Thursday, February 4, 2016

ආදරයද මේ......


නුඹට පෙම්බැඳි දුරාතීතේ
නැගුන හසරැල් මතක මැද්දෙම
දෙදෙන එක්වී ලියූ කවිපද
මතක අතරට සිහිනයෙන් හෝ
ආයේ නොමඒනම්
කවමදාවත් නොදුටු කඳුලැල්
පලා ඇහිබැම යහන මත්තට
වැටෙන්නෑ එහෙනම්

සතුට දුක උහුලපු පුළුලුතල
අතර මැදිවී හෙළු කඳුලැල්
පිසූ නුඹ රළු දෑත මත්තෙම
බලා නුඹදෙස නෙතු පියෙන්නට
වරම් හිමිවුනිනම්
අහස් මායිම දෙස බලාගන
තනිව හෙලනා කඳුළු සයුරත්
සිඳේවී එහෙනම්

ලොවට රහසින් හමුවනා හැම
දිනක හෙලනා සුසුම් සර මැද
දැවී අලුවී නොපෙනි යන්නට
කිසිඳු දිනයක නොතැවි ඉන්නට
පෙමට හැකිවුනිනම්
අපේ වන්නට බැරුව ලතවෙන
අපේ පෙම යලි කවමදාවත්
දකින්නෑ සරදම්

අහසෙ දිදුලන තාරකා සේ
දිලෙන නුඹ නෙතු කවුළු අතරින්
ඔහු නිදන මගෙ කුටිය ඇතුලට
පැමිණ මගෙ නෙතු දෙස බලාගන
බවුන් නොවඩයිනම්
මැරි මැරි ඉපදෙනා දිවියක
සිසිල විඳිනට අකීකරු සිත
යදින්නෑ පැතුමන්


කටුස්සා....

45 comments:

  1. අදහස, වචන ගැලපුම සහ මා ඟෙය සිතින් ගායනා කළ තාලය මගේ හිත ගත්තා.

    වැදගත්ම කරුණු මෙවැනි ගීත අඬන්නේ නැතුව ගායනා කිරීමයි. හැමදාම අඬන සින්දු ගැන අසා තිබුණත්, ඇත්තටම එවැනි ගීත කිහිපයක් ඇසුවේ දෙසැම්බරයේ ලංකාවේ දී කැබ් එකක් ගමනක් යද්දීයි. මටත් ඇඬුණා ඒ ගායනා අහලා!

    කපුගේ "ඔබ පෙම් කරනා ඔබේ කුමාරී" වගේ ගීත කෙතරම් හොඳින් ගැයුවාද?

    ReplyDelete
    Replies
    1. සිංහළ සි\දු වලින් මම අහපු හොඳම වැලපිල්ල තියෙන්නේ අජන්තා රණසිංහයන් ලියපු ජෝතිපාල ගායනාකරන "පාලු සුසානේ" ගීතය. ඒ වගේ ගැඹුරු කටහඬකින් ඒ වගේ අඬනවා අහනකොටත් පුදුමයි.පස්සේ කාලෙක මම දැක්කා අජන්තා රණසිණ්හයන් කියලා තිබුනා ඔහු අතින් ලියවුනු හොඳම ගීතය "පාලු සුසානේ" කියලා. ඒ වුනාට ඒවා අහනින්න පුළුවන් මට්ටමක තිබුනා.අපි රසවින්දා.ගීතයෙන් කියන දේ අපේ අත්දැකීමක් කරගත්තා.ඒත් දැන් ගීත අහනකොට මූ අඬන්නේ මොකටද කියලා හිතාගන්න බැරුව හිනායනවා.

      Delete
  2. පෝස්ටුව නම් පට්ට පට පට​.ආදරයේ පිටුපෑම නිසාවෙන් පීඩා විඳින කොල්ලකු උනත් හොටු කොල්ලෙකු නොවීම පිළිබඳ ගොඩාක් සතුටුයි සහෝ....ඇත්තටම බොක්කෙම පැලපදියම් වෙන කවි පොඩ්ඩ​...ජයෙන් ජයම වේවා!ඕං මගේ මේල්ලුව කටුසු මහත්තයෝ...thebosssmileyjoejoe@gmail.com

    ReplyDelete
    Replies
    1. හැක්... කටුස්සො , මෙයා බොස් කිව්වට ගෑණු බොස් කෙනෙක් කියන්නෙ...

      Delete
    2. නැතුව නැතුව...හිකිස්....ඒ උනාට බොසා බොසාම තමයි ඕං...මොකා උනාම මොකෝ මේ වගේ වටින මිනිස්සු ටිකක් ආස්සරේට ලැබෙන කොට​...සිරාවටම බොස් නංගිට මාර happy අප්පා ඕගොල්ලො හඳුන ගන්න ලැබුනු එකට​..

      Delete
    3. ස්ස්ස්....සද්ද වහලා හිටු.මගේ ඉස්සර පෝස්ට් කියවපු එවුන් මට ගල් ගහයි.

      ආදරය,විරහව ඇතුලේ තියන රස වෙන කිසිම දේකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.ඒ වගේමයි ලැබෙන්නේ නෑ කියල දැන දැන ආදරයකරද්දී දැනෙන හැඟීමුත්.

      සජ්ජා-
      අපි කොච්චර බොස්ලා වෙන්න හැදුවත් අන්තිමේදී බොස්ලා වෙන්නේ මුන්ම තමයි බං....

      Delete
    4. මෙව්වට ඉතින් වෙන මොනව කියන්නද හැක හැක කියලවත් කියමු ...හික්ස්..මොනව කියනවද කටුසු මහත්තයා..නියම බොසාලගෙ වැඩ බලන්ට නෙව අපි වගේ සූටි බොසාලත් මේ පැත්තෙ එන්නෙ

      Delete
    5. අනේ කටුසු මහත්තයෝ....මේල්ලුවක් එව්ව සුට්ටක් බලන්ට ඉඩ ඇති වෙලාවක​

      Delete
  3. සුපිරියි කසුට්ටා........... උඹේ ලියැවිල්ලට අපි කොහොමත් ලැයික්....

    ReplyDelete
    Replies
    1. ඒ ලයික් නිසා නේන්නම් මේක මෙච්චර දුර ඇදගන ආවේ....

      Delete
  4. කටුසුත් ආදරේදී නැමෙන්නේ නෑනේ.. හා හා ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. ආදරය ඉස්සරහ නැමිලා කටුස්සට දැන් එපාවෙලා....

      Delete
  5. ආදරේ බිදුනාම අඩනවට වඩා මෙහෙම තේරුම් අරන් ඉන්න මන් කැමති.

    ReplyDelete
    Replies
    1. මමනම් පොඩ්ඩක්වත් නෑ.ආදරය කරන එකා වෙන එකෙක්ගේ වෙලා ඉන්නකොට ඒකටම ආදරය කරන්න මම පොඩ්ඩක්වත් කැමති නෑ. නිල් පාටින් ලියල තියන එක පිරිමියා කියන විදිහටත් ද්ම් පාට එක ගැහැනියටත් ආදේශකරගන කියවන්න.එතකොට තේරෙයි හොඳටම.

      Delete
  6. බිදෙන බිදෙන විට
    රිදෙන රිදෙන හිත
    නලව නලව නුඹ
    හිටි එදා සිහිනයක්මය අද

    නැගෙන කදුළු නෙත
    පිස හෙලා මම
    නුඹට පෙනෙන්නට
    සිනා වී ඉන්නම්

    යනෙන යනෙන මග
    සතුට සතුට මිස
    දුකක් නම් සබද
    නොවෙන්නයි නුඹට


    උඹේ කවිය ලස්සනයි කටුසු... සිරාවටම අර රසික කියල තියේ වගේ සිංදුව කට නං පට්ටෙටම ගැලපෙනව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මෙයත් දැන් දිගටම රිප්ලයි කවි ලියනවනේ...

      Delete
    2. එදා ඉඳන් කියනවා වගේ හිතට එන දේ ලියනවා ඇරෙන්න මහාලොකු බලාපොරොට්ජ්ට්ජු මේවා ඇතුලේ නෑ.මේවාට කොපි රයිට්ස් නෑ.ඕනේ එකෙක් ඕනේ විදිහට පාවිච්චිකරපුදෙන්.

      තනු-
      සංජීවනී වීරසිංහ පරාදයි දැන් මූට.

      Delete
    3. ඔය කවි සිංදු නිසදැස් අපූරුවට වචන කරන්නේ.. බූට් කාපු එවුන්ය. කියන්නේ ඇත්තක්ද?
      ඒ කියන්නේ මහේෂුත් කාලද.......

      Delete
    4. මහේෂ් අය්යේ කවි ටික මරු ..මේවා කෙටි රහ කවි :)

      Delete
  7. //ලොවට රහසින් හමුවනා හැම
    දිනක හෙලනා සුසුම් සර මැද
    දැවී අලුවී නොපෙනි යන්නට
    කිසිඳු දිනයක නොතැවි ඉන්නට
    පෙමට හැකිවුනිනම්
    අපේ වන්නට බැරුව ලතවෙන
    අපේ පෙම යලි කවමදාවත්
    දකින්නෑ සරදම්//

    හරිම ලස්සනට ලියලා කටුසු! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුචුම්....

      Delete
  8. මොකක්දෝ මන්ද ගතියක් තියෙනවා... ;)

    ReplyDelete
    Replies
    1. උඹට කොහොමත් පොඩි මාන්දම් ගතියක් තියනවා තමා..

      Delete
    2. කවමදාවත් කවියක් ෆීල් නොවෙන උඹට එහෙමවත් එකක් තියනවා මදැයි....

      සජ්ජෝ,පහුගිය දොහේ මුගේ බෙටර් හාල්ෆ් එක ගමේගිහින් හිටියේ.මාන්දම හිස්මුදුනටම ගහලා දැන්.

      Delete
  9. නියමයි බං... මේකෙ කවි ලියන ගොඩක් දෙනා අතරින් මම රසවිඳින විදිහේ කවි ලියන කීපදෙනා අතරේ ප්‍රියතමයෙක් තෝ...

    ReplyDelete
    Replies
    1. හැක්...ඉඳලා හිටලා හරි හම්බවෙන්න එන වෙලාවට අත්දෙක වන වන එන්නේ නැතුව මැද්දේ එක එක ඒවා හැපෙන්නේ නැති ලොකු චොක්ලට් 2-3ක් අරගන වරෙන්.ලංකාවේ ඒවගෙන්නම් කන්නේ කැන්ඩොස් සහ රොවෙල්ලෝ විතරයි.

      Delete
  10. Replies
    1. උඹට මැවෙන්නේ මෝචරියක්ද ,හිර කූඩුවක්ද?

      Delete
  11. අහිමි හිමි අතර
    ගෙවන දිවියක
    කටුක සත්ය
    නුඹට මට පොදුය...

    ලස්සනයි කටුස්සො..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තනුවෝ....විබහග කාරිය ඉවරද?

      Delete
  12. හැක්...කොහොම හරි ඇතුලට ආවා එහෙනම්...

    ReplyDelete
  13. //අහසෙ දිදුලන තාරකා සේ
    දිලෙන නුඹ නෙතු කවුළු අතරින්
    ඔහු නිදන මගෙ කුටිය ඇතුලට
    පැමිණ මගෙ නෙතු දෙස බලාගන
    බවුන් නොවඩයිනම්
    මැරි මැරි ඉපදෙනා දිවියක
    සිසිල විඳිනට අකීකරු සිත
    යදින්නෑ පැතුමන්//

    අනේ මන්ද මොනව ලියන්නද කියල..

    ReplyDelete
    Replies
    1. නොලියා ඉන්න එක ඇගට ගුණයි නේද?
      වෙල්කම් කිවුවා අකා'ට.

      Delete
  14. බොහෙම දවසකින් ආවෙ සුපිරි සුපිරිමයි

    ReplyDelete
    Replies
    1. කොහේද ගෑණු ළමයෝ ගිහින් ඉන්නේ....?ලියනවකෝ ආපහු...

      Delete
  15. Replies
    1. බොහොම විස්කෝතුයි දමිත් අයියේ....දමිත් අයියටත් කම්මලයගේ ලෙඩේ බෝවෙලා නේ?

      Delete
  16. කසුට්ටො පට්ටයි,සුපිරියි,ඉස්තරම්

    ReplyDelete
    Replies
    1. එච්චරම....?උඹලා මේක කියවනාවා කියලා දැනගන්න එකම ඇති දිගටම ලියන්න.

      Delete
  17. කසුට්ටෝ (කටුස්ස කියනවට වඩා මෙහෙම කියද්දී ලස්සනයි ... :D .... ) අදයි ආවේ කවි කියවන්න.කටුසු ලියන්නෙම දිග කවි.දිග උනාට කවි ලස්සනයි.මම තාම කවි ලියන්න පද අහුලනව.වෙලාවකට වචන එනව වෙලාවකට හරි අමාරුයි කවි ගොතන්න.

    ReplyDelete
    Replies
    1. ඕනේ නමක් කියන්න ඉතින්.ලියන්න ගත්ත මේ ටික කාලෙදි මම අහපු නම් කන්දරාව....දැන් මමත් කම්මලේ බල්ල වගේ වෙලා.

      කවි ලියනවට වඩා මම කැමති ලිපි ලියන්න.ඒත් මට ටයිප් කරන්න කම්මැලියි.ඒ නිසයි කවි ලියන්නේ.කතා ලියන්න කැමතිනිසා දිග කවි ලියවෙනවද දන්නේ නෑ. :D ඔය කවි ලියන්න හොඳ බෙහෙතක් තියනවා වයින් ස්ටොර්ස් වල.බෝතලයක් අරගන පත අට එකට හින්දලා පාවිච්චිකලානම් එක දිගට කවි පොතක්ම ලියන්න පුළුවන්.ඇත්තමයි කියන්නේ.

      Delete
  18. එකෙන්ම සුපිරියි කටුස්සයියේ
    ජයෙන් ජයවේවා

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස්ටිකේ බුසීවෙලා නේ?

      Delete
  19. ජීවිතේ මෙහෙමයි....
    සුපිරි අදහසක්...

    ReplyDelete