Monday, February 8, 2016

සිත සතුට ගෙනාවේ ඔබමය.....



රුක්අත්තන මල් ගොමුවේ පිපි මල් දෝතින් නෙළලා
සඳ එළියට පෙම්බඳිනා කඩුපුල්පෙති සුවඳ උලා
සේපාලිකා මල් ඇතිරුව නිල් තණ උඩ දිගාවෙලා
බිඳකට එළියට එනවද තරු ගනින්න තුරුල්වෙලා

වැවු දියමත පිපී සැලෙන දියබෙරලිය මල් කඩලා
කඩාහැලෙන නුඹෙ වරලස විසිතුරුකර පළන්දලා
ගෙලට වැටෙන මල් මත පිනි සිසිලස දෙතොලින් විඳලා
හත්දින්නත් තරු පොකුරට අතවනමුද හිනාවෙලා

මට මාවම අහිමිකෙරුව නිල් දෙනයන පිය වසලා
නුඹට නුඹව අහිමිකෙරුව රළු උරමත හිස තියලා
සියුමැලි මුදු ඇඟිලි තුඩින් නිමනොකරන රුව ඇඳලා
අපිටම අපි හොයාගන්න එනවද දැන් පමාවෙලා

වටකොට ගත අප සඟවන මීදුම් සළු මැදටවෙලා
කෝලබර දෙනෙත් දල්වන සුරංගනා නෙතු මතලා
හීගඬු නංවන ලයමත වත දුවද්දි උමතුවෙලා
අඩවන්වූ නෙතු නොකියන කවිය කියමු එකතුවෙලා

නිල්කඳු පිස හමන සුළඟ දැනෙන සීත පරද්දලා
උණුසුම්වන සිතුවිලි ගත උණුසුම මත මුහුකරලා
වැගිරෙන දා බිංදු අතර දිවි අම බිඳු රස තියලා
අපේමවුන අපේ ලොවක ඉම සොයමුද පියාඹලා


කටුස්සා....

47 comments:

  1. Replies
    1. හම්බුන දවසට මතක්කරපන්.තෑග්ගට බුල්ටෝ එකක් දෙන්න.

      Delete
    2. හැක් හැක් අනේ මටාාාාත්.....

      Delete
    3. හැමෝටම දෙන්නේ නෑ.පළවෙනියට විතරයි.

      Delete
  2. ලස්සන යෙදුම් ගොඩයි..
    ජයවේ කටුස්සයියේ

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයිළු ගොඩක් හොඳේ....

      Delete
  3. වෙලාවට කවි පංති 5න් ඉවරවුනේ.තව දිගට ගියානම් ගෑනු දැරවිව කාසල් එකට ඇඩ්මිට්කරලා තමයි නතරවෙන්නේ.

    ආදරය, අනුරාගය, පරිසරය එකට එකතුකරලා කරපු ලස්සන නිර්මාණයක්.සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. එහෙම නරක ළමයි නෙවෙයි යකෝ අපි....බොහොමත් ස්තූතියි ඇනෝ කියවලා අදහස් පලකලාට.

      Delete
  4. ලස්සන ආදරණීය කවි පෙළක් කටුසු හාමි..ඇත්තටම ආදරණීය , ප්‍රතික්‍ෂේප කරන්නට කෙනෙක්ට නොහිතෙන ආරාධනාවක්...ජය වේවා !

    ReplyDelete
    Replies
    1. //ප්‍රතික්‍ෂේප කරන්නට කෙනෙක්ට නොහිතෙන ආරාධනාවක්.//
      හොඳටම විශ්වාසද?දැන් පරක්කුවුනා.හෙට රෑටවත් කාටහරි කියලා බලන්න ඕනේ.වැඩේ වෙලා තියෙන්නේ මේ පැත්තේ ගෑණුළමයි නැති එකයි.ඔක්කොම ඉන්නේ ඇන්ටිලා.

      Delete
  5. හුටා, මම දාපු ‍ෙකොමෙන්ටුව කෝ යකෝ?

    එල කටුස්සෝ. හරිම ලස්සන කවි ටිකක්.

    ReplyDelete
    Replies
    1. අර තියෙන්නේ යකෝ උඩම දිලිසි දිලිසි...

      Delete
  6. මින් මනත උඹව මහන්සි කරන්න කොහෙවත් එක්කගෙන යන්නේ නෑ.. එක තැනකට වෙලා මේ වගේ කවි ලිය ලිය හිටහන්.. ඔක්කොම හිතේ තියෙන ඒවා ලියාගන්න කලින් උඹ මළොත් එහෙම අපරාධයක්.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. දැනම මැරෙන්නේ නෑ.මෙඩිකල් එක නෝර්මල්. over weight විතරයි.

      Delete
  7. මොනරාගල සිට එන ගමනේ ලියුවක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ එනකොට කවි ලියන්න තියා අත උස්සගන්න බැරුව ආවේ...

      Delete
  8. මොනරාගල පැත්තේ ලස්සන මලක් දැක්කැයි බොල..
    අනර්ඝයි කටුසු..

    ReplyDelete
    Replies
    1. මොණරාගලදී නෙමෙයි බං තණමල්විලදී...

      Delete
    2. සිංහ-
      වැඩක් නෑ බං.දැක්ක ලස්සන එකත් බැඳලා ළමයෙකුත් ඉන්නවළු.

      ලොක්කා-
      ඒ සෙට්වුනේ මුඩ්ඩට.ඌ ඒ ගෑණු දැරිවිත් එක්ක තරු ගනින්න ගියානම් අදවෙනකොට අළුත් චක්‍රාවාට 2-3කුත් හොයාගන.

      Delete
  9. ලස්සනයි කටුස්සෝ.. උඹ අරෙහෙ ගිහිං උදැල්ලෙං කොටල කඩි වෙුවට කයි ඇරං ඇවිත් වගේ හැක් හැක්
    පටේ පට්ටයි කී ඔන්න මොකද මේක සිරාවටම හිතට ඇල්ලුව

    ReplyDelete
    Replies
    1. දෙවනියට පරණ කමෙන්ටර් ඔහොම කියනකොට සිරාවට සතුටුයි.

      Delete
  10. මෙහෙම අඩගහනකොට කව්ද අනේ එන්න අකමැති...

    ලස්සනයි කටුස්සයියේ...ජය...!!!

    ReplyDelete
    Replies
    1. කැමතිද අකමැතිද කියලා අහන්න "මෙනවියෙක්" නෑ බෙහෙතකට මේ පැත්තේ.ඉන්නේ ඔක්කොම "මහත්මියෝ".ඒ අයගෙන් අහන්න බෑ.ඒ අයගේ "මත්මයාලත්" ඉන්නවනේ ගෙදර.

      Delete
  11. කමියො ඊගාව පාර මොණරාගල ගියාම මූ ගැන ටිකක් ඇහැ ගහගෙන හිටහං. නැත්තං උඹලට වෙන්නෙ ගස් බැඳගන්න හරි කූරු ගණින්න හරි තමයි. හැක්...

    නියමයි කටුස්.

    ReplyDelete
    Replies
    1. කමියට කියලා වැඩක් නෑ බං.පළවෙනිපාර ගියහම කෙල්ලෙක් පෙන්නලා දෙවනි පාරත් ඇදගන ගිහින් කියනවා ඒ කෙල්ල බැඳලා ළමයෙකුත් ඉන්නවා කියලා.

      Delete
  12. අමරදේව මාස්ටර්ගේ ගීතයක් තියනවා "ඔබේ දෑසයි "කියලා.ඒක ඇස් දෙකෙන් පටන් අරගන රමණයෙන් ඉවරවෙන්නේ.තරු ගනින්න කියලා එළියට ගෙන්නගන ගෑණු ළමයගේ පපුවපුරා පිස්සුහැදිලාවගේ මූණ ගෙනිහින් සීතලේ දාඩිය වගුරවනකොට ;මට මතක්වුනේ ඒ සිංදුව.
    ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඔබේ දෑසයි ඔබේ දෑසයි
      නීල උත්පල දිගැටි දෑසයි
      මීන චංචල කිඳුරු දෑසයි...කිඳුරු දෑසයි...

      ඈත අහසේ තාරකා සේ
      වශීකර මා සිත සිනාසේ
      දුරක සිටියත් ලඟක සිටියත්
      ඔබේ ඇස මට නිබඳ සිහිවේ...

      අහල තියන විදිහටනම් මහගම සේකරයන් මේ ගීතය ලියා තිබෙන්නේ සුභා තෙරණියගේ කතාව ඇසුරින්. සේකරගේ මයිල් ගහක් තරම්වත් නොවටිනා මගේ කවියක් කියවලා සේකරයන් මතක්වීමම කොච්චර ලොකු දෙයක්ද?

      බොහොමත් ස්තූතියි ඇනෝ...

      Delete
  13. කටුස්සෝ මමමේ සැපසනිප බලන්ඩ ආව.

    ReplyDelete
    Replies
    1. වල්කම් කිවුවා බොහොඬ හදට....

      Delete
  14. Replies
    1. Henahathama gahapiya.. me hu*** tab eke dan dawas 3ka indan sinhala type karanna be..

      Delete
    2. hu*** කියන්නෙ හුවාවි ද නැත්තං වෙන බ්‍රෑන්ඩ් එකක් ද?

      Delete
    3. ඕවගේ වෙලාවට දෙන්න තියන හොඳම බෙහෙත ඕක හයියෙන් පොලේ ගහන එක.අත් දුටුවයි...ප්‍රත්‍යක්ශයි....

      ප්‍රසා-
      ඕක වෙන බ්‍රැන්ඩ් එකක්.ඌම කියලා හදාගත්ත ස්පෙශල් එකක්.

      Delete
  15. ලස්සනයි මචෝ.

    ReplyDelete
  16. උඹ ලියන කවි වලට කමෙන්ට් ලියන්න ගියාම අපිව අමාරුවේ වැටෙනවා කටුස්සෝ..

    රුක් ඇත්තන මල් පෙන්නගෙන සේපාලිකා මල් කඩාගෙන හඬ එලිය විඳගෙන වැව් පිටිය පෙන්නගෙන උඹ එන්නේ අවසන් අරමුණ තියාගෙනමයි කියල විචාරකයෙකුට තර්ක කරන්න අයිතියක් නැද්ද... හැක්...

    ප්‍රසන්නය කියනවා වගේ මොනරාගල ගියාම ටිකක් කල්පනාවෙන් ඉන්න කියන්න ඕන කමියට.. හැක්..

    ReplyDelete
    Replies
    1. අපි එහෙම නරක නෑ බං.බොරුනම් කමියගෙන් අහපන්.අර මුඩ්ඩයි විදානෙයි කෙල්ලෝ දිහා බල බල විහිළුකරද්දී මම ඇහැක් ඇරලා බැළුවේ නෑ.අනික මම කෙල්ලෙක්ට තරු ගනින්න කතාකලොත් එක්කන් ගිහින් කරන්නේ තරු ගනින එක විතරමයි. කමිය පල්ල.

      Delete
  17. ලස්සනයි.....

    ReplyDelete
  18. සුන්දරයි කසුට්ටෝ.......... සුන්දරයි............

    ReplyDelete
  19. මේ කවි ටික නම් මල් හතයි :) හරි ලස්සනයි ...

    ReplyDelete