Wednesday, March 1, 2017

වෙලා මගේ හිත සිනාවකින් තව හිනාවියන් කලු... හිනාවියන්.



හුඟ කලකින් ආදරයක් ...කුළුණු බවක්... නොදැකපු හිත හරි යයියයි.... බැමිණිතියාසාය කාලේ රජරට මහා පොළොව වගේ.... නුඹ... කොච්චර වත්කෙරුවත් අද ආදරයේ නිල් දියවර; උරාගන්නවා පතුලට තෙත පැල්ලමකුත් නැතුවම..... තවමත් හයියයි මතුපිට පැලුන කැඩුන තැන් හැමතැන.... නුඹේ ආදරෙන් පෑදුන සිත උල්පත් මතුවුනාට ඉනුවේ නෑ දැනෙන්න එය දන්නවා මම එය හොඳටම.......... දුකක් දැනෙනවා ඇති නුඹටත්; ඒත්... පසුපස හැරිලා බැලුවිට නුඹ ඉන්නවා තවමත් ලඟ.... රළු වදනට සැඩ බැල්මට නොබැන්ඳාට වැට කඩයිම පැලෙන්න ආදරෙයිලු මම........ දන්නේ නැත්තේ පෙන්නන්නට මතක නැතිවෙලා නිසාම...... තව ඩිංගක් ඉවසනවද ? ආදරයෙන් සනසනවද ? පොරොන්දු හරි මිල හිතින්ම පොරොන්දු වෙන්නම් නුඹ හට.... දුකක් හිතෙන්නේ නැතිවෙයි බලන් හිටිය කාලය ගැන....... එතකම් නුඹ ලඟින් ඉන්න පෙම් උල්පත් පෑදෙන තුරු පොළව පලන් මතුවෙන තුරු සිත් බැමි තව තද කරගන.... නැතිනම් එය දරාගන්න බැරි උනොතින් නුඹේ සිතට තෙමෙන්න වෙයි අපි දෙන්නට නුඹ හද බැමි පුපුරාගන කඩා වැටෙන මගේ පෙමට.........

12 comments:

  1. කලකට පස්සේ වහින කොට කියවන්න ලැබුනෙත් කාලගුනේ වගේ අදර යක් ගැන

    ReplyDelete
  2. මේකනම් රහම රහ නිර්මාණයක් කටුසු.

    ජයවේවා!!!

    ReplyDelete
  3. නුඹ...
    කොච්චර වත්කෙරුවත් අද
    ආදරයේ නිල් දියවර;
    උරාගන්නවා පතුලට
    තෙත පැල්ලමකුත් නැතුවම.....

    මට රහම ටික

    ReplyDelete
  4. It should be "hina weyan", not "hina wiyan"

    ReplyDelete
  5. මේ නිර්මාණය දැක්කම මට "ඔහුව" මතක් උනා. :)

    ReplyDelete
  6. ආදරේ නිල්දියවර රජරට පොලවට කොච්චර නම් වක්කරල ඇද්ද ?

    ReplyDelete
  7. කැපූ දවසේ ඉඳන්
    ඉති මලින් පුරෝගත්
    සුදෝ සුදු
    ඉද්ද ගස​......

    ගත පුරාවට​
    මල් පැළඳගෙන දැන්
    ඒ අසල උන්
    පිච්ච වැල​......

    හැමදාම වගේ ලස්සනම ලස්සනා...........යි අනේ.....😍

    ReplyDelete
  8. //නුඹ...
    කොච්චර වත්කෙරුවත් අද
    ආදරයේ නිල් දියවර;
    උරාගන්නවා පතුලට
    තෙත පැල්ලමකුත් නැතුවම.....//

    මේන් මගේ ගානේ,

    වසන්තය ගැන දන්නැතී
    ඉරි තැලුන පොළවක අරුමැතී
    තෙත අඩි තියන්නට බර ඇතී
    හැම වැස්සටම බෑ හිතවතී...

    කවිය රහයි...මගේ අදහස නම් ඔය තෙත් නොවෙන හිත්, අන්න ඒවා එක්ක ඔට්ටු වෙන්න යන්න හොඳ නැහැ...ඔතන තියෙන්නේ තමන් ඒ කෙනාගේ ආදරේ කොයි තරම් ආදරෙන් බාර ගන්නවද කියන එකේ ගැටළුවක් ...කෙනෙක්ගේ ආදරේ ගඟක් හැලුවත් තෙත් නොවෙන හිතක්, තව කෙනෙකුගේ එක හිනාවක් නිසා කම්පනයට පත් වෙන්න පුළුවන්...

    ආදරේ හොයල කාලේ නාස්ති කරනවට වඩා ආදරේ කරන එක බොහොම ලේසියි...





    ReplyDelete
    Replies
    1. ///ආදරේ හොයල කාලේ නාස්ති කරනවට වඩා ආදරේ කරන එක බොහොම ලේසියි...////

      අන්න හරි.....සිම්පල් කේස් එකක්..


      Delete
  9. එකම එක මොහොතකට දුවඇවිත්
    හිත කොනක හාදුවක් තවරාන
    යළිත් ආ සැනින් මේ සැඟව යන
    කදෝපැණි නුඹයි කළුවර සිතට..!

    ReplyDelete