Friday, February 19, 2016

පරිපූර්ණ.....

රන් පාට පෙණ බිංදු මුමුණමින් ගී ගයන
බීර වීදුරු දෙකක්....
පසුපසින් හිනහෙනා රතුවිච්ච වතින් යුතු
නොනැවතී තතු අහන නොනැවතී තතු කියන
බොහෝ කලකින් දුටුව මිත්‍රයන්
දෙදෙනෙක්....

මොකද උඹ තනිකඩව පාළුවෙන් මහ ගෙදර
තව නැද්ද අදහසක් කරගන්න පෙලවහක්....

නැහැනේ මට හමුවුනේ සිත ඇඳුන රුව තවම
වෙන ලඳක් කෙරෙහි නෑ දෙන්නෙ මම ආදරය....

පුදුමයෙන් මෙන් විවර දෙනෙත ඔහු දෙස යොමා
එළඹ ගත් සිහි ඇතිව නැවත ඔහු විමසුවා....

සොයන රුව පවසපන් දැනගන්න මටත් එය
දනිමිනම් එවන් රුව මට හැකිය පවසන්න....

හඬන දිය ඇල්ල සේ කඩාවැටෙනා වරල
අඩ සදත් පරදනා නෙත් පිනන ඇගෙ නලල
සත් වර්ණ දේදුන්න සේ පෙනෙන බැමි යුගල
දුටු ගමන් විකල් වන නීල උත්පල දෙනෙත
අල්ලන්න ලොභ සිතෙන මටසිළිටු කොපුල් තල
නා දලුත් විලි වදින රත් පැහැති දෙතොල් මන
දුටු ගමන් සිපගන්න සිතෙන උරහිස් යුගල
ඇල්ළුවොත් රිදෙයි'යැයි බය සිතෙන රණතිසර
ගෑවුනොත් කිති කැවෙන සුදුපාට ඉඟ නෙරිය
දෑතින්ම වැලඳ ගත නොහැකි ඇගෙ පුළුලුකුල
රඹ කදක් ලෙස පෙනෙන ලප නොමැති දඟ යුගල
පිරුණ .....................................

මොකද උඹ බයවෙලා වගේ නෙතු යොමන්නේ
දාඩියත් දාලා නොවැ වෙරි වැඩිද කියන්නේ....

අනේ නෑ දැන් මතක් තිබු මතත් බැස්සනේ
පවසාපු සියල්ලම ඇත්තදයි කියන්නේ....

අනේ ඔවු ඇයි මචං මොකක් හරි අවුලක්ද
අනිත්'වුන් වගෙ නෙමෙයි මගෙ නැනේ කිසි බොරුව....

තනිකඩව ඔය ගෙවන දිවිය ඔය විදිහටම
ගෙවාපන් කිසිම දින එපා මගුලක් කන්න
උඹ කියපු විස්තරය ඇත්තනම් ඒ ලෙසට
යකින්නක් පමනක්ය බඳින්නට හැකි නුඹට
ඔය විදිහෙ කෙල්ලොනම් තවම නැහැ මෙහි ඉපිද
බැඳගනින් රඹ ගහක් හදාගන හිලක් මැද......


කටුස්සා....

34 comments:

  1. Replies
    1. මු කසුට්ටෙක් නේ...
      ඇතුළට රිංගලා ඉන්න වෙන්න ඇති...

      Delete
    2. එහෙනං හිලක් මදිවෙයි ......

      Delete
    3. ඉන්නෙනම් සිදත්ල වගේ.ඒක දන්නේ නෑ.ඔය කෙඩල් කඳ තුරුල්කරන් ඉන්නකොට වටපිට පේන්නේ නෑනේ.හිලක් හැදුවහම ඒකට ඇහැ තියලා බලන්න පුළුව්න්.ඒකටයි හිල හදන්නේ.

      Delete
  2. එක පාරක් මාරයා දාපු පෝස්ට් එකක තිබුනා උන්ගේ මාම දීපු ඔවදනක්...
    කවදාවත් කසාද බඳින්න ගතිගුණ හොඳ කෙල්ලෙක් හොයන්න එපා ලස්සන කෙල්ලෙක් හොයා ගනින් කියලා...
    ගතිගුණ හොඳයි කියල හිතලා කැත කෙල්ලෙක් බැන්දය කියමුකෝ, කරුමෙට හරි පස්සේ තේරුනොත් කලින් පෙන්නපු ගුණේ මවා පෑමක් කියල, වැඩේ හබක්නේ...
    ලස්සනත් නැහැ, ගුණේත් නැහැ...
    හැබැයි ලස්සන කෙල්ලෙක් බැඳලා ගතිගුණ හොඳ නැති බව පස්සේ තේරුනත් අඩු ගානේ පාරේ එක්කගෙන යන්න පුළුවන්නේ කැත නැතුව...

    ඒ වගේම කසාද බඳින ලස්සන කෙල්ලගේ ගතිගුණත් හොඳ උනොත් නිකං ලොතරැයියක් ඇදුනා වගේනේ...

    මාරයාගේ මාමගේ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නැහැ වගේ... ;)

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඒ කතාවත් ඇත්තනේ..

      Delete
    2. ඒකත් ඇත්ත නේද බං බලන් ගියහම...ලොකු අයියේ...නැද්ද අඳුරන ලස්සන කෙල්ලෙක්?මේ ගල් වලට කෙල්ලෙක් තියා වැඳිරියෙක්වත් එන්නේ නෑ බං.....

      Delete
  3. සිරාම කතාවක් මචෝ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොඬ හදට වල්කම් කිවුවා....

      Delete
  4. බදින් නැතුව ඉදීමත් මං හිතන්නේ සොබාදහමට කරන පිටු පෑමක්. කොච්චර මිල මුදල් තිබ්බත් වැඩක් නෑ බැන්දේ නැත්නම්, ඕක හොදින් තේරුම් ගන්න පුලුවන් තනිකඩව වයසට ගිහිපු කෙනෙකුට. අපේ පැත්තේ සීයා කෙනෙකුට ඔය තත්වේ.. උදා වුනා. ලෙඩක් දුකක් හැදුනත් සතුටක් දැනුන වෙලාවටත් හොදම දෙන්නා තමයි අඹුසැමි යුවල.

    අපිව හැමදාම අම්මලා තාත්තාලට බලා ගන්න බැහැ.සහෝදර සහෝදරියන්ටත් කරදර කරන්න බැහැනේ. ලෝකේ කොතනකවත් සර්ව සම්පූර්ණ ස්ත්‍රියක් හොයා ගන්න බෑ.. මොකක් හරි පොඩි අඩුපාඩුක් තියෙනවා. එහෙම කෙනෙක් හොයන්න ඉස්සර වෙලා බලන්න අපේ අඩුපාඩු.. කොච්චර හොද කෙල්ලෙක් ලැබුවත් වැඩක් නෑ අපි ලග ගොඩක් අඩුපාඩු තියෙනවනම්.
    විවාහ නොවී ඉන්න එක මෝඩකමක් කියලා මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. කසාද බඳින එක කොහොමද යකෝ ස්වභාවික එකක් වෙන්නෙ..??

      ඔන්න ළමයි හදන එකනං ස්වාභාවික එකක් ..???

      Delete
    2. සිංහ-
      දත් තියනකන් මස් හපන්න පුළුවන්.ඒත් ගොඩක් එවුන්ට දත් හැලෙනකොට තමයි ගෙදර තියන පරිප්පු හැලිය මතක් වෙන්නේ.තමන්ට ලැබෙන සැලකීම බලාගන බඳිනවට වඩා සැනසීමෙන් ජීවත්වෙන්න හිතාගන බඳින එකා තමයි හරි කියලයි මට හිතෙන්නේ.උඹ කියන කතාවත් ඇත්ත.තරුණකාලේ කොට කොට ඉඳලා කස්සාදයක් නොබැඳ අසරණවෙලා මහළුවිය ගෙවන ඩයල් මාත් දැකලා තියනවා.

      මදුරුවෝ-
      යකෝ...මම මෙච්චරකල් හිතන් හිටියේ ළමයි හදන එක හෙන ගේමක් දීලා කරන්න ඕනේ වැඩක් කියලා.හපොයි....මීට පස්සේ කෝච්චියේ එද්දිවත් ගෑණු කෙනෙක් ගාව වාඩි වෙන්නේ නෑ.ස්වාභාවිකව ළමයෙක් හැදුනොත් එහෙම මගේ චරිතේ විනාසයිනේ....

      Delete
  5. ඕකට හොයාගන්න තිබුණෙ අර බහුබූතයෝ එකේ හිටපු යකින්න තමයි. කරුමෙට ඒකිත් බැන්දනෙ අර බන්ටිද මොකාද එකා. හැක්..

    ReplyDelete
    Replies
    1. සිරාවට ප්‍රසන්න අයියේ ඒ යකින්න හරි සෙක්සි නේද?යකින්නක් වුනත් මොකේ ඒ වගේ එකක්නම්....

      Delete
  6. හිල මොනාටද බන් :3
    දන්නෙ නැති නිසා ඇහුවෙ..

    ReplyDelete
    Replies
    1. හම්බුන වෙලාවක මතක්කරලා අහපන්කෝ මගෙන්.මම කියලා දෙන්නම්.

      Delete
  7. ඔන්න ඔහෙ බඳින්ඩ එපා බං....
    ලමයෙක් දෙන්නෙක් හදාගෙන ආතල් එකේ හිටපං ...
    කොහොමත් මැරෙන දවසට මැරෙනව බං ... ගෑනු, දරුවො හිටිය කියල මොකෑ නවත්තන්නද ..???

    ReplyDelete
    Replies
    1. තෝ හිටපන් එහෙම.මටනම් බෑ.කුල සිරිතට අනූව හැදුන වැඩුන කුල කුමරෙක් යකෝ මම...

      Delete
  8. හැක්..බොසාගෙ උපදෙස් ඕන වෙන්නේ නෑ වගේ නෙව විවාහය සම්බන්ධව​...කොමෙන්ටු කොටල තියෙන හැම උන්නැහේම වගෙ කියල තියෙන්නෙ මටත් හරියන්න​...හිකිස්..ඔන්න ඔහේ කරකාර නොබැඳ ඉන්න අනේ අපිට තව තව කතා කියවන්න කටුසුවෝ..පවුල් වෙලා busy උනොත් ඉතින් මේව කියවලත් ඉවරයි කියල අපේ පුංචි හිත් වලට හිතෙනවනෙ අප්පා...ජය වේ කටුසු මහත්තයා !

    ReplyDelete
    Replies
    1. කොටියම කන්න ඕනේ මෙහෙම සහෝදරියන්ව....
      ඔය දන්න කියන තනිකඩ පුංචි අම්මලා,අක්කලා, යාළුවෝ එහෙම ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලලා විස්තර සමග මා අමතන්න සුදූ.

      Delete
  9. ඔය විදිහෙ කෙල්ලොනම් තවම නැහැ මෙහි ඉපිද
    බැඳගනින් රඹ ගහක් හදාගන හිලක් මැද......
    ekanam niyamyi.

    ReplyDelete
  10. හම්මේ මගේ බඩ (තිත්දෙකයි සිම්පල් පී)

    ReplyDelete
    Replies
    1. මම උඹට කිවුවා පෙරේත කමට ඔය ජරාව කනකොට....

      Delete
  11. මට හිමිම මෙලොව දිනා
    මගේ නමට නම තියලා
    පරපුරක රජිනි වෙලා
    බැබලෙන්න ළඟ ඉඳලා
    මහ බඹුගේ නියාමේ තියා
    ඇය සොයමි හඬ නගලා
    සුන්දරී - ඈ කවුද දන්නේ නැ
    පෙම්බරී - ඈ කොහිද දන්නේ නැ ..

    ගායනය - මොරිස් දහනායක
    සංගීතය - පැට්‍රික් දෙනිපිටිය
    ගී පද - සිරිල් ඒ සීලවිමල

    (තව ගොඩක් තියනවා ..කොටන්න කම්මැලියි )

    ReplyDelete
  12. කසාද බඳිනවා කියන එක කර්මයට අනුව සිද්දවෙන දෙයක් බන්.. මොනතරම් දේවල් ගලපලා කරලා තෝරලා බේරලා බැන්දත් අන්තිමේ සිද්දවෙන්නේ තමුන්ට සිද්දවෙන්න කර්මයේ ලියවිලා තියනදේ කියලයි මම විශ්වාස කරන්නේ.. ඔය කෙසෙල් ගස්වල හිල් හාරලා ගෙදර එවුන්ට කන්න තියන කෙසෙල් කැනට කෙලවනේ නැතුව ටිකක් වටපිටේ හොයල බලල මොකක් හරි බැන්දපන් කටුස්සෝ.. ටිකක් හොයල බලහන් පාට වෙනස් කරන එකීයක්ද නැද්ද කියල.. ඔය පාට වෙනස් කරන කටුස්සියෝ බැන්දාම ඉහගහන්න අමාරුයි බන්.

    ReplyDelete
    Replies
    1. මට තාම හම්බවෙලා නෑ කසාදේ හොඳයි කියන කසාද බැඳපු එකෙක්.යකෝ...මුන් කියන කතා ඇහුවහම කසාද බඳිනවා කියන්නේ පණ යන වැඩක්නේ....

      Delete
    2. ///මුන් කියන කතා ඇහුවහම කසාද බඳිනවා කියන්නේ පණ යන වැඩක්නේ....///
      අනිවා ඩෙෆා...

      Delete
  13. මෙන්න කවි. සුපිරියි.

    ReplyDelete
  14. කටුසු අයියේ ඕවගේ ආච්චි කෙනෙක් ඉන්නවා අපේ පැත්තේ කමක් නැද්ද දන්නේ නෑ...හිකිස්....

    ReplyDelete
    Replies
    1. "ආච්චී උනත් මොකද හොඳට ලවු කරනවනම්" කියලළු පරණ ඇත්තෝ කියලා තියන්නේ නංගියේ....

      Delete