Thursday, January 1, 2015

තෘප්තිය.....





උදේ නැගිට්ට වෙලේ ඉදන් කල්පනා කලේ මොනවද මට ඕනේ කියලා.
"සිරාවට උඹටමොනවද ඕනේ...?"
"මුකුත් එපා"
"ඇත්තටම උඹට මුකුත් එපාද?"
"ඕනෙ"
"එහෙනම් එපා කියන්නේ...?"
"මට ඕන දේවල් ඔක්කොම ගන්න ගියොත් තියාගන්න ඉඩ මදි වෙයි"
"ඉතින්..."
"ඉතින් මම ආස නෑ බඩු ගොඩක් මැද්දේ ජීවත් වෙන්න.මට ඕනේ හොදට ඉඩකඩ තියන තැනක අතපය දිග ඇරල ජීවත් වෙන්න.කිසිම දෙයක් ඇඟේ ගෑවෙන්නේ නැතුව ජීවත් වෙන්න"
"එහෙනම් පොඩි පොඩි දේවල් ටිකක් ඉල්ලන්න,දෙවියන්ගෙන්....."
"හ්ම්ම්ම්.... ඒත් එපා...."
"ඇයි?"
"මම පොඩි පොඩි බඩු වලට ආස නෑ.මට ඕන හොඳට අතට අහුවෙන ඒවා.මම පොඩිකාලේ ඉදන්ම පොඩි බඩු වලට ආස නෑ..."
"එතකොට උඹ උඹේ පොඩි කාලෙට ආසත් නැද්ද?"
"නෑ...පොඩ්ඩක්වත් නෑ....ඒ කාලේ මට ඕන කරන දේවල් ඔක්කොම මම ඉල්ලලම ගන්න ඕනෙනේ....කිසිම දෙයක් මට ගන්න බෑනේ...."
"එතකොට දැන් උඹට ඕන කරන හැම දෙයක්ම දැන් උඹට ගන්න පුළුවන්ද?"
"බෑ"
"ඇයි?"
"හේතු දෙකක් නිසා
  1.මට ඕන කරන හැම දෙයක්ම විකිණන්නේ නැති නිසා.
  2.විකුණන හැම දෙයක්ම මට ඕනෙ නැති නිසා."
"ඒ කියන්නේ දැන් ගෙවන ජීවිතේ ගැන උඹ තෘප්තිමත් නැද්ද?"
"නෑ"
"ඉතින් උඹ උඹව තෘප්තිමත් කරගන්නේ කොහොමද?"
"මම හැම වෙලාවෙම මාව තෘප්තිමත් කරගන්න හදනවා.ඒක මාර ජොලි"

"ඒත් ඒක හීන ලෝකයක්නේ.ඒක හරියට ඇස් වහන් ස්වයන් වින්දනයේ යෙදෙනවා වගේ වැඩක්.ඇස් ඇරිය ගමන් ඔක්කොම ඉවරයී.ඒකේ මුකුත් නෑනේ"
"ඇයි නැත්තේ.ඇස් වහන් ඉන්නකන් මම තෘප්තිමත්නේ."
"ඒත් ඒක තාවකාලිකයිනෙ?"
"සදාකාලික තෘප්තිමත් භාවයක් මේ ලෝකේ නෑනේ"
"ඒත් එහෙම එකක් තිබ්බනම් උඹ පරාජිතයෙක්නේ"
"ඒත් නෑ...එහෙම එකක් වුනානම් වෙලඳපොළ සන්කල්පයක් කියන එක නෑනේ.එතකොට මට කිසිම දෙයක් සන්සන්ධනේ කරන්න ඕනේ නෑනේ"
"එතකොට අනිත් මිනිස්සුන්න්ට වගේ උඹට හීන නැද්ද?"
"තියනවා "
"මොනවද?"
"මට පැනලා යන්න ඕනේ,බඳින්න ඉන්න එකී එක්ක"
"ඒ මොකටද?"
"එතකොට හැමෝම කතා වෙනවනේ"
"ඒත් ඒකේ අමුත්තක් නැනේ.ඔය ඕන තරම් එවුන් පැනල යන්නේ"
"මට ඕනේ ගෙවල් වලින් කැමත්ත ලැබිල වෙඩිමට දිනත් දාගත්තට පස්සේ පැනල යන්න"
"ඒ මොන මගුලකටද?"
"ඒකටම තමයි.එතකොට හැම එකාටම ප්‍රශ්නේ ඇයි එහෙම ගියේ කියලනේ.මම ආසයි හැම එකාටම ප්‍රශ්ණයක් වෙන්න"
"මොකටද?"
"හීන වලට හේතුවක් තියෙන්න ඕනෙද?"
"තිබ්බනම් හොඳයි නේද?"
"තිබ්බේ නැති වුනත් ප්‍රශ්ණයක් නෑනේ"
"අඩුම ගානේ උඹ ලස්සන කෙල්ලෙක්ටවත් කැමති නැද්ද?"
"කැමතියි....හැබැයි ඇදකුත් එක්ක"
"ඒමොකටද?"
"ඒකිට නිදා ගන්න"
"ඇයි උඹේ ඇද?"

"ඒක මගේ.මම කැමති නෑ කවුරුත් ඒකේ නිදියනවට.කවුරු හරි මගේ ඇඟේ ගෑවෙන කොට මට නින්ද යන්නේ නෑ"
"ලස්සන කෙල්ලෙක් එක්ක නිදාගන්නේ කවුද?"
"ඒ වුනාට ඒකිත් එක්ක හැමතිස්සෙම ඇහැරගන ඉන්න බෑනේ"
"ඒත් ඇදවල් දෙකක නිදාගන්න මිනිහෙක් එක්ක යන ගෑනි කවුද?"
"ඒක මට අදාල නෑනේ.මම කිවුවේ මට ඕන ජාතිය ගැන.ඉන්නවද නැද්ද කියන එක මට අදාල නෑ"
"ඒත් ඉතින් එහෙම බැළුවොත් උඹ හැම තිස්සෙම අතෘප්තිමත් මිනිහෙක්නෙ?"
"මට ඕනෙ නැති දේ අරගන තෘප්තිමත් වෙනවට වඩා ඕන නැති දෙයක් ප්‍රතික්ශේපකරලා තෘප්තිමත් වෙන්න මට පුළුවන්"
"ඒ වුනාට අනුවර්ථනය ප්‍රතික්ශේප කරපු සත්තු වඳවෙලා ගියා"
"ඒත් උන් එහෙම වඳවුනේ කැමත්තෙන් වෙන්න බැරිද?....අකමැත්තෙන් වෙනස් වෙනවට වඩා කැමත්තෙන් වඳවෙලා යන්න උන් කැමති වෙන්නැති"
"එතකොට උඹ උඹේ ජීවිතේ ගැන තෘප්තිමත්ද?"
"හ්ම්ම්.....ගොඩක් දුරට"
"තේරුම...?"
"මට මේ පැන පැන යන ජීවිතේ එපා වෙලා.තැනකින් තැනකට,එකියෙක්ගෙන් තව එකියෙක්ට,රස්සාවෙන් රස්සාවට.....මට ඒක එපා වෙලා"
"එතකොට උඹට ඕනෙ මොකද්ද?"
මට ඕන පියාඹන්න..තැනකින් තැනකට,එකියෙක්ගෙන් තව එකියෙක්ට,රස්සාවෙන් රස්සාවට .......පනින්නේ නැතුව පියාඹන්න......................................................මම හොයාගත්තා මට ඕන දේ.....මට ඕනෙ පියාඹන්න.........
මට ඕන පියාඹන ගෙම්බෙක් වෙන්න................"




            
             කටුස්සා.....

26 comments:

  1. දේශපාලන ගතියකින් අවසන් කරත් මං කැමතියි ඒක දේශපාලනයක් නැතුව රස විඳින්න.. ඒක මගේ තෘප්තිය.. මං මේ වගේ ලියන්නේ නෑ.. ඒ මට බැරි නිසා.. බැරි දේවල් කරන්න ගිහින් අතෘප්තිමත් වෙනවට වඩා මං කැමතියි මෙහෙම ලියන උන්ගේ ලිපි කියවලා තෘප්තිමත්ව ඉන්න. අන්තිමේදී අපි කරන්න ඕනි අපිට කැමති දේ.. එහෙම නැත්නම් නොකර ඉන්න ඕනි අකමැති දේ. එතකොට හැමදාම තෘප්තිමත්.

    ReplyDelete
    Replies
    1. යකෝ දැන් ගෙම්බෙක්ව කතාවට සෙට් කර ගන්නත් බෑනේ....ඒකත් වේසපාලනය වෙනවනේ.මේක කිසිම දේශපාලන අදහසක් ඇතුව ලියපු එකක් නෙමෙයි කමිය....මේ දවස් වල කරන කිසිම දේකින් තෘප්තිමත් හැඟීමක් ඇතිවෙන මූඩ් එකක් නෑ.ඒ නිසා ලියවුන එකක් විතරයි.
      කැමති දේ කරන්න බැරි අවුලක් මේ දවස් වල තියෙන්නේ....

      Delete
  2. කටුස්සටත් මාර දේවල් නෙ හිතෙන්නෙ. අමුතු ස්ටයිල් එකක කතාවක්. පට්ට පට්ට. ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. කලියුග කාලෙට හිතෙන ඒවානේ මනා......ජය වේවා.....

      Delete
  3. හරිම මාඤ්ඤමිකයි වගේ. මං කිව්වෙ මට.

    ReplyDelete
    Replies
    1. උඹට විතරක් නෙමෙයි,මටත් ඒ වගේම තමයි මේ දවස්වල.....

      Delete
  4. අඩෝ මමත් හිතන් ඉන්නේ පියාඹන ගෙම්බෙක් වෙන්න , ඒක මාර ත්‍රිල් එකක් තියෙන වැඩක්, අනික් උන දන්නේ නෑ ඕවා .

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බන්.....මුන් දන්නවද ඕවා.....පියාඹන ගෙම්බෙක්.....

      Delete
  5. ජීවිතේ කියන්නේ අමුතුම තැනක් ... බ්ලොග් එක නියමයි ...

    ReplyDelete
    Replies
    1. අමුතු තැන ජීවත්වෙන අමුතු නොවිච්ච මිනිස්සු.....කටුසු හදවත පැත්තට සාදරයෙන් පිළිගන්නවා 'ගොයියෝ'.

      Delete
  6. පියාඹන ගෙම්බෙක් වෙන්ඩ පිහාටු ඉල්ලගන්ඩ වෙන්නේ ඉබ්බේක්ගෙන් තමා...
    මොකද තියෙන උන් කවදාවත් දෙන්නේ නෑ!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒකත් මරු....ඉබ්බන්ගෙන් පිහාටු ගත්තු පියාඹන ගෙම්ඹෝ......මාලුන්ගෙන් වරල් ගත්තු පීනන පොළොන්ඟු......
      මටද පිස්සු....උඹටද පිස්සු?

      Delete
  7. අඩෝ ඒතකොට කටුස්සට මොකද වෙන්නේ.................. ඒතකොට බ්ලොගය ගෙබ්බාගේ හදවත වෙනවාද???????

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ...ගෙම්බාගේ පිහාටු කියල වෙනස් කරනවා.

      Delete
  8. ඔලුවට පොල්ලකින් ගැහුව වගේ. ඒ උනත් මේ අපේම කතාව නේද. අඩු වැඩි වසයෙන් අපි හැමෝම මේ වගේ.

    ReplyDelete
    Replies
    1. කිසි ගෝ එකක් නැති කමට ලියවුන එකක් විතරයි මචෝ.කොහොමත් අපි හීන හන්ඟගන අනිත් අයට ඕන විදිහට ජීවත් වෙන ජාතියක්නෙ ....

      Delete
  9. පරිස්සමින්
    පියාඹද්දි කුමාරියෙක්ගෙන් උම්මා එකක් ලැබුනොත් තග්ගාලා බිම වැටෙයි

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ,එතකොට වැටෙන්නේ රාජ කුමාරයෙක් වෙලානේ.මල්මි දන්නේ නෑ මේ රටේ රාජ කුමාරයන්ට තියන තැන......

      Delete
  10. ගොම්බා පියාබන්න යන්නේ ඉබ්බා පියබපු විදියටයි. ගෙම්බාටත් වෙන්නේ අහසට නගුනම කොක්කු කියුවා වගේ කට පරිස්සම් කරගෙන උන් කියපු පදේට නට නට කටින් එල්ලිලා ඉන්න.ගෙම්බට තේරේවි කොර ගත් ගොන් කම.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කිසිම බලාපොරොත්තුවක් නැතුව වේලිච්ච මඩ වලක ජීවත් වෙනවාට වඩා,බලාපොරොත්තුවක් ඇතුව එල්ලිලා ඉන්න එක හොඳ නැද්ද?

      Delete
  11. පියාඹන ගෙම්බෙක් හදන්න පරිණාමවාදයට කොපමණ කල් යයිද?

    ReplyDelete
    Replies
    1. පොතේ හැටියටනම් එක නින්දයි.හීනෙ විදිහටනම් හරියට කියන්න බෑ.අවුරුදු ගානක් වෙන්නත් පුළුවන්.ඒත් අජිත් අයියලා වගේ විජ්ජා කාරයෝ(මකසි ගේ වචනයක් ) කියන විදිහටනම් තප්පර 3-4ක් විතරයි.

      Delete
  12. සිම්පල් පෑලැන් එකක්..
    මටත් ඔනේ ගෙම්බෙක් වෙන්න නිකන්ම නිකන් ගෙම්බෙක් නෙමෙයි පියාබන ගෙම්බෙක්

    ReplyDelete
    Replies
    1. දැනට උඹයි,මමයි ,ඉවානුයි ඉන්නවා.උඹට මගේ ගානේ ඉවර වෙන්නේ නැති ගොල්ඩ් ලීෆ් එකක්.

      Delete