Monday, April 11, 2016
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....
සිහසුන අතහැර
කිරුළ වීසි කල
කුමරුන් සාලිය වෙමි මම රජ කල
මාලාවන් හට බැඳි පෙම මත්තෙම
අතැර දමා ගිය මාලිග රන් දොර
රන් මසු උයනේ පෙම් බස් දෙඩුවෙමු
ඉසුරුමුණිය ලඟ තරු කැට ගැන්නෙමු
බසවක්කුලමේ පිපි නෙළුමන් ගෙන
ඇගෙ වරලස සරසා හැඩ බැළුවෙමි
වශී වුනෙමි මන කැලඹූ රූපෙට
විඩා නිවා ගති සැනසුම් වදනට
අමතක කල මට මාවම ඇය ලඟ
රජකම කුමටද ඇය නැති ලෝකෙක
සිතා සැනසුනෙමි...සොයා නික්මුනෙමි...
සහේට ගත්තෙමි...ඇගෙ සුව වින්දෙමි...
වියකී යනවිට රන් රුව අවුවට
වැහැරී යන විට තිසරුන් පොලවට
විඩාපත්ව ගිලි ඇගෙ නෙතු දුටුවම
මතක්වුනා රජ සැලකිලි පෙර විඳ
වසන් කරගතිමි...වැරෙන් හිනහුනෙමි...
මගේ ලඟින් හුන් ඇගෙ හිස සිම්ඹෙමි
කැත්ත උදැල්ලට හුරු නොවු මා හට
සවියක් වුන ඒ සියුමැලි දෑතට
මැසිවිලි කෙඳිරිලි නොනැගූ මුවගට
කඳුළු නගන්නට නොහැකිය කිසිවිට
සිතට දිරි ගතිමි...කඳුළු පිස ගතිමි...
මැදුරු රජ සිහින සුළඟේ පා කලෙමි...
මවකි දරුවනට විටක මා හටම
ලඳකි ලඳ බොලඳ තුරුලේ රැඳි පැයට
රුවට පෙර කලෙක බැන්ද ආලයට
වඩා වැඩි යමකි ඇයගේ වත තුලම
කිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය....
තවත් කුමකටද ඇයම මා ලඟය....
කටුස්සා....
Subscribe to:
Post Comments (Atom)
කිරුල ඇය ලගය,රජුත් ඇය තුලය,
ReplyDeleteතවත් කුමටද ඇයම මා ලගය,
පට්ට සහෝ ලස්සන නිර්මාණශිලි පද පෙළක්,
ස්තූතියි මචෝ...
Delete/තවත් කුමකටද ඇයම මා ලඟය....//
ReplyDeleteතවත් මොනවාද කටුස්සෝ...
ලස්සනම පද ගැලපුමක්
උඹටත් රොම්බ තෑන්ක්ස් කිවුවා....
Deleteවේ නම් ඔබ කොල්ලෙක්
ReplyDeleteවිය යුතුයි වගේ 'සාලිය'
කියල කිව්වලු කව්දෝ මන්දා... එලකිරි මචෝ..
ජයවේවා..!!
සාලිය එහෙම ඕවා දන්නවනම් ඒකා දැන් යන්නේ උඩින්.
Deleteමේ දවස් ටිකේම කියෙව්වා කසුට්ගෙ කවිවලින් වැඩියෙන්ම හිතට දැනුන කවිය ඇහුවොත් මේ කවි ටික මම තියන්නේ පලවෙනි තැනින් .. හැමදාම රහ සින්දුවක පද ටිකක් මාතෘකාවට හොරාගන්නවා නේ .ඒකත් මරු. මාතෘකාව දැක්ක ගමන් එන්න හිතෙනවනෙ .. :)
ReplyDeleteපලවෙනි කවියනම් ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ කොටපු එකක් ගොඩක් කාලෙකට කලින්.අනිත් කවිටික තමයි මගේ අතින් අඩුම කාලෙකින් ලියවිච්ච කවිටික.විනාඩි 15ක් යන්න ඇති.වැඩිය හිතලා ලියපු කවියකුත් නෙමෙයි.
Deleteසිංදු කෑලි උස්සන එක පුරුද්දට ගිහින්ද කොහේද....
මවකි දරුවනට විටක මා හටම
ReplyDeleteලඳකි ලඳ බොලඳ තුරුලේ රැඳි පැයට
//රුවට පෙර කලෙක බැන්ද ආලයට
වඩා වැඩි යමකි ඇයගේ වත තුලම
කිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය....
තවත් කුමකටද ඇයම මා ලඟය....//
අති විශිෂ්ඨයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!
විස්කෝතුයි ඉයන්.....
Delete///////කිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය.... තවත් කුමකටද ඇයම මා ලඟය....////////
ReplyDeleteශාාා.... හරිම අපූරුයි කවි පෙළ...
බොහොමත් ස්තූතියි නිර්මාණි....ඔන්න ඔහේ ඔය ස්තූතියෙන් පොඩ්ඩක් අර කසුනටත් දෙන්න.
Deleteඅහසෙන් එන අපෙන් කටුස්සාට සුභ අලුත් අවුරුද්දට සුභ පැතුම්
ReplyDeleteඔය දෙන්නගෙත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා.
Deleteහරීම අපූරු කවි පෙලක්. ලස්සනයි. ජය !!!
ReplyDeleteබොහොමත් ස්තූතියි හේමමාලි...
Deleteහරීම අපූරු කවි පෙලක්. ලස්සනයි. ජය !!!
ReplyDeleteසදාතනික සත්‍යය.
ReplyDeleteවටේ ගියත් හවසට ගෙදර නේ.....
Deleteඅපරාදේ කලින්ම "අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ" කිය කිය දැගලුවේ...මේක කියෙව්වම කියන්න දේකුත් නැති වෙනවනෙ අප්පා...අසාධාරණයි ඕයි....හොරෙන් address එක mail කරන්න හොඳේ.....හික්....ඇත්තටම කටුසු ලිව්ව මට හොඳටම දැණුනු post එක......
ReplyDeleteආපහු මොන ඇඩ්‍රස්ද පැටියෝ....ඔයා කියනකන් බලන් ඉන්නේ ඇවිල්ලා එක්කන් යන්න.
Deleteමේ අගය කිරීමට ස්තූතියි.
\\වියකී යනවිට රන් රුව අවුවට
ReplyDeleteවැහැරී යන විට තිසරුන් පොලවට
විඩාපත්ව ගිලි ඇගෙ නෙතු දුටුවම\\
මේක තමයි කාරණාව. මං ඉස්කෝලෙ යද්දි දැං වගේ කැත නෑ හරිද කටුස්සො. දැං තමයි මේ දොන්ත බබක්ක වගේ තඩි වෙලා ඉන්නෙ. බොළඳයිද මන්දා, මං අපේ වෙන්ඩ මනුස්සයගෙං අහන්නෙම ඕක. මං දැං කැතයි, මහතයිනෙ, ඔයාට මාව එපාවෙලාද. තව ටිකක් මහත් වෙයි බැන්ඳම, කැත වෙයි, එතකොට ඔයාට මාව එපාවෙයි කියල. එයා ඇස් වලින් කියන උත්තරේ කටුස්සා මෙතන හරි ලස්සනට ලියල තියෙනව.
\\රුවට පෙර කලෙක බැන්ද ආලයට
වඩා වැඩි යමකි ඇයගේ වත තුලම
කිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය....
තවත් කුමකටද ඇයම මා ලඟය....\\
ජය වේවා...
රහසක් කියන්නම්...ඕක තමයි ගෑණු ළමයි තේරුම් නොගන්න දේ.බහුතරයක් පිරිමින්ගේ හිතේ තමන්ගේ පෙම්වතිය,බිරිඳ ගැන ජීවිත කාලය පුරාවටම ඇඳිලා තියෙන්නේ ඒ ආදරයේ මුල් කාලයේ ඇඳුන චිත්‍රයම විතරයි.ඒ නිසා ඔය රූපය ගැන වැඩිය හිතන්න යන්න එපා.
Deleteඇඬුනා.. සිරාවට කොමෙන්ට් එකට. තැන්කූ වේවා.
Delete“...හදින් කුමකට වෙමුද දෙදෙනෙකු
ReplyDeleteමගෙන් විමසන නුඹ තෙපුල් සර
නුඹේ සියුමැලි ගතෙහි කිමිදෙන
මගේ රාගික හදට නොඇසිණ“
(පවු පිරූ පෙම- කර්තෘ මට මතක නෑ.)
බැතිබර හැඟුම් දනවන ඔබගේ සුවඳ
Deleteමොලකැටි පුතුගේ වත කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස
නොහැගෙයි ලඟින් හිඳ මගෙ හිස සිඹින සඳ
දවසක් ඔයාගේ පෝස්ට් එකකට කමෙන්ට් කරපු කෙනෙක් කියලා තිබුනා ලවු හුටපට නොලියා අනික්වා ලිවුවනම් ඔයා අද ලංකාවේ පොරක් වෙනවා කියලා.ඔයාගේ මේවගේ ලිපි කියවනකොට ඒක බොරුවක් නෙමෙයි කියලත් හිතෙනවා.ඒ වුනාට ලවු හුටපටත් ලස්සනට ලියන නිසා ඒවා ලියන්න එපා කියන්නත් හිතෙන්නේ නෑ.හිතට එන දේවල් ලස්සනට අකුරුකරන්න තියන හැකියාවට ගරුකරන ගමන්ම සුබපතනවා මේ කවියටත්.
ReplyDeleteඇත්තටම කිවුවොත් මම ලියන්නේ මගේ ඔළුව නිදහස් කරගන්න.වේසපාලනය හරි වෙන බර බර දේවල් ගැන ලියලා තව බර වැඩිකරගන්න මට ඕනේ නෑ.ඒ වුනාට හිටපු ගමන් ඒවා එලියට පනින වෙලාවන් තියනවා.ඒ නිසා මේ ස්ටයිල් එක වෙනස්වෙන එකක් නෑ මගේ.සුබපැතුමට ස්තූතියි ඇනෝ.
Deleteපට්ට උත්තරේ... මටනං ඇත්තම කිව්වොත් ඒ පැත්ත ගැන තේරුමක්ම නෑ...සීනි බෝල කෙල්ලක් නිසා වෙන්න ඇති.
Deleteකිරුල ඇය ලගය,රජුත් ඇය තුලය,
ReplyDeleteතවත් කුමටද ඇයම මා ලගය,
මේ පද ටික ගොඩක් දේ කියනවා , හරිම ලස්සන නිර්මාණයක්....
කෙනෙක්ගේ ජීවිතය තව කෙනෙක්ගේ අතේ තියන එක වෙලාවකට හරි සුන්දරයි.ඒත් තව වෙලාවකට හරි භයන්කාරයි. ස්තූතියි චතූ අදහස් දැක්විමට. පුළුවන්නම් ඔය චතූ කියන නම බ්ලොග් එකේ නමින් වෙනස්කරගන්න.ඒක ඔයාව අනිත් අයට අදුරගන්න ගොඩක් ප්‍රයෝජනවත්වෙයි.
DeleteI will do it.
Deleteහැබෑටම සාලිය-අශෝකමාලා ජෝඩුවට ගිය කලක් ගැන නෑනෙ පොතකවත්!
ReplyDeleteඋඹ වෙනසකට මුල පුරලා වගේ...වෙනස නියමයි!
සද්ධර්මාලංකාරෙ තියෙනව නොවැ ඒ දෙන්නා රජකම ප්‍රතික්ෂේප කරලා යහපත් ජීවිතයක් ගෙවලා කාලයාගෙ ඇවෑමෙන් කම් වූ පරිද්දෙන් පරලොව ගියා කියලා..))
Deleteසාලියව බල්ලට දාපන්.උන් දෙන්නා වගේද උඹ ආපහු ආපු එක.....අර පජාත කවි උදේ පාන්දරම කියවනවා තරම් ගතියක් තියනවද සාලියගේ ලවුස්ටෝරියේ.මේ නිවාඩු දවස් ටික මගෑරලා ඉක්මනටම ආපහු ලියන්න ගනින්.
Deleteවරුසා-
ඔය ඉතිහාස පොත් ගැන ඉස්සර ඉඳලම මට තියෙන්නේ අවුලක්.කතාවක් විදිහට රස විඳින්නනම් හොඳයි.ඒත් ඉතිහාස තොරතුරු ලබාගන්න පාවිච්චි කරන එකටනම් මම කැමති නෑ.අවුරුදු ගානකට කලින් සිදුවීම් ඊට ගොඩක් කාලෙකට පස්සේ බිහිවන කෙනෙක් අතින් කටකතා, ජනප්‍රවාද ඇසුරින් රචනාවෙන එක ,ඒවා ඇසුරින් ඉතිහාසය හොයන්න යාම ටිකක් අවුල් නේද?
මරු ඈ..___
ReplyDeleteවිස්කෝතුයි ඈ....
Deleteතාත්තා වුණත් මා බත සරි කරන ....
ReplyDeleteඅම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ....
හදවතට දැනුණ අපූරු නිර්මාණයක් කටුසු !
ගොඩක් ස්තූතියි මෙතූ.
Deleteකිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය....
ReplyDeleteතවත් කුමකටද ඇයම මා ලඟය....//
බොක්කටම වැදුනා කටුසු
අවුරුදු කන්න ඉඩ තියාගනින්....
Deleteකටුස්ස මෑතකදී ලිව්වා හොඳම නිසඳැසක් හැටියට නම් කරන්න කැමතියි. ඉතාමත් ලස්සන අදහසක් හොඳට ගලපලා ලියල තියනවා.
ReplyDeletehttp://nelumyaya.com/?p=5557
ගොඩක් ස්තූතියි අජිත් අයියේ...
Deleteඅඩෝ පිස්සු හැදෙනව යකෝ.. මේවා කියවලා මම බුකිය අත ඇරලා මේකෙම අතරමං වේවි.. ශුවර් ! බුකියේ මේවා නෑ බං. සිරාවටම සිරා. මාරයි. ඇඬෙනවා. පට්ටයි !
ReplyDeleteමේකේ සමාන්‍යයෙන් සිද්දවෙන්නේ මෙතන ඉන්න එවුන් බුකියට ඇදෙන එකයි.උඹවත් එහෙනම් ඒක වෙනස් කරපන්.
Deletethanks ruwan
ReplyDeleteනියම සංකල්පනාවක් කටුස්.
ReplyDeleteතැන්කූ ප්‍රසා....
Deleteසුපිරියි කටුස්සෝ, දැනෙන විදියට ලියල.
ReplyDelete