Friday, January 30, 2015
සමමිතික
සරත් සඳ උදාවුන
නිහඬ රෑ කළුවරක
ඇවිද ගිය පෙරදාක
තියපු පා ළකුණු මතු
හමුවන්න නොසිතාම
බිම නොබල ඇවිද යන
යුගය දැන් උදාවිය.....
නළල් තල මත වැටුන
දඟකාර කෙස් රොදක
සුවඳ විඳි මේ බිමේ
සිඹිමි මම ඇගෙ කොපුළ....
දැනුනහොත් ඔබෙ සුවඳ
සිඹින කළ ඇගෙ නළල
සොයයි මම ඇය තුලින්
මට අහිමි ඔබෙ සුවඳ
බයයි තව එයට මම.....
සඳට මත් බඹරුන්ට
කවි ලියපු පන්හිඳට
වෙර කරන මගෙ සිතට
ටිකක් සන්සුන් වෙන්න
අණ දෙන්න නොහැක අද....
එම සිතින් නුඹ ගැනම
සහස් කවි පද මතුව
ඇයට නොව අතීතෙට
පෙම් කළොත් දුකයි මට
අතරමන් වී හඬන
මගේ සිතුවිළි සරණ
මේඝයට කියමි මම
එපා යළි නුඹ එන්න....
ඒ සුළන් සර සමග
නුඹේ හඬ ඇසුනාම
ඇගේ හඬ නොඇසුනොත්
මහ පවකි මට පිරෙන
නොහැක ඇය රිදවන්න....
කටුස්සා....
Labels:
වැට නැති කවි
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි. සමකෝණී ත්‍රිකෝණයක්ද?
ReplyDeleteඅතීතය ,වර්තමානය පටල ගත්තු එකෙක් ගැන ලිවුවේ.සමකෝණී වුනාට එක කෝණයක් පරණ එකක්...
Deleteමටත් මතක් වුනේ සමකෝණී ත්‍රිකොනයකි ඔබත් මාත් ඇයත් තිදෙනා සින්දුව
ReplyDeleteමම තෝරගත්තු මතෘකාව නිසා වෙන්න ඇති.ඒත් දෙකේ තේරුම්නම් වෙනස්.....
Deleteඅලුත් කෑල්ලක්වත් හිත් ලාලද? මේ ඒක නෙවෙයි මට උඹේ මේ විරහ ගී කියවද්දි හිතෙන්නෙම ලඟදිම උඹට 'පරණ එක්කෙනාගෙන්' ඇමතුමක් ලැබෙයි කියලා. සැක්, මේ කාලේ මිල්ටන් මල්ලවාරච්චි වගේ එකෙක් නෑනෙ මේ ටික තනු දාල කියවවන්න. (උඹේ පහුගිය ලිපිය කියෙව්වට තාම කොමෙන්ට් එකක් දාන්න බැරි උනා. ආයෙ පාරක් කියවලා බලන්න ඕනේ වැරදි මොනාද තියෙන්නේ කියලා.. හැක් හැක්.. )
ReplyDeleteබලන බලන අත ඇත්තේ කෑලීය
Deleteඋන්ගේ අතේ එල්ලී තව ගොබිලෝය.....
කෝල්කරනවනම් මම තව එකක් හොයාගත්තට පස්සේ කෝල් කරන්න කියන්න ඕනේ.එතකොට මටත් පුළුවන් අර උඹ කිවුවා වගේ එකගෙයි කන්න.
මේ යහපාලනකාරයෝ ඔහොම්මමයි.වැරදිම තමා හොයන්නේ.....
ඔය ත්‍රිකෝණ නම් ඉතින්..
ReplyDeleteඔවු බන්...මාත් ඔය ත්‍රිකෝණ වලට වඩා කැමතියි ඊට වඩා පාද වැඩි ඒවට.අඩුමගානේ පන්චාස්‍රයක් වගේ එකක්වත්....
Deleteකියල වැඩක් නෑ බං, උඹේ කවි පට්ට රහයි. මට මේ රස බොහෝම කලාතුරකින් දැනෙන මං පෙරේත රසක්.
ReplyDeleteඑක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ කියනවනේ....
Delete//දැනුනහොත් ඔබෙ සුවඳ
ReplyDeleteසිඹින කළ ඇගෙ නළල//
ඇන ගන්නටය වෙන්නේ
මුළු ඉදිරි කාලයම
ඉවත ගිය මුවන් හට
නොදමන්ය නෙලූ පලා
අත්දැකීමෙන් කියපු දෙයක්ද මන්දා......
Deleteනෙලූ පලා නෙමෙයි,දැන්නම් තුත්තිරි ගහක්වත් බිම දාන්නේ නෑ...
සයිබර් පවුර බලන්න.
ReplyDeleteබොහෝම ස්තූතියි අජිත් අයියේ....
Deleteනෙළුම් යාය සහ පවුර අතරේ වෙනස මොකද්ද?
පචුරේ ටික දවසක් වැඩිපුර තියෙන්න අරිනවා. නෙලුම් යායේ රෝල වෙනස් කරනවා වඩා ඉක්මනින්.
Deleteඑල ද බ්‍රා
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්
ලැජ්ජ නැතුව ආපහු බොමුකෝ එහෙනම්....
Deleteලස්සන වචන පදවැල්....
ReplyDeleteඑළ එහෙනම්.
Deleteහැමදාම වගේ සුපිරියට ලියල තියෙනව. අතීත සිද්දි මතක් කරන්නෙ නැතුව දැන් ඉන්න කෙනාව බලා ගන්න එක හොඳයි ;). ගිය දේවල් මතක් කරල වැඩක් නෑ. ජය වේවා!!!
ReplyDeleteමනා,මේ හැම දෙයක්ම මගේ පෞද්ලිගක අත්දැකීම්ම නෙමෙයි.විරහව මගේ ජීවිතෙට ලඟයි තමා.කොටින්ම කිවුවොත් මම බ්ලොග් ලියන්න පටන් ගත්තෙත් ඒ විරහව නිසා ඇතිවුන පාළුව මග හැරගන්න.අවුරුදු6ක් තිස්සේ පුරුදු වෙලා හිටපු ජීවිතේ ඇතිවුන වෙනස්වීම පාලනය කරගන්න. මුල හරියේ කරපු ගොඩක් නිර්මාණ වලට අත්දැකීම් පාදක වුනත් පස්සේ කරපු ඒවාට එච්චර ඒක බලපෑවේ නෑ.කොහොම උනත් මම විරහවට ,ඒකේ රසයට ටිකක් වැඩියෙන් කැමතිද කොහේද....ඒකයි විරහව ගැන ගොඩක් ලියවෙන්නේ
Deleteකොහොම උනත් මචෝ,කණගාටුවෙන් දැනුම්දෙන වගනම් අළුත් එකක් තාම පේන තෙක්මානයේවත් නැති බවය....
ජය වේවා.....
මම මේ රිප්ලයි එක කියවද්දි හිතුවේ අන්තිමේට "මනා ආයෙ මගෙ බ්ලොග් එක පැත්තෙ ආවේ නැතුවට කාරි නෑ" කියලවත් දාල ඇති කියල හැක් හැක් :D. සිරාවටම විරහව ගැන නියමෙටම ලියන නිසා මම හිතුවෙ ඒව හැම එකකටම වගේ උඹේ ජිවිත කතාවෙ කෑලි අල්ලන් ලියනව කියල. ඉක්මනින්ම අළුත් කෙනෙක් හම්බවෙන්න කියල විෂ් කොරනව. ජය වේවා!!!
Delete