Wednesday, January 7, 2015
කාන්තාරය
කාන්තාරෙක ඇවිද යමි අද
වැසි බිඳක්වත් නොවැටෙනා....
දනක් මුල්ලේ එරෙන මගෙ පා
ගලන ලේ බිඳු පිස දමා....
සුළගෙ විසිරෙන වියළි තණපත්
එකින් එක ගෙන උරයෙ ලා....
සොයන්නෙමි මම බිඳුනු මතකය
විසිර ගිය කතරෙහි පුරා....
හරිත පැහැවිය දිනක මේ බිම
හාත් පස තුරු නිල ගැසී....
දසත කූජණ මියුරු හඩ හා
සුළන් සර හද පිරිමැදී....
සැලෙන නා දළු මිමිණු කවි පද
සවන් අද්දර රැවුදිදී....
කොහේ ගියෙදෝ සරණ සිතුවිලි
දෙනෙත් මත ඇඳ කඳුලැළී....
එක්ව යන්නට වරම් නැතිවුන
නුඹේ ලෝකය මත රැඳී....
තිබුන මගෙ ලොව නුඹ නමින් පෑ
ආදරය තව ඉකිබිඳී....
සදාතන වූ පෙමක නටඹුන්
අතර වැතිරී වකුටු වී....
සොයමි නුඹෙ පා සුවඳ ඉවකර
ඇඳුනු මේ බිම නොම මැකී....
කටුස්සා....
Labels:
වැට නැති කවි
Subscribe to:
Post Comments (Atom)
විරහ ගීමයි ලියන්නේ. හොඳයි.
ReplyDelete"විරහවේ රස දන්නෝ එය අතැර නොයෙත්" කියනවනේ අජිත් අයියේ.....
Deleteඑල
ReplyDeleteඑළනම් එළ....
Deleteඑළම තමා. හොඳ බැලන්ස් එකට ලියලා තියෙනවා.
ReplyDeleteමං හිතුවෙ අදත් මැතිවරණ නීති උල්ලංඝණය කරයි කියලා.
අපි ඉතින් නීති ගරුක පුරවැසියෝ වෙච්චිකොට එහෙම අසමත්ජාති වැඩ කරනවද මදාවියෝ වගේ.....
Deleteනියමායි...
ReplyDeleteතාලයකට කියන්න පුලුවං ගති
තාලේ හරිනම් තලන්න තියෙන්නේ හිටන්......
Deleteඇය යන්න ගියා මැකිලා සින්දුව මතක් වුනා
ReplyDeleteසන්වේදී සිද්දීන් කාට සිද්ධ වුනත් සන්වේදී කම වෙනස් වෙන්නේ නෑ ඉවාන්.....
Deleteනියමයි බන්!!!
ReplyDeleteහොදම නටබුන් තමා පෙමක නටබුන්
කවදාවත් අගයේ අඩුවක් වෙන්නේ නෑ!!
පරණ වෙන කොට අගය අඩු වෙනවනම් ඒවාට නටඹුන් කියල කියන්නෙත් නෑනේ.ඒත් හැමදාම නටඹුන් වලම ජීවත් වෙන්නත් බෑනේ....
Deleteමම කටුස්සගෙ දැක්ක නිර්මාණ වල ගොඩක් තිබ්බෙ විරහව ගැන. මට හිතෙන විදිහට කටුස්සා විරහව හොඳට විඳල තියෙනව. ලස්සනයි. ජය වේවා!!!
ReplyDeleteවිරහව රස විඳිනවා බන්.ඒකෙත් අමුතු ගතියක් තියනවා, පැණි පෙරෙන ආදරේට වඩා.
DeleteThis comment has been removed by the author.
ReplyDelete