Wednesday, March 1, 2017
වෙලා මගේ හිත සිනාවකින් තව හිනාවියන් කලු... හිනාවියන්.
හුඟ කලකින් ආදරයක් ...කුළුණු බවක්... නොදැකපු හිත හරි යයියයි.... බැමිණිතියාසාය කාලේ රජරට මහා පොළොව වගේ.... නුඹ... කොච්චර වත්කෙරුවත් අද ආදරයේ නිල් දියවර; උරාගන්නවා පතුලට තෙත පැල්ලමකුත් නැතුවම..... තවමත් හයියයි මතුපිට පැලුන කැඩුන තැන් හැමතැන.... නුඹේ ආදරෙන් පෑදුන සිත උල්පත් මතුවුනාට ඉනුවේ නෑ දැනෙන්න එය දන්නවා මම එය හොඳටම.......... දුකක් දැනෙනවා ඇති නුඹටත්; ඒත්... පසුපස හැරිලා බැලුවිට නුඹ ඉන්නවා තවමත් ලඟ.... රළු වදනට සැඩ බැල්මට නොබැන්ඳාට වැට කඩයිම පැලෙන්න ආදරෙයිලු මම........ දන්නේ නැත්තේ පෙන්නන්නට මතක නැතිවෙලා නිසාම...... තව ඩිංගක් ඉවසනවද ? ආදරයෙන් සනසනවද ? පොරොන්දු හරි මිල හිතින්ම පොරොන්දු වෙන්නම් නුඹ හට.... දුකක් හිතෙන්නේ නැතිවෙයි බලන් හිටිය කාලය ගැන....... එතකම් නුඹ ලඟින් ඉන්න පෙම් උල්පත් පෑදෙන තුරු පොළව පලන් මතුවෙන තුරු සිත් බැමි තව තද කරගන.... නැතිනම් එය දරාගන්න බැරි උනොතින් නුඹේ සිතට තෙමෙන්න වෙයි අපි දෙන්නට නුඹ හද බැමි පුපුරාගන කඩා වැටෙන මගේ පෙමට.........
Subscribe to:
Post Comments (Atom)
කලකට පස්සේ වහින කොට කියවන්න ලැබුනෙත් කාලගුනේ වගේ අදර යක් ගැන
ReplyDeleteමේකනම් රහම රහ නිර්මාණයක් කටුසු.
ReplyDeleteජයවේවා!!!
නුඹ...
ReplyDeleteකොච්චර වත්කෙරුවත් අද
ආදරයේ නිල් දියවර;
උරාගන්නවා පතුලට
තෙත පැල්ලමකුත් නැතුවම.....
මට රහම ටික
It should be "hina weyan", not "hina wiyan"
ReplyDeleteමේ නිර්මාණය දැක්කම මට "ඔහුව" මතක් උනා. :)
ReplyDeleteආදරේ නිල්දියවර රජරට පොලවට කොච්චර නම් වක්කරල ඇද්ද ?
ReplyDeleteනියමයි ...
ReplyDeleteකැපූ දවසේ ඉඳන්
ReplyDeleteඉති මලින් පුරෝගත්
සුදෝ සුදු
ඉද්ද ගස......
ගත පුරාවට
මල් පැළඳගෙන දැන්
ඒ අසල උන්
පිච්ච වැල......
හැමදාම වගේ ලස්සනම ලස්සනා...........යි අනේ.....😍
//නුඹ...
ReplyDeleteකොච්චර වත්කෙරුවත් අද
ආදරයේ නිල් දියවර;
උරාගන්නවා පතුලට
තෙත පැල්ලමකුත් නැතුවම.....//
මේන් මගේ ගානේ,
වසන්තය ගැන දන්නැතී
ඉරි තැලුන පොළවක අරුමැතී
තෙත අඩි තියන්නට බර ඇතී
හැම වැස්සටම බෑ හිතවතී...
කවිය රහයි...මගේ අදහස නම් ඔය තෙත් නොවෙන හිත්, අන්න ඒවා එක්ක ඔට්ටු වෙන්න යන්න හොඳ නැහැ...ඔතන තියෙන්නේ තමන් ඒ කෙනාගේ ආදරේ කොයි තරම් ආදරෙන් බාර ගන්නවද කියන එකේ ගැටළුවක් ...කෙනෙක්ගේ ආදරේ ගඟක් හැලුවත් තෙත් නොවෙන හිතක්, තව කෙනෙකුගේ එක හිනාවක් නිසා කම්පනයට පත් වෙන්න පුළුවන්...
ආදරේ හොයල කාලේ නාස්ති කරනවට වඩා ආදරේ කරන එක බොහොම ලේසියි...
///ආදරේ හොයල කාලේ නාස්ති කරනවට වඩා ආදරේ කරන එක බොහොම ලේසියි...////
Deleteඅන්න හරි.....සිම්පල් කේස් එකක්..
එල ද බ්රා මචෝ
ReplyDeleteඑකම එක මොහොතකට දුවඇවිත්
ReplyDeleteහිත කොනක හාදුවක් තවරාන
යළිත් ආ සැනින් මේ සැඟව යන
කදෝපැණි නුඹයි කළුවර සිතට..!