Monday, February 23, 2015

සිවුරෙන් වසාගත් මනුස්සකම නොහොත් පාත්තරයට දමාගත් ලැජ්ජාව.



මෙම ලිපිය 2015 පෙබරවාරි මස ලන්කාදීප පත්තරයේ කොළඹ ගන්ගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන් හා සම්බන්ධ "අපට හරිගිය/වැරදුණු තැන්" නමින් පළවූ ලිපිය කියවූ පසු ඇතිවූ හැඟීම් ප්‍රකාශයකි.එහි මාතෘකාව වූවේ "කැලේදී මරාදමන් අලි පන්සලට දීමේ වරද මොකක්ද?" යනුවෙනි.ඇත්තය.කැලේදී මරා දමනවානම් උන් කොහේ හෝ සැපෙන් සතුටින් වසනවානම් එය මෙලොව වසන කිසිඳු පුද්ගලයකුට ප්‍රශ්නයක් වීමට හේතුවක් නැත.නමුදු මෙම මතය සමාජගත කරන්නේනම් ගණිකාවකට තමාගේ වෘත්තිය සාධාරණය කිරීම සදහා "ස්වාමියා නොසලකන හෙයින් වෙන එවුන් එක්ක නිදිවැදීමේ වරද කුමක්ද?"යි ඇසුවහොත් එය ඉවසා වදාරීමටද මේ සමාජය සූදානම්විය යුතුය."කන්න නැතිනිසා හොරකම් කලා.ඒකේ වැරද්ද මොකද්ද?"යි කියා සොරෙක් ප්‍රශ්න කලහොත් ඔහු නිදහස් කිරීමට සමාජය සූදානමින් සිටිය යුතුය.අනික කැලයකදී මරාදමන්නේ අලි පමණක්නම් මේ ප්‍රශ්නය සාධාරන වේ.එහෙත් කැලයේදී මරා දමන වල් ඌරන් ඇතිකිරීමට කිසිදු පූජ්‍ය ස්ථානයක් බාරගන්නේ නැත.කැලයේදී හෝ වෙනත් ස්ථාන වලදී මරාදමන නිසා සර්පයන් ඇතිකිරීමට කිසිම කෙනෙකුන් සූදානම් වන්නේ නැත.කවුරු කෙසේ කිවුවත් කැලේ සතුන් විසිය යුත්තේ කැලයේ මිස මිනිස් වාසයක නොවේය.කැලයේදී උන්ව මරනවානම් විසදුම විය යුත්තේ එය එසේ සිදුවීමට බලපාන හේතු අවමකර උන්ගේ වනගත දිවිය සුරක්ශිත කිරීම මිස පන්සල්වලට ගාල්කිරීම'යැයි කිසිවකු සිතනවානම් ඔහු කෙතරම් සමාජයේ පිළිගත් පුද්ගලයකු වූවත් ඔහුගේ මානසිකතත්වය පිළිබඳව ඇතිවන්නේ දුකක් පමණී.

ලන්කාවේ වාසයකරන වන අලියකුට දිනකට කිලෝ 150ක් පමන ආහාර අවශ්‍ය වේ.මෙම අහාර ප්‍රමාණය ලබා ගැනීම උදෙසා ඔවුන් දිනකට කිලෝමීටර 30ක පමණ දුරක් ගමනේ යෙදෙයි.රන්චු වශයෙන් හැසිරෙන මෙම සතුන් වසරේ එක් එක් කාලසීමාවන්හීදී වනාන්තර හරහා සන්ක්‍රමණය වේ.දැනට ලන්කාවේ අලි-මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වනාන්තර ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවීම හා අලිමන්කඩවල් ජනාවාස වීම යන හේතූන්ය.වැඩිවන ජනගහනය හේතුකොටගන රටක පවතින වනාන්තර ප්‍රමානය අඩුවීම මෙරට පමනක් නොව ලෝකයේ බොහෝ රටවලට ඇතිවී ඇති දැවෙන ප්‍රශ්නයකි.එහෙත් එය එසේයැයි කියා වනාන්තර වල වෙසෙන සතුන් කොහාට හෝ ගාල්කිරීම අතිසාරයට අමුඩ ගැසීමකි.දීර්ගකාලයක් මුළුල්ලේ තිබූ අලින්ගේ සන්ක්‍රමන මාර්ග,අලි මන්ක්ඩවල්  මිනිස් ක්‍රියාකාරකම් නිසා අවහිරවීම අලින් ගම්වැදීමට ප්‍රධාන හේතුව වී ඇත.අලින්ට වඩා මිනිස් ජීවිත වටිනාබව අවිවාධිතය.එහෙත් එසේයැයි කියා වන ජීවිත විනාශකිරීම කොතරම් සාධාරනදැයි විමසීම තමන්ගේ මානසික මට්ටම අනූව සිතිය යුක්තකි.අප කලයුත්තේ මෙතෙක්කල් කලාක් මෙන් මෙම ප්‍රශ්නෙට පැලස්තර විසඳුම් යෙදීම නොව මිනිසුන්ට මෙන්ම සතුන්ට සාධාරන වූ විසදුමක් කරා යාමය.අවම වශයෙන් දැනට අවහිර වී ඇති අලිමන්කඩවල් නැවත මෙම සතුන් උදෙසා විවෘත කිරීම මගින් මෙම ප්‍රශ්නයෙන් 50%ක් පමන විසදාගත හැක.තම ගොවිතැන් පාළු කිරීම නිසා මෙම සතුන් තම පරම සතුරන් ලෙස සලකා ක්‍රියාකරන අහින්සක ගම්වාසීන්ගේ ආකල්ප වෙනස්කර එම සතුන් හා සම්බන්ධ පාරිසරික සන්චාරක කර්මාන්ත ස්ථාපනය කිරීම වෙනි ක්‍රියාමාර්ග තුලින්ද මෙම ප්‍රශ්නයට සහන ලබාගත හැක.මෙම ප්‍රශ්නය විසදීම උදෙසා ගනුලබන ක්‍රියාමාර්ග උදෙසා තම හැකියාව පරිදී උදවුකිරීම මෙම රටේ සියළු පුරවැසියන්ගේද යුතුකමකි.ඒ එමගින් තම සහෝදර ජනතාවගේ ජීවිත මෙන්ම අනාගත පරපුරේ උරුමයක්වූ වනජීවිතද සුරකෙන බැවිනි.

මෙම ලිපියේ මුග්ධ ස්වරූපය පෙන්නුම් කෙරෙන තැනකි:


"වනාන්තරයේ සිටින අලි ඇතුන් යන්න එන්න තැන් නැතිව බොන්න වතුර නැතුව ගම්වැදී හේන් පාළුකර ගේ දොර කඩනවානම් ඊට විසදුම උන් එතනින් වෙන ගමකට පන්නා දැමීමහෝ වෙඩිතබා මරා දැමීම නොවේ.
ඒ සතුන්ට කන්න බොන්න දී කරුණාවෙන් ඇතිදැඩි කලහැකි තැනකට භාරදීමයි.එවිට ඒ සතුන්ටද ආරක්ශාව හිමි වේ.ඒ සතුන්ට ආධාරකොට ජාති ආගම් භේදයක් නැතිව කාටත් බලන්නට පෙරහැරක් කිරීමටද භාග්‍ය උදාවේ".


මෙම අදහස ගල්බොඩ තෙරණුවන්ගේද,නැතිනම් ලියුම්කරුගේද යන්න පැහැදිලි නොමැතිවූවත් එම තෙරණුවන්ගේ ඡායාරූප යොදාගන උන්වහන්සේගේ අදහස් ප්‍රකාශකිරීමක් ලෙස ඒත්තු යන පරිදී ලියා ඇතිනිසා ,අනාත අලි යොදා පෙරහැර පැවත්වීම මගින් තෙරණුවන් තමාගේ කීර්තිය හා මඩිය තරකරගැනීමේ උත්සහයක යෙදෙනවා'යි කියා කිසිවකුට නිගමනය කලහැක.මේ ලෙසම ක්‍රියාකල තවත් එක් ශාන්තුවරියෙකි,තෙරේසා මව්තුමිය.ඉන්දියාවේ සිදුවූ රසායනික අනතුරක් වූ බෝපාල් සිද්ධියේදී තෙරේසා මවුතුමිය ප්‍රමුඛ එතුමියගේ අනිකුත් සහෝදර කන්‍යා සොයුරියන් පිස්සුවෙන් මෙන් මව්පියන් අහිමි ළමුන් තමන් විසින් පාළනය කරනා අනාතනිවාස සදහා එකතුකරගත්තෝය.මෙම අනතුර පිළිබඳ විමසූ වාර්ථාකරුවකුට තෙරේසා මවුතුමිය පවසා තිබුනේ මෙම අනතුර දේව ආශිර්වාදයක් බවත් මෙනිසා දේවියන් කෙරේහි භක්තිවන්තවූ නව පිරිසක් බිහිකරගත හැකි බවත්ය.මෙම ලිපියේ සදහන් ඉහත කරුණ නිසා ගල්බොඩ තෙරණුවන් සිදුකරනු ලබන්නේද තෙරේසා මව්තුමිය මෙන්ම අනාතයන් විකුනමින් පෙරහැර මාර්කට් කිරීමක් බවට කිසිවකුට චෝදනා කලහැක.එලෙස චෝදනා ලැබුවහොත් එය එම තෙරණුවන්ට පෞද්ගලිකව එල්ලවන්නාක් නොව සමස්ථ බුදු දහමටම එල්ලවන්නාක් නිසා එයට නිසි පිළිතුරු සැපයීමද එම තෙරණුවන්ගේ යුතුකමකි.


පසුගිය කාලයේදී ගන්ගාරාමයේ කුඩා ඉඩකඩක බැඳසිටි අලිපැටවුකට ඇත්ගොවුවා විසින් පහර දෙනුලබන දර්ශන ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලය හරහා හුවමාරු විය.ඒ පිළිබඳව දායකසභාවේ පිළිතුරවුවේ මේවා ප්‍රසිද්ධියේ නොව තමන්ට පෞද්ගලිකව දැන්වුවානම් මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනුලබන බවය.මොන අමන ප්‍රකාශයක්ද?.තමන් සතුව සිටිනා කුඩා අලිපැටවකුගේ ආරක්ශාව බලාගත නොහැකි තෙරණුවක් විසින් කැලේ අලි මරාදමන හෙයින් පන්සලට බාරදෙන ලෙස පැවසීමම විහිළුවක් නොවේද?කැලයේ සිටියදී නිදහසේ ඇවිදිමින් දිවි ගතකරනා සතකු අල්ලාගනවිත් මිනිසෙකුට පවා සිටිය නොහැකි තරමට අවුවට රත්වෙන ටකරන් මඩුවක බැඳදමා උගේ ජීවිතයේ වසර 60-70ක් ගතකිරීමට සැලස්වීම බුදුධහමේ නාමයෙන් සාධාරනය කරගැනීමට උත්සහ දැරීම මිනිස්කම අගයන සමාජයකට කෙතරම් ගැලපෙනවාද යන්න විමසා බැලීමට තරමටවත් තේරුම්ගත නොහැකිනම් හොඳම දේ නිශ්ෂබ්දව සිටිමය.ඒ මෙවනි ප්‍රකාශනිසා අභියෝගයට ලක්වන්නේ සමස්ථ බුදුදහමම නිසාය.අභියෝගයට ලක්වන්නේ "සියළු සත්වයෝ දඬුමට බිය වෙති"යි නම්වූ බුදු වදනම නිසාය.

එක් පසකින් දළදා මාළිගාවට අගෞරවවේ'යැයි කියා දස දහස්ගනන් මහජනයා පීඩාවට පත්කරමින් පාරවල් වසාගන කිසිඳු ආකාරයකින් පිළිගත නොහැකි හේතු පවසනා මහානායක හිමිවරුන්ය.අනික් පසින් අලි අල්ලා හීලෑකිරීම සාධාරණීකරණය කරනා රටම පිළිගත් තෙරණුවෝය.ඕනෑමකෙනෙකුන්ට තමන්ගේ පෞද්ගලිකමතය ඉදිරිපත්කිරීමට කිසිඳු බාධාවක් නැත.එහෙත් බෞද්ධ නායකයන් වශයෙන් පෙනීසිටිමින් කරනා මෙවනි ප්‍රකාශ නිසා හෑල්ලුවන්නේ,නින්දා විඳින්නේ රටේ සමස්ත බෞද්ධ ජනතාවමය."මේකද උඹලගේ මහාලොකු කරුණාව" යි කියා අන්‍යාගමිකයකු විමසුවිට බෞද්ධයකු වශයෙන් ඔහු ඉදිරියේ නිරුත්තර වීමට සිදුවේනම් එයටත් වඩා අවාසනාවක් බෞද්ධයකුට තවත් තිබේද?ගහට වැලට පවා ආදරය කිරීමට කියාදුන් මහා කාරුණිකයානන්ගේ අනුගාමිකයන් වශයෙන් ඔබවහන්සේලා මීටවඩා වගකීමෙන් ක්‍රියාකල  යුතුබව තේරුන්ගත නොහැකි තරමට මානසික බෙලහීනතාවයට පත්වී ඇතැයි මම නොසිතමි.එහෙයින් සමස්ත බෞද්ධ සමාජයේම ගෞරවය උදෙසා මීට වඩා වගකීමෙන් අදහස් දක්වන ලෙස ඔබ වහන්සේලාගෙන් බැගෑපත්ව ඉල්ලාසිටිමි.

62 comments:

  1. මේ සාදුලා වැදි බණ දෙසනවාය කීම වැද්දන්ට ද අපහාසයකි!

    ReplyDelete
    Replies
    1. වැද්දෝ හොඳයි.ඒ මිනිස්සු සතෙක් දඩයම් කලානම් කලේ බඩගින්න නිවාගන්න මිස තමන්ගේ තරම පෙන්නන්න නෙමෙයි.

      Delete
  2. මූ එක අලියෙක් මරලා.. තව පැටියෙක් තියාගෙන දස වද දෙනවා.. කැළේ ඉන්න ඕන අලියකුට පුළුවන්ද කොළඹ තියෙන ගිනි කාෂ්ඨකේ එකතැන හිටගෙන ජීවත් වෙන්න. අලියෙක් දවසකට කිලෝ මීටර් 10-15 ක් විතර ඇවිදිනවා.. වතුරේ දෙසරයක් විතර දපනවා..

    මුන් බුදු පුත්තු නෙමෙයි... හුත්තිගෙ පුත්තු..

    අරෙහෙ මහ එකෙක් මුළු නුවර නඟරයම් වායු දූෂණය වෙද්දි දතේ පන්සල ඉස්සරහා පාර වහගෙන නිවන් දකින්න වලි කනවා.. කාළකන්නි..

    ReplyDelete
    Replies
    1. කියන්න ඕනෙ දේ තේරෙන බාසාවෙන්ම කියලා තියෙනවා..!

      Delete
    2. මිනිස්සු තමන්ගේ තරම පෙන්නන්න ඕනේ.ඒත් ඒ තව ප්‍රාණියෙක්ගේ ජීවිත ඇපයට තියාගන නෙමෙයි.අර එකෙක් මුළු රටක්ම ඇපේට තියාගන රජකම්කරලා දැන් අත උඩ තියාගන පිඹ පිඹ ඉන්නවා.මුන් ඒකෙන්වත් පාඩමක් ඉගනගත්තොත් හොදයි.හාමුදුරුවන්ට නෙමෙයි,මුළු රටටම වෙලාතියෙන්නේ ඒ රජ මානසිකත්වයෙන් මිදෙන්න බැරිකම.

      Delete
    3. මේ මාතලන් ,, බඩ්ඩක් කියන්නද, මේ හාමුදුරුවන්ගේ මුණ ඔයාගේ වගේමයි අනේ,

      Delete
    4. අපේ ගෙදර අය යන්නේ ඔය පන්සලට.. අපේ හාමිනෙත් කියන්නේ මම ගලබොඩයගේ මල්ලි කියලා..

      සහතික ඇත්ත.. තට්ටෙ ගෑවා නම්, තනිකර ගලබොඩම තමයි

      Delete
    5. //මුන් බුදු පුත්තු නෙමෙයි... හුත්තිගෙ පුත්තු..//

      ඔහොම කියන්ඩ එපා යකෝ අපායේ යයි

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  3. ආයි ඕනි නෑ... ඔය උඹයි මාතයි දෙන්නම කියලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියෙවුවට මෙ කරුණුවලට තියන පිළිගැනීම මටත් ප්‍රශ්නයක් බන්.මිනිස්සු මීට වඩා නිදහස් විදිහට හිතන්න පටන්ගන්නේ නැත්තම් මේ මොනවා කිවුවත් වැඩක් වෙන්නේ නෑ.

      Delete
  4. මූව පන්නමු කැලේකට.. නැත්නම් හෙට අනිද්දා කවුරුහරි එකෙක් වෙඩි තියල මරල දානවා.. කැලේ ගිහින් සතුටින් ඉන්නෙ නැතැයි.. ඔන්නම් අලි පන්සලක පෙරහැරේ බෙටි අහුලන්නත් ගන්නෙ නැතෑ.. නෙද්දකින් වල් මී හරකා..

    ReplyDelete
    Replies
    1. කමියෝ....උඹ මේක කිවුවේ මටද නැත්තම් අර අදාල චීවරදාරියටද?

      Delete
  5. ගංගාරාමේ ලොකු හාමුදුරුවෝ නේද මේ.. පව් යකෝ..

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවොත් පවු.....අලියොත් පවු....
      ගන්ගාරාමේ ලොකු හාමුදුරුවෝ කෙනෙක් නෑ.ඉන්නේ පොඩි හාමුදුරුවෝ කෙනෙක්.

      Delete
  6. ඒ කියන්නෙ අලින්ට වෙඩි තියන්න උංව මරන්න පුලුවං කියලනෙ මේ නොකිය කියන්නෙ....
    අලින්ට වෙඩි තියන්නෙ ඇයි තියන්න් උනේ ඇයි කියන එක ගැන කතාවක් නෑ මැරිච්ච උංගෙ පැටවු ටිකත් බාගෙට මරන්න හදන්නෙ...
    මුංට නෙව කාලකන්නි කියන්නෙ
    කෝ අර කෙහෙල් මල් සත්ත හිමිකං සංවිදාන... පරිසර සංවිධාන...
    මොනව හරි රෙද්ද පල්ලෙන් බේරෙනවද දන්නෑ

    ReplyDelete
    Replies
    1. මොන සන්විධාන මොන විදිහට කෑ ගැහුවත් ඒ කෑගිල්ලට මේ සමාජෙයේ වලන්ගුබාවයක් නෑ මයියා.මේ රටේ සිවුරට මිනිස්සු තාම සලකනවා.ඒ සිවුර ඉස්සරහා ඔය සන්විධාන තාමත් පරාදයි.අමතක කරන්න එපා,මේක උඩු රැවුලටත් ඡන්දේ දුන්න රටක්.

      Delete
  7. මාතයියා කියනවා වගේ මේ බුදු(හුත්තිගේ) පුත්තු වැරැදි වලට අනුබල දෙනවානම් ආය කවර කථාද?

    ReplyDelete
    Replies
    1. ඒ උත්තමයෝ කියන විදිහට මේක වැරද්දක් නෙමෙයි.මේක කරන්නේ අලින්ට සැපදෙන්න.

      Delete
  8. බුදු සසුනේ අනුමත නිල ඇඳුම දාගෙන අන්ත කුහක ජීවිතයක් ගත කරන පිරිස නිසා සිදුවෙම්න් පවතින විනාශයක මහිමය යාන්තමට මේ පෝස්ටුවෙන් දැකිය හැකියි. එහෙත් මේ තත්වය ගැන ගොළුවන් මෙන් කතා නොකරන, අන්ධයින් මෙන් නොදකින//වැදගත්// ජනතාවක් ඉන්න අපේ උතුම් රට !

    ReplyDelete
    Replies
    1. මිනිස්සු විතරක් නෙමෙයි ඇනෝ.මිනිස්සු ගොඩක් බලාපොරොත්තු තියාගන පත්කරපු පාලකයොත් හිතාගන ඉන්නේ කට වහගන අහක බලන් ඉන්න එක හරි වැදගත් වැඩක් කියලයි.

      Delete
  9. කසුට්ටා ඔය වගේම තවත් නමක් කිව්වා ඔය නිදාන රජා ගත්තාට කමක් නැහැ.. ඒවා තියෙන්නේ ඒයාට තමයි කියලත්.... අපි ඉතින් ඔ්වට සාදු සාදු කියන කට්ටියනේ

    ReplyDelete
    Replies
    1. ඔය කාලයේ ගොවි සන්විධාන මහ රෑ තිස්සේ වැවු රැකගන්න නිදිමරාගන ඉන්නකොට මාත් ගිහින් කයිය ගගහ ඉඳලා තියනවා බන්.ටිකක් බලපන් ඕක කියපු හාමුදුරුවොත් කොච්චර උගත් රටට වැඩක්කරන්න පුළුවන් හාමුදුරු නමක්ද?ඔය මිනිස්සු තමන්ගේ පාඩුවේ තමන්ට අයිති වැඩේ කරගන හිටියනම් ඔය විදිහට බළු වෙන්න්නේ නෑ කවදාවත්.ඔක්කොටම වෙලා තියෙන්නේ ඔය ඔක්කොම ජීවත් වෙන්නේ කෝටිපති හීනවල.දාස්ගනන් වලින් කරන වැඩ උන්ගේ පොත්වල නෑ.තියෙන්නේ ඔක්කොම කෝටි ගනන් වලින් කරන වැඩ විතරයි.

      Delete
  10. පන්සල් වල සත්තු ඇතිකරන එක තහනම් කරන්න ඕන... බෞද්ධ දර්ශනයට පටහැණි ඒ වගේ වැඩ දැන් වත් නවත්තන්න කාලෙ හරි..

    ReplyDelete
    Replies
    1. පන්සල් අභයභූමියක් වෙලා තිබුනේ ඉස්සර.දැන් ඒවා වධකාගාර වෙලා.ඔය පන්සල්වල සිදුවෙන අවිධිමත් සත්වපාලනය නිසා දුක් විදින්නේ සාමාන්‍ය මිනිස්සු.හොඳම උදාහරණය අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ මිනිස්සු විඳින දුක මුව රන්චුවක් නිසා.ඒ මුවෝ බෝවෙලා තියෙන්නේත් කොරතොට පන්සලෙන් පැනලගිය මුවන්ගෙන්.දැන් ඒ මිනිස්සුන්ට මල්පැලයක්වත් වගාකරන්න බෑ.

      Delete
    2. ඒ ගැන නං කියල වැඩක් නෑ.. පන්සල් වල ලොකුවට පේන්න අලියෙක් බැඳගන්න සල්ලි නැති ගණයි මුවෙක් හරි හදනවා, මුවා හදන්න සල්ලි නැත්තං ඉත්තෑවෙක්, ඒත් නැත්තං මොණරෙක්,ඒකත් බැරි නං හාවෝ කුඩුවක් හරි මේන්ටේන් කොරන්න තමයි කල්පනාව. පන්සල් වත්තෙ සතෙක් හිටියේ නැත්තං සිවුරෙ රැස් බහිනවා මයේ හිතේ...

      Delete
    3. //පන්සල් අභයභූමියක් වෙලා තිබුනේ ඉස්සර.දැන් ඒවා වධකාගාර වෙලා//
      ++++++++++++++++++++

      Delete
  11. විනය නැති උනාම ශාසනය නැතිවෙනවා කියා අහල තියනවා. පුදුමය කියන්නෙ ඒක නැතිවෙන්න පටන් අරන්තියෙන්නෙ පන්සලෙන් වීමයි

    ReplyDelete
    Replies
    1. විනයට වඩා බලය ලොකු උනහම ඔයවගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා සාරිකා.

      Delete
  12. පන්සල් කියන්නේ පුජනිය ස්ථානද ආයුබෝවන්ඩ.. ලිපිය තුල කියවෙන දේ සැබෑව කටුසු

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පල බූරුවෝ යන්න තෝ දැකලද කියන්නේ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. නොදැක්ක නොදන්න දේවල් කියන්නෙ මොකටද යකෝ?

      දැන් කියපන් බලන්න ඔප්පු කරන්න පුලුවන් දේවල්?

      අනික, ඔය හාමුදුරුවෝ එහෙමයි කියමුකෝ. තොපි එකෙකුට වත් හොඳ හාමුදුරු නමක් මුණ ගැහිලා නැද්ද?

      තොපිලගෙ වැඩේ බ්ලොග් ලිය ලිය හාමුදුරුවන්ට බනින එක. මතක තියා ගනින් බුද්ධාගමට ගරහන්න බලාගෙන ඉන්න අනික් ආගම් කාරයෝ තොපි ලියන ඒව ආයුදයක් කර ගන්න විත්තිය. අනික් ආගම් පූජකයොත් ලිංගික අපචාර වගෙ වැරදි කරල අහු වෙලා තියනව. ඒ ආගම් කාරයෝ ඒව තොපි වගෙ හැම තැනම කිය කිය යනවද? තොපි ඒව ගැන කතා කරනවද?

      බුද්ධාගම කන්නේ අනික් ආගම කාරයෝ නෙමෙයි. නමට බෞද්ධ වෙච්චි තොපි තමයි.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. අනේ පලයන් යන්න තොට ඔය හාමුදුරුවො හොඳ උනේ තොගෙ අදෙවවාදෙට උඩ්ගෙඩි දුන්නු හින්ද. නැත්තං තෝ ඔය හාමුදුරුවන්ට බෙදන්නේත් එකම හැන්දෙං තමා.

      ඔයිට වඩා හොඳ හාමුදුරුවරු ලංකාවෙ නැද්ද? තෝ කවදාකවත් ආරණ්‍යකට ගිහින් තියනවද?

      තෝ ඔය කියන එකක්වත් ලංකාවෙ උනු දේවල්ද? ලංකාවෙ අනික් හැම ආගම් පූජකයෙක්ම හාමුදුරුවන්ට වැඩිය ඉහලින් වැජඹෙනව. ඒ තත්වය ඇති කලෙ තොපි. තොපි තමයි හාමුදුරුවන්ව පහත් තත්වෙට ඇදල දාල තියෙන්නෙ.

      අපිත් ඉවසුව වැඩියි. තොපි තමයි ඇතුලෙ ඉඳන් සාසනය කන්නෙ. තොපි පරදේස වල ගියා නං ඒවට වෙලා හිටපිය අපිට පවු නොදී. තොපිට එපා උනාට අපි මේ රටෙ ඉන්න ඕන නාකි බූරුවෝ.

      Delete
    8. ලබ්බ මහතා ඔහෙට තරහ ආපු මේ කතාව මම අයින් කළා. නමුත් ඒ සඳහා මේ ටික කිව යුතුයි. මේවා තමා හේතු.
      1. මම සාමාන්‍යයෙන් වාද කරගෙන යන්නේ නැහැ. බුරුව සහ තෝ කියන කොට සාමාන්‍යයෙන් එන තරහක් ආවා. මේ කුරුම්බා කතාව අවුරුදු 34 කට උඩදී සිදුවූ දෙයක්. මමත් එතන හිටිය. කුරුම්බව ගෙනිච්චේ යාළුවා.එයා පොලිස් නිලධාරියෙක්. මේ වාදය කියවල ටිකක් අප්සෙට් එකේ මට කීවා "මචන් අපේ බොස්ල දායකයෝ උඹ ඕක ලිව්වේ ඇයි කියල" කියල. කා ගැනද කිව්වේ කියල දන්න වනේ. " මගේ නම හෙම කීවොත් මටත් ප්‍රශ්නයක් වෙයි නේද. අපිත් රස්සාව කරන ඉන්න ඕනේ නේ". මම කිව්වා නම කියන්නේ නැහැ කියල. නමුත් නාහෙන් ඇඩුව අද. මිනිහ තමා බ්ලොග් ලිපිය කියවල ඕක මතක් කලෙත් ඉස්සෙල්ලම.

      2.බ...මුල්ලේ ශා.... ගැන ලියන්න හිටියත් ලියා තේරුමක් නැති නිසා ලියන්නේ නැත.

      3. අපි හදන්නේ බ්ලොග් එකතු කර කිසියම් හොඳ දෙයක් කිරීමට නිසා මගේ මේ වාද වලින් එම හොඳ හිත නැතිවී යනු ඇත. එම නිසා මෙම වාදයෙන් ඉවත් වෙමි. මෙහිදී වාද කිරීමෙන් මම නිවැරදිව ක්‍රියා කර නැත.

      Delete
    9. ලබ්බා මහතානණි,ඇතිවූ සිද්ධියක් නිසා පසුගිය දිනවල අන්තර්ජාලයේ සැරිසැරීම නතරවී තිබූනිසා මෙම සන්වාදයට සහබාගීවීමට නොහැකිවීම පිළිබඳව කණගාටුව ප්‍රකාශකරමි.එහෙත් ඔබ ඉදිරිපත්කරණ කරුණු අනූව ඔබේ තර්කය මහා ගොන්තර්කයක් බවට පත්වී ඇත.ඔබේ තර්කය අනූව ඔබේ බිරිඳ වෙනකෙකු හා යහන්ගතවී සිටියදීම ඔබට අසුවූවත් බිරිඳට හා ඔබට ලැජ්ජාවන නිසා ඔබ ඒගැන කතාකිරීමෙන් වැලකී සිටිය යුතුය.ඒ ඔබ බැන්නහොත් හෝ වියරුලෙස හැසිරුනහොත් හෝ සමාජය ඒවා ආයුධලෙස ඔබට විරුද්ධව පාවිච්චි කරයි යන බයටය.
      ඔබ බුද්ධාගමට ගරු කරන්නෙක්නම්,ඒ මාර්ගය අනුව ගමන්කරන්නෙක්නම් ඔබකල යුත්තේ අඩුම වශයෙන් එයට විරුද්ධව කටයුතුකරන්නන් පිළිබඳව සමාජ කතිකාවක් හෝ ඇතිකිරීමට උත්සහගැනීම මිස අමුඩයේම මලපහ කරගනිමින් පැත්තම ගඳ ගැස්සවීමනම් නොවේ.චීවරය යනු වැරදි කිරීමට අවසර ලබාදෙන බලපත්‍රයක් නොවනබව පිළිගන්න.චීවරය හෝ වේවා,ලෝගුව හෝ වේවා,කුර්තාව හෝ වේවා ඒවා කරදරාගන සිටින්නන් ඒවා පිළිබඳ මහජනතාවගේ සිතේ ඇති ගෞරවය රැකගැනීමට කටයුතුකිරීම තම වගකීම බව සිහිතබා ගත යුතුමය.එම වගකීම ඉටුකරගැනීමට නොහැකිනම් ඔහුට එම වස්ත්‍රය ගලවාදමා උපවැදි වියහැක.සිවුරට මෙම රටේ ඇති තත්වය අවතක්සේරුකරමින් ලියුවක් නොව සිවුර පොරවාගන බලය බුදුපුතුන් ලෙස පෙනී සිටිමින් කරන අකටයුතුකම් ගැන ලියූවක් පමණක්බව සිහියෙන් වටහාගන්න.

      Delete
    10. තොගේ ගෑනි හොර මිනිහෙක් එක්ක ඉඳල අහූ උනොත් තෝ කරන්නෙ ඒක ගේ ඇතුලෙ විසඳ ගන්නෙ නැතුව ගෑනිට ගහ ගහ ලෝකෙටම පේන්න පාර දිගේ ඇදගෙන යන එකද?

      තෝ අනුන්ගෙ ගෑනුන්ගෙ හොර වැඩ වලට අත දාන්නත් යනවද?

      තෝ තමයි ගොන් තර්ක දාන කැරි මැටි මෝල් මූසලයා.

      Delete
  15. බුදු පුත්තු නෙවෙයි අර පුත්තු තමා

    ReplyDelete
    Replies
    1. බලය තමයි බන්.බලයෙන් අන්ධවුනහම කරන්නෙ කියන්නේ මොනවද කියල ඒ අයම දන්නේ නෑ.

      Delete
  16. මුං සිවුරක් පටලගෙන කොරන වැඩ නිසා වෙන විනාසයක්.. රටෙන් ලොකෙන් එන විරොධතාවෙන් බේරෙන්න සිවුර පාවිච්චි කරනවා ඇරෙන්න වෙන නම් දෙයක් නෑ මුං ගෙ.
    පංසල් කියන්නෙ පූජනීය ස්ථාන තමයි.හැබැයි ඒක කෙලසන්නෙත් පංසල් වලම පදිංචි වෙලා ඉන්න සිවුරු අඳින පිරිසක්.උන් සංඝ කොට්ඨාසෙට අයිති නෑ කියලයි මට හිතෙන්නෙ.
    අලි ගැන කතාව තව තවත් එලියට එන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බට වෙල්කම් කිවුවා.
      මහ ලොකුවට පිලිපීනයේ ඉන්න අලි නිදහස් කරගන්න පෙත්සම් අත්සන් කරනවා.කරඬුව ගෙනියන අලියා දැක්කහම දණගහගන වඳිනවා.මේවට කොහෙන් හිනාවෙන්නද,කොහෙන් අඬන්නද කියල හිතාගන්න බෑ බන්.

      Delete
  17. ඔය අලි කතාවට ඊයෙ පෙරේද දබර අමිල හිමිනම් නියමට දීල තිබ්බ. ඇත් අස් රිය පාබල කියන චතුරන්ගනී සේනාවත් වෙනස් වෙච්චි එකේ මොකෑ අලිය විතරක් තාම පෙරහරේ යන්නෙ කියල. අලියෙක් නඩත්තු කරන්න පුලුවන් ඉඩ කඩ තීන සල්ලි තීන සහ ඒකව බලාගන්න නිසි පහසුකම් සපයන්න දන්න පන්සලක ඔය අබාධිත අලියෙක් හරි කැලේට දක්කන්න බැරිම ජාතියෙ එකෙක් හරි හදාගත්තට පෙරහරේ යවන්න හරි බලේ පෙන්නන්න හරි සත්තු හදන්න ඕනයැ?

    එහෙමම ඕන නම් සත්තු හදන්න, ඔය ඉන්නෙ ඇති පදම් බල්ලො බළල්ලු.

    ReplyDelete
    Replies
    1. ඕකම තමයි අයියේ මමත් කියන්නේ.ඒ කාලේ තිබුන ලොකුම වාහනේ හින්දා අලියව ඒ වැඩේට යොදාගත්තමයි කියමුකෝ.ඒත් දැන්මොන මගුලටද අලියව තාමත් ඕකට පාවිච්චි කරන්නේ?.අලියට වඩා කොච්චර ලොකු වාහන තියනවද දැන් කාලේ.අනික තිරිසනෙක්ගේ පිටේ දහස් ගනන් වඳින පුදන ගෞරව කරන දෙයක් තියාගන යන එකෙන් වෙන අපහසේ තේරුම්ගන්න බැරි,ඒ කාලේ ඉදන් අපි මෙහෙමයි කරන්නේ කියමින් වැරදි වැඩම කරන මිනිස්සු ඉන්න රටක අලින්ට නෙමෙයි.මිනිස්සුන්ටවත් නිදහසේ ජීවත් වෙන්නනම් බැරිවෙයි.

      Delete
  18. වෙබ්සයිට් වලට එන ඇනෝ ලගේ ඉන්න තැන ip ලිපින ට්‍රැක් කරන්න මෙය install කරන්න.
    http://statcounter.com/

    ReplyDelete
    Replies
    1. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නෙවත් පහත් කරන්නවත් ඕනේ නෑ අජිත් අයියේ.ඔයවගේ හිතන සමාජයක්මැද්දේ ජීවත්වුන නිසා තමයි අද මේ විදිහට හිතන්න පතන්න අපි පුරුදුවුනේ.ඔයවගේ 'කමෙන්ට්' නිසා තව එකෙක් හරි නිදහස් විදිහට හිතන්න පුරුදුවෙයි අපි වගේම.

      Delete
    2. අජිත් පයියා, එතකොට කටුස්සො විලිඇඬියාව දානකොට කඳු පාත් වෙනවද දන්නෑ.

      Delete
    3. // තව එකෙක් හරි නිදහස් විදිහට හිතන්න පුරුදුවෙයි අපි වගේම.

      එහෙම උන එකෙකුට කියල පුකේ ඇර ගනින් එතකොට ඔය අමාරුව හරි යයි.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. රට හදන තැනින් ම රට කනකොට...
    හිත හදන තැනින් මුළු ඇගම කන එක අහන්ඩත් දෙයක්ද?

    ReplyDelete
  21. අනුන් හදන්න එන සද්ගුනවත් ශුද්ධවන්තයෝ

    ඕව හදන්න තොපිට තියන අයිතිය මොකද්ද?

    තොපි හිතන්නෙ තොපිට වැඩිය නිදහස් මතධාරී කෙරුමො වෙන කොහෙවත් නෑ කියලද?

    'පලමු ගල ගැසිය යුත්තෙ වැරදි නොකල අයකු විසින්ය'

    බුද්ධාගම අදහන්නේ නැත්නං ක්‍රිස්තියානි ආගම වත් අදහපන්.

    ReplyDelete
    Replies
    1. අනුන් හදන්න තරම් පුකේ අමාරුවක් තවම වැලඳිලා නැති නිසා පැවසූ නාම විශේශනය ප්‍රතික්ශේප කරමි.මාගේ පරම්පරාවේ අන්තිමයා මම නොවන නිසා මේවා හැදීමට ශුද්ධ අයිතියක් මා සතුබව අදහමි.
      "නිදහස් මතදාරී" යන්නෙහි ඔබ පැවසු අරුත වන්නේ වරද ඉදිරියෙහි නිහඬව නොසිටීමනම් මම නිදහස් මතධාරියෙකු වෙමි.කෙරුමෙක් වීමට අවශ්‍ය නොවන මාගේ ශක්ති ප්‍රමාණය අනූව.
      මේ ලිපිය ලිවූවේත් බෞද්ධයකු නිසාම මිස බෞද්ධ ආගමට අපහාස කිරීමට නොවේය.මෙවනි නාමික භික්ෂූන් නිසා බුද්ධාගමට ඇතිවන අපහාසයට සියළු බෞද්ධයන් වගකිවයුතු නොවන බව පැහැදීමටය.

      Delete
    2. අනුන් හදන්න පුකේ අමාරුවක් නැති බව පේනව තොට ඕන නැති පයියක් නැති කොට.

      තොගෙ ආච්චිගෙ ශුද්ධ අයිතිය. තොගෙ පරම්පරාවෙ ඉලව්ව තොගෙ අයිතියක් වෙන්නෙ කොහොමද? හැම එකාම තෝ වගෙ හිතුවොත් මේ රටෙ ඉතුරු වෙන්නෙ වැරදි හොයන උන් විතරයි.

      // බෞද්ධ ආගමට අපහාස කිරීමට නොවේය.

      නෑ භික්ෂූන්ට අපහාස කිරීමටය

      තො කවදාවත් වැරදි නොකරපු එකෙක් වගෙ අනුන්ට කියන්නෙ.

      තොට ඔය තරම් අනුන් හදන්න ඕන නම් මෙතන බ්ලොග් කොට කොට ඉන්නැතුව ගිහින් කියපියකො ඔය හාමුදුරුවන්ගෙ මූනටම, ඔය තරම කෙරුමෙක් නම්

      Delete
    3. උඹට කියන්නදෙයක්,මතුකරන්න තර්කයක් නැතිවෙනකොට පයිය,හුත්ත වගේ වචන පාවිච්චිකරල පෙන්නන්න හදන්නේ උඹේ පිරිමිකමද?පොන්න කමද?
      මට මහ ලොකු කෙරුම කියල අභියෝගකරන උඹ නපුන්සකයෙක් නෙමෙයි කියල ඔප්පුකරපන්කෝ හරි නමින් ඇවිත් ඉස්සල්ලම.මම එතකොට ඔය සිවුර පොරවන් ඉන්න දේවදත්තය හම්බවෙලා මේක මූණටම කියන්නම්.

      Delete
    4. තොපි වගෙ පරයින්ගෙ හැටි දන්න හින්ද තමා පකෝ හරි නමින් එන්නෙ නැත්තෙ. තෝ සාධාරණව මූනට මූන කෙල ගන්න එකෙක් උනා නම් හරි නමින් එනව තමා පකෝ. අපි නොදන්න තොගෙ පොයිය.

      තෝ පොන්නයෙක් නෙමෙ කියල ඔප්පු කරපන් බ්ලොග් කොට කොට ඉන්නැතුව කියන දෙයක් අදාල පුද්ගලයගෙ මූනටම කියල. හාමුදුරුවො තොගෙ ඉලවු බ්ලොග් හුත්ත බලන්නෙ නෑනෙ.

      ඔය හාමුදුරුවො හින්ද තමා යකෝ කොලඹ ඔය හරිය හම්බයින්ට නතු නොවී තියෙන්නෙ. තෝ වගෙ කැරි මී හරක් මූසල ගැනියෙකුට කොහෙද ඒව තේරෙන්නෙ.

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. PRADo M/Benz wala yanna ...appee hamuduruwanta..........budu sadu ........kiyapu.......BUDDhisam ..eke ..atheamma ...danne nedha.......comfortable ....and assets........eke budagamma ta thiyanna ......connection eke mokakda kiyal....mee mahaaaaaaaaaaaaaaaaaa nayakayanta...........dannnemma nedha.......eyalata wandala salli denna..oyalta GODAK PAU.....BUDU SADU KIYANNA KIDIYATA.........SITHA BALANNA

    ReplyDelete