Monday, March 9, 2015
ඔබ....
තෙත වැදී පුස්කාපූ නෙතු අගට නොකියාම
ඉරි තැලී වියළි ගිය දෙතොල පෑ සිනහ බිඳ
ඇළුම්කල මා සිතින් සුරකින්න හැමදාම
ලඟ ඉන්න දුර නොයා විඳ විඳම මා සුවඳ
මල් පිපී සිනාසුන නිමේශෙක හමුනොවුන
වියළිබිම මත ඇදුන සිසිල් දිය මගකි නුඹ
ලන්නොවී විඳගන්න සිතුවමුත් දෙනෙත් මග
අනේ පුදුමයි මටම දියට බට මා ගැනම
සන්සුන්ය දිවි පෙවෙත නොමැති කිසි දඟ තාල
රැවටුනෙමි පෙර එදා ඇගේ ලග නිසල සිත
දඟකාර නුඹේ හද පතුලෙ රැඳි මිනිස්කම
සුවඳ විදි මගෙ සිතින් කෙසේනම් හැරයම්ද
සුරකිම්ය නුබව මම මගේ මුළු දිවිය ලෙස
හැරදමමි මගේ සිත් රැදුන හැම සෙවනැලිම
දුක් නොදෙමි කිසි දිනක ඔය නෙතට කඳුළු එන
ඉපදුනෙමි නැවත මම නුඹලගදි සෙනෙහෙ විඳ
කටුස්සා....
Labels:
වැට නැති කවි
Subscribe to:
Post Comments (Atom)
එකත් එහෙමයි එහෙනම් .................
ReplyDeleteඒකත් එහෙම වුනානේ හිටන්....
Deleteපළමුවෙනි ගොඩ වැදුමට වල්කම් කිවුවා රාළේ.
තෙත වැදී පුස්කාල නං ගිනි අව්වට අල්ලගන හිටපං , නැත්තං අපරාදේ අකලට විනාසවෙලා යයි , නිතර තෙමන්ඩ හොද නැ කියන්නේ ඒකයි
ReplyDeleteහ්ම්ම්....ගුරාගේ අවවාදය පිළිනොගෙන කොහොමද?හෙට ඉදන් ඔක්කොම වැඩ නවත්තලා අවුවේ හිටගන ඉන්නවා.මම කළු වුනොත් උඹ තමයි වගකියන්න ඕනේ.
Deleteහැමදාම කියන ටිකම කියන්නම් "නියමයි බං, එල"
ReplyDeleteඑළනම් එළ හිටන්....
Deleteඅහස සේ ඔබ අනන්තයි...
ReplyDeleteසයුර සේ ඔබ අනන්තයි...
මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි...
ඔබ අනන්තයි...
වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ
මධුවිතක් උතුරණ තැනත් ඔබ
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ
අඩසඳක් සැඟවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
සිසිලසක් දනවන තැනත් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ
ගායනය - නන්දා මාලනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ.
නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී
Deleteමල්පිපෙන සුළඟ නීල වලා තුලට ගුලි වෙවී
සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්....
සින්දු ඇනොත් තමන්ගේම සින්දුවක් ලියන්න කාලෙ හරි.
Deleteඅජිත් අය්යේ මමත් මගේම නොවන සින්දු ගොඩක් ලියලා දැම්මා ඔන්න ...ඇවිත් බලන්න ..හැක් හැක්
Deleteකටුස්සෙක් උණත් ඌථ් පිරිමි සතෙක් :D
ReplyDeleteඅහින්සක වෙජිටේරියන් කටුස්සෙක්......D
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි වැවා....වැවි ඉස්මත්තේ පාළුව අරින්න කාලේ හරිවගේ නේද?
Deleteඅගෙයි! අත්දැකීමක්ද මන්දා?
ReplyDeleteලාවට වගේ.පළමු ගොඩවැදුම වෙන්නඕනේ මතක හැටියටනම්....
Deleteගති..
ReplyDeleteගතින්ම් එච්චරයි.....
Delete//දුක් නොදෙමි කිසි දිනක ඔය නෙතට කඳුළු එන
ReplyDeleteඉපදුනෙමි නැවත මම නුඹලගදි සෙනෙහෙ විඳ//
මෙහම කියල තමා පටන් ගන්නේ නම්. දුක තමා ඊට පස්සේ.
පෙම් කතාව හොඳයි.
අනේ මන්දා...මම කවි ලියල අජිත් අයියව අතීතෙට අරගන යනවද කොහේද......D
Deleteවිද විදම ඉදහං.. හැක්
ReplyDeleteමල්සරාට ජොබ එපාවෙලා වේකන්සි කෝල් කරනවා කියන්නේ....මම මේ ඒකට පුරුදුවෙනවා......
Deleteඒ....පට්ට...
Delete