මගේ ජීවිතයේ හැම හිනාවකම පටන්ගැන්ම උනේ උඹ.ඒ ජීවිතේ හීන කියල දෙයක් දැක්කනම් ඒ හැම හීනෙකම උඹත් මාත් එක්ක හිටියා.කාත් කවුරුවත් නොහිටපු මට උඹේ ආදරේ මහමෙරක් වුනේ මටත් නොදැනීමයි.ඒ ලෝකේ හැමදාමත්ම රැජිණ උනෙත් ඔයාමයි.මම මාව අමතකකරලා උඹට කරපු ආදරේ මේ තරම් බාල්දු වෙනවා කියල දන්නවනම් ඔය ජීවිතේට කවදාවත්ම ලං නොවී ඉන්න තිබුනා මට.මේ හැම දුකක්ම මෙච්චර කිට්ටුවුන නිසානේ.මම දන්නවා ඉස්සරවගේ තුරුල්වෙලා ඇඟේ ගෑවි ගෑවි ඉන්න දැන් අපිට බෑ කියලා.ඒත් මගේ ජීවිතේටත් වඩා ආදරේ කරපු ඔයාගේ ඔය චූටි ඇගිලි මගේ ඇගිලිවලින් අල්ලගන්නවත් දැන් මට බැරිනම් මම තවත් මෙතනට වෙලා ඉන්න එකේ තේරුම මොකද්ද?කිසිම වැරැද්දක් වෙන්න දෙන්නේ නැතුව බලාගත්තු ඔයාගේ ජීවිතේට මම පිට කෙනෙක් වුනාට පස්සේ මම තවත් මෙතනට වෙලා ඉන්න එකේ තේරුමක් තියනවද?වටේ පිටේ කවුරු හිටියත් කොහේ හරි ඉදන් දුවගන ඇවිත් මගේ අතේ එල්ලිලා ගිරවෙක් වගේ තොරතෝංචියක් නැතිව කියවගන යන ඔයා අවුරුදු දෙකකට පස්සේ මේ විදිහට අහම්බෙන් හම්බුනහම අදුරන්නේ නැති කෙනෙක් වගේ ඉදගන පල නොකියා පලා බෙදන කොට මම තවත් මෙතනට වෙලා ඉන්න හිත හදාගන්නේ කොහොමද?මේ ජීවිතේ හීනයක්.සිද්දවුන,සිද්දවෙන හැම දෙයක්ම හීනයක්.ඒ ජීවිතේ හීනයක් නොවන්නේ හමුවීමත් වෙන්වීමත් විතරමයි සුදූ.ඒ හැබෑව මට පෙන්නලා ඒ හීනෙන් මාව ඇහැරෙවුවෙත් ඔයාමයි.කිසිම හීනයක් නොදැක්ක පොලවේ පයගහලා හිටපු මගේ ලෝකේ සම්පූර්ණයෙන්ම හීනයක් කරලා අද මේ විදිහට කකුලෙන් ඇදලා ආපහු හැබෑ ලෝකෙට විසිකරලා දාන්න තරම් ඔයාට තිබුන අයිතිය මොකද්ද?ඔයා මගේ ගාව නැති වුනත්,ඔය සුවඳ මගේ ගාව නැතිවුනත් මම ඒ හීනලෝකේ ජීවත්වුනේ හරි සතුටින්.ඒ අතීතෙට මම ගොඩක් ආදරේකලා.ඒ අතීතේ මාව ජීවත්කලා.මට හුස්මගන්න හේතුවක් තිබුනනම් ඒ අපේ අතීතේ ගැන මගේ හිතේ රැදිලා තිබුන මතකේ විතරමයි.ඒත් අදින් පස්සේ මම මට හුස්මගන්න අලුත් හේතුවක් හොයාගන්න ඕනේ බව උඹ මට තේරුම්කරලා දුන්නා.මම යනවා සුදූ.ආපහු ඔයාව ඇස්දෙකෙන් නොදකින්න,ඔය කටහඬ ආපහු නොඇසෙන්න තරම් දුරකට මම යනවා.කවදාවත්ම මගේ ලෝකෙට ආපහු එන්න එපා ඔයා,හීනෙන්වත්.
"අයියේ..."
"හ්ම්ම්....."
"මොකද්ද අප්පා...ඉඳලා ඉඳලා හම්බවුන දවසෙත් කතා නොකර හ්ම්ම්ම් ගාන්නේ බස්සෙක් වගේ..."
"මම බස්සෙක් නිසානේ ගිරවියෙක් හොයාගත්තේ...."
"මොකටද දන්නේ නෑ...."
"කසාද බඳින්න"
"බැඳලා...?"
"බැඳලා නේද.....පොතේ හැටියටනම් මිනිස්සු බඳින්නේ තම වර්ගයා බෝ කරන්නළු"
"ඒත් අපි මිනිස්සු නෙමෙයිනේ....ඔයා බස්සෙක්.මම ගිරවෙක්"
"ඒකත් ඇත්ත තමා....මම ලස්සනම ලස්සන සුදුපාට තඩි බස්සෙක්.අර හැරී පෝටර්ගේ එකා වගේ.තෝ තැනින් තැන තටු ගැලවිච්ච අලුපාට ගිරවෙක්,මෙලෝ රහක්නැති.ඒ නිසා මේ කසාදේ ගැලපෙයිද මන්දා..."
"ආ....ඇත්තද...තෝ ලස්සන බස්සා...මම ලොම් හැලිච්ච අලු ගිරවා....එහෙම බෑ...මම අලු ගිරවෙක් නෙමෙයි...මම ලස්ස්ස්ස...න මැකෝ ගිරවෙක්.පාට පාට ගොඩාරියක් පිරිච්ච එකෙක්.ඔයා තමයි මෙලෝ රහක් නැති තඩි බස්සා"
"කමක් නෑ ඉතින්.එහෙම හිතා ගමුකෝ.ගිරවු කවද්ද කන්ණාඩියකින් හැඩ බැළුවේ..."
"අනේ පල නරියා යන්න"
"ඉතින් කොහොමද අපි දෙන්නා බැන්ඳට පස්සේ හූම්..හූම්..ගාන මැකෝ පැටියෙක් හම්බුනොත්...ශෝක් නේද?"
"ඒ වගේද හැම තිස්සෙම රේඩියෝ එකක් දැම්ම වගේ කියවන තඩි බස්සෙක් හම්බුනොත්?"
"හෙන ජොලි වැඩේ...ඌට පාට පාට තටු තිබුනොත් තවත් ජොලි..."
"අයියේ...."
"හ්ම්ම්..."
"මට ආදරෙයිද?"
"ගොඩක්"
"කවදාවත්ම මාව දාලා යන්නේ නැද්ද?"
"ඔයාව දාලා යන්න කියනකන් මම ඔයාව දාලා යන්නේ නෑ නංගෝ"
"ඇත්තමද?"
"ඇත්තමයි...ජීවිතේ තියනකම්"
ඉස්සර අපි දෙන්න දිය පිට මලක් වගේ
දැන් දී අපි දෙන්න දිවි දුටු මුවන් වගේ
දිය නුපුරුදු ගොඩ නුපුරුදු සතුන් වගේ
උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට වගේ
මතකද අපි ඉස්සර මුහුද දිහා බලාගන කියවපු දේවල්...?කියවපු කියල කිවුවට ඇත්තටම බැළුවහම වැඩිපුරම කියවල තියෙන්නේ මම.ඔයා කලේ මගේ දිහා බලාගන හිනාවුන එකයි, හ්ම්ම්...ගගා මාව තුරුල්කරන් හිටපු එකයි තමා.ඒ දවස්වල මට ඕනේ උනේ මුහුදේ ගෑවි නොගෑවී තියන හරියේ අහස වගේ අහසක් වෙන්න.දවල්ට මුහුදේ නිල්පාට අරගන නිලට නිලේ දිලිසෙන ගමන්ම හවසට අහසේ රතු පාට අරගන මුහුදත් රත්තරං පාටට බබළවන්න.ඒත් මට ඒක කරන්න බැරිවුනා අයියේ.කරන්න හදපු හැම දේකින්ම පරාදවුන මම කිසිම හීනයක් නොදකින කාන්තාරයක් වගේ වෙලා.දැන් මගේ ජීවිතෙත් හරියට වෙරළක් වගේ අයියේ.ඔයාව කොච්චර මතක නැතිකරල දාලා ඉන්න හැදුවත් ඒ ටික වෙලාවකට විතරයි.හරියට එක රැල්ලක් ඇවිත් ඊළඟ එක එන නිමේශෙට විතරයි.ඇත්ත...ඔයයි මමයි හිටපු විදිහට ඔයාව එහෙම අමතක කරලා ඉන්න පුළුවන්නම් මම මනුස්සයෙක් නෙමෙයි.තමන්ගේ නංගිව පරිස්සම් කරනවා වගේ ඔයා මාව පරිස්සම් කරපු හැටි,මට ආපු හැම ප්‍රශ්නෙකටම මාත් එක්ක හිටපු හැටි,උදවුවක් ඕනවුන හැම තැනදිම මගේ පිටිපස්සෙන් හිටපු හැටි කොහොමද අමතක කරන්නේ මම, අද වෙන කෙනෙකුට අයිතිවෙලා හිටියත්.අපි දෙන්නා දිහා දැනගන හිටපු අය මම මනුස්සයෙක් නෙමෙයි කියලා කියනවා මගේ කනට ඇහිලා තියනවා අයියේ.ඔයාව අතරමංකලා කියලා මට සාප කරනවා මට ඇහිල තියනවා.ඔයාට මතකද නිලූපව....අර "උඹට එපානම් ඕකව මට දීපන්" කියලා මට කිවුවේ...මගේ වෙඩින් සාරි එක ගන්න ගිය වෙලාවේ අහම්බෙන් මට හම්බවෙලා "උඹ මහ බැල්ලියෙක්" කියල එතනදිම මට බැන්න අයියේ.කැම්පස් එකේ හිටිය යාළුවෝ හදිස්සියෙන් හරි මට හම්බුනහම ගොඩදෙනා වචනයක් දෙකක් කතාකරලා මගෑරලා යන්න හදන්නේ ඔයාට මම කරපු දේ නිසා කියල මම දන්නවා.කැම්පස් එකේ කොල්ලෙක්ට බූට් එක දීපු එකම කෙල්ල මම නෙමෙයි තමයි.ඒත් ඔයා වගේ මනුස්සයෙක්ගේ ජීවිතේ කාලකන්ණි කරපු එකම කෙල්ල මම වෙන්න ඇති.දන්නවද....මම එක කාලයක් බලන් හිටියා ඔයා මට බනිනකං.මම ගැන බොරු ආරංචි පතුරවනකං.කොටින්ම මම "බඩුවක්" කියලා ඔයා තැන තැන කියනකං.ඒ ඔයා එහෙම කරද්දි අනිත් මිනිස්සු ටිකක් හරි මගේ දිහා අනුකම්පාවෙන් බලයි කියල හිතලා.ඒත් ඔයා එහෙම කලේ නෑ.ඔයා ඔයාගේ පාඩුවේ ඔයාගේ ජීවිතෙන් පළිගත්තා.හරියට මම ඔයාගේ ජීවිතේ හිටියේ නෑ වගේ.අද මම සාරධාගේ දානේ ගෙදරට ආවේ ඔයා සාරධාගේ අයියගේ යාළුවෙක් කියල දැනගන නෙමෙයි.ඒත් එතනදි ඔයාව දැක්කහම මට මං ගැනම හිරිකිත හිතුන අයියේ.මාව දැක්කට පස්සේ එකක් නිමෙන්න එකක් පත්තුකරගන සිගරට් බිබී පැත්තකට වෙලා ඉදගන මම යන දිහාම ඇස් යව යව කල්පනාකර කර ඉන්න ඔයා ඇත්තටම පිස්සෙක් වගේ.පිලිවෙල කියන දේ මගේ ජීවිතේට පුරුදුකරපු මිනිහම දවස් 3-4න් රැවුලවත් නොකපා ඉන්න හැටි දකින කොට මට හීල්ලුනා.ඇස් වලින් එන කඳුළු හැමෝටම පේන්න එළියට දාන්න මට බෑ අයියේ.ඒ මම දැන් වෙනකෙනෙකුට අයිතිවුන ගෑනියෙක් නිසා.විරාජ් මට ගොඩක් ආදරෙයි.මට කිසි අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නෑ.ඒත් උල්පතකින් මතුවෙච්ච වතුර ගොබේකට ඔළුව අල්ලන් හිටපු මට ශවර් එකෙන් වැටෙන ක්ලෝරීන් වතුරවල සීතලක් දැනෙන්නේ නෑ අයියේ.ඒත් ඒ පීල්ල පෙනි පෙනී ශවර් එකට ඔළුව අල්ලන් ඉන්න මට සිද්දවෙලා.ඔයා මගේ ලගට ඇවිත් "සුදූ"කියලා මගේ අත අල්ලගන කතාකරන්න හදපු වෙලාවේ ඔයාගේ අත ගසාදාලා මම යන්න ගියේ ඒ නිසයි.මම ඔයාට කරපු දේවල් වලට ඔයාගෙන් සමාව ඉල්ලන්න මට බෑ.මට ඒකට අයිතියකුත් නෑ.ඒත් පුළුවන්නම් ආපහු කවදාවත් මගේ ඇස් ඉස්සරහට නෑවිත් ඉන්න මගේ අයියේ.ඒ මගේ හිත හදාගන්නනම් නෙමෙයි.ඔයාට මගේ අතින් සිද්දවුන වැරද්ද තව කෙනෙක්ට මගේ අතින් නොවෙන්න තරමට මගේ හිත ගල්කරගන්න.
"සුදූ"
"ඇයි"
"ඇයි මෙහෙම හැසිරෙන්නේ...?මොකද්ද මම ඔයාට කරපු වැරැද්ද...?"
"ඔයා කිසි වැරැද්දක් කරලා නෑ.වැරැද්ද මගේ.ඒත් මට එහෙම කරන්න සිද්දවෙනවා මගේ අම්මල නිසා.ප්ලීස් ආපහු මෙහෙම මට කරදර කරන්න එපා තැන තැන රැකල ඉදගන මාව හම්බවෙන්න හදල"
"අම්මල නිසා ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න හදන්නේ ඇයි?"
"කොහොමද මගේ ජීවිතේ නාස්තිවෙන්නේ....?අපි අතරේ තිබුන සම්බන්දේ කැඩුනා කියලා මගේ ජීවිතේ නාස්ති වෙන්නේ කොහොමද?තේරුම් ගන්න...මගේ දෙමවුපියෝ මගේ ජීවිතේ නාස්තිවෙන කිසිම දෙයක් වෙන්න දෙන්නේ නෑ.ඒ අය මගේ ජීවිතේට හොදක් කරන්නයි හදන්නේ.ඒ අයට ඒක කරන්න දීලා එක එක බහුබූත වලින් මගේ ඔළුව පුරවන්නේ නැතුව මගෙන් ඈත්වෙලා ඉන්න.පිං සිද්ද වෙයි...."
"මට සමාවෙන්න...දෙමවුපියෝ නැතුව ජීවත්වුන මම කොහොමද ඔයාට වඩා ඒ අය ගැන දන්නේ....ඔයා යන්න...මම මෙතනම ඉන්නම්.කවදහරි මාව හොයා ගන්න ඕන දවසට මෙතනට එන්න.මම මෙතනම ඉන්නවා"
ඉස්සර අපි දෙන්න දෙන්නම තමුන්නේ
දැන් දි අපි දෙන්න දෙන්නම අනුන්නේ
නොදැන නෙමෙයි පිළ පිට පැදුරක් දුන්නේ
යතුර දෙන්න මේ ගේදොර අනුන්නේ
********************************************************************
ඉස්සර අපි දෙන්න දිය පිට මලක් වගේ
දැන් දී අපි දෙන්න දිවි දුටු මුවන් වගේ
දිය නුපුරුදු ගොඩ නුපුරුදු සතුන් වගේ
උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට වගේ
ඉස්සර අපි දෙන්න දෙන්නම තමුන්නේ
දැන් දි අපි දෙන්න දෙන්නම අනුන්නේ
නොදැන නෙමෙයි පිළ පිට පැදුරක් දුන්නේ
යතුර දෙන්න මේ ගේදොර අනුන්නේ
ප.ලි
මේ කවි දෙක මගේ මිතුරියක් ගොඩ කාලෙකට කලින් මට ඊයකින් විද්ද ජන කවි දෙකක්.අහම්බයකින් තමන්ගෙ පැරණි පෙම්වතියගේ නිවසේ රාත්‍රිය ගත කිරීමට තරුණයෙකුට ලැබන අවස්තාවේදී තරුණියගේ ස්වාමියත් ගෙදර නොසිටි නිසා ඇය තමන්ව නිවස තුලට වද්දාගනීවි යැයි ඔහු මහත් බලාපොරොත්තුවෙන් සිටිනවා.එහෙත් ඇය තම පැරණි පෙම්වතාට නිවසේ පිලේ පැදුරක් එලා සකසා දී නිවස තුලට වී දොර වසා ගන්නවා.ඒ වේලාවේදී පැදුරේ නිදාසිටින තරුණයා මෙහි පළමු කවියත් නිවස තුලට වී සිටින තරුණිය මෙහි දෙවැන්නත් කියනවා.මාගේ මිතුරිය පැවසූ ආකාරයට ඇයටත් මෙම කවි හමුවී ඇත්තේ "උඹලගේ සෙනෙහේ හුණු නැති බුලත්විට වගේ" කියන නවකතාවකින්.කතෘ නාමය මතක නැති මෙම පොතනම් මට තාමත් කියවන්න ලැබිලා නෑ.හදිස්සියෙන්ම මෙම කවි මතක්වුනේ අපේ හැලපයියා ලියපු
බිඳුණු පෙම සහ තවත් කතා
කියන පෝස්ට් එක කියවපු නිසයි.ඒකට කමෙන්ට් කරන්නට මේ කවි ලියන්න ඕනේකම තිබුනත් පසුගිය දින කීපයේම නිවසේ නොසිටි නිසා එය සිදුකිරීමට නොහැකි වුනා.නැවත නිවසට පැමිනි දිනයේම මේ කවි ඇතුලත් කරලා මේක කෙටුවේ හැලපයියගේ පෝස්ට් එක කියෙවුවට පස්සේ මේ කවි ගොඩක් රහට දැනුන නිසයි.හැලපයියා ලියන හැම පෝස්ට් එකකටම කමෙන්ට් නොකලට ඒ හැම එකක්ම කියවන ඔහුගේ රසිකයෙක් මම.ඒ නිසාම මේ පෝස්ට් එක හැලපයියාගේ "හැලපයා" බ්ලොග් එකට උපහාරයක් වේවා කියල හිතාගන ඔහුට පිළිගන්වනවා.ප.ප.ලි
ඉවානයා දුන්න "කවි කෙලින් කරන" එක අදත් වැඩකලේ නෑලු ඔන්න....
මං ලිපිය කියවන්න කලින් ඔයාගේ වම් පැත්තේ එල්ලලා තියෙන අඩි සලකුණු දෙකේ ෆොටෝ එක දිහා බලන් හිටියා ඊට පස්සේ කියවුවේ ,,, මුල හරිය කියවන එද්දී කෙල්ලට උඹ කියල ආයේ ඔයා කියලා... ආයේ මගක් එද්දි තව කියෝගෙන ආවා තව දේවල් ඔළුවේ ... තව ටිකක් පහලට එද්දී කමෙන්ට් එක වෙනස් වුණා,, ඊට පස්සේ ආයේ වෙනස් වුණා... කටුස්සෝ ඇත්තමයි මේක බොක්කටම වදින්න බොක්කෙන්ම ලියපු එකක් වගේ ..
ReplyDeleteඔයා,මෙයා,කියලා කියනවට වඩා උඹ කියන වචනේ ලස්සනයි,මම දකින විදිහට.අපි උඹ කියල කියන්නේ අපිට ගොඩක් ලඟ කෙනෙකුට මිස ඈතින් ඇසුරුකරන කෙනෙක්ට නෙමෙයිනේ.කමෙන්ට් එකට මේ කවි දාන්න බැරිවුන නිසාම කොහොම හරි මේ කවි පබ්ලිශ් කරන්න මට ඕනේ උනා.ඒ නිසාම එච්චර හිතන්නේ නැතුව ලියපු පෝස්ට් එකක් මේක.
Deleteබොක්කෙන් නම් නෙමෙයි ලියුවේ.යුනිකෝර්ඩ් වලින්මයි.දෙවියන්පල්ල......
පලයන්ඩ උඔ ඔලුවෙන් හිටන් කිව්වත් මේක බොක්කෙන් ලියපු එකක්
Deleteඅඩෝ ඕමා, මමත් කසුට්ටගේ බ්ලොග් එකේ අඩි සලකුණු දෙක දිහා බලාගෙන හිටියනේ බං...
Deleteමම මුගේ බ්ලොග් එක බලන්න එන්න හිටියට වෙලාවක් උනේ නැහැ
මොන මොනවා හරි නිසා මග අරුනා
මමත් මුලින්ම ආපු ගමන් කලේ ඒ ෆොටෝ එක බලපු එක... හෙහ් හෙහ්
මට තදටම වැදුනා බං උඔගේ ලිපිය..
ReplyDeleteඋඔ ඒ කවි වලට සාධාරනයක් කරලා..
මම යනවා දුමක් දාන්න
එල ද බ්‍රා
වදින වදින වෙලාවට දුමක් දාන්න ගියොත් තොගේ පෙනහැල්ල ඔය ඇටකටු කූඩුවේ හැංගිලම යයි මෙන්ඩෝ.අඩුකරපන්.බොන්න ඕනේ කියල හිතුන වෙලාවට 20-30 පාරක් හොදට හුස්ම ගනින්.සිරාවට එතකොට ශේප් වෙනවා.මමනම් දැන් අඩු කරලා.දවසටම 7යි.
Deleteමම දන්නවා මේක වැරදි කියලා..බ්‍රා එකක් එක්ක ඔට්ටුවෙන වෙලාවට තවත් බරක් ඔලුවට වැදුනාම..දුමක් දාලා ඔලුව සැහැල්ලු කරගෙන ආය ගේමට බහිනවා.
Deleteපවුකිරි දාපු අටමගේ පරිප්පුව වාගේ
ReplyDeleteදෙහි ඇඹුලෙන් ඇනූ සම්බෝලය වාගේ
රා කළයක් එක්ක මයියොක්කා වාගේ
උඹැහැගේ පෝස්ටුව මට 'රහමෙර' වාගේ
This comment has been removed by the author.
Deleteපවු බර නිසා පැද්දුනු සීසෝව වගේ
Deleteලිප් ලූසින් නිසා හැඩවුන පොටෝ එක වගේ
බඩගිනි විටදි අටමගේ බත් වේල වගේ
උඹලගේ කමෙන්ටුව මට පැන් පොදක්වගේ
ළඟ උන් උරන විට වැනිලා සුවඳ දැනේ
Deleteඋරවන එකා හට පොල් ගෙඩි එලොව පෙනේ
ප්‍රා ගේ සිගා වල ගැබ්උන අරුත මෙනේ
මොනා දේ කියෙව්වත් මෙය උනෙ තොටයි පණේ
බැලන්ටයින් දෙව් ලොව මල් සුවඳ ගෙනේ
Deleteවී ඇන්ඩ් ඒ උනත් නරකම නැහැනේ අනේ
බිත්තර බයිට් හා සොසේජ් බයිට් ගුණේ
කතාව නොවෙයි යලි දෙහිවල යමුද පනේ
බූට් සීන් ලිවුවොත් එය මටම එතේ
Deleteමොන හු@#$ද විටකදි එය මටම සිතේ
බෝතලයක් කටේ තියන් බොන්න සිතේ
ඉක්මනටම කොහාට හරි ගාල් වෙතේ
කසුට්ටා ... කතාව අපූරුයි, එත් පටන් ගන්නකොට උඹ මගට යනකොට ඔයා වෙච්ච එකටනම් මගේ මනාපයක් නෑ. එක්කෝ දිගටම ඔයා, නැත්තම් දිගටම උඹ කියලම හදපන්, උඹ මේක පබ්ලිෂ් කරන්න තිබ්බ කලබලේ මොකක්ද යකෝ, බ්ලොගර් අදහවසට වහනවා කියලා හිතුවද?
ReplyDeleteඅරක මේක නැතුව කෙලින් කරගන්න විදිහක් හොයාගන් :P
Deleteඋඹ ඔයා වුනේනම් දිගටම උඹ කියල කියවෙන්නේ නැතිනිසා කෙල්ලට.උඹ කියලා කියවෙන්නේ ආදරේ වැඩි වෙලාවට විතරයි.කලබලයක්නම් තිබ්බා තමයි.
Deleteඔය හැඟීම ගැන කියාගන්න වචන නෑ බං. මහ කාලකන්නි මස්ත බාල්දු පජාත හැඟීමක්. පුද්ගලිකව්ං විඳල නැතත් මට නිකං ඒක දැනෙන්ව දැනෙනවා වගේ.
ReplyDeleteඒත් ඒ වේදනාවෙන් නිර්මාණකාරයෝ ලෝකෙට බිහිවෙනවට මං පට්ට කැමතියි..
විරහව කියන දේ හරි රසයි බං.තමන්ගේ අතින් වෙන්න ඕනේ දේ හරියට කරලා පැත්තකට වෙලා බලං ඉන්න කොට හරි ජොලි.
Delete"ආලේ බිඳුනු දා කුමකට හඩනවාද සකී
ආලවඩන යන තේරුම බෝසත්කම සකී"
බිසි කටුස්සො
ReplyDeleteවැඩ ඉවරවෙලා වරකෝ එහෙනම්....
Deleteඑක හුස්මෙට කියවගෙන ගියත් සියුම් වේදනාවක් ඒ අතරේ දැනුනා තාත්වික බව නිසාම.
ReplyDeleteහදිස්සි නැතුව තව ටිකක් කල් අරගෙන පබ්ලිශ් කරනම් හොඳයි කියලා මටත් හිතෙනවා.
කලබලයක්නම් තිබුනා තමයි.දැන් ඉන්න තැන ඉන්ටර්නෙට් තියා කරන්ට් එකවත් තියෙයිද කියලා විශ්වාසයක් නැතුවයි ආවේ.ඒකයි එන්න ඉස්සල්ලා පබ්ලිශ් කලේ.
Deleteඇයි මහත්තයෝ මෙහෙම බූට් කතාම දාලා හිත පාරන්නෙ?
ReplyDeleteදැන්නම් ඔය මහත්තයට මොන බූට්ද දෙයියනේ....ඔය පොඩි එවුන් දෙන්නවත් තුරුල්කරන් බිරින්දෑවත් පැත්තකින් තියාගන කතාවක් දාගන හිටපං කොල්ලාකාලේ ඒවා අමතක කරලා.
Delete//පොඩි එවුන් දෙන්නවත්//
Deleteකවුද කිව්වෙ දෙකයි කියල??? තුනයි කියල ලියාගනිං.
මූ කිවුවෙ ගෙදර ඉන්න දරු දෙන්න ගැන. අන්න අර එහා පැත්තෙ තියන කෙහෙල් කැන මෙහා පැත්තට ගනින් වැටේ පටල ගන්නෙ නැතිව.
Deleteඅඩෝ කම්මලා... ඔන්න මට තදවෙනවා. එහෙමනං හයක් විතර ලියාගනිං.
Deleteනෑ...නෑ..උඹ වරද්දගන මදාවියෝ.මෙතනදී කතාකලේ උඹේම ළමයි ගැන විතරයි.....හරි ඉතින් උඹ 3යි කියල කියනවනම් එහෙම්මම කියමුකෝ....
Deleteසමහර වෙලාවට හිතට දැනෙන දේවල් කියන්න අපි ලඟ තියෙන වචන මදි......
ReplyDeleteහිතේ තියන දේ කොච්චර ලස්සනද කියන දේට වඩා....ඕවා වචන වලට පෙරලුවහම තමයි ඔක්කොම ලෙඩ පටන් ගන්නේ....
Deleteඅඩෝ මම පරක්කු වුනා.....
ReplyDeleteපට්ට ම පට්ට කතාවක්... අර කතාවේ ඉතුරු ටික මේක කියලා මම හිතාගන්නම් බන්...
උඹ එහෙම කියනවනම් එහෙමයි කියල කියමුකෝ.....
Deleteමගෙ කලින් කමෙන්ට් එක බහිරවය ගිලලද ?
ReplyDeleteඋඹ එයා වෙච්ච එකෙන් මටත් කතාවෙ රසවිදීමේදී බාදාවක් උනා. මීට පස්සෙ කෙල්ලෙක්ට හුරතලෙන්ම අමතපං.
ඔය කලින් පොරට දොර ඇරගන්න බැරිවෙච්චි සීන් එකනම් පව් ( දෙන්නම). අපිනම් නිදියයි පිලේ.... හෙක්
උඹලත් හරි ආසයි නේද හුරතලෙන්ම කතා කරන්න.හැම එකාටම ඔහොම හුරතලෙන් කතා කරලා ගෙදර ගෑනිට ඇහුන දවසට ඒ ඇත්තිත් උඹට කතාකරයි හුරතලෙන්ම...
Delete\\අපිනම් නිදියයි පිලේ.... හෙක්\\
අපි නොදන්න කම්මලේ...හැක්
ප්‍රමාද වී හෝ පැමිණියෙමි...
ReplyDeleteඋඹේ කතාව එළය, ඇත්ත එකක්නම් තවත් එළය.
ආදරයේ විරහව දැනෙන්නේ බුට් එක කාපු එකාට විතරක් නෙමෙයි බං, දීපු එකාත් විඳිනවා...
දුන්න එකා,කාපු එකා ඔක්කොම විඳවනවනම් මොන මගුලටද බං ලවු කරන්නේ?
Deleteඒක මිනිස් අවශ්‍යතාවයක් නිසා වෙන්න ඇති...
Deleteඑකට පියාඹා වෙන්ව කූඩු හදා ගත් විට මේවා මෙව්ව වේ
ReplyDeleteඑහෙම මෙවුවා වෙනකොට මෙවුවා වෙන අපේ අතින් මෙවුවා ලියවෙයි
Delete