Tuesday, May 19, 2015
කවිය....
හිරු සැගව ගිය දිනක අදිසි වෙස් ගෙන සැනින
උරුම පාළුව හැඳින හදිසියෙන් සුව රැගෙන
වියළි ගිය සිත් මලට සිසිල් දිය පැන් ඉසින
පොළව දෙදරා මතුව සුව ගෙනපු දිය කදුර
පන්හිඳට වෙර කෙරුව යුගය නුඹ නිමාකර
අහිමි සුව හදවතට යලි යලිත් උදාකල
නුහුරු නුවරක තනිව පාලුවෙන් හිදින සඳ
නුඹම පමණයි හිටියේ තනිකමට මගේ ලඟ
සැගව තිබු සිතුම්පෙල එකින් එක මිටට ගෙන
වල් වැදුන බිම් කඩක සුපුශ්පිත රුව මැවුව
සිරව තිබු ආත්මය හිතුමතේ පා කෙරුව
නුඹම විය මා සොඳුර අදුරු සිත පහන් කල
පායනා විටදි හිරු අළුත් අහසක දිනක
අහිමි සෙනෙහස සොයා හිරුට පෙම්බැඳි විටක
නොකියාම මට හොරෙන් පිටවෙලා නොපෙනෙන්න
සැගවුනේ කොහෙද නුඹ සොයනවා තවම මම
පායනා හිරු දිනක සැගවෙයිද නොදත් කල
කෙලෙස රදවම්ද මා මගෙ දිවිය හිරු මතම
නොයා නුඹ දුරු කතර දමා මා අතරමග
කවිය නුඹ හැමදාම රැඳෙනු මැන මා ලගම
කටුස්සා....
Labels:
වැට නැති කවි
Subscribe to:
Post Comments (Atom)
රළු වුවත් මුදු වුවත් සිතිවිල්ල එක ලෙසට
ReplyDeleteසුසිනිඳුව ගැලපෙමින් ගලා හැලෙනා කලට
සිසිල් දිය දෝතකින් දැනෙන පහසක් ලෙසට
කවිය නුඹ සදාකල් වී සිටින් මා ළඟට
ඒකා යන්න හදනවා බං.දැන් ඉන්නේ වැට උඩ.
Deleteසිතුවිලි සමුදායක්..
ReplyDeleteඅහිංසක ඉල්ලීමක්..
Deleteනිර්මානය එල ද බ්‍රා
ReplyDeleteතව දෙපාරක් තුන්පාක් කියවලා කමෙනටත් කියවලා තෙරැම් ගන්න ට්‍රයි එකක් දෙනවා.
තේරුම්ගන්න අමාරු නෑ බං.මේ දවස් වල හාර්ට් එක ෆ්‍රීස්වෙලා.කිසිම මගුලක් ලියන්න හිතට එන්නේනෑ.
Deleteකවිය නුඹ හැර දමා ගොස් නැත
ReplyDeleteනුඹම මිස හැර ගියේ කවි හිත..
හිස් සිතම පිරුණ විට දඟකාර බැල්මකින්
Deleteකවි සිතට නැතිවෙයිද ඉඩක් යලි හිත් මතින්
එළ එළ කටුස්සා... එළිසම අනං මනං නැති උනාට පද රයිම් වෙන අමුතුම ලස්සන ඉස්ටයිල් එකක්. තම්මැට්ටමක් ගහන තාලයක් ජනිත වෙනවා. අමුතුවෙන් නවත්තගන්න දෙයක් තියනවද බං, ඔය අපූරුවට කවිකම උඹ ගාව නැවතිලා තියෙන්නෙ..
ReplyDeleteඒ වුනාට "අර" කවි ලියනකොට තරම් ගැම්මක් එන්නේ නෑනේ බං දැන්....
Deleteහරිම වටිනවා මගේ හැඟීම් කාව්‍යමය බසකින් පළකරන්නට නොහැකිව තැවෙමි.
ReplyDeleteලස්සනයි කටුස්සො. තව පාරක් කියවන්න ඕනෙ.
Deleteජය වේවා!!!
@ සාරිකා-
Deleteගන්න පෑන.කොලේකුත් ගන්න.දිගා වෙන්න ඇදේ.පටන් ගන්න ලියන්න.එතකොට ඉබේම ලියවෙයි.
@ මනා-
තැන්කූ කිවුවා මචෝ.
කවිය වෙලාවකට හැමදේකින්ම නිදහස ගේන දෙයක්..
ReplyDeleteහ්ම්ම්....හැබැයි පාළුවට ආදරේකරන නිදහසක් ඒක.
Deleteහරිම අපූරුයි...
ReplyDeleteමේ කවියට තමයි වැඩිපුර හිත ගියේ..
// හිරු සැගව ගිය දිනක අදිසි වෙස් ගෙන සැනින
උරුම පාළුව හැඳින හදිසියෙන් සුව රැගෙන
වියළි ගිය සිත් මලට සිසිල් දිය පැන් ඉසින
පොළව දෙදරා මතුව සුව ගෙනපු දිය කදුර//
බොහොම ස්තූතියි තුශානි....
Deleteදුකට සැපට මෙහෙම කවි ලියන එක කොච්චර හොදද , හොද ළමය .
ReplyDeleteඅනික් එවුන් කරන්නෙ බෝතලයක් අරන් අඩියක් ගහල වේදනාව සමනය කරගන්න එක හරි සතුට සමරණ එක හරිනෙ.
ඔද පුතා.
අනේ කටුස්සා හොද වෙලා.....
ReplyDeleteපොස්ට් එක ගැන ඉතින් කියන්ඩ දෙයක් නෑ...පට්ට!!