Sunday, July 26, 2015

ඔබට මා මටද ඔබ හමුවුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන...සෙනෙහසින්



පාළු අහසට එබුන සවසක
දුටිමි තරුවක් බෝ දුරින්
සරා පුරසඳ වළා අතරෙක
දකින්නට නෑ තව වරම්
තනිව පැතුමක් සිහින ලෝකෙක
කොපුල් සැලිලා සීතලෙන්
පුරුදු කඳුලක සිසිල දැනුනා
වෙන්ව ගියදා හද විලෙන්

එක්ව වෙන්වුන සුසුම් නිම්නෙක
හඬන මසිතට බෝ දුකින්
වෙනස්වී ඇත ලොවේ දස අත
පැතුම් නෑ අද පෙර තරම්
ඔබේ සුවඳට අදුරෙ ඉකිලන
මා බලන්නට එක සිතින්
ඇවිත් නෑවිත් හාත්පස සිට
දොඩන්නේ නෑ තව ඉතින්

විහඟ හඬ නෑ හරිත තුරුයට
රැහැයි පළඟැටි හඬ තරම්
ලංව තනිවුන සවන් අද්දර
ඉපිද මැරි මැරි පැතු පැතුම්
නොඑන ඔබ ගැන බලන් උන්නට
දුන්න දඬුවම් මදි තරම්
උරුම දුකමද මගේ ලෝකෙට
තිබුන සතුටත් හොරු අරන්


නොඑන බව අමතකයි හැම දින
ඔබ දකින්නට එක සිතින්
පාවි ඉගිලී එන්න මැදියම
ඉඩක් දෙනවද ඔබ ලගින්
තුරුළුවී පෙම් හැඟුම් මවනට
එදා වාගෙම සීතලෙන්
දුකයි පාළුයි අනේ හැමතැන
ඔයා නැතිවම මගෙ ලඟින්

කටුස්සා....




කටුස්සා බ්ලොගක් ලියනවග කටුස්සාගේ සැබෑ ලෝකයේ සමීපතමයන් කිසිවෙක් දන්නේ නෑ.ඒ නිසාම කාටවත් කියන්න තරම් විශේෂත්වයකුත් නැති මේ බ්ලොග් කෙරුවාවේ මේ තුලින්ම හමුවූ මිත්‍රයන් මිසක සැබෑලොව මිත්‍රයන් කිසිවකුගෙන් හොඳක් හෝ නරකක් කිසිදිනක අසාත් නෑ.පාසල්සමය කියන්නේ කටුස්සාගේ අපල කාලයක්.10 වසර අග භාගයේ සිට මනමාල විසේ හැදුන කටුස්සා මුළු පාසල් කාලය පුරාම ගැහැනු ළමුන් 9 දෙනෙකුගෙන් පමණ ආදර සම්බන්දතාවකට මුලපුරමුදැයි ඇහුවත් පාසල් කාලය පුරා ඇතිකරගන තිබූ මැර කීර්තිනාමය නිසාම ඒ එක පිංවතියෙක්වත් කටුස්සාගේ පෙම්වතිය වීමට කැමත්තක් දැක්වූවේ නෑ.ඔය 9 දෙනාගෙන් කෙනෙක්වුනේ කටුස්සා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසලේ යුවතියක්.එම පාසලෙන් ඉවත්වූ පසුව ටියුශන් පන්තියකදී යලිත් හමුවුන ඇයත් සමග සමීප සම්බන්ධතාවකට මුලපිරුනේ කටුස්සාගේ පොත් කියවීමේ පිස්සුව නිසාමයි.මම වගේම පොත් පිස්සියෙක්වුන ඇයත් සමග මුලදී පොත් හුවමාරු කරගත්තේ මිත්‍රත්වයට වූවත් පසුකාලීනව එසේකලේ පැණි පෙරීමේ යටිඅරමුණ සිතේ දරාගනමයි.එම පාසලේ ක්‍රීඩා උළෙල පවත්වන දිනක කටුස්සාගේ තවත් මිත්‍රයන් දෙදෙනෙකු සමග එහි ගියේ ඇයව දකින්න තිබුන උවමනාවටමයි.ආදී ශිෂ්‍යකු වීම නිසාම එයට වැඩි බාධාවක් උනේත් නෑ.එහෙත් එහිදී දුටුවේ සිත මන්මත්කරවන දසුනක්.ශිෂ්‍යත්වය සමත්ව 6 වසරේදී වෙනත් පාසලකට යනතෙක්ම කටුස්සාට පාසලේ සිටි හොඳම මිතුරා ඇය පසුපසින් ගොස් ආදරය අයදින අන්දමයි.අන්න ඉතින් එතනදී කටුස්සාගේ පිංවත් සිතුවිළි අවදිවෙලා "තෝ ඌත් එක්කම පල'යැයි සිතින් සිතා නැවතත් ඇයදෙස නොබලන්නේම'යි සිතාගත්තා.ඉතින් ඒ ආදරයත් එහෙම හුළඟේ ගහගන ගියත් ඇයව ටියුශන් පන්තියේදී හමුවීම නතරවුනේ නෑ.මිත්‍රත්වයත් පෙර පරීදීම තිබුනා.පොතුත් හුවමාරු කරගත්තා.ඇයගේත් මාගේ හිටපු හොඳම මිත්‍රයාගේත් ආදර සම්බන්ධය ගොඩාක් ශක්තිමත්ව ගලාගන ගියා.දෙදෙනාම මගේ මුහුණු පොතෙත් හිටියා.

දැනට අවුරුදු දෙකකට පමණ පෙර දිනකදී ඇයත් සමග මූහුණු පොත ඔස්සේ කතාබස් කරමින් සිටිනවිට දැනගන්න ලැබුනේ ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය බිඳීගොස් ඇතිබවත් හේතුවවූවේ ඔහුගේ හඳහනේ අඟහරු නොසිටිය යුතු 7කොටුවේ සිටීමත් නිසා බවයි.කටුස්සාගේ ආදර කතාවත් ඒ වෙනකොට බිඳීගොස් අවසන්.එහෙත් නැවතත් ඇයගැන කිසිම හැඟීමක් ඇතිවෙන්න ඉඩක් තිබුනේ නැත්තේ කටුස්සාගේත් අඟහරුවා ඔය කියන ස්ථානයේම සිටීම නිසයි.හඳහන් හෝ එවැනි කිසිම දෙයක්ගැන කිසිඳු තැකීමක්නැති පවුලක ඉපදුනත් අවුරුදු 6ක් තිස්සේ ගලාගන ගිය ඇගේ ආදරයත් කෙලවරවුනේ ඇය හා ඇගේ පවුල ඒවා පිලිගන්නා නිසායැයි තේරුම්ගත් කටුස්සා නිහඬව සිටීමට තීරණය කලා.දැනට මාස 7-8කට පෙර ඇයත් සමග කතාකරන විට ඇයට නව පෙම්වතෙක් හමුවී ඇතිබවත් නුදුරේදීම ඔහු හා විවාහවන බවත් ඇය මා සමගින් පැවසුවා.එදින මා මේ සියළු විස්තර ඇයත් සමගින් පැවසුවා.


"ඒ කාලේ ඔයාගේ හිතේ මංගැන අදහසක් තිබුනා කියලා මම දැනගන හිටියා.එහෙම මගෙන් ඇහුවනම් මම කැමති වෙන්නත් තිබුනා.ඒත් ඒක කවදාවත් මට කිවුවේ නෑනේ.ඔය අතරේ තමයි .....මගෙන් ඇහුවේ.එදා ඔයා අපේ ඉස්කෝලෙට ආපු දවසේ තමයි මම එයාට කැමත්ත දුන්නේ......
ඔයා ආපහු මගෙන් එහෙම ඇහුවේ නැති එකත් හොඳයි.එහෙම ඇහුවනම් තවත් ප්‍රශ්න ගොඩක් විතරයි දෙන්නටම......."

ඇය පසුගිය මැයි මාසයේදී විවාහවුනා.විවාහයට ආරාධනා කර තිබුනත් යාමටනම් නොහැකිවුනා.අර කලින් ලියලා තිබුන "නුඹලගේ සෙනේහේ හුණු නැති බුලත්විට වගේ" පෝස්ට් එකට අදාලවුන කවි මට එවුවෙත් ඇයමයි.


දිනක් අපි කතා කරමින් සිටියදී
"දැන් පොත් කියවන්නේ නැද්ද...?"
"කියවනවා...ඒත් ඉස්සර තරම් නෑ.වෙලාවක් නැතිනිසා...ඒත් දැන් බ්ලොග් කියවන්නනම් ඇබ්බැහිවෙලා...."
"බ්ලොග්....?ඒ මොනවද බ්ලොග් කියන්නේ....?"
ඉතින් එදා ඔය කතාව කෙලවරවුනේ තවත් එක අහිංසක මනුස්සයෙක්ව මේ බ්ලොග් කියවීමට ඇබ්බැහි කරවලා මාතලන්ගේ සිංඩියේ ලින්ක් එකත් යවලා.ඒත් මම බ්ලොග් ලියනවා කියලනම් කිවුවේ නෑ.
තවත් දිනකදී...


"අර කටුසු හදවත ලියන්නේ ඔයා නේද...?"
"මම...?බ්ලොග් ලියන්න...හීනෙන් තමයි..."
"ඉතින් මටනේ බොරු කියන්නේ...අර මම එවපු කවි දෙකත් දාලා එකක් ලියලා තිබුනා...."
අන්තිමේදී ඒක පිළිඅරගන කාටවත් මේගැන  නොකියා කටවහගන ඉන්න ඇයව පොරොන්දුකරගන්න මට පුළුවන්වුනා.මේ පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ඇය හා මා අතර හුවමාරුවූ පනිවුඩ කීපයක්.


"ඇයි ඔයා බ්ලොග් ලියන්න කලින් කවි ලිවුවේ නෑ කියලා බොරු කියලා තිබුනේ?"
"කොහේදීද...?"
"අර කුරුටු ගෑ ගී පවුරේ දාලා තිබුන ඔයාගේ කවියේදී"
"ඉතින් ඇත්තනේ"
"නෑ.ඔයා ලියලා තියනවා.මගේ ලඟ තියනවා ඔයාගේ පොතක්.ඒකේ ලියලා තියනවා."
"මම...?වෙන්න බෑ.ඒකාලේ කවි කියන්නේ මොකද්ද කියලවත් මම දන්නේ නෑ"
"ඒක ඔයාගේ.ඒ කාලේ මට පොත් දෙනකොට ඒවගේ එක එක ඉංග්‍රීසි සිංදුකෑලි ලියල තමයි මට දෙන්නේ.ඒත් ....එක්ක යාළුවුනාට පස්සේ ඒවා ලිවුවේ නෑ.ඒත් මේකේ ලියල තියනවා.මම ඔයාගේ අකුරු අදුරනවනේ"
"මොකද්ද පොත?විලාසිනියකගේ ප්‍රේමයද?"
"නෑ...සුද්දිලාගේ කතාව.විහිළු නෙමෙයි.ඔයා ලියලා තියනවා.අමාවැස්ස කියල ජයකොඩි සෙනවිරත්නගේ පොතක්"
"තමුසේ මහ හරි හොරෙක්.මගේ පොතක් දැන් අවුරුදු 10ක් තිස්සේ හොරෙන් තියාගන.හරි කමක් නෑ.ඒ කවිය එවන්නකෝ මට බලන්න."
"ඒක මගේ ලඟ තිබුන නිසා තමයි මෙහෙමවත් තිබුනේ.නැත්තන් ඉතින් ඒකේ කෑලිවත් නෑ.අද එවන්න බෑ.මම හෙට එවන්නම්."

ඔය උඩින් තියෙන්නේ ඇය එවපු ඒ කවිය.මේක ලියලා තියෙන්නේ 2002.11.23.ඇය නිවැරදිනම් මේක තමයි කටුස්සා ජීවිතයේ ලියපු පළවෙනි කවිය.

46 comments:

  1. Replies
    1. එලනම් එල ඉතින්....පළමු ගොඩවැදීමද මන්දා....එහෙමනම් වල්කම් කිවුවා.....

      Delete
  2. Replies
    1. උඹලා දෙන්නා එකම ජාතියද බිවුවේ....?බිවුවහම ඉන්ග්‍රීසි මතක්වෙන එවුවා....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. අවුරුදු ගාණකට කලිං ලිවුව එකක් වුණත් රසේ වෙනසක් නෑ...
    ඇත්තටහම ලස්සන කවි පෙලක්....
    හදහන් කේන්දර ජෝතිස මහ පිස්සු නේද බං

    ReplyDelete
    Replies
    1. මටනම් ඒවා එච්චර බලපෑවේ නෑ.මම යාළුවෙලා හිටපු කිසිම කෙල්ලෙක් ඒවා ගනන්ගත්තේ නැතිනිසා.ඒත් ඒවා නිසාම විසිරුණ ජීවිතනම් මම ඕනතරම් දැකලාතියනවා.පවු කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද බං....

      Delete
  4. විස්තරේ කියවලා එනකොට කයිය අමතකයි හි හි..

    (*දැන් ඔය කසාද බැදපු ගෑනිත් එක්ක ඇයි හොදයිය නවත්තපන් සුදෝ.. )

    ReplyDelete
    Replies
    1. //*දැන් ඔය කසාද බැදපු ගෑනිත් එක්ක ඇයි හොදයිය නවත්තපන් සුදෝ..//
      ++++++++++++++++++++++++++++++++++
      ....අපිට ගුණ ගායනා කවි ලියන්න තියන්නෙ නැතිව

      Delete
    2. දැන් ඔය කසාද බැදපු ගෑනිත් එක්ක ඇයි හොදයිය නවත්තපන් සුදෝ

      ඔව්වා මහ කිරිමෙල් වෙලයි නවතින්නේ

      Delete
    3. /(*දැන් ඔය කසාද බැදපු ගෑනිත් එක්ක ඇයි හොදයිය නවත්තපන් සුදෝ.. )/
      ඔය බොරු මල්ලියෙ , ඉරිසියාව මුකුත් වෙන්නෙ නෑ .

      Delete
    4. ඒ බවලතත් මේක බලනව බොලව්.

      Delete
    5. යකෝ...මේ අයියලා තුන්දෙනා මට මෙච්චර ආදරේද...?රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව කියලා කියන්නේ කට කහනවටද.....පතන්න ඕනේ මෙහෙම සහෝදරයෝ...අන්න බලපන් අර කම්මලේ අයියා කොච්චර ෂෝයිද කියලා....
      "අපි යන්නේ කොයි පාරේ...
      කම්මලයා යන පාරේ...."

      වෙලාවට ඒ කෙල්ල මොන්ගල් චරිතයක් නෙමෙයි.විහිළු අදුරනවා මනෝශ්.

      Delete
    6. ඔබලාට අවශ්‍යනම් මාව ඝාතනය කරන්න.ඒත් මම කුඩා කාලයේ සිට ආරක්ශාකරපු මගේ චරිතය ඝාතනය කරන්න එපා.....

      Delete
    7. ඒ.....ඔය චරිතෙ කූඩැල්ලො එහෙම කාල නැද්ද බං?

      Delete
    8. මැස්සෙක්වත් වහලා නෑ....

      Delete
    9. /(*දැන් ඔය කසාද බැදපු ගෑනිත් එක්ක ඇයි හොදයිය නවත්තපන් සුදෝ.. )/

      මමත් මේ යස අගේට ඉන්නෙ උඔ මැරිච්ච මැස්සෙකුටවත් බය වෙන්න එපා..

      Delete
  5. කවියක් දාලා අන්න එහෙම නිධාන කතාව, අවස්ථා සම්බන්ධය එහෙම දැම්මම තමා ගති. උඹේ පරණ කවි සෙරගෙමත් මෙහෙම පසුබිම් කතා ඇතිනෙ. ඒවා ඕනි නෑ. ඉස්සරහට දාන ඒවයෙවත් ලියපං.
    මේක නං මැක්සා ම තමා.

    ReplyDelete
    Replies
    1. එහෙමටයි කියලා පසුබිම්කතා නෑ බං.ඉස්සල්ලාම ලියපුවගේ තිබ්බෙම අඳෝනානේ.ඒවාට තිබුනේ ඉතින් එකම හේතුවයිනේ.දැන්නම් ලියන්නේ ඔහේ හිතට එන ඒවා.සිරා සිද්දියක් පාදක කරගන ලියපුවටනම් මම කමෙන්ට් වලදී හරි සිද්දිය කියලා තියනවා.

      Delete
  6. හපොයි කසුට්ටො ඉක්කෝලෙ කාලෙත් විරහ ලී ලිවුවේි මක්කයි අ‍නේ...

    හ්ම්ම් කේන්දර විස්වාස කරන උන් ලවු නොනර ඉන්න ඕනි

    ලස්සනයි කසුට්ටෝ

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද බං.මහෞශධ වගේ මමඉපදිලා තියෙන්නේ සපත්තුවක් අතින් අරගනද කොහේද...

      සිරාවටම,හඳහන විශ්වාස කරනවනම් උන් ගෙදරින් හොයලා දෙනකම් ඉන්න ඕනේ අනික්වුන් අමාරුවේ නොදා...

      Delete
  7. යකෝ උපන් ගෙයිම බූට් කාල කවි ලිවුවද ?
    හදහනේ විදිහට බදින්න හොද නැත්තං වෙන එකක් හදල බදින්න තිබුනනෙ , මේ අපි ඉන්නෙ. අඩියක් ගහල ඉදල හිටල බෙටර් හාෆ්ටත් ජින් පොඩ්ඩක් දුන්නම ඔය ග්‍රහයො කොටු වලින් මාරු වෙනව. අත්දුටුවයි ,ප්‍රත්‍යක්ෂයි .

    ReplyDelete
    Replies
    1. ජින්....?මතක්කරන්න එපා මල ජරාව.අර ඇනෝපීලිසයා මට ජින් එපාකෙරෙවුවා පිටකොටුවෙදි.
      කාලයක් මගේ කෙල්ල මට බොන්න කියලා තිබුනේ බ්‍රැන්ඩි විතරයි.ඒ එයාගේ තාත්තා බොන්නේ බ්‍රැන්ඩි විතරක්නිසා.ඒකි හිතාගන හිටියේ අනික්වා ජරාව.බ්‍රැන්ඩි ඇගට ගුණයි කියලා.ඒකාලේ සෙට් වුනහම වීඩියෝ කෝල් ගන්නනිසා බ්‍රැන්ඩි බෝතලේට අරක්කු දාගන තමයි ගැහුවේ.ඉගනගන්න කාලේ කොහේද බ්‍රැන්ඩි බොන්න සල්ලි?

      Delete
    2. මේ මේ මාව ඕවට ගාවගන්ඩ එපා ...
      යකෝ දැන් හැම එකාම මාව බේබද්දෙක් ගානට දාලනෙ කතා කරන්නෙ .....

      Delete
    3. ආය ඉතිං දාලා කතා කරන්න දෙයක් නෑ උඔ ..බාබේද්දා

      Delete
  8. ඕක තමයි කියන්නෙ බං හිතේ තියන් ඉන්න හොඳ නෑ කියලා. ඕන්න ඔහෙ ඕනෙ මගුලක් වෙන්න කියලා දාන්න ඕනෙ.. ඕක්කොම වෙන්නෙ හොඳටයි කියලා හිත හදාගෙන ඉන්නයි තියෙන්නෙ දැන්.....

    ReplyDelete
    Replies
    1. ඒක එහෙමවුනා කියලා එහෙමට අවුලක් තිබුනේ නෑ බං ඒකාලේ.ලිස්ට් එකේ තව සෑහෙන්න කට්ටිය හිටියනේ.(එකෙක්වත් කැමතිවුනේ නැති එක වෙනම කතාවක් ).
      අනික ඒකාලේ අනිත් මොනදේ පැන පැන කලත් ඕක අහන්නනම් මට සෑහෙන්න ගටක් ගන්නවුනා.

      Delete
  9. මං කියවපු හොඳම කවි සංවේදනාව. ඉතාම අලංකාරයි මචෝ...

    ඒ වගේම අවුරුදු 13කට කලිනුත් උඹේ හැකියාව දිදුලමින් තිබිල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මටනම් මතකයක්වත් නෑ බං මෙහෙම එකක් ලිවුවා කියලා.ඒත් ඇය ඒකේ ෆොටෝ එකකුත් mms කරලා තිබුනා.ඒක ලියලා දිනෙත් දාලා ඒමදිවට අත්සනුත් කරලා නිශ්ෂන්කමල්ල වගේ.

      Delete
  10. ඉකිගසා හඬන අතීතයක
    කඳුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා...

    හීනෙන් හිනැහී තුන්යම මා රවටා..
    මැදියම් මහ රෑ අදටත් දුක ඉඟිලෙනවා..
    නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා..
    මට මගේ නොවන..මගේම ආදරයක් තිබුණා..
    මගේම ආදරයක් තිබුණා..

    රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා..
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
    මුහුණනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා..
    මට මගේ නොවන..මගේම ආදරයක් තිබුණා..
    මගේම ආදරයක් තිබුණා..//

    ගායනය : අමරසිරි පීරිස්
    පද රචනය : අමිල තේනුවර
    සංගීතය : දර්ශන රුවන් දිසානායක
    “සමනල සංධ්වනිය“

    ReplyDelete
    Replies
    1. වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
      හිරුට එපමණ මොටද පුංචි පෙදෙසක් ඇතිය
      සිනාසී සිනාසී දෙතොල් ඉරි තැලෙද්දී
      හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපිට

      පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල
      බිඳීගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය
      ඔබට මා මටද ඔබ හමු වුණෝතින්
      සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

      සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට
      ගලන ගඟ නැවත්වු තැනින් ගම යට නොවෙද
      ඔබට මා මටද ඔබ හමු වුණෝතින්
      සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන


      ගේ පද-ප්‍රේම්කීර්තී ද අල්විස් මයා.
      ගායනය- නන්දා මාලනි මිය.

      Delete
  11. මේ හදවත කටුසු වෙන්නෙ කොහොමද එදා ඉඳන්ම එකවගේ බවයි පෙන්නේ. ලියල තියන විදිහෙන් තේරෙන්නෙ එදා වගේම අදත් කැමැත්තක් තියනව ඒත් එදා වගේම අදත් හේතුවක් මවාගෙන නිහඬව ඉන්නවා වගේ.නිහඬව ගලාගෙන යන ආදරයක්..... සතුටුයි මොනදේ වුනත් .කාලයත් එක්ක කොයිවිදිහට වෙනස් උනත් තාමත් ඉස්සර යාළුවො වගේ කතාකරන එකට.ඔය වගේ ප්‍රශ්න වලදී ඈත්වෙලා ආයේ කතානොකරන අමතකම කරලා දාන අයට වඩා මේ විදිහට ඉන්න යාලුවෙක් වගේ එදා ඉඳන්ම ඉන්න කෙනක් ලබන්න එයත් වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හංසි.මම අදටත් ඇයට ගරුකරන ලොකුම හේතුවත් ඒකයි.ඒ කාලේ යාළුවෙන්න අහපු සමහර අය ඉන්නවා තාමත් මගේ මූණ බලන්නේ නැති.හරියට මම වෙන දේකට කතාකලා වගේ.ඒත් මම මෙයාගෙන්නම් යාළුවෙන්න ඇහුවේ නෑ.පහුවෙලා පෙම්වතෙකුත් ඉන්න කාලේ තමයි මේ විස්තර ඔක්කොම ඇයට කිවුවේ.

      Delete
  12. උඹව ෆලෝ කරන්න බෑ නේ....
    ඒක හදා ගනින්..
    මං මේ බැලුවා කටුස්සා මොකාද කියලා...... :-D

    ReplyDelete
    Replies
    1. අර උඩ තියන පොඩි කොටුදෙක ක්ලික්කරලා බලපන් බං.මේ මගුල හිටපු ගමන් පිස්සු නටනවා.

      මතකද උඹ කස්සලාගේ මල ගෙදරදී මාත් එක්ක ආපු එකා එක්ක බ්ලොග් ගැන කියෙවුවා.අන්න එදා තමයි බ්ලොග් ගැන හොයලා බලලා කියවන්න පටන්ගත්තේ....

      Delete
    2. එළ එළ.. මොනවා හරි කමක් නෑ.. දිගටම ඇදං පලයන්..
      අපිට වගේ ටික කලක් යද්දි එපා කර ගන්න එහෙම එපා... :-D

      Delete
  13. කවිය කියෙව්වට එක වචනයක් ඔළුවට වැදුනේ නැහැ බං, මට කවි කියවන්න බැරි අලුත් ලෙඩක් හැදිලා නිසා
    නමුත් කවියේ තේරුම මොකක් වගේ වෙන්න ඇතිද කියලා බොක්කටම දැනුනා උඹේ පසුවදන කියෙව්වට පස්සේ

    මටත් ඉස්කෝලේ කාලේ උඹට තිබ්බ ග්‍රහයම තමයි තිබ්බේ.
    මම ට්‍රයි කරන කෙල්ලෝ මට කැමති නැහැ, මට කැමති බවක් පෙන්නන කෙල්ලොන්ට මම කැමති නැහැ

    ඔහොම ඉඳල ඉස්කෝලෙන් අස් උනාට පස්සේ තමයි මගේ ග්‍රහය හොඳ අතට හැරුනේ.
    කැම්පස් කාලේ අන්තිමයි රස්සාව කරන්න ගත්තු මුලදියි මම පැරලල් ලෝක දෙක තුනක හිටියේ, ඒ කියන්නේ සිකුරා අම්බානක උච්ච වෙලා හිටපු කාලයක්... හෙහ් හෙහ්...
    කසාද බඳින්න ඔන්න මෙන්න වෙනකල් ඔය ග්‍රහය මට පුදුම දුකක් දුන්නේ...

    මම යාළුවෙලා හිටපු එක කෙල්ලෙක්(දැන් බබෙකුත් ඉන්නවා) මට තාමත් කෝල් කරනවා, මාව හම්බ වෙන්නත් එනවා(හස්බන්ඩ් එක්ක හොඳේ...).
    බිස්නස් වැඩ වලට මමයි ඒකිගේ හබියයි ගනුදෙනු එහෙමත් කරනවා.
    මොන හේතුවකටද මන්ද මගේ ගෑණිට ඒකිව නයාට අඳුකොළ දකිනවා වගේ.
    ඒකිගේ හබියා දන්නවා අපි දෙන්න අතරේ මොකක්හරි සම්බන්ධයක් තිබ්බ කියලත්, ඒත් ඌට ඒක ගානක් නැහැ.

    අපි දෙන්න අතරේ ඉස්සර තිබ්බේ මහ විකාර සම්බන්ධතාවයක්. ඒත් මට තාමත් ෂුවර් නැහැ මම එයාට ලව් කලාද කියල.
    මහ පිස්සු කතාවක් බං ඒක, මට ඒක බ්ලොග් එකේ ලියන්න බැහැ මගේ ගෑණි බ්ලොග් එක බලන නිසා...

    ReplyDelete
    Replies
    1. ලොකු අයියටත් ඉඳලා තියෙන්නේ මගේ ග්‍රහයොම තමයි ඒකාලේ.ඒකාලේ ඉවරවෙලා ආපුකාලෙනම් මාරයි මටත්.දැනට නිල පෙම්වතියෝ 4ක් ඉඳලා තියනවා.1 ඉවරවෙලා සතියෙන් 2පටන්ගත්තා.2 ඉවරවෙලා මාසෙන් 3 පටන්ගත්තා.3 ඉවරවෙලා දවස් 6න් 4 පටන්ගත්තා.ඒකෙන් පස්සේ ග්‍රහයා නීචවුනා ආපහු.අපහු වාරකන් මටනම්.

      අර ඉන්නවයි කියපු ළමයා ඒ හස්බන්ගෙමද?

      ලොකුඅයියේ, ගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර් එක දීපන්කෝ....නෑ...නෑ...අක්කට කියන්න නෙමෙයි...

      Delete
    2. මටනම් ඔය කාලෙන් පස්සේ කවදාවත් වාරකන් ආවේ නැහැ බං.
      ඕවා කියන්න යනවා කියන්නේ තමන් විසින්ම තමන්ගේ චරිත ඝාතනය කර ගන්නවා වගේ වැඩක්..

      ///අර ඉන්නවයි කියපු ළමයා ඒ හස්බන්ගෙමද? ///
      නැචුව නැචුව. අපි එහෙම නරක ළමයි නෙමෙයි බං. නිකං බෝ පැළ වගේ.

      මම ඊයේ කමියටත් මේ සිද්ධිය කිව්වා. ඔය කෙල්ල එක්ක තිබ්බ යාළුකම් හරි මොකක්හරි එක තියෙද්දී මම කාලෙකින් එයාව හම්බ වෙන්න ගියේ නැහැ.
      දවසක් කොළඹ එන ගමන් ඇහැට කණට පේන ගෑණු දරුවෙක් මම වාඩිවෙලා හිටපු සීට් එකට ටිකක් ඉස්සරහ හිටගෙන ඉන්නවා දැකල මම රබර් ඇහැ දාගෙන හිටියා.
      ටික වෙලාවකින් ඒ කෙල්ල මගේ දිහා බලල පුදුම වෙලා කටත් බාගෙට ඇරිලා අතින් කට වහගෙන මගේ ගාවට ආවා.
      බැලින්නම් මේ එයා... ඊට පස්සේ දෙන්න එක්ක මගින් බැහැල AC බස් එකක නැගලා කොළඹ ආවා.

      හැබැයි එයා බස් එකේදී වෙන කොල්ලෙක් එක්ක යාළු වෙච්ච කතාවක් කිව්වම මට පත බුට් එකක් කෑවා වගේ හැඟීමක් හිතට දැනුනේ මොකද කියල අදටත් තේරෙන්නේ නැහැ බං.
      (ඔය කාලේදී මම තව කෙල්ලෝ දෙන්නෙක් එක්කත් යාළු වෙලයි උන්නේ)
      එයාව ඩ්‍රොප් කරලා එන ගමන් හැක් වෙන්න දෙකක් දාගෙනයි බෝඩිමට ගියේ.

      අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් නැත්තේ වෙලාවට, ඒ නැතත් අපේ උන්දෑ මගේ කැරැට්ටුව දන්නවා...
      දැනටත් උන්දැට මාව සත පහකට විස්වාස නැතුව ඇති... :(

      Delete
  14. අපරාදෙ යකෝ .. අහන්න තිබ්බේ.. දැන් වත් කරන දේවල් හැම එකකදීම කටට වැටෙනකල් බලන් ඉන්නෙ නැතුව උත්සාහ කරපන්.... මමත් ඉස්සර ඔහොම හිතන් හිටිය.. හොඳට ඉන්නකොට හොඳ නමට කෙල්ලො පස්සෙන් එයි කියල. අපි හිතාගෙන ඉන්න කෙල්ල අන්තිමට මොකෙක්හරි නසරානියෙක් එක්ක යාලු වෙනවා. අපිට කෙලවෙනවා. අනේ මන්ද බං,,
    කවිපෙළ නියමයි.. සුපිරි.. පට්ට.. ඒ කාලෙත් උඹ ඔය විදියට ලියනවා නං දැන් නං හොඳටම මදි.. උඹ මේ වෙනකොට කවි පොතක් වත් එලියට දාන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හොඳ නමක් තිබුනෙම නෑ බං.මොකද්දෝ කරුමෙකට උගන්නන දේවල් ඒ වෙලාවෙම මතක හිටියා ඇරෙන්න කවදාවත් පොතක පතක වැඩක්නම් කලේම නෑ.ඒ අස්සේ හැමදාම වලි.ඉතින් කෙල්ලෝ කැමති වෙයිද? ඇහුවේ නැති එකත් හොඳයි කියලා මේ ඇත්තිම කියන්නේ මගෙත් ඔය අඟහරුවා ඉන්නේ ඔතනම නිසයි.ඒ අහලා කැමතිවුනානම් මටත් ඔය සෙතේම තමයි.

      Delete
  15. ඇත්ත කියහං උඹ මේ වෙනකොට කෙල්ලො කීදෙනෙක්ගෙන් අහල තියනවද ..???
    සමහර විට උන්ට කතා කලොත් මේ වගේ කවි තව ලොට් එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ ....
    එකක් කියන්ඩ ඕනෙ උඹට ඔය අඳෝනා කවි ලිවීමට උපන් ගෙයි හැකියාවක් තියනව .....

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජ හිතෙන තරම් ගානකගෙන් අහලා තියනවා බං.දැනටනම් අවුරුදු 2ට කිට්ටු තරම් කාලෙකින් කාගෙන්වත් නෑ.
      එහෙම කෙල්ලන්ට කවි කිය කිය ගියේ නෑ යකෝ.වැදගත් විදිහට ජීවත්වුන කොල්ලෙක් මම...

      ඔවු ..අපේ පරම්පරාවේ මහ එකානේ වෙස්සන්තර ජාතකේ ලිවුවේ.

      Delete
  16. //අර කුරුටු ගෑ ගී පවුරේ දාලා තිබුන ඔයාගේ කවියේදී//

    මං හිතන්නේ අපේ සින්ඩියේ වෙන්න ඔ්නේ නේද??? බලන්නකෝ කසුට්ටෝ අතීතය අායෙම ගේන ඒකේ වැදගත්කම.... කසුට්ටට ම කොච්චර වැදගත් වෙලාද?????

    කසුට්ටෝ මොනවා වුණත් ඒදා අපි ලියපු දේ දැන් වෙනස් වෙන්න වෙනවා නේද??? ඒහෙනම් මේකයි කසුට්ටා ලියපු පළවෙනි කවිය... ජයවේවා මචං..... හැබැයි පළවෙනි පාර ලියපු බවක් නම් පේන්නෑ... ඒ තරම් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හම්ම්...මේ විදිහට හරි ඒ කවිය හම්බවුනේනම් උඹලාගේ සිංඩිය නිසා තමයි.ඒකට උඹලාට ගොඩක් ස්තූතියි.

      Delete
  17. මල්ලි හෙට එන්නම් කමෙන්ටුවක් දාන්න

    ReplyDelete