Friday, March 6, 2015
සැපත.....
සිනාසෙන නුඹෙ මුහුණ
හීනෙනුත් පෙනෙන කොට....
කොහොම පැකිළෙම්ද මම
නගින්නට දිවිමගේ
සැටරිමක මුදුනටම....
නුඹේ කතා දෙසවනේ
නිම්නාද නැගෙන සඳ....
යකඩ මිටි කුළු හඬට
කෙසේනම් වසන්නද
මගේ දෙසවන දිනක....
ඉවසම්ය හැම දුකම
විඳින දිවි තුරාවට....
දුකක් නොව සැපයක්ය
තුරුළුවන විට දැනෙන
දුවේ නුඹ සුවඳ ලග....
යා යුතුය බොහෝ දුර
කැටුව නුඹ අතනෑර....
එයටමයි වෙහෙසෙන්නේ
නැතුව හුරු සුවඳ ලඟ....
මා හෙලන සුසුම් අද
තනිව හිඳ යහන මත
නුහුරු හුරු නගරයක....
හඳුනගන දිනක හෙට
එපා දුක්වන්න නුඹ....
තාත්තා යන වදන
අරුත් වැටහෙයි එදින....
අවැසි නැත මට දිනක
දිනන්නට ලෝකයම....
දිනූ පසු නුබ ලොවම
වැළඳ මා සිඹ මුහුණ
පවසපන් "තාත්තේ"යි
කියා ඒ ඇතිය මට.......
කටුස්සා....
පසු සටහන-
සති දෙකකට වැඩි කාලයක් අන්තර්ජාලයෙන් ඈත්වෙලා වින්දේ නිදහසක්ද අපහසුවක්ද කියලා තාම හොයනවා.ඒත් ඒ කාලයේදී මම ආපහු ඇස් ඇරල බලන්න පුරුදුවුනා කියන එකනම් බොරුවක් නෙමෙයි.ඉස්සර වගේම නිදහසේ පොත් කියෙවුවා.රූපවාහිනිය නැරඹුවා.අවුරුදු දෙකක් තිස්සේ හිටියත් මේ පැත්තේ නොගිහින් හිටිය පලාත්වලට ගියා.වේලස්සන නිදා ගත්තා.පාඩුවේ ඇස් වහගන සින්දු ඇහුවා.ඒ අස්සේම තාත්තා කරපු දේ නොකලොත් නොට්ටිගේ පුතා කියල අහන්න වෙන නින්දාවෙනුත් ගැලවුනා.තාත්තා තරම් නොවුනත් ඒ ආසන්නයටම යන්න පුතාට පුළුවන් වුනා.අනාගතේ තරමක් නොපැහැදිලි වුනත් සුනිල් එදිරිසින්හයන්ගේ "සියල්ල ඉදිරී ගරා වැටුන දා" අහගන ඉස්සරට වඩා සැනසීමෙන් ඉන්නවා.හරි...ඒකතා ඉවරයි.
දැනට සති 3ට විතර කලින් මේ බ්ලොග් ලෝකයෙන් මුනගැහුන මිත්‍රයෙක් සමග ප්‍රථම වතාවට දුරකතනයෙන් කතාකලා.ටිකක් වෙන්න අනුමත වෙලා හිටපු ඔහුත් සමග කතාකරන වෙලාවේ ගෙදර ආවහම සෙට් වෙන්නත් කතාකරගත්තා.එතනදී ඔහු පැවසුවේ "උඹ එනවනම් 4 වෙනිදට කලින් වරෙන්.4 මම ගෙදර යනවා.පොඩි එකීගේ උපන්දිනේ.ගිය පාරත් ආවේ නෑ කියලා හෙන කේස්.මේ පාරනම් යන්නම ඕනේ....."ඒ ගැන එච්චරයි.ඊට පස්සේ ව්‍යාපාර ගැන,අරක්කු ගැන වගේම රටේ නැති දේවල් ගැන තමා කතාකෙරුවේ.ඒ කතාවෙන් දවස් 3-4ට විතර පස්සේ දවසක රූපවාහිනියේ හිරු නාලිකාවේ "සඳ ගිරි මුදුණ" කියන සන්ගීත වැඩසටහන නැරඹුවා.සුනිල් එදිරිසින්හ ආරාධිතයා වුන මේ වැඩසටහන මෙහෙයවූවේ නදීක ගුරුගේ සහ රත්න ශ්‍රි විජේසින්හ ශූරීන්.එදිරිසින්හ මහතාගේ "චන්ද්‍ර මණ්ඩලේ සැතපුන" ගීතයට රත්නශ්‍රී ඉදිරිපත් කල හැදින්වීම අහනකොට මට මතක්වුනේ එදා කතාකරපු මගේ මිත්‍රයාව.වෙන වල්පල් ගැන කතාකලත් තම දියනිය පිළිබඳව ඔහුගේ හිතේ තියන ආදරේ ගැන අළුතින් හිතෙන්න පටන්ගත්තා.ඔහු තම දරු දෙදෙනාට ගොඩක් ආදරේ කරන පියෙක් බව මම දැනගන හිටියා.තමාගේ බ්ලොග් එකේ පින්තූරෙටත් ඔහු යොදාගත්තේ ඒ කෙළි පැටික්කිවයි.ඒ ඇතිවුන අදහස් තමයි ඒ වෙලාවෙම අකුරුවුනේ මේ විදිහට;ඒ වැඩසටහනේ ඉතිරිය බලන ගමන්ම.
දැන්නම් ඒ දුවගේ උපන්දිනේ පහුවෙලත් ඇති.ඒත් මේ කවි ටික ඇයට උපන්දින තෑග්ගක් වේවායි පතන අතරම මාගේ මිත්‍රයාටත් ඔහුවෙනිම දහසක් වූ පියවරුන්ටත් මේ වචන ටික උපහාරයක්ම වේවා'යි ප්‍රාර්ථනා කරනවා.
(එම බ්ලොග්ලියන්නගේ නම මෙතනින් සදහන් නොකලේ මේ කවි පලකරන්නේ ඔහුගේ අවසරයකින් තොරව නිසයි.දිනක මේ කවි ඔහු කියවූවහොත් එම නම හෙළිකිරීම හෝ නොකිරීම ඔහු තීරනය කරාවී ).
Subscribe to:
Post Comments (Atom)
හැම දේට ම වඩා අගෙයි කවියේ පද ටික... ඔබ කොහොමත් හැබෑම කවියෙක් නොවැ... පසුබිම් සිදුවීම් ටිකත් ගානට ගැලපිලා..... ඒහෙම තමා කවියක් ලියැවෙන්නේ හදවතින්මයි... ඒකට පසුබිම මාර විදිහට බලපානවා.... අනික තමයි කවි ලියැවෙන්න ම වගේ සිදුවීම් ඒකට ගැලපිලා වෙනවා.... මටත් ඔය වගේම අත්දැකීම් තියෙනවා.... කොහොම හරි අගෙයි කසුට්ටා... මචං ඔය ගල් සංගම් කාරයන්ගෙන් පරිස්සමෙන්.... ඔ්කා කවුද කියලා ගෙස් කරතැහැකි
ReplyDeleteහිතල ලියන කවි වගේම නිකන්ම ලියවෙන කවිත් තියනවා.මේ බ්ලොග් එකෙත් ඒ ජාති දෙකම තියනවා.ඒත් මම ලියපුවා දිහා මමම බැළුවහම මම ගොඩක්ම කැමති ඔහේ නිකන්ම ලියවුන කවි වලට.මේක ලියවෙන්න විනාඩි 10ක්වත් ගියේ නෑ.ඒත් ඒවා ආපහු කියවන කොට දැනෙන හඟීමට මම ගොඩක් කැමතියි.
Deleteකවි ටික නම් අපූරුයි..
ReplyDeleteස්තූතියි "වර්ණ".
Deleteඅපූරු පදවැල්... කියන්න දෙයක් ඉතුරු කරලා නෑ..
ReplyDeleteදැකල තියන විදිහට ඔය තමයි "තාත්තලා".තව මාස කීපයකට පස්සේ මට කියපන් මම හරිද කියල.
Deleteඅනිවාර්යෙන් කියන්නම් :D
Deleteමොකාද බං ඔය පඩත්තර බ්ලොග් කාරයා.. හැක්
ReplyDeleteදේශකයා
Deleteපඩත්තරයනම් ඉතින් වෙන කවුද?ඔය ඉවානයා කියල තියෙන්නේ.
Deleteඒ බ්ලොග් රචකයා නම මට කනෙන් පෙන්නත හැකි .. ඕ ..යේස්
ReplyDeleteඒ වුනාට උඹ දන්නේ නෑනේ ඌ බීල ඉන්නකොට කතා කරද්දී දෙන සැප.
Deleteකවි ටික නම් අගෙයි......අදමයි මේ පැත්තට ගොඩවුනේ..
ReplyDeleteඇත්තට කවුද ඔය තාත්තා???
මේ පැත්තට ආදරෙන් පිළිගන්නවා.බලමුකෝ නිවාඩුව ඉවරවුනහම ඒ තාත්තා එයිනේ මේ පැත්තට.
Deleteඇත්තටම අගෙයි...
ReplyDeletehttp://madhumadhavi135.blogspot.com/2014/12/blog-post_25.html
අපේ එක දොනියෙක්ගෙ උපන්දිනේදි මම ඇයට අවස්ථාව දුන්නා බ්ලොග් සහෝදරයන්ගෙ සුභපැතුම් වලට උත්තර දෙන්න අපේ බ්ලොග් එකේම... ඇය ඉන් පුදුම සතුටක් ලැබුවේ.
අම්මා කෙනෙක් වුනත් තාත්තා කෙනෙක් වුනත් ඒ අය සමාජයේ මොන තරාතිරමට අයත් අය වුනත් හැමෝගෙම පපුව ඇතුලේ ඉන්නේ දරුවොම විතරයි මදාවියෝ....
Deleteඅඩේ බොක්කටම වැදෙනවා බන්!!!
ReplyDeleteඋඹත් නිකන් හුළඟ වගේ.එක පාරට එනවා.එක පාරට යනවා.
Deleteදුවල දෙන්නෙක්ම ඉන්න නිසා කවිය දැනෙනවා හිතට.
ReplyDeleteතාත්තලා දුවලට වැඩියෙන් ආදරෙයි කියන එක ඇත්ත නේද?
Deleteමේකට වෙනම පෝස්ට් එකක්ම ලියන්න වෙනවා ලියනවනම්.. ස්තූතියි කටුස්සෝ.. පෝස්ට් කරපු දිනේ හරියටම හරි..
ReplyDeleteමිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න
ගල් වැට ලඟ වාඩි වෙලා.. සඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරුවී එළිය දෙමී... ඔය සින්දුව කියනකොට අහගෙන ඉන්න අමාරුයි.. උඹේ කවියත් ඒ වගෙයි... ජය ශ්‍රී!
මේක ලියුවට පස්සේ හිතුවේ සෙට්වෙන වෙලාවට උඹට දෙනවා කියලා.ඒත් එන්න වුනේ නැතිනිසා පෝස්ට්කලා.
Deleteආපහු කියන්නම්....පොඩි එකීට සුභ උපන්දිනයක්....පුතාටයි දුවටයි දෙන්නටම යහපතක්ම වේවා....