Tuesday, January 20, 2015
රිදුම්
ගෙනත් දුන් ආදරය
රැගෙන නුඹ යන විටක
ටිකක් නැවතුනානම්
ඇළ පාරේ අපි උන්න
ගහ යටදි හමුවේවි
නුඹට දුන් නුඹ ඉවතහල
සීතලේ වෙවුලනා උනුසුම්ව පණ ගැහෙන
හාදුවක් .......
මියෙද්දී හිරු සවස
ඇවිද යන මුහුදු තෙර
වැටකෙයිය පඳුර ලඟ
ඔමරියා ගාල මත
ඉඳිද්දී ඔබ තනිව
උරහිසට හිස තියන් මගේ අත තදකරන්
ගෙවාළු අතීතෙක
දුකක් නොම ගෙනේවිද
හෙමින් ඔබ වෙතට එන
මතකයන්......
දිනක නුඹ යන විටක
දෑතේ එල්ළී ඔහුගේ
තලන්ගම වැවු ඉවුරේ
ඇහුම්කන් දුන්නොතින්
හීන් කෙදිරිළි හඬින්
සවන් යුග රැවුදේවී
ඔබට පමණක්.......
නොම ඇසී ඔහු සවන්
හැමදාම මා එක්ක නොයමි කිසිදිනක වෙන
මට දුන්න මා ගත්තු
පොරොන්දුව.........
කටුස්සා.....
Labels:
වැට නැති කවි
Subscribe to:
Post Comments (Atom)
තලන්ගම වැවක් තියනවද?
ReplyDeleteඑල ද බ්රා..
කයිය ලස්සනයි
තලන්ගම කියලා මම කිවුවේ බත්තරමුල්ල අකුරේගොඩ පාරේ තියන වැවට මෙන්ඩා.ඒකට කියන්නේ තලන්ගම වැව කියලා.
Deleteඅඩෝ...සුපිරි මචං....
ReplyDeleteපට්ට ම පට්ට....
උඹලට පට්ටනම් එච්චරයි....
Deleteවිරහා වේදනාව සහ අතිසාර්ථක නිර්මාණ බිහිවීමේ කලාව...
ReplyDelete- ලෝකයේ බොහොමයක් කලා කෘති වල නිර්මාතෘ වන්නේ අහිමිවීම් තුළින් නැගෙන වේදනවායි - කුරුටු ගෑ ගී පවුර (ඒ කියන්නේ මේක අපේ කියමනක් හරිය)
"මුතු ඇටයක් බවට පත්වෙන්නෙ බෙල්ලෙක්ගෙ බෙලි කටුවක සිරවුනු වැලි ඇටයේ වේදනාවයි..."
Deleteස්තූතියි කුරුටු.
Deleteදැන් උඹල දෙගොල්ලොම ඔය කියුම් දෙකට පේටන්ට් එක ගන්නවාද?
අපෝයි නෑ.. මං උපුටල තියෙන්නේ ෂෙලීගෙ කියමනක්.
Deleteවේදනා තදින්ම දැනුන මොහොතක මෙව්වා වෙලා ලියපු එකක්..
ReplyDeleteමෙවුවා වෙලාමත් නෙමෙයි.ඒත් මට ඔය ෆීලින් එකට යන්න හරි ලේසියි.මම ආදරේට වඩා විරහවට ආසයිද මන්දා.....
Deleteබහුතරයක් එහෙමයි බං. එ් හීන් වේදනාව හරියට තුවාලෙක පරණ හං කෑලි කඩල දානව වගේ මිහිිරි වේදනාවක්
Deleteකතාවනම් හරි කියමුකෝ.ඒත් ගත්තු උදහරණේ.....?තුවාලෙක පරණ හන් කෑලී.දේශක ස්පෙශල්ද කොහේද.......
Deleteඅර ex එක්කෙනා මේක බලනවා කිව්වා නේද? අඬනවා ශුවර්.. පට්ටයි මචන්.. හිත නිදහස් වෙලාවක රිප්ලයි කවියක් ලියල දාන්නම්.. ජය ශ්රී!
ReplyDeleteසිරාවටම අඬයිද? පවු නේ......හුකෑස්...(ඒ මම හිනාවුනා හොඳේ )
Deleteඅනේ උඹේ රිප්ලයි කවි....අර ලියුම දුන්න කෙල්ලට උඹ කරපු දේ තාම නෑ.මට ඩස්ට් එක ගැන කියනවයි කිවුවා.ඒකත් නෑ.සේෆ්ට් සින්හළෙන් එතනමයි.
උඹ රිප්ලයි දෙනකොට මම තව එකක් හොයාගන කසාදත් බැඳලා තියෙයි.
//අර ලියුම දුන්න කෙල්ලට උඹ කරපු දේ..// අඩෝව් මේ ඒව එහෙම ප්රසිද්ධ වේදිකාවේ කියනවද?
Deleteඅරි අරි බොශ්, ඔක්කොමත් එක්ක අපිත් ඉතින් චන්ද ගේමට බැශ්ශනේ. ඩශ්ට් එක ගැන ඉක්මණට පෝශ්ට් එකක් දාන්නම්..
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ReplyDeleteඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ
ඔබ පෙම් කරනා ...
සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරේ කියා තිබේ
ඔබ පෙම් කරනා ...
සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ
ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
සංගීතය - ගුණදාස කපුගේ
ඉතාම විශිෂ්ඨයි... ගීයක් විදියට ගයනවා අහන්න ඇත්නම්..
ReplyDeleteලොකු හීන හොඳ නෑළු.ඒ නිසා පාඩුවේ කයියක් ලියාගන ඉන්න එක තමා ඇඟට ගුණ.
Deleteඋඹේ කවියක ට කවදාවත් මට රිප්ලයි කවියක් දාන්න වෙලා නෑ නෙව බං... මොනා කරන්නද අපි කවි ලියන්න දන්නෙ නැති කොට
ReplyDeleteතමන් ගැන අධි තක්සෙරුව වගේම අව තක්සේරුවත් හොඳනෑළු.උඹේ බ්ලොගේ මම කියවපු හොඳම එක තමා "හිණි පෙත පාමුලට" ලියපු එක.ඒවත් එක්ක බලද්දී අපි චූ කොල්ලෝ.එහෙම තියාගන උඹ තාම මේ මාසෙටම "සුභ නව වසරක්වේවා" විතරයි.
Deleteඇත්තටම ගීයකට හොඳ අපූරු පද පෙලක්.
ReplyDeleteමගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා.
අන්තීමේට බලන කොට මම කරල තියෙන්නෙම අනිත් එවුන්ට කළිසම් මහපු එකමද කොහේද......D
Deleteඅපුරුයි කටුස්සෝ
ReplyDeleteස්තූතියි ඉවාන්...
Deleteකටුස්සට මේක මම කලිනුත් කිව්වද කොහෙද. උඹට විරහව ගැන යස අගේට ලියන්න පුළුවන් බං. එහෙම පුළුවන් වෙන්න හේතුව එක්කො උඹේ සහජ හැකියාව. එහෙම නැත්තම් ඒ හැකියාවත් එක්ක මිශ්ර වුන උඹේ වේදනාත්මක අතීත අත්දැකීම් :D. ජය වේවා!!!
ReplyDeleteගී ලියන්න මට කිවුවේ ඔබේ නෙතයි
Deleteකවි ලියන්න මට කිවුවේ ඔබේ නෙතයි
ඔන්න ඔහොමළු පරණ මිනිස්සු කිවුවේ.....
ජය වේවා.....
දෙනුවර දෙදෙනෙකී
ReplyDeleteනුවරකදි දුටුවේ එදා
නෙත්වලිනි විමසුවේ
කවුද ඔබ කවුදෝ කියා.....
ආයෙ මුණගැසෙනා
ඇල්ම හිත රැඳුනා
වෙන්ව ගිය යාමේ මා ගොළුව උන්නා
ඉන්පසුව ඇය මා නැවතත්
හමුනොවිණි මෙ විසල් මිහිතලේ.....
කාලයක් ගෙවුණා
ඒ මතක මැකුනා
අන් ළඳක් මාගේ ආදරය දිනුවා
ඇය නැවත දුටුවා එදිනයි
සිත් දෙකක් නැති බැව් වැටහුණේ......
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
ගොඩ කාලෙකින් ආපහු ගොඩ බැහැලා.මේ සින්දුව අහලා නෑ බන් මීට කලින්
Deleteලස්සනයි කවිය..
ReplyDeleteස්තූතියි 'වර්ණ'.
Deleteඅපූරු පද පෙළක්... විරහව එක අතකට හරි භයානකයි... අපිව දාලා ගිය කෙල්ලගෙ උපරිම හොඳ පැත්ත විතරයි අපි දකින්නේ... ඒ උණත්, මං කවි නොදන්නවා උණත් "ගැහැණිය දළඹුවෙකි ගෑවුණු තැන කසන" කියල කව්ද මන්දා පඬිවරයෙක් කිව්වලු...
ReplyDeleteඒකනම් සහතික ඇත්ත.කොහොමටත් ඉන්නකොට එපා වෙන නැතිකාලෙට දැවිල්ල හැදෙන අමුතුම කේස් එකක් තමා මේක.
Deleteසුපිරිම එකක් කටුස්සා ......
ReplyDeleteජය!!! ඈ..........
ජය වේවා....
Delete