Sunday, April 16, 2017

ජීවිතේම නුඹ අරගෙන යන්න ගියා වැනි...


නුඹට මට මිටට ගෙන බැලූ කළ​ ආදරය විශ්වයකි...... අනන්තය තනි තිතකි....... නුඹත් මමත් හමුවෙද්දී ; කාලය නිමේශයකි..... මේ මොහොත මහ මෙරකි...... නුඹේ මුව, කියන විට රහසේම නුඹේ ඇස් ; මිරිගුවකි...... ජීවිතය කවි පෙළකි...... කටුස්සා...

18 comments:

  1. වරෙක මිහිරකි දුකකි
    තාල ඇතිවී යයි මැකි
    ජීවිතය කවි පෙළකි
    එයනම් සැබෑවකි.....

    අපූරුයි කටුසු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කවියක්...ආදරේ එහි පද පෙලක්ලූ. එක පදයක් අඩුවුනා කියලා වෙනසක් දැනෙන්නේ නැතිවෙයි බං.

      ජයවේවා

      Delete
  2. ජීවිතය මල් මිටකි
    විටෙක සුවඳ දෙන
    විටෙක පරවෙන
    නැවත සුපිපෙන
    ආදරය නැමැති
    වතුර බිඳුවට
    පෙම් බඳින..

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ඕනේ නැතිඒවට පෙම්බැඳලා කෙලවෙන

      පලවෙනි පාරටද මන්දා මේ පැත්තේ.වල්කම් කිවුවා මේ පැත්තට

      Delete
  3. අෑ බං කසුට්ටෝ..... උබයි මමයි වෙන්වුනාම..... කෝමද කීලා ලියලා නෑනේ

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ඩ ඕනි මුලින් කියන්න බැරි වුනා
      සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..... හැමදාම කවි ලියවේවා

      Delete
    2. වෙන්වුනහම ආපහු මොනවා කරන්නද බං...කන්ඩියක් උඩ වාඩිවෙලා කකුල් දෙක පද්ද පද්දා ආතල් එකේ සිගරට් එකක් බීපන්.

      උඹටත් සුබ අලුත් අවුරුද්දක් මචෝ

      Delete
  4. ම්ම්ම් ආදරේක හැටි.....

    ReplyDelete
  5. නුඹත් මමත්
    හමුවෙද්දී ;
    කාලය
    නිමේශයකි.....
    මේ මොහොත
    මහ මෙරකි......

    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගියාට පසු හිස් තැනකි

      ස්තූතියි අරූ

      Delete
  6. ජීවිතේ නපුර නම්,
    බොහෝ විට නුදුරේම


    පාවෙලා යන
    නුඹ වළාකුලකි...☁️
    සුසුම් සිරවෙන​
    මා ගිරි හිසකි....⛰️


    සැඟවෙන්න යන​​
    නුඹ සැඳෑ ඉරකි...⛅
    දෑස රතු වෙන​
    මා අහස් කුසකි...🌅


    දියඹ වෙත ඇදෙන​
    නුඹ සයුරු රළකි...🌊
    බලා සසැලෙන​
    මා දැවෙන​ වෙරළකි...🔥


    මෙයා නම් ඉතින් උඩ දාගෙන අපිව පිස්සු වැට්ටෙන්න ලියයි....දාන්න කමෙන්ට් එකක් හිත හිත අපි මැරෙන්න ඕන​......😤

    ReplyDelete
    Replies
    1. ඔයාට මැරෙන්න දෙනවද වස්තුව මම.... දවස් හතක් පාර්ටියක් දානවා උඹ මලහම

      Delete
  7. දාන්න කොමෙන්ට් එකක් හිත හිත අපි මැරෙන්න ඕනි x 2

    ReplyDelete
    Replies
    1. ඇයි බං කමි අයියේ ඒම​?😂

      Delete
    2. මේ... අනිත් එවුන්ගේ කමෙන්ට් පේස්ට් කරලා මෙතන අලවන්න එන්න එපා හරිද...

      බොසා-
      යකෝ මේකි... වැඩිහිටියන්ට ගරුකරන්න ඉගනගනින්. ඔය කමියා හරි වයසේදී කසාදයක් කරගත්තනම් උඹට වඩා අවුරුද්දක් දෙකක් බාල මිනිපිරියොත් ඉන්නවා.

      Delete