Tuesday, May 19, 2015

කවිය....




හිරු සැගව ගිය දිනක අදිසි වෙස් ගෙන සැනින
උරුම පාළුව හැඳින හදිසියෙන් සුව රැගෙන
වියළි ගිය සිත් මලට සිසිල් දිය පැන් ඉසින
පොළව දෙදරා මතුව සුව ගෙනපු දිය කදුර

පන්හිඳට වෙර කෙරුව යුගය නුඹ නිමාකර
අහිමි සුව හදවතට යලි යලිත් උදාකල
නුහුරු නුවරක තනිව පාලුවෙන් හිදින සඳ
නුඹම පමණයි හිටියේ තනිකමට මගේ ලඟ

සැගව තිබු සිතුම්පෙල එකින් එක මිටට ගෙන
වල් වැදුන බිම් කඩක සුපුශ්පිත රුව මැවුව
සිරව තිබු ආත්මය හිතුමතේ පා කෙරුව
නුඹම විය මා සොඳුර අදුරු සිත පහන් කල

පායනා විටදි හිරු අළුත් අහසක දිනක
අහිමි සෙනෙහස සොයා හිරුට පෙම්බැඳි විටක
නොකියාම මට හොරෙන් පිටවෙලා නොපෙනෙන්න
සැගවුනේ කොහෙද නුඹ සොයනවා තවම මම

පායනා හිරු දිනක සැගවෙයිද නොදත් කල
කෙලෙස රදවම්ද මා මගෙ දිවිය හිරු මතම
නොයා නුඹ දුරු කතර දමා මා අතරමග
කවිය නුඹ හැමදාම රැඳෙනු මැන මා ලගම






  
කටුස්සා....

19 comments:

  1. රළු වුවත් මුදු වුවත් සිතිවිල්ල එක ලෙසට
    සුසිනිඳුව ගැලපෙමින් ගලා හැලෙනා කලට
    සිසිල් දිය දෝතකින් දැනෙන පහසක් ලෙසට
    කවිය නුඹ සදාකල් වී සිටින් මා ළඟට

    ReplyDelete
    Replies
    1. ඒකා යන්න හදනවා බං.දැන් ඉන්නේ වැට උඩ.

      Delete
  2. සිතුවිලි සමුදායක්..

    ReplyDelete
  3. නිර්මානය එල ද බ්‍රා
    තව දෙපාරක් තුන්පාක් කියවලා කමෙනටත් කියවලා තෙරැම් ගන්න ට්‍රයි එකක් දෙනවා.

    ReplyDelete
    Replies
    1. තේරුම්ගන්න අමාරු නෑ බං.මේ දවස් වල හාර්ට් එක ෆ්‍රීස්වෙලා.කිසිම මගුලක් ලියන්න හිතට එන්නේනෑ.

      Delete
  4. කවිය නුඹ හැර දමා ගොස් නැත
    නුඹම මිස හැර ගියේ කවි හිත..

    ReplyDelete
    Replies
    1. හිස් සිතම පිරුණ විට දඟකාර බැල්මකින්
      කවි සිතට නැතිවෙයිද ඉඩක් යලි හිත් මතින්

      Delete
  5. එළ එළ කටුස්සා... එළිසම අනං මනං නැති උනාට පද රයිම් වෙන අමුතුම ලස්සන ඉස්ටයිල් එකක්. තම්මැට්ටමක් ගහන තාලයක් ජනිත වෙනවා. අමුතුවෙන් නවත්තගන්න දෙයක් තියනවද බං, ඔය අපූරුවට කවිකම උඹ ගාව නැවතිලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට "අර" කවි ලියනකොට තරම් ගැම්මක් එන්නේ නෑනේ බං දැන්....

      Delete
  6. හරිම වටිනවා මගේ හැඟීම් කාව්‍යමය බසකින් පළකරන්නට නොහැකිව තැවෙමි.

    ReplyDelete
    Replies
    1. ලස්සනයි කටුස්සො. තව පාරක් කියවන්න ඕනෙ.
      ජය වේවා!!!

      Delete
    2. @ සාරිකා-
      ගන්න පෑන.කොලේකුත් ගන්න.දිගා වෙන්න ඇදේ.පටන් ගන්න ලියන්න.එතකොට ඉබේම ලියවෙයි.

      @ මනා-
      තැන්කූ කිවුවා මචෝ.

      Delete
  7. කවිය වෙලාවකට හැමදේකින්ම නිදහස ගේන දෙයක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....හැබැයි පාළුවට ආදරේකරන නිදහසක් ඒක.

      Delete
  8. හරිම අපූරුයි...

    මේ කවියට තමයි වැඩිපුර හිත ගියේ..

    // හිරු සැගව ගිය දිනක අදිසි වෙස් ගෙන සැනින
    උරුම පාළුව හැඳින හදිසියෙන් සුව රැගෙන
    වියළි ගිය සිත් මලට සිසිල් දිය පැන් ඉසින
    පොළව දෙදරා මතුව සුව ගෙනපු දිය කදුර//

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුශානි....

      Delete
  9. දුකට සැපට මෙහෙම කවි ලියන එක කොච්චර හොදද , හොද ළමය .
    අනික් එවුන් කරන්නෙ බෝතලයක් අරන් අඩියක් ගහල වේදනාව සමනය කරගන්න එක හරි සතුට සමරණ එක හරිනෙ.
    ඔද පුතා.

    ReplyDelete
  10. අනේ කටුස්සා හොද වෙලා.....
    පොස්ට් එක ගැන ඉතින් කියන්ඩ දෙයක් නෑ...පට්ට!!

    ReplyDelete