Friday, January 23, 2015

ගිජු



හවසකදි විවේකිව
සිටින විට නිදාගන
දුරකතන ඇමතුමකි
මගේ දෙසවන් සිඹින


කොහෙද හු..තෝ ඉන්නේ
සෙට් වෙමුද අද හවස
ගොඩ කලෙකින් දුටුවෙ නෑ
උඹේ පින්බර මූණ


ඇයි යකෝ හීනෙන්ද
පෙරේදත් හම්බුනේ
ගෑණි සිටි නිසා ළඟ
බල්ලා සේ හිටියේ උඹ


ඒ උනේ පෙරේදනේ
පැයම බර ගනනක්නේ
වරෙන් උඹ අද හවස
ගෑණි නෑ ගෙදර අද


මගේ මිතුරෙකුත් ඇත
බෝතළුත් දෙකක් ඇත
බයිට් ටික හදමි මම
උඹ වරෙන්  සෙට් වෙන්න


හිතට  තද සතුටක්ය
නොමිලේම බීමක්ය
ගිහින් චුට්ටක් බීලා
ගෙදර එමි හනික මම


ගිය විටදි උගේ ගෙට
පිරිසක්ය සාලේ මැද
වරෙන් බන්  මොකද මග
මේ මගේ මිතුරන්ය


වාඩි වී ඇති පිරිස
අට දෙනෙකි මා සමග
කතාකර උන් සමග
හදුනගති උන් සැවොම


කතාවෙන්  විහිළුවෙන්
නිමාවිය බෝතලය
අනිකෙහි නිමාවට
ගොඩවෙලා ගියෙ නැතිය


දැන් මොකද කරන්නේ
තව එකක් ගේනවද
මුහුණ දෙස බලන් මගෙ
මගෙ එකා අසනවය


අනික් වුන් වෙන වැඩය
මහා බර කතාවල්ය
කන්ටිනිවු කිරීමට
කිසිඳු අදහසක් නැත


ඇවිස්සුන කටින් මට
දැන්මනම් යා නොහැක
අරන් වර තව දෙකක්
පර්ස් එක කැබියේය


ගෙනා පසු බෝතලය
උන්ගේ බර කතා නැත
ඉරාකෙට වෙඩි තියන
ඇමරිකා පරාදය


මේ වැඩේ යළි යළිත්
තුන් වරක් සිදු වුනිය
අවසානේ එක් වරම
මෙන්න මට වෙරි වැඩිය


නොමැත දැන් මතකයන්
හැමදේම බොඳ වීය
පුරුද්දට මෙන් නැවත
වාහනය නිවසටය


අවදිවිය උදෑසන
හිසරදය සමගින්ම
මතක්විය ටිකෙන් ටික
සිද්දවුන සියළු දෙය


නොමිලේම බොන්න ගොස්
සුපිරියට කෙළවුනිය
සියල්ලට හපන් මට
හැදුන හිස බරගතිය


දොරට ගසනා හඩකි
නැගිට මම බලන විට
අසල්වැසියෙකි මගේ
හිටන් දොරකඩ අසල


මොකද අද කරන්නේ
මමත් නිවාඩුයි අද
සෙට් වෙමුද අද හවස
සෙට් වෙලත් නෑනෙ පෙර


බල්ල බිවුවත් ගෙදර
මරනවා ඌව අද
සිතා සිටි නමුදු මම
කියන්නේ කෙලෙස මුට


දිරි ගතිමි සිතට මම
බලා ඔහු දෙනෙත් දෙස
පැවසුවා මුදු හඩින්
සුන් නොකර ඔහු සිහින


"ගල් එකක් ගේන්නද ,නැත්තම් වෙන ජාතියක්ද?"



      කටුස්සා....

26 comments:

  1. චක්කරේ බන් චක්කරේ!!!
    ඕකේම තමා කැරකෙන්නේ!!!1
    සුපිරි බන්!!!

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද මචෝ.කරුමේ තමා.....

      Delete
  2. ගල් බලකා සමාජික...

    ReplyDelete
    Replies
    1. නවාතැන වෙනස් වුනාට පස්සේ.මෙහේ ක්ලයිමේට් එකට වෙන ඒවා හරියන්නේ නෑ.

      Delete
  3. වෙරි වුණාම වියදම් කරන්න ලෝස් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. යාළුවගේ නම්බුව බේරන්නත් ඕනෙනේ බන්.ක්‍රෙඩිට් කාර්ඩ් වලට අරක්කු ගන්න එක තහනම් කරන්න ඕනේ.ඒක යහ පාළනයට තර්ජනයක්,

      Delete
  4. සල්ලි එළියට අදින සෑත්තරේ
    ..
    ..
    ගල්...
    ..
    ..
    ඕන කෙනෙක් ටිකක් දාගත්තම ලොවෙත් නැති සල්ලි හරි කමන්නෑ එළියට එනව
    හිහි

    ReplyDelete
    Replies
    1. මොන හන්ගලා තිබුන ඒවද?ණයපතේ පිහිට තමා.

      Delete
  5. නොමිලේ බොන්න යෑම සහ අතින් කයිට් පාටි දැමීම............ කසුට්ටා පට්ටයි හරිය..........

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා මට නිකන් බොන්න දෙනවා කිවුවත් මමනම් ආපහු යන්නේ නෑ.

      Delete
  6. \\ගෙනා පසු බෝතලය
    උන්ගේ බර කතා නැත
    ඉරාකෙට වෙඩි තියන
    ඇමරිකා පරාදය//

    ආසම කොටස...

    බලං ගියාම හැම හැනම වෙන්නෙ එකම දේද මංද..

    ReplyDelete
    Replies
    1. නොමිලේ ස්ටෝර්ස්නම් හැමෝම පෝළිමේළු....

      Delete
  7. එල ද බ්‍රා
    අපගේ සංගමයේ ගෞරවය රැක ගැනිම පිනිස ඔබ දක්වනා සහයෝගය උද්යෝගිමත් කැප කිරිම වෙනුවෙන් මෙවර වර්න රාත්‍රියේදි විශේෂ ඡුරියේ සම්මානයක් සුදානම් කර ඇත.
    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස්තුතියි -
    ගල් බලකාය

    ReplyDelete
    Replies
    1. එකගයි
      බ්‍රෑන්ඩ් ඒක ගල් ග .බෝ සේ වෙනුවෙන්
      සින්දු ඇනෝ

      Delete
    2. සම්මානනම් කන්නද....දීපන් තව ගල් බෝතල් 2-3ක්.

      Delete
  8. බීලා ඩ්‍රයිව් කිරීම අනුමත නොකරමි. ගල් ද අනුමත නොවන නිසා පෝස්ට් එකට ඩිස්ලයික් ය. හැප්..

    ReplyDelete
    Replies
    1. බීලා ඩ්‍රයිව් කිරීම අනුමත නොකරමි
      +++++++++++++++++++++++
      //ගල් ද අනුමත නොවන නිසා// මිත්‍ර වරුනි අපි මේ විදේශීය කුමන්ත්‍රණ කරුවන්ට විරුද්ධව නැගී සිටිය යුතුයි .දේශීය නිෂ්පාදන අනුමත නොකරන මෙවැනි NGO ප්‍රකාශ වලට විරුද්ධව නැගී සිටිය යුතුයි ..
      ග .බෝ .සේ

      Delete
    2. කමියා-
      පුහ්හ්.......

      සි.ඇණෝ-
      ඔවු බන්.ඔය ජාතියේ NGO කාරයන්ගේ කටට පුණීලයක් තියලා ගල් බෝතල් 2ක් වක්කරන්න ඕනේ.

      Delete
  9. මිතුරා දකිනවා ඇත්තේ උඹ හාවා
    උගේ යාලුවෝ හිතාන ඇති තඩි මෝරා
    නුවන කොහෙන් ගන්ඩද ලෝකය පීරා
    මටනං පේන්නේ කොල්ලා ගූ හේරා

    ReplyDelete
    Replies
    1. මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී
      කියන කියුම හිස් මුදුනින් පිළිගනිමී
      ඕනෑ වෙලාවෙදි නැත්නම් ඌ අසල මනී
      මෝරා නොවේ බූවල්ලා උවත් මදී

      Delete
  10. මොකද කියන්නේ තව එකක් ගේමුද .මගේ ළඟ නම් තියෙන්නේ 100 යි බන් .සල්ලි නෙවෙයි හු#### කවුද ගෙන්න යන්නේ .අඩෝ ගොලිප් 5 කුත් අරන් වරෙන් .
    ඔන්න ඕක තමයි මචෝ හැමදාම වෙන්නේ .බොන්න සෙට්වෙනකොට ඉන්නේ සංස්ථා සභාපතිලා වාගේ .බෝතලේ ඉවර උනාම රාජ්‍ය සේවකයෝ වාගේ .අතේ පිච්චිය නැ .අපි හැමදාම අහුවෙනවා ..
    ස්තුතියි බ්‍රෑන්ඩ් ඒක ගල්
    (ග.බෝ .සේ )

    ReplyDelete
    Replies
    1. ක්‍රෙඩිට් කාර්ඩ් එක නැත්නම් කාලත් හමාරයි.

      Delete
  11. ඔෆීසියේ බොසා උනු මම
    ඇයිද වූයෙ බල්ලා ගෙදරට
    බොතලේ ආතල් වගෙ දෝ බොල
    ගෙදර ගෑණිගේ සද්ද පූජාව........

    නියමයි කටුස්සා එල එකක්............ :)

    ReplyDelete
  12. දැන් නම් බොන්න වෙනවා වහ

    ReplyDelete
  13. අපි අමද්‍යප..

    ReplyDelete