Saturday, March 5, 2016

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට.....




සයුර
නුඹ....අහසට පෙම්කරනා
වෙරළ
මම....සයුරට ලොබ බඳිනා
කඳුල
නුඹ....කොපුලෙහි නිති රැඳෙනා
තරුව
මම....කඳුලට නෙතු යොමනා
නුඹම 
නුඹ....කිසිදා හිමි නොවනා
මමම
මම....සැමදා සුව පතනා
අපිම
අපි....ගිනිකඳු මෙන් දැවෙනා


කටුස්සා....

37 comments:

  1. මගේ....
    ඔලුව කැරකෙනා ...........

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටගනින්.ඉඳගනම ඉදලා තැලිලා නිසා වෙන්න ඇති.

      Delete
  2. නිදිමතත් නැතුව ගියා .
    කොර ඈ

    ReplyDelete
    Replies
    1. මේකේ ඉන්න ළමයා බ්‍රා එකක් ඇදලා නැහැ කියලා උඹට පෙනුනෙත් නැති තරම් කොර වුණා නේද?????

      Delete
    2. රස්සාව වෙනස්වුන දා ඉඳන් උඹට මාර විදිහට විරහව දැනෙනවා නේද?

      කුරුටු-
      ඕවා මගෑරෙන්නේ නෑ බං.උගෙ බිසිනොස් එකනේ....

      Delete
  3. *
    "අපිම
    අපි ගිනි කඳු මෙන් දැවෙනා"
    මගෙම
    මගෙ හිමි නැති හිත් රිදනා
    ඔබෙම
    ඔබෙ තුන් යම පද බඳිනා
    විඳිමි
    නිති පෙර දුටු පෙම පතනා
    අහිමි
    හිමි ඔබමය හිත සොයනා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. "අහිමි
      හිමි ඔබමය හිත සොයනා"
      විඳිමි
      මම උණුසුම පෙර දැනුනා
      සොයමි
      නුඹ හදවත රූ අඳිනා
      පතමි
      ඔබ හැම බවයෙම නිතිනා
      නොදෙමි
      කිසි කෙනෙකුට හද පෙමිනා

      Delete
  4. කාලෙකට දිගායී....... කාලකට කොටායී...... ඒත් ලස්සනායී.....

    ReplyDelete
    Replies
    1. ඕක ලිවුවේ පේපර් සර්වියට් එකක.ඉරෙන නිසා දිග කවි ලියන බෑ.ඒකයි ඕක කොටවුනේ බං.

      Delete
  5. short and sweet කියල දෙයක් අහල තියෙනවැ යි???? අහල නැත්තම් කියවලා එන්නකෝ කටුසු පෝස්ටුව අද​ ලියල තියෙන....ආයේ මං නොකිව්වැ යි කියන්න එපා හරිය !!!

    ReplyDelete
    Replies
    1. කටුසුගේ පෝස්ට්????? ඊයා මලජරාව.උගේ මල ඇඬියාව.මගේ බල්ලවත් බලන්නේ නෑ ඒවා....ඔඇක්....

      Delete
    2. හික් හික්..බල්ලෝ අහවල් එහෙකටද අනේ...මේ අපි වගේ බවලත් උදවිය ඉන්නවා නොවෑ ඔව්ව ආසාවෙන් කියවන්න​...

      Delete
  6. උඹ දැන් ළගකදි ඉදලා පිච්චෙනවා පිච්චෙනවා ඉවරයක් නැහැ නේද බං....

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල වැඩකරන්නේ ගිනි නිවන හමුදාවේ.ඒකයි මේ....

      Delete
  7. හපොයි අපේ කසුට්ටට බූටි එක තිබ්බ එකී මොකාද?මෙච්චර ගිනි ගන්න තරම්.ගහමුද බ්ලොගේ සේරමල ඇල් වතුර බාල්දිය බැගින් ගිනි කන්ද නිවිල යන්ට

    ඔයා කෙටි නවි ලියනව කියන එක ටිකක් අමුතුයි වගේ මට..ඒත් මාර රහයි ඈ

    ReplyDelete
    Replies
    1. වතුර ගහන්න මට....වරෙන්කෝ එහෙනම් බාල්දිය උස්සගන

      Delete
  8. ඔය තරම් පිච්චි පිච්චි ඉන්නකන් ඕක ඔය ප්‍රශ්නේ තියන ළමයා එක්ක විසදගත්තොත් නරකද කටුස්සයියේ...කී දවසක ඉදන්ද අනේ ඔයා මේ අඩ අඩ ඉන්නේ...:D :D

    ReplyDelete
    Replies
    1. මේක ලිවුවේ උදේට කන ගමන් කැශියර් එකේ ඉන්න නංගි බබා දිහා බලාගන.එයා එක්ක මේ ගැන කතාකරන්නනම් පුළුවන්.ඒ වුනාට දුර වැඩියි.වැඩේ අල්ලලා දැම්මා.

      Delete
  9. මෙලොව
    අපි....කිසිදා එක් නොවෙනා
    පවුරු
    අප....හදවත් වෙන් කරනා

    ReplyDelete
    Replies
    1. ඔය තාප්පවලටනම් ඩයිනා කරලක් දැම්මම වැඩේ ගොඩ....

      Delete
  10. හිටින් පේපර් සර්වියට් පැකට් දෙක තුනක් ගෙනත් දෙන්න

    ReplyDelete
  11. අමිමෝ……පිං....... ඔය බූට් එක තියපු කෙල්ලට දහස් වාරයක් පිං...........

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න දැනට අවුරුදු 2 කට විතර ඉස්සර බූට් දීපු කෙල්ලට මම තාම පිංදෙනවා....

      Delete
  12. ෂා උඹ පරිණත කවියෙක් වෙලානේ
    කවුද උමට මේ වගේ කවියක් ලියන්න හේතු වුන කෙලි පොඩ්ඩ

    ReplyDelete
    Replies
    1. ඔයවගේ කතා කියලා මිනිස්සු ඉස්සරහා මගේ රෙදි ගලවන්න එපා යකෝ....

      උඹ දන්නේ නෑ බං මේ දවස්වල තුන් වේලටම කන කඩේ ඉන්න කෙලි පොඩ්ඩ.මට මන්නාරමේම නවතින්න හිතෙනවා කරෝල කූරියෙක් වේලගන.

      Delete
  13. //අපිම
    අපි....ගිනිකඳු මෙන් දැවෙනා//
    මරු .

    ReplyDelete
    Replies
    1. මරු තමයි පිපිරුණ දවසට....

      Delete
  14. ගිරීස්මෙ වැඩි හිංදා වැස්ස ගැන නේද මේ ලියල තියෙන්නෙ? හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න උඹට විතරයි තේරුනේ.....

      Delete
  15. හැමදාමත් වගේම ලස්සනයි කටුස්සෝ...
    (උඹ දවසගානේ කඩේට රිංගලා දැවුනට කැෂියර් නංගි දැවෙන්නේ නැහැ බන්.. හැක්..)

    ReplyDelete
    Replies
    1. කැශියර් නංගා දැවුනොත් එයාගේ හස්බන්ඩා මාව මස්කරයි....

      Delete
  16. දැන් ආයෙත් කවි ලියනෝ වගේ :)

    ReplyDelete
    Replies
    1. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ ඉතින්....:)

      Delete