Wednesday, April 5, 2017

ලේ නහර ඇට මිඳුලු විනිවිද රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය......💘




මේක ඉවරවෙන්න ඕනේ මේ විදිහටමද?

දන්නේ නෑ... ඒත් ඉවරවෙන්න ලියවිලා තිබුනේ මේ විදිහට වෙන්න ඇති

නෑ... මේ විදිහට නෙමෙයි.... එක්කෝ අපිට වැරදුනා, නැත්තම් අපි වරද්දගත්තා

ඇයි එහෙම කියන්නේ?

මම ආස නෑ මේක මෙහෙම ඉවරවෙනවට

හැම දෙයක්ම අපි කැමතිවිදිහට ඉවරකරන්න අපිට බෑනේ

මම දන්නවා ඒක. මේ කතාව පටන්ගනිද්දිම ඉවරවෙන්නේ මේ විදිහට කියලත් මම දැනගන හිටියා.ඒත් මේක තවටිකක් ලස්සනවෙන්න තිබුනා , මීට වඩා දුක අඩුවෙන විදිහට..

දුක අඩුවෙන විදිහට....? ජීවිතේ නතරවෙනවා කියලා දැන දැනම තවත් දුක අඩුවෙන විදිහක් හොයන්න ඔයාට පිස්සුද?

වෙලාවකට... අර ඔයා ඉස්සර කියනවා වගේ, හිටපුගමන් පිස්සු හැදෙනවා

ඔයා හැමදාම කලේ ඕකමයි. දැනුත් කරන්නේ ඒකමයි..... 

මොකද්ද?

හිනාවෙන එක.... ඔච්චර දුකක් හිත ඇතුලේ තියාගන ඔය විදිහට හිනාවෙන්නේ කොහොමද? ඒකත් බලෙන්.... ඒත් හොඳටම අඳුරන කෙනෙක්ට ඇරෙන්න ඒ හිනාවේ වෙනස හොයාගන්න බෑ කාටවත්... 

ඒ කියන්නේ ඔයා මාව හොඳටම දන්නවද?

ඇයි සැකයක් තියනවද ඒ ගැන?

නෑ... සතුටුයි

ඇයි ?

හොඳටම අඳුරන කෙනෙක්ගේ අතින් , අඳුරනවා කියලා කියන කෙනෙක්ගේ අතින් ජීවිතේ නතරවෙන එක කොච්චර දෙයක්ද, නොදන්න කෙනෙක්ගේ අතින් එහෙම වෙනවට වඩා

මට තියන ලොකුම දුකත් ඒකයි...

මොකද්ද?

මේ තරම් අපි අපිවම තේරුමරගන මේ විදිහට අයින්වෙන්න සිද්දවුන එකට

මේ සමුගැනීම ඇතුලේ තියෙන්නෙම අපි අපිවම තේරුම්ගැනීම නේද බට්ටෝ?

ඒ කොහොමද?

අයින්වෙන්න තීරණය කරලත් තවමත් මේ විදිහට කතාකරන්න පුලුවන්වෙලා තියෙන්නේ, මේ විදිහට යන්න දෙන්න පුලුවන්වෙලා තියෙන්නේ අපි අපිවම තේරුම්ගත්තු නිසා බට්ටෝ.මට ඔයාගෙන් ඉල්ලන්න කිසිම දෙයක් නෑ. ඔයාට මගෙන් ඉල්ලන්න කිසිම දෙයක් නෑ. ඒ අපි දෙන්නට ඕනේ හැම දෙයක්ම ඒ ආදරය ඇතුලේ තිබුන නිසා. ඉතින් ඒ ආදරය නැතිවුනාට පස්සේ අපි දෙන්නා ,අපේගැන දන්න නිසා නේද අදත් මෙහෙම කතාකරන්න පුළුවන්වෙලා තියෙන්නේ....

ඇයි අපිට මෙහෙමවුනේ....?

කේන්තිය, මගේ විතරමයි කියලා හිතන්න ගිය එක, ඕනෑවට වඩා ආදරය.... 

ඉතින් ඒ දේවල් වලට මෙච්චර බරපතල තීරනයක්?

අපි ජීවත්වෙන්නේ අපි දෙන්නා විතරක් ජීවත්වෙන ලෝකෙකනම් , ඇත්ත.... මේවා වෙන්වෙන්න හේතු නෙමෙයි. ඒත් තව ගොඩදෙනෙක් අපේ වටේ ඉන්නවා. අපි ඒ ඔක්කොමල්ලවම සතුටුකරන්න ගියහම මෙහෙම වෙනවා.....දැන් ඒක ගැන හිතන්න එපා. ඒක වෙලා ඉවරනේ. දැන් ඉස්සරහට සතුටින් ජීවත්වෙන්න. ගොඩක් කල්පනාකරලා බලලා තීරණ ගන්න. දෙපාරක් නෙමෙයි.තුන් හතර පාරක්ම හිතලා බලන්න, තීරණයක් ගන්න කලින්, ලඟ ඉඳලා කියලා දෙන්න මම නැතිනිසා.... පරිස්සමෙන් හැම දෙයක්ම කරන්න.
ඇයි දැන් අඬන්නේ.....

කෝ... මම අඬන්නේ නෑ. මම දන්නවා මේ ඉන්න මනුස්සයා මගේ කඳුලු බලන්න පොඩ්ඩක්වත් කැමති නෑ කියලා...

එහෙනම් හොඳ ළමයා වගේ ඔය ඇස්වල කඳුලු පිහගන්න..... 

ඉතින් මම හිතලා අඬනවද....කඳුලු එනවනේ....අහන්න... හිතම බරවෙලා ...හිතම නෙමෙයි... මට කියන්න තේරෙන්නේ නෑ... පපුව මැද්දෙන් ඇවිත් මුලු ඇඟ පුරාම පැතිරිලා . අනේ තේරුම්ගන්න... මට කියන්න තේරෙන්නේ නෑ

මට හිතාගන්න පුළුවන් බට්ටෝ.... මටත් එහෙම්මම වෙලා නිසා.මට කියන්න බෑ හිතන්න එපා කියලා. ඒත් මේ දේ වෙන්න දෙන්න.ඒකෙන් ඔයාට හොඳක් වෙයි. ඇත්තමයි.... විඳින්න තියන ජීවිතේ විඳවන්න ඕනේ නෑ. මම හිටිය ටික කාලෙට මම ඔයාට කියලා දුන්න ඒවා එක පාරටම අමතකකරන්න එපා.ඔලුවේ තියාගන වැඩ කරන්න. ඔක්කොටම වඩා සිහියෙන් වැඩකරන්න. කවමදාවත් ජීවිතේ වරද්දගන්න එපා . මම ඈතින් ඉඳගන බලාගන ඉන්නම්. ඉතින් මම එහෙම බලන වෙලාවට මට ආඩම්බර හිතෙන්න , සතුටු හිතෙන්න වැඩකරන්න. ඉඳලා හිටලා එක වැඩක් විතරක් කරනවද?

මොකද්ද?

ඔය එන යන වෙලාවක මාව දැක්කොත් නොදැක්කා වගේ නොයා ,මට හයියෙන් හූවක් තියනවද? හරියට නිකන් "මම හොඳින් ඉන්නවෝ..." කියන්න වගේ...

හා....

හොඳ ළමයා....



- නිමිත්ත -

මේ ගීතයේ මේ පද

කියාගන්නට බැරුව ලතවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින......
ලේ නහර ඇට මිඳුලු විනිවිද
රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය.......
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ...පතා ආවෙත් එළෙසමයි......



31 comments:

  1. 1st ඒක මගෙන් ...
    ජය වේවා ....

    ReplyDelete
    Replies
    1. පලවෙනි පාරටද මන්දා මේ පැත්තට ආවේ.... වල්කම් කිවුවා කටුසු හදවතට

      Delete
  2. මේක මගේ ප්‍රියතම ගීතයක් මගේ ටොප් 10 අතර නොවෙනස්ව තියෙන ගීතයක්.ආදරේ ගැන මම දැක්ක ලස්සනම වචන තියෙන ගීතයක්.මේ ගීතය මගේ ඇට මිඳුළු විනිවිද යනවා ඇත්තටම.අපූරුයි කටුසු ඔයාගේ කතාවත්.

    ReplyDelete
    Replies
    1. ස්වයංජාත රූපවාහිනියේ නැරඹුවට මට ගීතය ගැන හැඟීමක් තිබුනේ නෑ මේ ලගඳී ආපහු අහනකම්ම.මේ දවස්වල වාහනේට නැග්ගහම ඉස්සල්ලම වාදනේ වෙන්නේ ඕක

      Delete
  3. "ස්වයංජාත" ආසාවෙන් බලපු හොඳ නිර්මාණයක්. ඒ වගේම මේ පද ගැළපුමත් රහයි කටුසු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දුමියා. ඒ වගේම ගත්තු සම්මානෙටත් උණුසුම් සුබපැතුම්

      Delete
    2. ඒ වෙලාවේ කටුසුත් හිටියනම් මරු. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  4. අම්බෝ පපුව...

    කොහොමද මෙහෙම ලියන්නේ? මර ඉරිසියයි.. දුකයි

    ReplyDelete
    Replies
    1. ‍යන්තම් ඇති... එකෙක් මලා

      Delete
  5. මේකෙ බට්ටො තැනට මැට්ටි කියල දාන්න විතරයි තියෙන්නෙ මගේ කතාව වෙන්න කසුට්. මේ කතාව ඒ නිසාම ගොඩක් හදවතට දැනෙනව.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ඒක උනේ මෙහෙමනම්, ඔන්න ඔහේ අලුත් එකක් හොයාගමු බං

      Delete
  6. හරියට මගේ හිත ලියල වගේ.. මේ ගීතය මං ආදරය කරන ගීතයක්..

    ReplyDelete
    Replies
    1. හැක්...ඔහොම ලේසියෙන් යන්න දෙන්න පුලුවන්ද? මටනම් මලාට බෑ

      Delete
  7. හ්ම්ම්.... කසුටු.... වෙලාවකට පිස්සු වගේ..... ආදරේ නම් මහ විහිලුවක්....

    ReplyDelete
    Replies
    1. උඹලත් ඉතින් එකපාරක් බූට් කාපුගමන් දාර්ශනිකයෝ වෙන්නහදනවනේ. එහෙම බැලුවොත් මම මේ වෙනකොට සෝවාන් වෙලාවත් ඉන්න ඕනේ. මගුලක් නොකර ආපහු එකක් හොයාගනින්

      Delete
  8. කටුස්සාගේ මේ පෝස්ට් එක මාව අතීතයට ඇදගෙන ගියා.ස්වයං ජාත ආසාවෙන් බලපු ටෙලි නාට්ටියක්.ඒ හංදම පොතත් හොයාගෙන කියෙව්වා.නාට්ටියට වඩා පොත ලස්සනයි.අදත් සමහර සිදුවිම් වලින් පස්සේ ඉබේම කටපාඩම් වුන සමහර ජේද හිතට එනවා.නාට්ටියේ තේමා ගීතය මගේ හිත අදත් ගොළු කලා.හැමදාම වාගෙම.
    පාරමී දම් පුරා සපැමින -එකට හමුවී වෙන්ව යන සඳ
    කියා ගන්නට බැරුව ලතවෙන -හැඟුම් මිහිදන් නොවේ කිසිදින
    ලේ නහර ඇට මිදුළු විනිවිද ගිගුම් දෙන කඳුලක්ද ප්‍රේමය
    දුරට වී ඇසිපිය නොලා - බලා ඉන්නට අවසරයි..
    සංසාරයේ පතා ආවෙත් එලෙසමයි
    ස්වයං ජාතව හිතේ ඇතිවුන -පහන් සිතිවිල්ලක්ද ප්‍රේමය
    දෙහදකට සීමා නොවී -ළයෙන් ළය සැනසිය යුතුයි...
    ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කල හැකියි....
    මේ තරමටම මාව හැඟීම් බර කරපු අනිත් තේමා ගීතය නම් අයි ටී එන් හෝ ජාතික එකේ විකාශය වුන “දෙරණ“ ටෙලියේ ගීය.
    ඒකෙ අන්තිම පදය
    සිත නොතලා සෙනෙහස දෙන සකි සඳ වේ නම් ඒ සකිසඳ ඒ යායට මල් වැසි අන්දම්..
    .
    වගෙයි මතක.
    සිංදුවේ වචන ටිකවත් හොයාගන්න බැරුව දැන් අවුරුදු 12 විතර ඉඳන් හොයනවා...හමුබුන කෙනෙක් ඉන්නවනං මටත් දෙනු මැනවි

    ReplyDelete
    Replies
    1. සවයං ජාත ටෙලිය,මගේ ඇහින්නම් පොත අතික්‍රමනය කරපු නිර්මානයක්.ඒ සමහරවිට ජගත් චමිලට, පාලිතට, ජනක්ට ආදරේ නිසා වෙන්න ඇති.

      ඔය විදිහටම මම හොයන ටෙලියක් තියනවා සවර්නවාහිනියේ විකාශනයවුන. නම මතක විදිහට ඉඩෝරයට පොද වැස්සක් වගේ .රොශාන් රවීන්ද්‍ර, වසන්ති චතුරානි, ජයසිරි, හේමසිරි ලියනගේ, වගේ නලුවෝ හිටියේ. අය්‍යා මලහම අයියගේ බිරිඳ සමග ජීවත්වෙන , අයියගේ බිරිඳට බැල්මදාන මිනී පෙට්ටි සාප්පුවක අයිතිකරුවෙක් , වගේ කතාවක් තිබුනේ.හොයනවා හොයනවා තාම හම්බුනේ නෑ කතාව

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. //දෙහදකට සීමා නොවී -ළයෙන් ළය සැනසිය යුතුයි//

    ඔන්න රංජනී හෙනේ......නැද්ද මං අහන්නේ? 💩

    හ්ම්ම්ම්....දුරට වී ඇසිපිය නොලා බලා ඉන්නට අවසරයි.....👀මෙන්න මෙහෙම​....

    ReplyDelete
    Replies
    1. ඕවනම් මොනවද සුදූ.. ඕවානම් සිංදුද? ඔයා මහේනම් ජීවිතේ මල් කිය කියා ආතල් එකේ ඉමු පැටියෝ අපි දෙන්නා

      Delete
  11. මගේ කොමෙන්ට් එකත් හෑස් බීන් රිමුව්ඩ් බයි ද ඕතර් කියල හිතපම්..

    ReplyDelete
    Replies
    1. 😂🔫 ඩිෂ්කෑව් ඩිෂ්කෑව්

      Delete
    2. ගාල්ලට පැයයි... කියන්න පැයයි... උඹේ දික්කසාදෙට මාස තුනයි...හා ද?

      Delete
  12. අනේ බං උඹට මේ වහන්තරාවල් නැතුව වෙන ලියන්ඩ දේවල් ඇත්තෙම නැද්ද ..??

    ReplyDelete
  13. හයියෙන් හූවක් කියන්න ..
    මේව කියවපුවහම හිත රිදෙනව බන්ස්.

    ReplyDelete
    Replies
    1. රිදුනත් රිද්දගන්න තරම් වයසක් නෙමෙයිනේ බං උඹට දැන්. ඔන්න ඔහේ පොඩි එවුන් දෙන්නවත් බලාගන බණක් භාවනාවක් කරගන හිටපන්

      Delete
  14. දැනුන .... එච්චරක් විතරක් කියන්නම් :)

    ReplyDelete
  15. හරිම ලස්සනයි කටුසු... ඔබේ ලිපියත් හරිම සුන්දරයි.. සිංදුවට ගැලපෙනවා... ජයවේවා

    ReplyDelete
  16. මේ වගේ වෙන් වීමක් තුළ ඇත්තටම වෙන් වීමක් නෑ
    මෙහෙම වෙන් වෙන්න ගියාම හිටියටත් වඩා ලංවීමක් විතරමයි වෙන්නෙ
    අපූරුයි. හදවතටම දැනෙනවා.


    පලවෙනි වතාව මේ පැත්තට ගොඩ වැදුනු
    ජයවේවා!!!

    ReplyDelete