Wednesday, April 1, 2015

සගවා ගනු මැන....



තුන් තිස් පැය ගිනිගෙන දැවෙනා
නොසිදෙන උල්පත් දිය ගලනා
ඔය නෙතු නිවනට අංජන වෙනුවට
අයිලයිනර් අයිෂැඩෝ සාත්තුව
පින්සලකින් නෙතු මත ඇදෙනා
සමකරනට නෙතු රත් සියපතකට
නොසිතෙයි මා සිත මුග්ධය නැගෙනිය

දඩබලු රෑණට හසුවී ඉදිමුණ
නුඹේ දෙතොල් රත් පැහැයට හරවන
ලිප්ස්ටික් කූරෙන් ඇදෙනා සායම
මත නුඹ අඳිනා දිවියෙහි සිත්තම
සැලෙනා නා දළු හා සම කරනා
කතාවේ තේරුම සොයනා මගෙ සිත
අවිචාරයි අද සමාවියන් මට

නොදැමුන දෙ අතට සිරවී පොඩිවන
නුඹෙ පියවුරුවල දැනෙනා රිදුමද
ලැමට යටින් ඇති ලයෙහී රිදුමද
සමවන්නේ තිසරුන් හට පිහිනන
නොදෙනෙයි සිතුමට වනචර මා සිත


නිරුවත් මස්පර්වත බර උසුලන
දිනකට සියවර තැල්මට ලක්වන
දරු බර දැරුමට හැඩවුන උකුලද
නිරාවරණ වුන මලවිකරලියද
මල් රොන් පිරි රියසක බඳු දෙයකට
උපමා කෙරුමට ඉඩ නොදෙනා සිත
සමාවියන් මට පාපිශ්ඨයි එය


නොමැතිව හැඟුමන් පෙන්වා ඇ
ති බව
ඈත බලාගන නිදියන විට යට
ගන්නා මුදලින් රකිනා දරු කැල
දකිනා මගෙ සිත මව යන පදයට
උපමා සොයනව විනිවිද නුඹෙ රුව
සමාවියන් මට නිරුත්තරයි සිත






කටුස්සා...

විශේෂ ස්තූතිය- "ලස්සන" සිංහළ වචන මට කියල දුන්න "කමියා"ට.

52 comments:

  1. මට කවි ලියන්න තේරෙන්නෙ නෑ නමුත් රස විඳින්න හොඳට පුළුවනි.වස්තු බීජය අති විශිෂ්ටයි.කියන දේත් තේරෙනවා.තව ටිකක් කවි සමයට ලංවෙලා මටසිලුටු කරල ගත්ත නං එහෙම අගේ කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක තේරුනා.ඒත් අර අයි ලයිනර්,අයි ශැඩෝ,ලිප්ස්ටික් වගේ වචන මට ඔතන්ට දාන්නම ඕනේ උනා.ඒකෙන් උනේ මෙච්චර කල් මගේ කවිවල තියන රිදම් එක මේකෙදි නැතිවුන එක.
      කොහොම වුනත් පලමු ගොඩවැදුමට වල්කම් කියනවා වගේම වැරද්ද පෙන්නලා දුන්නටත් බොහොමත් ස්තූතියි හැලපයියේ.....

      Delete
  2. හුගක් මිනිසුන් අනුන්ගෙන් වැඩ ගන්නව විතරයි...පස්සෙ හපයක් වගේ පැත්තකට විසික්කරල දානව......ඒ අතින් විශිෂ්ටයි මචං උඹ......උඹට වගේම තමා හැම කලා කාරයෙකුටම ඒ දුක දැනෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. කලාකාරයෝ කියලා විශේෂනයක් ඕනේ නෑ වැවා.හැම මනුස්සයෙක්ම අනිත් කෙනා ගැන යන්තමින් හරි හිතන්න ඕනේ.ඒක තමා මනුස්සකමේ වගකීම.ඒත් අවුල තියෙන්නේ වගකීම සැහැල්ලු වැඩි වීමයි.

      Delete
    2. http://yakaageadaviya.blogspot.com/2015/03/blog-post_54.html

      Delete
  3. අති විශීෂ්ඨයි..... එදා බන්ධුල නානා කියපු දේට සාක්කියක්...

    අවංකවත් මෙහෙම නම්.... හරි අගෙයි..

    ReplyDelete
    Replies
    1. මම හැම තිස්සෙම මෙහෙමයි කියලා පොර වෙන්න ඕනේ නෑනේ මාතේ.අපිත් අර පෘතග්ජනද මොකද්ද කියන එවුවොනේ.

      Delete
  4. බොහොම සංවේදීයි. වචනත් බොහොම ලස්සනයි. ඔක්කොටමව වඩා ගැටලුව ආමන්ත්‍රනය කරන විදිහ (“කෙසේ උපමා කරන්නද?“) තමයි ගොඩක්ම සිත්ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ....ප්‍රශ්ණ....
      අපි නරකයි කියන ගොඩ දෙනෙකුගේ ඇත්ත ඕක තමයි.විශේෂයෙන් අම්මලා.ඒ අයට ළමයි වෙනුවෙන් කරන්න බැරි දෙයක්නෑ.

      Delete
  5. සියුම්ව මනසට කතා කරන පද වැලක් වගේ... හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුශානි ඇගයීමට.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හැම අතින්ම විශිෂ්ඨයි.. තේරුම, වචන සුපැහැදිලියි..
      හදවත ලාවට කෙනිත්තුනා..

      Delete
    2. ගොඩ කාලෙකින් උඹව දැක්කේ.උඹටත් ගොඩක් ස්තූතියි.

      Delete
  7. උඹ මෙච්චර 'ලොකු' වැඩක් කරන්න යනව කියල දන්නවනම් අම්මප කියල දෙන්නේ නෑ අහවල් එකට කියන නම.. හැක්..

    සුපිරි බං.. මේ දවස්වල නිරුවත ගැන ගොඩක් උන් කියල තිබුන.. ඒ කිව්ව වගේ හැම එකම "හා මට කෑමක්.. හා මට කෑමක්" කියල බලන්නැතුව ඉන්න හොඳ නිවිච්චි හිතක් ඕනි..

    ReplyDelete
    Replies
    1. ඒ නම අහලා තිබුනාට හරියටම ඒකටයි කියන්නේ කියලා ශුවර් එකක් තිබුනේ නෑ.ඒකයි කන්ෆර්ම් කරගත්තේ.අහගත්තු අනිත් වචනෙනෙම් ඔබන්න බැරිවුනා.
      ඔය ජීවන විල මැද සිංදුව මට ඉස්සල්ලම ඇස්සෙවුවේ අම්මා මම ඉස්සල්ලම දිග කලිසන් ඇදන් ඉස්කෝලේ යන දවසේ උදේ.එද ඉදන් ජීවිතේට දීලා තියන එකම තර්ජනාත්මක අවවාද දෙක තමයි "සූදු කෙළින්න එපා.කෙල්ලන්ව අමාරුවේ දාන්න එපා.එහෙම කරලා ආපහු මේ ගෙදරට එන්න එපා "කියන එක.

      Delete
  8. පස්ටයි.... විශිෂ්ටයි...

    ගල් කුඩු හුස්ම ගත්තට උඹේ හිතේ ඒ ගල්කුඩු බැඳිලා නෑ....

    කියන්න වචන නෑ.

    ReplyDelete
    Replies
    1. ගල්කුඩු ගොඩේ හිටියට ඇග ඇතුලේ දුවන්නේ ලේ මචෝ....

      ඔය ගල්කුඩු බැදිලා නැත්තේනම් කමියා මට දූවිලි ගැන වෙනම ලෙක්චර් එකක් දුන්නා.ඒකේ විදිහට මම දැන් පරිස්සම් වෙනවා.හැක්...

      Delete
    2. ඉතින් ඕකට නෝක්කාඩු කියන්න ඕනි නෑ.. හෙට අනිද්දම ලියල දාන්නම්කෝ.. හැක්..

      Delete
    3. ඕකා ඕක ලියන්නේ උඹටයි මටයි වැලිසර ගාල්වෙන්න වුනාට පස්සේ තමයි

      Delete
  9. අග්‍ර ගණයේ කවි සිත්තමක්. ඇහැට කඳුළක් ගේන්න සමත් උනා. ජයවේවා කටුසු !!! "කමි ගුරු උපදේශක තුමෝ "නියමයි.. හැක්

    ReplyDelete
    Replies
    1. අර කලින් කිවුවා වගේ සමාජයට වැරදියි කියල හිතෙන වැඩ කරන මිනිස්සුන්ගේ හමට යටින් තියෙන්නෙත් අපේ වගේම ජීවිතයක් තමයි නංගි.
      කමියා නැත්තන් මේ කවිය 'අමුවෙන්ම' තමයි ලියන්න වෙන්නේ.

      Delete
  10. මටනම් ලඳුනේ දෙවනි කොටස වගෙයි බං. ආයෙ කියන්න වචන නෑ. අති විශිෂ්ඨයි.

    කලා කරුවෙක් කියන්නෙ මෙන්න මේ වගේ සංවේදීව සමාජය දිහා බලන්න පුලුවන් මනුස්සයෙකුටයි.

    ReplyDelete
    Replies
    1. කළාකරුවෝ කියන අයගේ විතරක් නෙමෙයි.හැම මිනිහගෙම.

      ඔය කළාකරුවෝ කියන වචනෙට ටිකක් අකමැතියි.වෙලාවක් තිබුනොත් ගිහින් බලපන් මෙතන්ට.
      http://yakaageadaviya.blogspot.com/2015/03/blog-post_54.html

      Delete
  11. පට්ටයි කසුට්ටා..................

    පහුගිය ටිකේ කසුට්ටාගේ නිර්මාණයන් සුපිරි තත්වයකට අැවිත් තියෙනවා කියලයි හිතෙන්නේ.... දිගට ම ලියමු... මේ වගේ මහා නිර්මාණයනුත් කරමු දිගට ම

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි කුරුට්ටෝ.ලියන්න ගොඩ දේවල් හිතේ තිබුනත් වෙලාවයි කම්මැලිකමයි හරහට ඉන්නවනේ.ඒ මදිවට මුන් මට තහනම් නියෝගත් දීලනේ දැන්.
      (ඔය පල්ලෙහා ඉන්න එකා විශේෂයෙන්)

      Delete
  12. පෝස්ටුවක් දානකල් හිටියෙ කින්ඩිය දාන්න... කටට ඉබ්බො වැටුන බං... වර්ණනා කරන්න වචන නෑ... අතිවිශිෂ්ඨයි..... ගල් කාරයන්ගෙ හදවත් ගල් නෙවෙයි කියල ඔප්පු කරන උඹ මටත් ආඩම්බරයක්!!! ජයවේවා...

    ReplyDelete
    Replies
    1. එතකොට උන්ගේ මොකක්ද ගල් ? :P

      Delete
    2. අනේ අම්මප මෙව්වා කියනකොට කටට එන ජාති....

      Delete
    3. ෂික්...කරුමේ....තොපි මගේ අත් බැඳලනේ.ඒක නිසා තමයි දැන් මේවා ලියවෙන්නේ.ස්වයංවාරණය බොල.

      මොනවද ගල් කියන එක මෙතනදී කියන්න අමාරු නිසා ඉවානයා හම්බුන දවසට පෙන්නලම දෙමු.

      Delete
  13. තවත් එකක්... කවියෝ කවියෝ කිය කියා බුකියෙ කුණුහරුප වපුර වපුරා ගෑනුන්ව අල්ලගෙන කුණු රසය බෙදන , කියන මළදානේ නොතේරුණත් "අනේ ෂෝක් කවිය" කියල වර්ණනා කරවගන්න , ලිංගික අසහනය එළිපිට පා කරන , මෝඩ වේස ගෑණු හැතිකරේට කියල චොකලට් පාර්සල් ගෙන්නගන්න "හිටගෙන කවියන්" ඉන්න රටක උඹේ කරේ රත්තරං එල්ලුවට පව් නෑ කටුස්සෝ...

    ReplyDelete
    Replies
    1. අඩේ.....කවි ලියලා චොකලටුත් ගන්න පුලුවන්ද?රත්තරංනම් මොනාද....මටනම් වටින්නේ චොක්ලට්.ඔය වැඩේ මාත් කරන්න ඕනේ ඔය වැඩේ.චොකලට් දෙනවනම් ඕන පඩත්තර වැඩකට ඔට්ටුයි මමනම්.

      බයනොවී හිටු.තාම කොන්ද හයියයි මගේ.

      Delete
  14. නියමයි මචෝ.. හිතට දැනෙන්න ලියලා.. උඹේ කවි දැන් ඉස්සරට වඩා හොදට දැනෙනවා.. මේ ගැම්මෙන්ම ලියපං..

    ReplyDelete
    Replies
    1. උඹල කියවනකන් ලියන්නම්.දිරිගැන්වීමට බොහොමත් ස්තූතියි මචෝ.

      Delete
  15. බ්‍රිලියන්ට් බං.......

    ReplyDelete
  16. අඩෝ මචං මේක නම් මම උඹෙන් දැක්ක සුපිරිම නිර්මාණයක්. පට්ටම පට්ට කටුස්සො. මේක කියවද්දි මට උඹ ගැන හිතුනෙ නුතනයේ රම්බන්ඩා සෙනෙවිරත්න කෙනෙක් විදිහට. දිගටම මේ වගේ ලියපං. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැක්...මගේ අත් බැඳලා දැන් මෙහෙම කියන ලස්සන....
      ඒ තරම් ලොකු මිනිහෙක් වෙන්නනම් මට බැරිවෙයි මනා.ඒක හීනයක් වගේ.රංබණ්ඩා සෙනවිරත්නයන් කියන්නේ හිතාගන්නවත් බැරි තරම් විශාල සාගරයක්.ඔහුව හරියට කියවනවානම් "උලලේනෝ" හා "සුමනෝ" සිංදු දෙකයි ඒවාට පදනම් වුන කතායි අහපන්.උඹට හිතෙයි අපි මොක්කුද කියලා....

      Delete
  17. මම කවි ලියන්න නම් දන්නේ නෑ.... ඒත් මේ කවි ටික නම් ඉස්තරම් කියන්න දන්නවා....

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා කියවලා මෙහෙම අගය කිරීමටම උඹට ගොඩක් ස්තූතියි මචෝ....

      Delete
  18. අඩෝ ෆෝටෝ එක දැකලා බලන්ඩ ආවේ...
    පට්ට ස්ටෝරියක් නේ බන්?
    තව ටිකක් වල් වුනා නම් හොදයි!!!!!

    ReplyDelete
    Replies
    1. තොපිනම් හදන්න බෑ බං.තොපිත් එක්ක ඉඳලා අපිත් වල් වෙනවා.

      Delete
  19. මනා කියපු දේම තමා කියන්න තියෙන්නේ. එදා හඳුනා ගත්තටත් සන්තොසයි කටුස්ස මල්ලි.

    ReplyDelete
    Replies
    1. ඒ කරපු මෙහෙයට පෞද්ගලිකව ස්තූති නොකලට ඒ ගෞරවය හිතේ තියනවා ලොකුවට.මනාට කිවුවා වගේම ඒ තරම් "ලොකු මිනිහෙක්" වෙන එක මටනම් තාම හීනයක්.

      Delete
  20. http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/16444-2015-04-03-21-06-19

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි අජිත් අයියේ...

      Delete
  21. එල ද බ්‍රා...
    සමහර වචනවල තේරැම දන්නෙ නැතුවට සමස්ත අර්ථය දැනුනා

    ReplyDelete
    Replies
    1. දැනෙන එකම මදෑ බං.
      එලද බ්‍රා...

      Delete
  22. මේක උඹට දැනෙනවා කියන්නෙ උඹ ලොකු මිනිහෙක් කියන එක. මම වගෙ කවියට හිත නොගිය එවුන්ට දැනෙන්නම ලියල තියෙන එක ඊටත් වඩා ලොකු දක්ෂකමක්. නොම්මර එකේ විශිෂ්ඨ නිර්මාණයක්. බොක්කෙන්ම සුබපතනවා මචං.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග ලියන්න කලින් කෙල්ලගේ උපන්දිනේට සුභපතලා කාර්ඩ් එකේ ලියන කවියක් ඇරුනකොට කවදාවත් කවියක්ලියපු එකෙක්වත් කියවපු එකෙක්වත් නෙමෙයි මම.ඒත් මේ ලෝකේ ජීවත්වෙන හැම මිනිහෙක්ම කවියෙක්.ජීවිතයේ ලබන අත්දැකීම් එක්ක කවදහරි ඒ කවිකාරයා එළියට පනිනවා.
      හැබැයි මම එක දෙයක් දන්නවා.අර උඹ කියපු ජාතියේ ලොකු මිනිහෙක්නම් නෙමෙයි මම.

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete