Sunday, May 10, 2015

අලුත් වැස්ස....




සිහින් මිමිණුම සමග මුසුවුන
නුඹේ හඬ මා සවන් රැවුදෙන
පාට දේදුණු අහසේ නැවතී
දුරින් හිඳ මට අත වනන සද
පපුව මත්තේ රැදුණු ආලය
මහමෙරක් සේ දැනෙන මොහොතක
අකුණු සර මෙන් නුඹේ නෙතුමත
පතිත වන්නට වරම් දෙනුමැන

සෙවන දෙන කඳු සෙවනැල්ල සේ
මගේ පසු පස නිබඳ සැරිසර
ආත්මය මල මුදාගන මගෙ
සිනිඳු අත්ලෙන් පිරිමදින කල
සඳේ නුඹ මට හෙලන විලිබර
බැළුම් මා සිත තදින් සිරකොට
තබන අරුමය පවසපන්  හෙට
යළිඳු නුඹ මා හමුවනා විට

නගා මදහස මුසුව නල හා
මගේ මන සිහියෙන් ඈත්කර
තබා පියවර ඉදිරියෙන් මා
මගේ පියවර නුඹව ලුහුබැද
මදක් නැවතී බලා නුඹ දෙස
බවුන් වඩනා මදෙස ඉදහිට
නගන තරවටු බැල්ම දෙනයන
තවත් හෙලපන් ආදරෙයි මම


කපා ඉනි ගං දියට පෙරදා
බලා සිටි මා ලඟට පියමැන
විසිර ගිය හද කැබලි එක් කල
මනා කල ආදර රැහැන් පට
මේඝයක් සේ වෙළී සියොලඟ
ලබාදී සිසිලස ලතෙත් වත
මගේ ලොව මා නැවත රජකල
රැජිණ නුඹ ලොව කිරුල අත්හල



කටුස්සා....






24 comments:

  1. Replies
    1. බොහොමත් ස්තූතියි අජිත් අයියේ.ඒත් ඔයිට වඩා වචනයක් හරි කොටලා යනවනම් ඒක මට වටිනවා මේ ඔක්කොටම වඩා.

      Delete
  2. උඹේ කවි වියමන් ගැනනං ඉතිං ආයි කියන්න ඕනි නෑනෙ.
    යන්තම් ඇති අදනම් සුඛාන්තයක් උදාවෙලා.

    ReplyDelete
    Replies
    1. අපි දැන් පාට වෙනස් කරන්න ඉගන ගන්නවනේ....

      Delete
  3. පද ටික පංකාදුයි කසුට්ටෝ...............

    ReplyDelete
    Replies
    1. උඹලටත් ගොඩක් ස්තූතියි දිරි ගැන්වීමට.

      Delete
  4. කාලෙකට පස්සේ තේත්බවක් සිතට දැනුනා. හදිසිය තිබුණ පළියට හොඳ නිර්මාණ බිහිවෙන්නේ නෑ. නේද කටුසුගේ නිමැවුම අපූරුයි

    ReplyDelete
    Replies
    1. මටත් තේරුම්ගන්න බැරි ඕක තමයි සාරිකා.මේක තමයි මම අඩුම කාලයක් අරගන කරපු නිර්මාණය.ලියන්න අරගන පබ්ලිශ් කරන්න පැයක්වත් ගියේ නෑ.කාලෙටත් වඩා එතනදි බලපානවා ඇත්තේ ඉන්න මූඩ් එක වෙන්න ඇති.

      දිරි ගැන්වීමට ස්තූතියි සාරිකා....

      Delete
  5. කරකුට්ටං වෙන කවි වලින් මාරුවෙලා සැනසෙන්න පුළුවන් කවියක් නිර්මාණය කරල.
    රජරටට දෙගොඩතලා යන්න වහින හින්දද මේ වෙනස.

    ReplyDelete
    Replies
    1. මම දැන් සති දෙකක් තිස්සේ කොළඹ.වැස්ස හින්දා එහෙ ගියෙත් නෑ වැඩක් නැති නිසා.
      කොල්ලා කොළඹ වැස්සට තෙමිලා.....

      Delete
  6. අළුත් කෑල්ලක් සෙට් වෙලා වගේයි..

    හැමදා නියං එකදා වැහි වලාවේ...

    වලා වේ.. කියලා ගන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. දැනටනම් වැහි වලාවේ.තව කාලයක් යන්න දීලා වලා වේ ද දන්නේ නෑ.එක්කෝ ඕනේ නෑ.
      "ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි..." කියල කියනවනේ....

      Delete
    2. නන්දා මාලනී විතරයි ඔහොම කිව්වෙ.

      Delete
  7. අළුත් වැඩේ නගලම යනවා වගේ. එල එල.. ඔහොම යමු. අකුරු වලා පොඩි පොඩි කෑලි සහ අක්ෂර වින්‍යාසය ගැනත් පොඩ්ඩක් බලපන්. නැත්තං එකපාරට කියවගෙන යනකොට තාලෙ වෙනස් වෙනවා... වෙනද වගේම සුපිරි!!!

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ දුන්න අවවාද වලටත් දිරිගැන්වීමටත් පෙන්නලා දුන්න වැරදිවලටත් බොහොමත් ස්තූතියි කිවුවා.

      Delete
  8. ලස්සනයි කටුස්සො. මම නම් කැමති උඹ දිගටම කවි ලියනවට. දැන් බූට්‌ කවි එහෙම හොයන්නත් නෑ නේ? ;)
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. නොදකින්...ඉල්ලපන්කෝ ආපහු බූට් කවි මගෙන්....මේකිත් දාලා ගියොත් එහෙම මට වෙන එකියෙක්වත් හොයල දීපන්.එතකොට බූට් කවි ජීවිතේට ලියන්නේ නෑ.

      Delete
  9. දැනුනේ ගී පද ටිකක් වගේ. නරකද ගී පද රචනාවක් කලොත් ?

    ReplyDelete
    Replies
    1. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවාට වඩා දන්න විදිහට කයියක් කොටාගන ඉන්න එක හොඳ නැද්ද?

      Delete
  10. ගිනි ගිනි ගිනි ගින්දර කසුට්ටෝ
    හිහි
    ඇත්තමයි පස්ට
    බූට් කවි බංග වේවා
    යේල යේලා

    ReplyDelete
    Replies
    1. බූට් කවිබංග වේවා.බූට් දෙන කෙල්ලෝ රිලවියෝම වේවා...

      Delete
  11. පපුව මත්තේ රැදුණු ආලය
    මහමෙරක් සේ දැනෙන මොහොතක
    අකුණු සර මෙන් නුඹේ නෙතුමත
    පතිත වන්නට වරම් දෙනුමැන


    හ්ම්ම් වරම් නැ කසුට්ටෝ්්් ඒකනේ මේ දුක

    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. අයියණ්ඩිය බිය නොවන්න.උත්සහය අත් නොහරින්න.ඔය රිලවියෝ ඔහොම්මම තමා.හිතේ තියන එක නෙමෙයි කියන්නේ.කියන දේ නෙමෙයි කරන්නේ.

      කියන්නමයි හිටියේ.කමෙන්ට් විතරක් දැම්මත් නරකද බ්ලොගර් ප්‍රොෆයිල් එකක් හදාගත්තොත්?

      Delete
  12. ඒ ගෑණු දැරිවි නම් හරි සීදේවී පාටයි බන්!!!

    ReplyDelete