ජීවිතේම නුඹ අරගෙන යන්න ගියා වැනි...
නුඹට මට
මිටට ගෙන බැලූ කළ
ආදරය
විශ්වයකි......
අනන්තය
තනි තිතකි.......
නුඹත් මමත්
හමුවෙද්දී ;
කාලය
නිමේශයකි.....
මේ මොහොත
මහ මෙරකි......
නුඹේ මුව,
කියන විට රහසේම
නුඹේ ඇස් ;
මිරිගුවකි......
ජීවිතය
කවි පෙළකි......
කටුස්සා...
වරෙක මිහිරකි දුකකි
ReplyDeleteතාල ඇතිවී යයි මැකි
ජීවිතය කවි පෙළකි
එයනම් සැබෑවකි.....
අපූරුයි කටුසු.
ජයවේවා!!!
ජීවිතේ කවියක්...ආදරේ එහි පද පෙලක්ලූ. එක පදයක් අඩුවුනා කියලා වෙනසක් දැනෙන්නේ නැතිවෙයි බං.
Deleteජයවේවා
ජීවිතය මල් මිටකි
ReplyDeleteවිටෙක සුවඳ දෙන
විටෙක පරවෙන
නැවත සුපිපෙන
ආදරය නැමැති
වතුර බිඳුවට
පෙම් බඳින..
ජයවේවා...
ඕනේ නැතිඒවට පෙම්බැඳලා කෙලවෙන
Deleteපලවෙනි පාරටද මන්දා මේ පැත්තේ.වල්කම් කිවුවා මේ පැත්තට
අෑ බං කසුට්ටෝ..... උබයි මමයි වෙන්වුනාම..... කෝමද කීලා ලියලා නෑනේ
ReplyDeleteසොරි වෙන්ඩ ඕනි මුලින් කියන්න බැරි වුනා
Deleteසුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..... හැමදාම කවි ලියවේවා
වෙන්වුනහම ආපහු මොනවා කරන්නද බං...කන්ඩියක් උඩ වාඩිවෙලා කකුල් දෙක පද්ද පද්දා ආතල් එකේ සිගරට් එකක් බීපන්.
Deleteඋඹටත් සුබ අලුත් අවුරුද්දක් මචෝ
ම්ම්ම් ආදරේක හැටි.....
ReplyDeleteපිස්සු නේ....
Deleteඅපූරුයි
ReplyDeleteජයවේවා!!!
විස්කෝතුයි ඉශානි
Deleteනුඹත් මමත්
ReplyDeleteහමුවෙද්දී ;
කාලය
නිමේශයකි.....
මේ මොහොත
මහ මෙරකි......
ලස්සනයි
ගියාට පසු හිස් තැනකි
Deleteස්තූතියි අරූ
ජීවිතේ නපුර නම්,
ReplyDeleteබොහෝ විට නුදුරේම
පාවෙලා යන
නුඹ වළාකුලකි...☁️
සුසුම් සිරවෙන
මා ගිරි හිසකි....⛰️
සැඟවෙන්න යන
නුඹ සැඳෑ ඉරකි...⛅
දෑස රතු වෙන
මා අහස් කුසකි...🌅
දියඹ වෙත ඇදෙන
නුඹ සයුරු රළකි...🌊
බලා සසැලෙන
මා දැවෙන වෙරළකි...🔥
මෙයා නම් ඉතින් උඩ දාගෙන අපිව පිස්සු වැට්ටෙන්න ලියයි....දාන්න කමෙන්ට් එකක් හිත හිත අපි මැරෙන්න ඕන......😤
ඔයාට මැරෙන්න දෙනවද වස්තුව මම.... දවස් හතක් පාර්ටියක් දානවා උඹ මලහම
Deleteදාන්න කොමෙන්ට් එකක් හිත හිත අපි මැරෙන්න ඕනි x 2
ReplyDeleteඇයි බං කමි අයියේ ඒම?😂
Deleteමේ... අනිත් එවුන්ගේ කමෙන්ට් පේස්ට් කරලා මෙතන අලවන්න එන්න එපා හරිද...
Deleteබොසා-
යකෝ මේකි... වැඩිහිටියන්ට ගරුකරන්න ඉගනගනින්. ඔය කමියා හරි වයසේදී කසාදයක් කරගත්තනම් උඹට වඩා අවුරුද්දක් දෙකක් බාල මිනිපිරියොත් ඉන්නවා.