෙලියක් ගියා ලඟදී.බැළුවද ඒක?

      Delete
  11. එල කිරි ....
    හැම එකාටම මේවගේ කතාවක් තියෙයි කියල උඹමද මන්ද මට කිව්වෙ ....

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද...මේ තමයි උඹ මගේ කතාවක් හොඳයි කියලා කියපු පළවෙනි වතාව.නැත්තම් උඹ හැමදාම කරන්නේ අඬනවා කිය කිය මට බනින එක.

      අඩේ....මගේ කටින් ඔච්චර බරසාර කතාවක් කියවුනා කියන්නේ, ඒකත් උඹත් එක්ක කියෙවුවා කියන්නේ.....අනිවා මුද්‍රික පානය හොදටම වැඩකරන වෙලාවක වෙන්න ඕනේ.

      Delete
    2. එහෙනං උඹ නෙමේ ඒ කතාව කියල තියෙන්නෙ ...

      Delete
  12. බොක්කටම වැදුනා කටුස්සෝ ...මෙවැනි අත්දැකීම් පුද්ගලිකව විඳලා තියන නිසා තවත් දැනෙනවා වැඩියි මචෝ ..සුපිරි .මතක් වුනේ විජේගේ සින්දුවක්.එක මෙතැනට අදාළ නැතිව ඇති ..එත් කතන්දරේ එක වාගේ නේද ?...ජයවේවා !!!!

    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
    මගෙ රත්තරන් අම්මේ මං පඩි අරන්
    අද හෙට එනතුරු ගමට
    තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි උඹට..

    වනන්තරේ මහ රූස්ස ගහ කොළ බිමට සමතලා කර අම්මේ
    රාස්සයින් වගෙ යන්ත්‍ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ
    සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ
    බලාන ඉන්නට උඹවත් දවසක එක්කරගෙන එන්නම් අම්මේ..

    බින්තැන්නේ මං දහ දුක් විඳලා මෙදා ගමට ආ දා අම්මේ
    උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ
    මහියංගණයේ හේවිසියේ හඬ හැන්ඳෑවට ඇහුනම අම්මේ
    සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ

    වත්ත පහල පොල් අතු ඇහිදින්නට උදෙන්ම යන්න එපා අම්මේ
    උදේ රැයින් ඔය පිනි බාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
    ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
    රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

    ගායනය -විජය කුමාරතුංග
    ගී පද - අජන්තා රණසිංහ
    සංගීතය - එච්. එම්. ජයවර්ධන

    ReplyDelete
    Replies
    1. ඔය සිංදුව මටත් මතක්වුනා මේක ලියනකොට.ඒ වුනාට විජේගේ මම ආසම සිංදුව "රූස්ස ගහ ලඟ" කියන එක.

      Delete
  13. මේ අපේ කටුස්සම ද කියලා හිතෙනවා මේක බැලුවම. පට්ටයි බං. උඹේ ලියවිල්ල වගේම උඹත් සුන්දර පුද්ගලයෙක් මචං.

    ReplyDelete
    Replies
    1. මටනම් මේකෙදි හම්බවෙලාතියන්නේ සුන්දර මිනිස්සුම විතරයි බං.ඒ අයගෙන් පොඩි පණුවෙක් විතරයි මම.

      Delete
  14. අනුන්ගේ ලියුම් කියවන එක හරිද මන්දා.. ඒත් ආදරය කියන මහා පොදු සාධකෙත් එක්ක මේ වගෙ ලිපි පුද්ගලික බවින් තොර වෙනවා.දයාබර අය්යා කෙනෙක්ගෙ සුන්දර ලියැවිල්ලක්.. දිගටම ලියන්නට කසුට්ටට සුබ පතනව..

    ReplyDelete
    Replies
    1. වරුසා අහල තියනවද කතාවක් "dirty hands are sign of clean money" කියලා.එහෙම මහන්සිවෙන මිනිස්සු හරි අවංකයි.

      සුභ පැතුමටත් ගොඩක් ස්තූතියි.

      Delete
  15. :( ඩුකයි ලොකු කතාවක්

    ReplyDelete
    Replies
    1. රටවටේ රවුන් ගහන්නේ නැතුව අළුතින් මොනවහරි ලිවුවොත් නරකද?

      Delete
  16. ආදරණිය ලොකු අයියා කෙනෙක්. උබ මේක ගතියට ලියලා බං. උපරිමයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි වර්ණ හැමදාමත් දෙන දිරිගැන්වීමට.

      Delete
  17. ඔයවගේ චරිත පහලොවක් විස්සක් නිතරම මුනගැහෙනවනෙ ඉතිං මට මේ වගේ කතා ඉතාමත් සමීපයි.
    මේ වගේ යුතුකම් කන්දරාවක් ඉටු කරන්න බලාගෙන ඉන්න මේ වගේ අයියලගෙ , පුතුන්ගෙ පොකට් එකට විදින්න මේ කොළඹ රටේ අයියල ගහන ගැට ගැනත් කවුරු හරි ලියන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඒවගේම තමයි උන්ට බොන්න පුරුදුකරලා උන්ගෙන් නොමිලේ බොන්න පුරුදුවිච්ච කාලකන්නි ටිකක් අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා.අවුල තමයි උනුත් පිටපලාත්වලින් මෙහාට ඇවිත් රස්සාවකරන එවුන්වීම.ජීවිතේ 2005 අවුරුද්දට පස්සේ ගිය බදාදා මනුස්සයෙක්ට ගැහුවා ඔය හේතුව නිසාම.

      Delete
    2. ඇයි බොල තෝ 26 බීච් එකේදි මට ගහපු ටික ...
      ඒ පාරක් අර ලඟ හිටිය ප්‍රාජේට එහෙම වැදුනනං එහෙම අනිවා මළගෙයක්......

      Delete
  18. ඕක තමයි බං ගොඩක් ගංවල ඉන්න කොල්ලංගෙ තත්වෙ. ඔයිට වැඩිය දුක් විඳල තමංගෙ අම්මට අක්කට කන්න හොයල දෙන එවුවොත් ඉන්නව. බීල, ගංජ ගහල ජීවිතේ නාස්ති කරගන්නෙ නැතුව ඔය වගේ උත්සාහයෙන් වැඩ කරන එවුවංට ගරු කරන්න ඕන.

    මේක හිතට වදින්න ලියල තියෙනව බං.

    ReplyDelete
    Replies
    1. සිරාවට...ඒ මිනිස්සු තමයි නියම වීරයෝ.කාගෙවත් කකුල් ලෙවකන්නේ නැතුව දෑතේ වීරියෙන් ජීවිතය ගෙවනවා කියන්නේ ඇත්තටම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.

      Delete
  19. කතාව පට්ටයි මචං...

    මම දන්න එක කොල්ලෙක් ඉන්නවා කලින් අපේ ආයතනයේම ආරක්ෂක අංශයේ වැඩ කරලා ඉගෙන ගෙන දැන් Accountant කෙනෙක් විදිහට වැඩ කරනවා...
    ඌ හරි හොඳ එකා...
    තව එකෙක් ඉන්නවා අපි එක්කම, කලින් ආරක්ෂක අංශයේ ඉඳල දැන් Accountant Helper කෙනෙක් විදිහට වැඩ කරනවා...

    හැබැයි දැන් පෞද්ගලික ආරක්ෂක අංශ වල වැඩිපුරම ඉන්නේ මුකුත්ම කරගන්න බැරි කෙලින් හිටගන්නවත් බැරි මට්ටමේ උදවිය...
    ගෙවන පඩියට ගොඩක් අඩු නිසා වැඩක් පලක් කරගන්න බැරිම උදවිය මේ රස්සාව තෝරගන්න බවක් තමයි පේන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔය ජොබ් එක අපේ රටේ එවුන්මයි කාගන තියෙන්නේ.මේක පිටරටවල වයිට් කොලර් ජොබ් එකක්.මැදපෙරදිග වුනත් වැටුප ලංකාවේ මුදලින් ලක්ශ 2 පනිනවා.අපේ රටේ කම්පැනිකාරයෝ එකෙක්ට වඩා අනිකා ගාන අඩුකරලා අවස්තාව ගන්න මාන බැලීම තුලින් මේ රස්සාවේ තත්වය බල්ලට දාලා තියෙන්නේ.ඉතින් දෑත මහන්සිකරලා හම්බකරන්න පුළුවන් එකෙක් ඔය රස්සාව කරයිද සොච්චම් පඩියකට.අද කුලී වැඩක් කලත් 1300-1500ක් හම්බකරගන්න පුළුවන්.

      Delete
  20. ආදරණීය ලොකු අයියේ..

    මල්ලිගේ විභාගේ වැඩයි, අම්මගේ වැඩයි, ගෙදර වැඩ ටිකයි ඔක්කොම එක ගොඩේ වැටිලා.. හේන පැත්තේ යන්නත් බැරි උනා දවස් ගානකින්.. ඒත් ඔයාට උත්තරයක් නොලියා බැරි නිසා ලියන්නේ.. ඔයා හිත සැහල්ලුවෙන් ඔහේ වැඩ ටික කරගන්න.. මෙහෙ වෙන්න ඕනි යුතුකම් ටික මම බලා ගන්නම්. මට දැන්ම කසාද බඳින්න අදහසක් නෑ. රසිකත් එක්කත් මම කියුවා.. එයාගේ ෂර්ට් සයිස් එකනම් 15 හමාරළු ඒත් ඔයාට වියදම් කරන්න දෙන්න එපා කියුවා..

    ලියුම කියවද්දී ඇස් වල කඳුළු.. මගේ ලොකු අයියට රත්නත්තරේ පිහිටයි. උඹට කවදාවත් වරදින්නේ නෑ මගේ අයියේ.. අද ඔයාට සික්කා කියල ඔලොක්කුවට කියන ඔය මහත්තුරු කවද හරි දවසක ඔයාට සර් කියල මහත්තයා කියලා කියන දවසක් එනවා.. එහෙම නොවුනොත් මං එදා ඉඳලා දෙයියන් බුදුන්ට පහනක්වත් පත්තු කරන්නේ නෑ.

    අවුරුද්දට ඔයා ගෙදර ඉන්නවානම් කොච්චර හොඳයිද? ඒත් ඔයා කියන විදියට OT එකක් කර ගත්තේ නැත්නම් ලබන මාසේ වියදම් දරා ගන්න බැරිවෙයි තමයි.. ඔයාට ගෙනියන්න මම තියාගෙන කන්න පුළුවන් කෑම ටිකක් හදලා තියන්නම්.. ළුණු අච්චාරුවකුයි ලුණු දෙහි ටිකකුයි දාලා තියන්නම්. පරිස්සමෙන් ඉන්න. අම්මා කියනවා ඔයාට තුනුරුවන්ගේ සරණයි කියන්නලු. පොඩ්ඩත් කෑ ගහනවා මතක් කරන්න කියලා.. පොඩ්ඩා ලියුම බලලා මොකුත් නොකියා ගිහින් ටික වෙලාවකින් ඇවිත් මට කියනවා එයාගේ සපත්තු දෙක තව දාන්න පුළුවන් කියන්නලු. ඒ වුනාට ඒකෙ අඩිය හිල් වෙලා.. මට ඇඳුම් නැති උනාට කමක් නෑ අම්මට චිත්තෙකුයි පොඩ්ඩට සපත්තු දෙකකුයි විතරක් පුලුවන්නම් ගේන්න.
    ලියන්න නම් කරුණු හිතේ ගොඩයි.. ඒත් ලියන්න බෑ. මගේ ලොකු අයියට බුදු සරණයි.
    මම
    චූටි.

    ReplyDelete
    Replies
    1. පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
      හරිම සරුසාරයි
      වැසි වැටී වැව් ළිං පිරිලා
      හරිම සිරියාවයි
      තවත් ආරංචි ගොඩයි
      ලියන්නට ලැජ්ජයි...........
      ගෙදර අය සතුටින් සිටින්නේ
      අයියා දැකගන්නයි
      කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
      වැඩත් වැඩි වෙන්නයි
      ළඟදි එනවා නම් හොඳයි
      නිවාඩුව දැන් දැන් ළඟයි..........

      Delete
    2. චූටිගේ රිප්ලයි එක ලියන්න ඕනේ නෑනේ එහෙනම්.....අර අන්තිමට මම චූටී කියලා ලියල තිබුන එකට උඹේ මූණ ආදේශ කලහම මට හිනාව නතරකරගන්න බැරුව ගියා.

      Delete
  21. තව අවුරුදු කීයක්, මේ රටේ, මේ කතාවම කියන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහටනම් අපෙන් පස්සේ එන එවුනුත් මේකම කියවයි.

      Delete
  22. මලේ උබ සෑඩ් මූඩ් ගහලා ඉන්නවා කියල දැනගත්ත, මම හිතුවේ බොගත් නොලිය ඉදි කියල, නියගයට ඉක්මණටම පොද වැස්සක් වත් වැටෙන්ඩ කියල පාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියන්ඩිය, දැන් දුක කියන්නේ මොකද්ද කියලවත් අපි දන්නේ නෑ.....

      සෑහෙන්න බිසී මේ දවස්වල.අද කොම්පීතරේ ඇල්ලුවෙත් දවස් 2න්.මේ ලියන වැඩේ නිසාම හම්බවුන සොඳුරු මිනිස්සුන්ව දාලායන්න හිතෙන්නේ නෑ කොහොමත්....

      Delete
  23. ලොකු අය්යට මම පිළිතුරු ලියුමක් එවන්නද ? :P ;) :D
    අපේ අය්ය මට මෙහෙම ලියුම් එවන්නේ නැහැනෙ.sms එකක් දැම්මත් reply නෑ ආයෙත් හොඳවයින් බැනල එකක් යැව්වම ඔන්න 'හෙලෝව් ' කියනව . ඒ වුනාට නිවාඩුවට ගෙදර එද්දී නංගි ඉල්ලීම් ගොඩක් ඉල්ලගන්නවලු :D .. නියමයි කසුට්ටෝ හිතට වදින්නම ලියල

    ReplyDelete
    Replies
    1. නංගිගේ 64 මායම් දන්න නිසා තමයි අයියා ෆෝන් අන්සර් නොකරන්නේ....

      \\ලොකු අය්යට මම පිළිතුරු ලියුමක් එවන්නද ?\\
      පුළුවන්නම් ලියන්නකෝ ගෑණු ළමයෝ....හෙට හවස් වරුවෙන් පස්සේ ආපහු කවදා කොම්පීතරේ අල්ලන්න වෙයිද දන්නේ නෑ..

      Delete
  24. අයිය කෙනෙක්ගේ ආදරේ...හිතට වදින්නම ලියල තියනවා...පට්ට...
    මට නැනේ අප්පා අයිය කෙනෙක්..:(

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ අනේ මටත් මෙහෙම් අයියා කෙනෙක් හිටියනම් කියලා

      Delete
    2. ඇයි මේ මම ඉන්නේ.....ආආ...වැරදුනා...මම අයියා නෙමෙයිනේ.....

      ඉමා-
      මේක හරියන්නේ නෑ බොල....

      Delete
    3. එකනේ අනේ ඔය ඓයා නෙමේනේ...ඔයා ඉතින්....හිකි හිකි හිකි

      Delete
  25. පබිලිස් නොවුනේ මේ හන්දම වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. සිරාවට...දවස් ගානක් හිරවෙන වැඩක් තියන නිසා වේලස්සන පබිලිස් කරන්න හැදුවා.කොහේද...කරුමේ කියන්නේ මේකට තමයි.

      Delete
  26. කතාව නම් නියමයි..

    ReplyDelete
  27. ඇහැට කඳුලක් එක් කල කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඔය සංවේදීකම හැමදාම තියාගන්න ....එදා ආවට හම්බවුනේ නෑනේ ඔයාව.ලබන පාරවත් හම්බවෙමු...

      Delete
  28. කෙල්ලටත් ලිව්මක් ලියමුද....නෑ ...මට අදහස් ටිකක් ගනඩ

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ ඉස්කෝලේ යන කලෙනම් කලා දරුණුවට.උසස්පෙල සෙක්ක්ශන් එක පුරාම මගේ නම හරි ජනප්‍රියයි ඔය වැඩේට.බෝතලයක් අරන් වරෙන්.ලියලා දෙන්නම්.

      Delete
  29. කතාව නම් මරු. ඉක්මනින් නැගිටින්න හැකි වේවා.

    ReplyDelete
  30. මේ වගේ ජීවිත කොච්චර ඇතිද නේද අලි කටුස්සෝ. :D එදා නෙලුම් යායේදී දැකල අඳුන ගත්තට කටුස්ස අලියෙක් කියල දනන් උන්නේ නැහැනේ. කතාව නියමයි මචන්, ජය.

    ReplyDelete
  31. මටත් අයියෙක් ඕනෙ හිතුණා. පරක්කු වෙලා කියෙව්වට සමාව බාජනේක දාල දෙන්ට. ලස්සනයි කටුස් අය්යෙ. හිතට වැදුණ, මගෙ ඇහැට කඳුළක් ගෙනාව.

    ReplyDelete