Monday, April 11, 2016

අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....



සිහසුන අතහැර
කිරුළ වීසි කල
කුමරුන් සාලිය වෙමි මම රජ කල
මාලාවන් හට බැඳි පෙම මත්තෙම
අතැර දමා ගිය මාලිග රන් දොර

රන් මසු උයනේ පෙම් බස් දෙඩුවෙමු
ඉසුරුමුණිය ලඟ තරු කැට ගැන්නෙමු
බසවක්කුලමේ පිපි නෙළුමන් ගෙන
ඇගෙ වරලස සරසා හැඩ බැළුවෙමි

වශී වුනෙමි මන කැලඹූ රූපෙට
විඩා නිවා ගති සැනසුම් වදනට
අමතක කල මට මාවම ඇය ලඟ
රජකම කුමටද ඇය නැති ලෝකෙක
සිතා සැනසුනෙමි...සොයා නික්මුනෙමි...
සහේට ගත්තෙමි...ඇගෙ සුව වින්දෙමි...

වියකී යනවිට රන් රුව අවුවට
වැහැරී යන විට තිසරුන් පොලවට
විඩාපත්ව ගිලි ඇගෙ නෙතු දුටුවම
මතක්වුනා රජ සැලකිලි පෙර විඳ
වසන් කරගතිමි...වැරෙන් හිනහුනෙමි...
මගේ ලඟින් හුන් ඇගෙ හිස සිම්ඹෙමි

කැත්ත උදැල්ලට හුරු නොවු මා හට
සවියක් වුන ඒ සියුමැලි දෑතට
මැසිවිලි කෙඳිරිලි නොනැගූ මුවගට
කඳුළු නගන්නට නොහැකිය කිසිවිට
සිතට දිරි ගතිමි...කඳුළු පිස ගතිමි...
මැදුරු රජ සිහින සුළඟේ පා කලෙමි...

මවකි දරුවනට විටක මා හටම
ලඳකි ලඳ බොලඳ තුරුලේ රැඳි පැයට
රුවට පෙර කලෙක බැන්ද ආලයට
වඩා වැඩි යමකි ඇයගේ වත තුලම
කිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය....
තවත් කුමකටද ඇයම මා ලඟය....


කටුස්සා....

49 comments:

  1. කිරුල ඇය ලගය,රජුත් ඇය තුලය,
    තවත් කුමටද ඇයම මා ලගය,
    පට්ට සහෝ ලස්සන නිර්මාණශිලි පද පෙළක්,

    ReplyDelete
  2. /තවත් කුමකටද ඇයම මා ලඟය....//
    තවත් මොනවාද කටුස්සෝ...
    ලස්සනම පද ගැලපුමක්

    ReplyDelete
    Replies
    1. උඹටත් රොම්බ තෑන්ක්ස් කිවුවා....

      Delete
  3. වේ නම් ඔබ කොල්ලෙක්
    විය යුතුයි වගේ 'සාලිය'
    කියල කිව්වලු කව්දෝ මන්දා... එලකිරි මචෝ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සාලිය එහෙම ඕවා දන්නවනම් ඒකා දැන් යන්නේ උඩින්.

      Delete
  4. මේ දවස් ටිකේම කියෙව්වා කසුට්ගෙ කවිවලින් වැඩියෙන්ම හිතට දැනුන කවිය ඇහුවොත් මේ කවි ටික මම තියන්නේ පලවෙනි තැනින් .. හැමදාම රහ සින්දුවක පද ටිකක් මාතෘකාවට හොරාගන්නවා නේ .ඒකත් මරු. මාතෘකාව දැක්ක ගමන් එන්න හිතෙනවනෙ .. :)

    ReplyDelete
    Replies
    1. පලවෙනි කවියනම් ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ කොටපු එකක් ගොඩක් කාලෙකට කලින්.අනිත් කවිටික තමයි මගේ අතින් අඩුම කාලෙකින් ලියවිච්ච කවිටික.විනාඩි 15ක් යන්න ඇති.වැඩිය හිතලා ලියපු කවියකුත් නෙමෙයි.

      සිංදු කෑලි උස්සන එක පුරුද්දට ගිහින්ද කොහේද....

      Delete
  5. මවකි දරුවනට විටක මා හටම
    ලඳකි ලඳ බොලඳ තුරුලේ රැඳි පැයට
    //රුවට පෙර කලෙක බැන්ද ආලයට
    වඩා වැඩි යමකි ඇයගේ වත තුලම
    කිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය....
    තවත් කුමකටද ඇයම මා ලඟය....//

    අති විශිෂ්ඨයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  6. ///////කිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය.... තවත් කුමකටද ඇයම මා ලඟය....////////

    ශාාා.... හරිම අපූරුයි කවි පෙළ...

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි නිර්මාණි....ඔන්න ඔහේ ඔය ස්තූතියෙන් පොඩ්ඩක් අර කසුනටත් දෙන්න.

      Delete
  7. අහසෙන් එන අපෙන් කටුස්සාට සුභ අලුත් අවුරුද්දට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔය දෙන්නගෙත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  8. හරීම අපූරු කවි පෙලක්. ලස්සනයි. ජය !!!

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි හේමමාලි...

      Delete
  9. හරීම අපූරු කවි පෙලක්. ලස්සනයි. ජය !!!

    ReplyDelete
  10. සදාතනික සත්‍යය.

    ReplyDelete
    Replies
    1. වටේ ගියත් හවසට ගෙදර නේ.....

      Delete
  11. අපරාදේ කලින්ම "අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ" කිය කිය දැගලුවේ...මේක කියෙව්වම කියන්න දේකුත් නැති වෙනවනෙ අප්පා...අසාධාරණයි ඕයි....හොරෙන් address එක mail කරන්න හොඳේ.....හික්....ඇත්තටම කටුසු ලිව්ව මට හොඳටම දැණුනු post එක​......

    ReplyDelete
    Replies
    1. ආපහු මොන ඇඩ්‍රස්ද පැටියෝ....ඔයා කියනකන් බලන් ඉන්නේ ඇවිල්ලා එක්කන් යන්න.

      මේ අගය කිරීමට ස්තූතියි.

      Delete
  12. \\වියකී යනවිට රන් රුව අවුවට
    වැහැරී යන විට තිසරුන් පොලවට
    විඩාපත්ව ගිලි ඇගෙ නෙතු දුටුවම\\
    මේක තමයි කාරණාව. මං ඉස්කෝලෙ යද්දි දැං වගේ කැත නෑ හරිද කටුස්සො. දැං තමයි මේ දොන්ත බබක්ක වගේ තඩි වෙලා ඉන්නෙ. බොළඳයිද මන්දා, මං අපේ වෙන්ඩ මනුස්සයගෙං අහන්නෙම ඕක. මං දැං කැතයි, මහතයිනෙ, ඔයාට මාව එපාවෙලාද. තව ටිකක් මහත් වෙයි බැන්ඳම, කැත වෙයි, එතකොට ඔයාට මාව එපාවෙයි කියල. එයා ඇස් වලින් කියන උත්තරේ කටුස්සා මෙතන හරි ලස්සනට ලියල තියෙනව.
    \\රුවට පෙර කලෙක බැන්ද ආලයට
    වඩා වැඩි යමකි ඇයගේ වත තුලම
    කිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය....
    තවත් කුමකටද ඇයම මා ලඟය....\\
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. රහසක් කියන්නම්...ඕක තමයි ගෑණු ළමයි තේරුම් නොගන්න දේ.බහුතරයක් පිරිමින්ගේ හිතේ තමන්ගේ පෙම්වතිය,බිරිඳ ගැන ජීවිත කාලය පුරාවටම ඇඳිලා තියෙන්නේ ඒ ආදරයේ මුල් කාලයේ ඇඳුන චිත්‍රයම විතරයි.ඒ නිසා ඔය රූපය ගැන වැඩිය හිතන්න යන්න එපා.

      Delete
    2. ඇඬුනා.. සිරාවට කොමෙන්ට් එකට. තැන්කූ වේවා.

      Delete
  13. “...හදින් කුමකට වෙමුද දෙදෙනෙකු
    මගෙන් විමසන නුඹ තෙපුල් සර
    නුඹේ සියුමැලි ගතෙහි කිමිදෙන
    මගේ රාගික හදට නොඇසිණ“

    (පවු පිරූ පෙම- කර්තෘ මට මතක නෑ.)

    ReplyDelete
    Replies
    1. බැතිබර හැඟුම් දනවන ඔබගේ සුවඳ
      මොලකැටි පුතුගේ වත කමලේ ඇත නිබඳ
      අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස
      නොහැගෙයි ලඟින් හිඳ මගෙ හිස සිඹින සඳ

      Delete
  14. දවසක් ඔයාගේ පෝස්ට් එකකට කමෙන්ට් කරපු කෙනෙක් කියලා තිබුනා ලවු හුටපට නොලියා අනික්වා ලිවුවනම් ඔයා අද ලංකාවේ පොරක් වෙනවා කියලා.ඔයාගේ මේවගේ ලිපි කියවනකොට ඒක බොරුවක් නෙමෙයි කියලත් හිතෙනවා.ඒ වුනාට ලවු හුටපටත් ලස්සනට ලියන නිසා ඒවා ලියන්න එපා කියන්නත් හිතෙන්නේ නෑ.හිතට එන දේවල් ලස්සනට අකුරුකරන්න තියන හැකියාවට ගරුකරන ගමන්ම සුබපතනවා මේ කවියටත්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිවුවොත් මම ලියන්නේ මගේ ඔළුව නිදහස් කරගන්න.වේසපාලනය හරි වෙන බර බර දේවල් ගැන ලියලා තව බර වැඩිකරගන්න මට ඕනේ නෑ.ඒ වුනාට හිටපු ගමන් ඒවා එලියට පනින වෙලාවන් තියනවා.ඒ නිසා මේ ස්ටයිල් එක වෙනස්වෙන එකක් නෑ මගේ.සුබපැතුමට ස්තූතියි ඇනෝ.

      Delete
    2. පට්ට උත්තරේ... මටනං ඇත්තම කිව්වොත් ඒ පැත්ත ගැන තේරුමක්ම නෑ...සීනි බෝල කෙල්ලක් නිසා වෙන්න ඇති.

      Delete
  15. කිරුල ඇය ලගය,රජුත් ඇය තුලය,
    තවත් කුමටද ඇයම මා ලගය,

    මේ පද ටික ගොඩක් දේ කියනවා , හරිම ලස්සන නිර්මාණයක්....

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ගේ ජීවිතය තව කෙනෙක්ගේ අතේ තියන එක වෙලාවකට හරි සුන්දරයි.ඒත් තව වෙලාවකට හරි භයන්කාරයි. ස්තූතියි චතූ අදහස් දැක්විමට. පුළුවන්නම් ඔය චතූ කියන නම බ්ලොග් එකේ නමින් වෙනස්කරගන්න.ඒක ඔයාව අනිත් අයට අදුරගන්න ගොඩක් ප්‍රයෝජනවත්වෙයි.

      Delete
  16. හැබෑටම සාලිය-අශෝකමාලා ජෝඩුවට ගිය කලක් ගැන නෑනෙ පොතකවත්!
    උඹ වෙනසකට මුල පුරලා වගේ...වෙනස නියමයි!

    ReplyDelete
    Replies
    1. සද්ධර්මාලංකාරෙ තියෙනව නොවැ ඒ දෙන්නා රජකම ප්‍රතික්ෂේප කරලා යහපත් ජීවිතයක් ගෙවලා කාලයාගෙ ඇවෑමෙන් කම් වූ පරිද්දෙන් පරලොව ගියා කියලා..))

      Delete
    2. සාලියව බල්ලට දාපන්.උන් දෙන්නා වගේද උඹ ආපහු ආපු එක.....අර පජාත කවි උදේ පාන්දරම කියවනවා තරම් ගතියක් තියනවද සාලියගේ ලවුස්ටෝරියේ.මේ නිවාඩු දවස් ටික මගෑරලා ඉක්මනටම ආපහු ලියන්න ගනින්.

      වරුසා-
      ඔය ඉතිහාස පොත් ගැන ඉස්සර ඉඳලම මට තියෙන්නේ අවුලක්.කතාවක් විදිහට රස විඳින්නනම් හොඳයි.ඒත් ඉතිහාස තොරතුරු ලබාගන්න පාවිච්චි කරන එකටනම් මම කැමති නෑ.අවුරුදු ගානකට කලින් සිදුවීම් ඊට ගොඩක් කාලෙකට පස්සේ බිහිවන කෙනෙක් අතින් කටකතා, ජනප්‍රවාද ඇසුරින් රචනාවෙන එක ,ඒවා ඇසුරින් ඉතිහාසය හොයන්න යාම ටිකක් අවුල් නේද?

      Delete
  17. තාත්තා වුණත් මා බත සරි කරන ....
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ....


    හදවතට දැනුණ අපූරු නිර්මාණයක් කටුසු !

    ReplyDelete
  18. කිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය....
    තවත් කුමකටද ඇයම මා ලඟය....//
    බොක්කටම වැදුනා කටුසු

    ReplyDelete
    Replies
    1. අවුරුදු කන්න ඉඩ තියාගනින්....

      Delete
  19. කටුස්ස මෑතකදී ලිව්වා හොඳම නිසඳැසක් හැටියට නම් කරන්න කැමතියි. ඉතාමත් ලස්සන අදහසක් හොඳට ගලපලා ලියල තියනවා.
    http://nelumyaya.com/?p=5557

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අජිත් අයියේ...

      Delete
  20. අඩෝ පිස්සු හැදෙනව යකෝ.. මේවා කියවලා මම බුකිය අත ඇරලා මේකෙම අතරමං වේවි.. ශුවර් ! බුකියේ මේවා නෑ බං. සිරාවටම සිරා. මාරයි. ඇඬෙනවා. පට්ටයි !

    ReplyDelete
    Replies
    1. මේකේ සමාන්‍යයෙන් සිද්දවෙන්නේ මෙතන ඉන්න එවුන් බුකියට ඇදෙන එකයි.උඹවත් එහෙනම් ඒක වෙනස් කරපන්.

      Delete
  21. නියම සංකල්පනාවක් කටුස්.

    ReplyDelete
  22. සුපිරියි කටුස්සෝ, දැනෙන විදියට ලියල.

    ReplyDelete