වින්ඳ සිත සිත බැන්ද ආලය දෑස් අබියස ලේ වැකී රෙද්දේ ඇනි ඇනි තිබුන තුත්තිරි යකඩ අඬුවෙන් ගැලවුනී චන්ද්‍ර මාසෙට ගැලුව ලේ බිඳ නොදැක සිහිනෙන් බයවෙවී හංස ගීතය ගැයුව නුඹ අද කියනවද නැලවිලි කවී පාට සමනල් තටු අතර රැඳි සිහින කුමරුගේ මල් කෙමී රඳවගත් කුස විතරමද අද හිස්වුනේ පණ ගැහි ගැහී සහස් පැතුමන් අතර තනිවී නුඹ මැවුව සුබ සිතුවිලී පිරී ගැබ්බර වුන හිතින් නුඹ දකිනවද තව සැනකෙළී නේක මල් රැඳි නිම්නයක් මැද වැතිර ලය මත ගුලිගැසී යන්න නුඹ සිටි ගමන පුස්ගඳ පිරුන කාමරේ වැළළුනී මිනී මල් පිපි නුඹේ හදවත ගැයුව ඔරසන් පද පැලී ලේ නැතුව සුදුමැළිව ගිය වත සොයනවද තව හසරැළි කකුල් දෙක මැද ගලනවිට ලේ මුවින් නැගුනිද කෙඳිරිලී දරාගනු බැරි විටදි රිදවුම් සිහිවුනිද මවු කඳුළැලී ඈත්කරනා විටදි දඟ යුග පියවුනිද නෙතු විළිවැදී මියෙන බව දැනි මොහොතේ නුඹ ලඟ ඔහුත් සිටියද බයවෙවී ලන්ද වන පෙත පිපුණ මල් පෙති අසල දඟකළ සුරතලී පිපෙන්නට පෙර පුබුදුකළ පෙති අතර සැනසුන මාධවී තැලුන රොංකෙමි දරනු නොහැකිව කොට්ට තෙත්කළ නිලුපුලී වැඩුනු කුස බර බිමට හලනට ආත්මය මැරු ඉඳුසරී උල්කරන් කට කියනවිට රස කතා ඇස්ගෙඩි ලොකු වෙවී බලා සිටියේ කතා නොව නුඹ මුවේ ඇඳෙනා සෙවනැලී හොරු අරං ගිය කිරි සුවඳ දැනි එරුන කිරි වාවනු නොහී දෙවු මවුන් නුඹ තුරුළු කරගෙන පොවනවද දෙතනේ කිරී
අඩෝ.... අපි ගියා එළුවන්කුලමේ.... ඊයේ රෑ ආවේ අඩේ...උඹලා ගියාද? කට්ටියම ගියාද....? කොහේද මේ පාර හිටියේ? කළා ඔයේද ගඟේ වාඩියේද? ගඟේ වාඩියේ බං..... ට්‍රිප ජොලිද.... නැගලා ගියාද....මම නැති අඩුව උඹලට සෑහෙන්න දැනෙන්න ඇති නේද? ඔවු ඔවු....මහ රෑට වෙරි බහින්න උස්සගන එන්න එකෙක් නැතුව කට්ටිය සෑහෙන්න උඹ ගැන කියෙවුවා තමයි.... වාඩියේ සෙට් එක ඇහුවෙත් උඹ ගැන තමයි.ඒත් මේ පාර එච්චර ජොලි නෑ බං. ඇයි ඒ? උඹට මතකද සුද්දිව? කවුද... අර " කටර්" නේද? ගියපාර යනකොට අර ඉස්කෝලේ නිවාඩු කියලා ශාන්ති ඇන්ටිගේ පොත්වල වැඩට උදවුකලේ ඇවිත්.... ඔවු... ඒකා තමයි. ඒකි මැරිලා බං. අපි ගිය දවසට දවස් පහකට කලින්. .... ඒ මොනවා වෙලාද බං ඒ පොඩි එකීට..... ඇබෝශන් එකකදී.... මොකක්? යකෝ ඒකී ගියපාර යද්දිනේ ඕ'ලෙවල් කරලා තිබ්බේ..... ඒවා ඒ පැතිවල සාමාන්‍ය දේවල් බං.... අපිට මැජික් වුනාට. ඒ උනාට ඔක්කොමල්ලට හෙන අවුල්. දවස් තුනක් ඉන්න ගිහින් දවස් දෙකයි හිටියේ..... එන්න ආවා. "....................................." "....................................."
-කටුස්සා-
කටුසු...
ReplyDeleteමේ කවි ටිකනම් හරිම සංවේදීයි. කවදත් සාකච්ඡාවට ලක්වෙන ඒත් කවදත් විසඳුමක් නැති ප්‍රශ්ණයක් නේද මේ...
ජයවේවා!!!
ඔහ්..
ReplyDeleteලස්සන සංවේදී කවි ටිකක් කටුසු
ReplyDeleteකවි ගෙතුම අගෙයි. පසුබිම් කතාව නම් හරිම ශෝචනීයයි..
ReplyDeleteනොනවතින ඛේදවාචකයක්....
ReplyDeleteකසුටු ලස්සනයි .... හැමදාමත් වගේ....
ReplyDeleteසබරේ
හිතට වැදුණු නිර්මාණයක්...
ReplyDeleteඑළ මචං...
අතිශය සංවේදී නිර්මාණයක්... නිමිත්තනම් ඛේදවාචකයක්...හිතම හිරිවැටුනා
ReplyDeleteමාධවී පව් බං .
ReplyDeleteඉක්මන් පිළිතුරු වගකිවයුත්තෝ දෙන්න ඕන ප්‍රශ්ණ බන් මේවා
ReplyDeleteනියමයි ..හිතට වැදුනා ආයි බොක්කත් එක්ක උණු වෙන්න
ReplyDeleteසංවේදී පොස්ට් එකක් .. අන්තිම හරියට එද්දී හිත ගැස්සුනා හැබැයි පොඩ්ඩක් ..
ReplyDeleteකතන්දරේ නම් බොහොම සංවේදී කාලින මාතෘකාවක්...දරුවෙකුගේ වගකීම එයාව බලාගන්න වැඩිහිටියන්ගේ...
ReplyDeleteවෙනද වගේම ලියමන් රහයි...
කවිය ඊටත් වඩා රහයි...
ලස්සන කවි ටිකක් කටුසු... ජය වේවා.!
ReplyDelete