Tuesday, July 14, 2015

දා බිඳු සිහින....



සරා වන උයන් නෙක ඵල
මවා සුභ සිහින හිස මත
නෙරළු තුරු අගිස් මත්තේ
දරු පවුල තබා
නොබලනා විටදි දෙවියොත්
පාන්කඩ වළල්ලට වැඳ
ජීවිතයම බාර දුන්නේ
දරු පවුල නිසා

නොනැවතී ගලන දා බිඳු
ගෑවිලා පපුවේ සීරුම්
රිදුම් දෙන ගතින් නැග එන
වෙහෙස නොමබලා
එකක් නැග එකක් බැස යලි
නොනැවතී කරන සක්මන
කෙළවරක් කරනු කෙළසින්
දිවියේ බර නිසා

ඇඟිලි තුඩු මතින් එකිනෙක
ගැනිය හැකි තරමේ ඉලඇට
යටින් පණ ගැහෙන හදවත
හඬන හඩ දරා
කම්පිතව සැලෙන මදනළ
හමන විට නෙරළු තුරුමත
යදින්නේ සියළු දෙවියන්
දරුවෝ සිහිවෙලා


වැගිරෙනා විටදි දිය බිඳු
ඉරටු මතුවෙච්ච වහලෙන්
දෙනෙත් යොමුකරන් අහසට
සෝ සුසුම් හෙලා
දුමක් නොනගිනා කුස්සිය
වෙතට යොමුනොවන නුඹ නෙතු
ගැටෙන විටදි දරු නෙතු මත
කඳුළු බරවෙනා

උපන් බරට'යැයි සිතමින්
රවටනා විටදි හ
වත
ගලා වැටෙන කඳුළැල් මත
සිහින දියවෙලා
පෑවුවොත් හෙටත් හිරුදෙවි
නෙරළු තුරු අගින් ඉහලින්
සක්මනේ යෙදෙන්නට කඳ මත
දෙපා එසවෙනා

වරද කොතන කා අත වග
සොයන්නට නොදෙන කුසගිනි
දවන විටක දරු කුස මත
සිහින නොපෙනෙනා
ගස් ගඳයි කියන සුවඳට
සිතින් පෙම් බඳින නුඹ මට
දරු දුකට වැඩම මිහිපිට
දෙවියෙක්ම වුනා


කටුස්සා....




28 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. "ගස් ගඳයි කියන සුවඳට
    සිතින් පෙම් බඳින නුඹ මට" හරිම අගේට ලියල කටුසු. මහපොළවට හැලෙන දහඩිය මහමෙර , ගස් ගඳ ගහන මිනිස්සුන්ගෙ මිනිසත් කම දකින්නට ඒ කියන්නට හුඟ දෙනෙකුට බැහැ.

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ගේ වෘතිය,ඇඳුම,අධ්‍යාපනය වෙනි තත්ව වලින් ඔහුගේ මනුස්සකම මනින්න බෑ හන්සි.ඒ හැමතැනකම මනුස්සයෝ වගෙම අමුනුස්සයෝත් ඉන්නවා.හැබැයි ඒ කාට වුනත් තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ.

      Delete
  3. ඒ කාලෙ අපෙ අම්ම මට බැන්නෙත් ගස් ගඳයි කියල ...
    පොල් කඩන හොඳ රස්සාවක් ..
    ඔය ඔපිස් යන හුඟක් උං මාසෙට හොයන ගාන සතියෙන් හොයන්ඩ පුලුවං ...

    ReplyDelete
    Replies
    1. උඹේනම් ගස් ගඳ ආවේ ගස් නැගලා නෙමෙයිනේ.අල්ලන සෙල්ලම් කරන්න පඳුරු අස්සේ රිංගලනේ පොඩිකාලේ ඉඳන්.

      අපේ පැතිවල එහෙම උනාට විශාල පොල්වතුවල වැඩකරන අයගේ තත්වය ඊටවඩා වෙනස් බං.නොමිලේම ඉන්න දෙන්න ගේ නිසා උන් වැඩකරන්නේ ගොඩක අඩු පඩියකට.

      මේ ලඟදී තාත්තා එක්ක යනකොට ත්‍රීවිල් එකක ගහලා තිබුනා "මල් කඩපු වෙලේ පොල් කැඩුවනම් මම අද කෝටිපතියෙක්" කියලා.ඒක දැකපු ඩැඩා ඒක මට පෙන්නලා "උඹත් අරක වාහනේ ගහගනින් "කිවුවා.විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුව මම කටවහගන ආවා.

      Delete
  4. උඹේ නිර්මාණ ගැන ඉතිං කියන්න දෙයක් නෑ.
    හැබැයි පුතෝ කොමෙන්ට් වලට උත්තර දාපං මගෙං ගුටිනොකා...

    ReplyDelete
    Replies
    1. චෝදනාව දරුණුයි නේද?මොනවා කරන්නද පූරුවේ කල පවට කියලා මේ දවස්වල හපුතල් නගිනවා.පොඩ්ඩක් කාලේ දීපන්කෝ පල්ලම හම්බවෙනකම් මට.
      උඹ මට ගහන්නේ නෑ කියලා මම දන්නවා.අපි දෙන්නා ගහගන මොනවා බෙදාගන්නද බං.ඔය හම්බවුන වෙලාවක කරට අතදාගන මල්පැන් පොදක් ගහමු.

      Delete
    2. අන්න ඒම වරෙං.......

      Delete
  5. හරිම අපූරු සංවේදී නිර්මාණයක් කටුස්සො...

    ReplyDelete
    Replies
    1. ඇගයීමටත් වඩා හිතට සතුට දැනෙන්නේ මිනිස්සු වෙනුවෙන් සංවේදීවන මිනිස් හදවත් තවමත් මේ ලෝකේ තියනවා කියලා දැනෙන කොටයි.ඔබට බොහොමත් ස්තූතියි සඳ.

      Delete
  6. නොබලනා විටදි දෙවියොත්
    පාන්කඩ වළල්ලට වැඳ
    ජීවිතයම බාර දුන්නේ
    දරු පවුල නිසා


    දෙවියො බලන්නෑ තමා කසුට්ටෝ

    ලස්සනයි කවිය

    ReplyDelete
    Replies
    1. දැන් දැන්නම් දෙවියෝ බලන්නෙත් පූජා වට්ටියේ පේන්න ගහන මොනරකොලේ දිහා විතරද කොහේද?
      පහුගියකාලේ දාපු කමෙන්ට් වලට උත්තර නැතුවත් මාත් එක්ක දිගටම ඉන්නවාට උඹටත් ගොඩක් ස්තූතියි මචෝ...

      Delete
  7. ගින්දර මචෝ
    ඇත්තටම ලස්සනයි කියනවට වඩා දෙයක්. සිරාවටම බොකකටම වැදුණ කටුස්සො.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මයියා.ඔය සංවේදීකම දිගටම හිතේ තියාගනින්.

      Delete
  8. එලද බ්‍රා
    කමෙන්ට් වලට උත්තර කෝ?

    ReplyDelete
    Replies
    1. ඊයේ හවස පුරේ ආවේ.ආපහු හෙට හවස කොළඹ යනවා.පුරේ ඉන්නැද්දි විතරයි ජංජාලගත වෙන්නේ.ඒකයි මේ අවුල.ඉක්මනටම මේක විසදෙයි කියලා හිතනවා.එතකන් ඉවසපන් පැටියෝ.

      Delete
    2. කමෙන්ට් වලට උත්තර දෙනකොට අපි දන්නවා උඹ හොදින් කියලා ඒකයි..
      අවුල් ටික ලිහාගනින් ඊට පස්සෙ ගහමු බෝතලයක්..අපි ඉන්නවා උඔ එක්ක.

      Delete
  9. Replies
    1. ගොඩක් ස්තූතියි මචෝ!

      Delete
  10. Excellent! Excellent!! & Excellent!!!

    ReplyDelete
  11. කවුළුව අතරින් සඳ රැස් එනවා
    පොල් අතු වහලින් පිනි බේරෙනවා‍
    සොඳුරිය මාගේ පුංචි පුතා මා
    උකුලෙ තියා නළවනවා
    අඳුරුය පාළුය නිසලය මේ රැය
    සීතල සුළඟ ද ඒය හමා
    වවුලන් ඉගිලෙයි දොරකඩ අරඹේ
    බකමූණෙකු ඉඳ නද දෙනවා
    සොඳුරිය මුමුණන නැළවිලි ගීතය
    සුරඟන ගීතය පරදනවා
    අග හිඟකම් මැද ආදරෙ පොදි බැඳ
    ‍අප එක්වුණු හැටි සිහිවෙනවා
    දින දින දිලිහෙන දහසක් පැතුමන්
    අතරේ සෙනෙහස ලියලෙනවා
    අප අතරට වන් පොඩි පුතු බැඳි දම්
    දිවි සටනට දිරි ගෙන දෙනවා
    සොඳුරි‍යගේ දොයි දොයි හඬ නෑ දැන්
    නිදිමත වී හිස බරවෙනවා
    ගේ දොර වැඩපල හිරිහැර කරදර
    මා හින්දා ඈ ඉවසනවා
    නිදියනු සොඳුරිය නිදියනු මා පුත
    දෙවියෝ මට ඔබ රැක දෙනවා

    පද රචනය - උපාලි අත්තනායක
    සංගීතය - ලෝරන්ස් ප්‍රනාන්දු
    ගායනය - විජය කුමාරතුංග

    ReplyDelete
    Replies
    1. අඩෝ මම මේ ටික ගන්නවා!!!

      Delete
  12. හොද නිර්මාණයක් කටුස්,
    පොල් කඩන එකාව ගෙන්න ගන්න අපි වදින වැදුම් දන්නවනම් උඹ මෙච්චර දුක් වෙන්නෙ නෑ. ගහට 60 යි , තැඹිලි වල්ලක් බාන්න 100 දවසට හොද ගානක් හම්බ වෙනව. හැබැයි හවසට පොඩ්ඩක් අනුමත උනේ නැත්තං අමාරුයිලු.

    ReplyDelete
  13. උනුත් මිනිස්සුනේ බන්!!! අපිට බැරි වැඩක්නේ ඌ කරන්නේ!!
    එකෙන්ම මාර විදියට වැදුනා!!!
    පට්ට බන්!!

    ReplyDelete
  14. කටුස්ස ට්‍රිප් එක ගැන ලියන්නේ නැතියි ?

    ReplyDelete
  15. එළකිරි , එත් බාහිරින් මිනිස්සුන්ව මනින එක සමාජය කවදාවත් නවත්තන්නේ නෑ

    ReplyDelete
  16. නියමයි කටුස්සෝ...!!!""!

    ReplyDelete
  17. එළම එළ.. තේ දළු කඩන උන් ගැනත් ලියපං මේ විදියටම..

    ReplyDelete