Saturday, November 1, 2014

මම නුඹට ආදරෙයි-02


"හෙලෝ........" 
"හෙලෝ........"
"අනූපමා?"
"ඔව්"   "ව්හඟ"
"ආ...ඇයි කතාකලේ?"
"මොකද කරන්නේ අද?"
"දැනටනම් මුකුත් නෑ...ගෙදර ඉන්නෙ"
"අද පුලුවන්ද?"
"පුළුවන්....ඒත් මොකටද?එදා වගේ ඔලුව අත ගගා ඉන්නද?"
"මොනව අතගෑවත් ඔයාට කමක් නෑනේ....ඔයාගෙ ගාන හම්බෙනවනේ"
"මේ....." 
"ඇයි?"
"මුකුත් නෑ...හරි එන්නම්කො...කොහාටද?"
"දැන් 10.30නේ...11.30ට මාලබේ උඩවත්ත පාරට"
"මම එන්නම්"
==================================
"කොහේද ඉන්නේ?"
"පාරෙ නැවතිල ඉන්න බෑ.මම ඇවිදගන ඉස්සරහට ආව.එන්න ඉස්සරහට"
අර යන්නේ වන වනා."නගින්න ඉස්සරහින්"
"මොකද හිනා වෙන්නේ?"
"මුකුත් නෑ"
"කියනවකො අගේ නොකර"
"ඉස්සරහ නග්ගගන ඇවිත් නගින්න ඉස්සරහින්ලු"
"කෝ....අල්ලල බලනව නැගලද කියල.....හිතුවද හැම තිස්සෙම මේක නැගල කියල"
"විහඟ...ඇතුලටම දාන්න.නැත්තන් හෙන චාටර්....හැමෝටම පේනව"
"හරි මම රූම් එක බුක් කරල එනකම් ඔයා ඇතුලට වෙලා ඉන්න"
==================================
"මම නාපු ගමන් ආවේ.ඔයා වොශ් එකක් දාගන එන්න.හැබැයි අර ගියපාර වගේ ඇදුම් ගලවගන එන්නනම් එපා හොදේ"
"ඇයි"
"මට ඕන නිසා"
"මට බෑ ඇදුම් ඇදන් ඇද උඩ දගලන්න.මේව පොඩි උනහම කොහොමද පාරෙ යන්නේ?"
"ඇයි දැන් තමුසෙට ඇදුම් ඇදන් ඉන්න පුරුදුම නැද්ද?ගලවලමද ඉන්න ඕන?මගේ යකා අවුස්සන්නේ නැතුව කියන දේ කරනවා"
"මම කවුරු කියලද හිතන් ඉන්නේ?"
"කවුරු කියලද හිතන්න ඕන?"
"තව මොනව හිතන්නද?සල්ලි නිසා මෙතන්ට ආවහම"
"ඔය කුනුහරුප කියවන්නේ නැතුව කියන දේ කරපියකො ගෑනියේ"
"විහඟ...ඔය විදිහට කෑගහන්න එපා.මම වේසියෙක් උනත් මටත් ආත්මගෞරවයක් තියනව.හැමෝටම ඇහෙන්න කෑගැහුවට පස්සේ මම කොහොමද මෙතනින් එළියට බැහැල යන්නේ?"
"ඒක තමයි මනුස්සයො මාත් කියන්නේ....මම කියන දේ කරනවකො.මම ඔයාට වෙන මුකුත් කිවුවෙ නෑනේ"
===========================================
"විහඟ"  
"ඇයි?"
"ඇයි ඔයා මෙහෙම කරන්නේ" 
 "කොහොමද?"
 "ඇයි මෙහෙම වියදම් කරගන මේ විදිහට ඉන්නේ?"
  "ඇයි ඒක ප්‍රශ්නයක්ද?"
  "ඔවු,මට ප්‍රශ්නයක්"
 "මොකද්ද ප්‍රශ්නේ?"
  "මේක මගේ හිතට වදයක්.ඔයා මගේ ගාවට එන්නේ සල්ලි දීල.ඔයා මගෙන් කරගන්න වැඩේ කරගන්නෙ නැතුව මේ විදිහට මාව තුරුල් කරන් ඉදල සල්ලි දීල යනකොට ඔයා දෙන සල්ලි ගන්න එක මගේ හිතට හරි බරක්"
 "ඒක ගැන හිතන්නෙ නැතුව ඉන්න"
 "හිතන්නැතුව ඉන්න පුලුවන් මට ඔයා වගේ තව එක්කෙනෙක් හරි මීට හලින් හම්බෙලා තිබ්බනම්"
මම මොනව කියන්නද....මට දැන් ඕව ඔලුවට ගන්න ඕන කමක් නෑ.මට ඕන මගේ ලෝකේ ඉන්න;නිදහසේ.
"ඔය කතාව නවත්තන්න අනූපමා"
 "හ්ම්..."   
"හොඳ ළමයා..."     
"විහඟ..."   දෙයියනේ මේ ගෑනුන්ට කට වහන් ඉන්න බැරි හැටි.
 "මොකද හිනා වෙන්නේ?"    
 "මුකුත් නෑ.ඉතින් කියන්නකො කියන්න හදපු දේ" 
 "ඕන නෑ.හිනා වුනේ මම කාට වහන් හිටියේ නැති නිසානේ"
   "දැන් අනුන්ගේ හිත් කියවනවද?"    
"හැමෝගෙම නෙමෙයි"   
"හරි කියන්නකො ඉතින්"
ඔයා ඉස්සල්ලම ගෑනියෙක් එක්ක කාමරේකට ආවේ මාත් එක්ක නේද?"
"නෑ"
"බොරු කියන්නෙපා විහඟ"
"මොකටද බොරු කියන්නේ?"
"ඒක තමයි මාත් ඇහුවේ?"
ඇයි එහෙම අහන්නේ?"
"දැනගන්න..ඉස්සල්ලම ගෑනියෙක් අරගන කාමරේකට රින්ගන කොල්ළෙක් හැසිරෙන විදිහ මම ඕන තරම් දැකල තියනව"
"ඉතින් දැන දැන මොන එහෙකටද අහන්නේ?"
"නිකන්"
"මොකටද?'
"මම ඉස්සල්ලම සල්ලි වලට මිනිහෙක් එක්ක හිටියෙ O/L ඉවරවෙලා ගෙදර ඉන්න කොට.මේ වෙනකොට අවුරුදු 10ක්.මම නිදාගත්ත මිනිස්සු ගාන මටවත් මතක නෑ.ඒත් ඒ අවුරුදු 10ටම ඔයා වගේ පිරිමියෙක් මම දැකල නෑ"
"මම වගේ අය ඔයාට හම්බ නොවුනට ඕන තරම් ඇති තව"
"මම හිතන්නෑ විහඟ"
අනූපමා මගේ ඔලුව අතගගා එහෙම කියන කොට මගේ මූණට වදින එයාගෙ රස්නෙ හුළඟත් එක්ක මගේ සිතුවිළි කොහේදෝ ඈතකට යන්න ගියා;පුරුදු මතකයක් හොයාගන.
*******************************************************
"මහන්සිද ඔයාට?"   "නෑ"
"රිදෙනවද?"  "නෑ"
"මාත් එක්ක තරහයිද?"   "නෑ මොඩයෝ"
"ඇත්තටම?" 
"ඇත්තටම තමයි....වොශ් එකක් දාගන එමුද?'
"එපා..ඔහොම ඉන්න.මට ඔයාව තුරුල් කරගන ඉන්න ඕන"
"ඇයි ඒ?"
"ඒද?...ඒ තෝ මගේ නිසා...මගේම විතරක් නිසා"
"අපි ආපහු යාළු වෙලා හම්බුනේ දවස් 4යි.ඒ දවස් 4න් 3ක්ම අපි මෙහෙම කළා.මේක දිගටම පුරුද්දකට යාවිද අයියේ...?"
"ඇයි ඒ දේට අකමැතිද?"
"එහෙම නෑ...ඒත් විශේෂ කැමත්තකුත් නෑ....අනේ මන්ද?"
"මේ දේ ආපහු වෙන්නෙ නෑ සුදූ.හැබැයි එක පොරොන්දුවක් පිට....පොරොන්දු වෙනවද?"
"කියන්නකො ඉතින්"
"ඔයාට මේ දේ ඕන වුනොත් කිසිම ලැජ්ජාවක් නැතිව මට කියන්න ඕන.මමයි ඔයාගෙ මිනිහ.ඔයාට ඕන දේ දෙන්න ඕන මමයි.අපි දෙන්න අතර ලැජ්ජාව කියන දේ තිබුනොත් ප්‍රශ්න ඇතිවෙන්නෙ අපිටමයි"
"පොරොන්දු වෙනවද මට?"
"අනේ මන්ද...මට විසේශයෙන් ඒ ගැන ආසාවක් ඇතිවෙන්නෙ නෑ අයියෙ...හරි..එහෙම එකක් උනොත් මම ඔයාට කියන්නම්කො...
"හොද ළමය"
"ඒත්..." 
"ඇයි ඒත්?"
"මේක අදින් නවත්තමු කිවුවට මටනම් විශ්වාස නෑ" ඔයා කිවුවේ හිනා වෙවී.
"මොකද බැල්ලියෙ විශ්වාස නෑ කියන්නේ"මම ඔයාව තවත් තුරුල් කරගත්තා.
"නෑ.මේ දේ ජීවිතේට ඕනම දෙයක් නෙමෙයි.ඕන තරම් ඉවසගන ඉන්න පුළුවන් කියල මහ ලොකුවට කියවනව.ඒත් ඒ දේ කරන්න ගියහම පිස්සෙක් වගේ.හරියට හෙට ලෝක විනාසෙ වගේ හැසිරෙන්නෙ".
"ආ...එහෙමද?හරි එහෙනම් බලමුකො..තෝ ඕන කිවුවත් මම බෑ කියනව.බලපියකො තොට වෙන දේ..."
"හරි එහෙනම් බලමුකො"
"ඇයි විශ්වාස නැද්ද?...හරි..මම මේක කපල දානව...මොකද තෝ හිනා වෙන්නෙ?"
"නෑ...ඉස්සර ඔයා කියපු කතාවක් මතක් වුනා....අර ගෑනු කෙනා කොටයක්වත් ඉතුරු වෙලා නැද්ද අහපු එක"
"හ්ම්ම්....ඒක තමයි මටත් විශ්වාස නැත්තේ...උඹත් මගෙන් අහයිද දන්නෙ නෑ කොටයක්වත් ඉතුරු නැද්ද අයියේ කියල නේද?"
"අපෝ...වැඩේමයි"
"බැල්ලි"
ඔයා මගේ පපුවට තුරුල් වුනේ මගේ ළමයෙක් වගේ.
=====================================
"ගෙදර ආව නේද අයියෙ පරිස්සමෙන්?"
"ඔවු සුදූ.අවුලක් වුනේ නෑ"
ඉතින් ඉතින්...මොකද කරන්නේ?" එතන ඉදන් අපේ සුපුරුදු කතා බහ.
"අයියේ..."
"මොකද පැටියො?"
"දෙයක් අහන්නම් ඇත්තම කියනවද?"
"මම බොරු කියල තියනවද?"
"අම්මෝ ඔවු.යාළුවො එක්ක සෙට් වෙන වෙලාවල් වලදි"
"ඒ ඉතින් චුටිවනෙ.කියන්නකො කියන්න හදපු දේ"
"ඇයි මේ දේ අදින් ඉවර වෙනව කියල එක පාරටම කිවුවේ?"
"ඇයි ඉවර කරන්න එපාද?හරී එහෙනම් ඉවර නොකර ඉමු.ඔයා ශෝයි නන්ගෙක්නෙ"
"මේ මෝඩයො..ප්‍රශ්නෙ මගාරින්න බෑ.මට උත්තරයක් ඕන"
"ඕනෙමද?"
"ඔවු"
"එක්කො අපි ඕක නවත්තමු නේද?මම ඕකට උත්තර දෙන්න ගියොත් ඔයාගෙ හිත රිදෙයි සුදූ"
ඔයාමයි මට කිවුවෙ අපි අතර රහස් බෑ කියල...දැන් ඔයාම රහස් වපුරනව"
"මම කොහොමද ඔයාට කියන්නේ?"
"කමක් නෑ.කියන්න"
'ම්හ්...ම්හ්හ්හ්....මම ඔයාට කියල තියනව මම පරදින්න කැමති නෑ කියල.මට ඕන දේ මම කොහොම හරි ගන්නව.මට ඕන දේවල් තියෙන්නෙ හරි පොඩ්ඩයි.කවදාවත් ඒ දෙවල් ගන්න මට මහන්සි වෙන්න වුනේ නෑ.පිණකටද කරුමෙකටද කියල දන්නෙ නෑ මම."
"ඒව මට කලින් කියල තියනව"
"ඒත් ඔයා මාව දාල ගියාට පස්සෙ මම ගොඩක් දුක් වුනා.වෙලාවකට මට හිතුනෙ මම ඔයාට පැරදුනා කියල.මට ඔයාව ඕනම වුනා.ඒ නිසයි මම ඔයා එනකන් බලන් හිටියෙ.කොහොම හරි ඔයාව මට හම්බුන ආපහු"
"සුදූ...ඔයා නිදිද?"
"නෑ මෝඩයො.අහගන ඉන්නෙ"
"ඒත් ඔයයි කෙවිනුයි සම්බන්ධයෙන් කියපුව ඇහුවට පස්සෙ මගේ හිත මට කිවුවේ මම කෙවින්ට පරාද වුනා කියල.මම ඔයාව අවුරුදු 5ක් තිස්සෙ බලාගත්තේ මගේ ඇස්දෙක වගේ.පොඩි වැරද්දක්වත් වෙන්න දුන්නේ නෑ.ඒත් මම අවුරුදු 5 තිස්සෙ පරිස්සන් කරපු දේ කෙවින් මාස 3කින් මගෙන් උදුර ගත්ත.ඔයා විස්තර කියද්දි මට කිවුවෙ ඔයගොල්ලෝ දෙපාරක් එහෙම හිටිය කියල.මට ඕන වුනේ ඔයාගැන කෙවින්ට වඩා අයිතියක් මට තියනව කියල මටම ඔප්පු කරන්න.ඔයා කෙවින්ගෙ නෙමෙයි මගේ කියල මටම දන්නන්න.එයත් එක්ක හිටිය දවස් වලට වඩා එක දවසක් හරි ඔයත් එක්ක ඉන්න මට ඕනකලා.ඒකයි මම එහෙම කලේ."
"දැන් ඒ දේ ඔයා කරපු නිසා ඔයාගෙ හිතට සැහැල්ලුවක් දැනෙනවද අයියේ?"
"මම කියන දේ ඔයා පිළිගන්නවද?"
"මට ඔයාගැන අවිශ්වාසයක් නෑ"
"මම දැන් ඉස්සරටත් වඩා විදවනව.මගේ හිත කියනව මම දැන් කෙවින්ටත් වඩා බල්ලෙක් කියල.අනුරාධපුරේට එනකම් මම කල්පනා කර කර ආවේ ඒගැන.මට දැනෙන්නෙ හරියට කෙල්ලෙක්ව රේප් කලා වගේ හැගීමක්."
"ඇයි මීට කලින් කාවහරි රේප් කරල තියනවද?ඕක ගැන එච්චර හිතන්නෙපා අයියෙ"
"හිතන්නේ නෑ සුදූ.හිතෙනව.මම විහින්ම ඔයාගෙ හිතේ මම ගැන තියපු ආදරය,විශ්වාසය,ගෞරවය නැතිකර ගත්තා."
"එහෙම නෑ අයියෙ.ඒ දේවල් වලට මුකුත් වෙලා නෑ.ඒ දේවල් මගේ හිතේ එහෙම්මම තියනව.අනික මම අකමැත්තෙන් ඔයා එක්ක හිටියේ නෑ.මාව රවට්ටන්න හැම දෙයක්ම කර කර බොරුවට අදරේ කරන කොටත් කෙවින්ට තිබුනෙ මාව ඇදට ගන්න උවමනාවක් විතරයි.ඒත් ඔයා එහෙම නෙමෙයි  අයියෙ.ඔයා තුරුලෙ ඉන්නකොට  ඒ ආදරය,ආරක්ශාව,විශ්වාසය උපරිම මගේ හිතට දැනෙනව."
"මගේ හිත හදන්න බොරු කියන්නෙපා මෝඩයො"
"මම එකපාරක් ඔයාට බොරු කිවුව.ඒත් ඒකෙන් විදෙවුවෙ ඔයා විතරක් නෙමෙයි.දැන් මම කවදාවත් ඔයාට බොරුවක් කරන්නෙ නෑ.ඔයාට පුලුවන් මාව විශ්වාස කරන්න."
"ඔයා ගැන පොඩ්ඩක්වත් අවිශ්වාසයක් නෑ මගේ හිතේ"
"එක දෙයක් කියන්න."
"මොකද්ද?"
"මේ දේවල් අමතක කරල මාත් එක්ක ඉස්සර වගේ සතුටින් ඉන්න පුලුවන්ද ඔයාට?"
"එහෙම බැරිනම් මම ඔයත් එක්ක ආපහු යාලු වෙන්නෙ නෑ සුදූ
*******************************************************
"ආ මල්ලී....මොකද උඹ නිකන් වෙරිකාරයෙක් වගේ?"
"වගේ නෙමෙයි බන්.ඊයෙ රෑ හෙන  අමාරුවුනා බන්.ජාති ජාති කළවම් වුනානෙ"
"ඒක තමයි උබලට කියන්නෙ කළවමේ පාවිච්චිකරන්න ඉගනගනින් කියල අපි වගේ.එතකොට කිසි අමාරුවක් බෝරින් ගතියක් නෑ.දැන් පිපිච්ච මල වගේ ඉන්න පුලුවන්.කොහෙද තොපි එකම මලක් මත්තෙ මැරෙන්න හදනවනෙ"
"ඒකට තමයි ආවෙ"
"හැහ්.....මට තේරුනේ නෑ"
"අර උඹ ඊයෙ රෑ කිවුවෙ මහරගම ඩීලර් ගෑනු කෙනෙක් ගැන.මට ඒ නොම්බරේ දියන්කො"
"අඩෝ උඹට තාම වෙරිද?"
"ඇයි?"
"ඒක අහල මට නිකන් පිස්සු වගේ.තෝ ඕක වෙන කාත්තෙක්කවත් කියවන්න යන්න එපා.උඹ හිටිය හැටියට ඕක ඇහුවහම මේකෙ එවුන් උඹට ඉන්න දෙන එකක් නෑ."
"මේක හරි හු....නෙ යකෝ.අනිත් හැම එකාටම පුළුවන් එක මට විතරද බැරි?ඕක දියන් අයියෙ කුනුහරුප නොකිය"
"ඔවු ඉතින් අවුරුදු ගානක් ලවු කලාට මම හිතන්නෙ නෑ උඹ තාම ඔය කෙල්ලගෙ දනිස්සට උඩ දැකල තියනව කියල.හැක්..හැක්...හැක්...තාම පැකින් පිටනෙ දෙන්නම නේද?"
"ලබ්බක් කියවන්නෙ නැතුව ඕක දියන්කො බන්"
"ආ...ලියාගනින්...077........දැන් ඕකට කතාකරල උඹ මොකද්ද කියන්නෙ?"
"මොනව කියන්නද..ගෑනියෙක් ගෙන්න ගන්න ගාන අහනව"
"තොට පිස්සුද හිපාටුවො.තෝ හිතුවද ඒ අම්මන්ඩි ගෑනු ශෝකේස් වල දාල තියනව කියල උඹ ඉල්ලපු ගමන් දෙන්න.එහෙම කතාකලොත් උඹට හොද කුණුහරුප අහගන්න වෙයි"
"ඉතින් වෙන කොහොමද කතාකරන්න ඕනෙ?'
"දැන් ලන්ච් එකේදි මම ඒකිට කතාකරල කියන්නම්.පස්සෙ උඹ කතාකරපන් මගේ නම කියල"
"ඔයා මාරයිනෙ වික්‍රම අයියෙ.එහෙනම් මම ගියා.වැඩේ කරල දෙනව හොදේ".
"විහඟය..."
"ඇයි අයියේ"
"උඹ මොකක් හරි අවුලකද ඉන්නෙ?"
"නෑ....ඇයි...?"
"නෑ උඹ ඊයේ සිහි නැතිවෙනකන් බිවුව.මේ දවස් ටිකේම එහෙමයි.දැන් බඩුවක් උස්සන්න හදනව.මේ විදිහට මම කවදාවත් උඹව දැකල නෑ.ඒකයි ඇහුවෙ"
"එහෙම මුකුත් නෑ බන්.අපිත් ඉතින් අත්දැකීම් ගන්න ඕනෙනෙ."
"එහෙනම් බැදපන්කො.දැන් අවුරුදු කීයක් එකම කෙල්ල දක්කනවද?"
"එතකොට උඹ මේ රට වටේ හොරාකන්නෙ කසාද නොබැදද?අනේ මේ කුණුහරුප අහගන්නෙ නැතුව වැඩෙ කරල දෙනවකො"
"හරි හරි...ලන්ච් එකේදි වර"
******************************************************
"දැන් ඔයාට මම කතා කලහම ආන්සර් කරන්නත් බැරිද?"
"මොකටද?මොනව කතාකරන්නද?කියන්න තියන ඒව ඔක්කොම මම කියල ඉවරයි"
"එතකොට ඔයා කියන විදිහට අපි දෙන්නට ආපහු එකතු වෙන්න බැරිද?"
"කවදාවත්ම බෑ"
"දෙවනි පාරටත් මාව අතරමග දාල යන්නද හදන්නෙ?"
"එතකොට ඔයා කියන්නෙ ඔයා බීල මට කියන කුණු කතා ඉවසගන මම ඔයත් එක්ක එන්න ඕන කියලද?"
"හරි මම පිළිගන්නව මම වැරදි කියල.ඒ නිසා තමයි මෙහෙම වැද වැද පස්සෙන් එන්නෙ"
"එතකොට මේ ලගදි ඉදන් බීල අපේ ගෙදරට කතා කරන එක?කතා කරල අම්මයි තාත්තයි එක්ක විකාර කියවන එක?ඒ අයට බනින එක?"
"ඔයා පොඩ්ඩක් හිතන්න මම ජීවිතේට වඩා ආදරය කරපු ගෑනි මෙහෙම මාව දාල ගියහම මට දුක හිතෙන්නෙ නැද්ද?කේන්ති යන්නෙ නැද්ද?අනික ඔයාලගෙ අම්මල නිකන් බබාල වගේ කතා කරන්නේ.ඉගන ගන්න කියල දුවව කොළඹ යවල අවුරුදු 6 තිස්සෙ දුව කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටිය බවක් දන්නෙ නෑලු.බයිලනෙ"
"දන්නෙ නෑ තමයි.මම එක පාරක් ඒ අයට කිවුව.ඒ අය කැමති උනේ නෑ.ඒ නිසා දැන් ඒ සම්බන්දෙ නැතුව ඇති කියල ඒඅය හිතන් ඇති"
"දැන් ඔය අවුරුදු 6න් 5ක්ම ඔයාව බලාගත්තු,හැම දේකටම ලග හිටිය මාව දාල යන්න හදන්නෙ අවුරුදු 6 තමන්ගෙ දුව මොනවද කලේ කියල දන්නෙ නැති දෙමවුපියෝ වෙනුවෙන්ද?"
 "ඔවු,මොනව උනත් ඒ මගේ අම්මයි තාත්තයිනෙ.ඒ කාලෙ අපි රෙජිස්ට්‍රර් වෙමු කියල කියද්දි ඔයාමයි කිවුවෙ ඒ දෙන්නගෙ කැමැත්තෙන් අපි බදිමු,මම ඒ අයගේ කැමත්ත ගන්නම් කියල.අම්මට වෛර කරන්න පුරුදු වෙලා හිටිය මට එයාට ආදරය කරන්න ඉගැන්නුවෙත් ඔයාමයි.ඒ දේවල් කරපු ඔයාද දැන් ඔය ප්‍රශ්නෙ අහන්නෙ.අනික ඔය මොනව නැති වුනත් බීගන  මට කුණුහරප කියන ඔයත් එක්කද ඔයා මට එන්න කියන්නේ?ලැජ්ජ නැද්ද ඔයාට ඔය කතාව මට ආපහු කියන්න?"
"මම කිවුවෙ නෑ මගේ අතින් වැරද්දක් වුනේ නෑ කියල.ඒක මම පිළිගන්නව.ඒත් අනික් හැමෝගෙම වැරදි වලට සමාව තියනවනම් මට විතරක් ඒක නැත්තෙ ඇයි?"
"ඔය මම කිවුවෙ,මොනව කලත් ඔයාට මගේ අතීතෙ අමතක කරන්න බෑ අයියේ.ඔයා කොහේ ගියත් අන්තිමට කැරකිල එන්නෙ ඔතන්ටමයි.ඒකනෙ ඔය සමාව දුන්න කතාව කියන්නෙ.මම ඔයාට සමාව දුන්න අයියෙ.මේ පළවෙනි වතාව නෙමෙයිනෙ.ඔයාට තිබුන ආදරේ නිසා තමයි ඔයාගෙන් කුණු කතා අහ අහ මෙච්චර කල් ඔයා එක්ක හිටියෙ.එත් තව මට ඉවසන්න බෑ.මගේ ඉවසීම දැන් ඉවරයි අයියේ."
"ඕක අන්තිම තීරණේද?"
"ඔවු."
"එතකොට උඹ වෙනුවෙන් මෙච්චර දේවල් කරපු මට තව එක සැරයක් දෙන්න උඹට බැරිවුනා"
"අයියේ,ඔහොම කතා කරන්න එපා.මගේ ජීවිතේට ලන්වුන හැම පිරිමියෙක්ම එකයි.උන් හැමෝටම ඕන වුනේ මගෙන් ප්‍රයෝ
න ගන්න විතරයි."
"දැන් ඔයා මට කියන්නේ මාත් එහෙම එකෙක් කියලද?"
"ඔවු,ඔයත් එහෙම්මම තමයි.ඔයයි අනිත් එවුන්ගෙයි කිසි වෙනසක් නෑ."
"මම තමුසෙට ආදරය කරපු නිසාද ඔය කතාව මට කියන්නේ?"
"ආදරය කලා ඉස්සර.ආපහු යාලු වුනාට පස්සෙ ඔයාට ඕන වුනෙත් මාව ඇදට පෙරලගන්න.ඒකනෙ කලේ"
"වහපිය බැල්ලි කට"
දඩාස් හඩින් බිත්තියේ වැදුන දුරකතනය කෑලි වලට කැඩෙන හැටි බොදවෙලා මට පෙනුන.
******************************************************
"විහඟ"
"ආහ්....හ්ම්.."
"මොනවද අප්පේ ඔච්චර කල්පනාකරන්නේ?"
"මුකුත් නෑ"
"මුකුත්ම නැද්ද?"
"හ්ම්...මුකුත්ම නෑ...අපි යමු"



                                        කටුස්සා....
photo credits-ayomi chathurika
                   

19 comments:

  1. කලින් කතාව දැන් මතක නෑ වගේ....ඒක කියවලා ආපහු එන්ඩ ඕනේ....

    ReplyDelete
    Replies
    1. කියවලම වරෙන්.නැත්තන් උඹ ඕක ඇගේ වෛරය වගේ කතාවක් එක්ක පටලව ගත්තොත්.....

      Delete
    2. අම්මෝ මගේ චූටී මොලේට හිතන්ඩ බැරි තරම් ගොඩක් හිතන්ඩ වුනානේ.....ඔලුවත් කැරකෙනවා වගේ...
      පට්ට කතාව...
      හැමදාම අහන සුරංගනා ආදර කතාවලට වඩා වෙනස් සුපිරිම කතාවක්...දිගටම ලියපන්....
      උඹ නියෙමට ලියනවා...

      Delete
    3. ඔය ඇඟේ හැටියට මොලේ නොවැඩෙන එකටනම් බෙහෙත් කරන්න ඕන පොඩි කාලෙමයි.නැත්තම් ගොඩ ගන්න අමාරුයි.:D
      ඔය කියන වචන ටික ලොකු හයියක් දිගටම ඇදගන යන්න.

      Delete
  2. කටුසු.. කතාව උපරිමයෙන්ම රස වින්දා.. හැබැයි තවම ඉවර වෙලා නෑ නේද? විහඟ හොඳ කොල්ලෙක්.. විහඟටත් තරූශිටත් මීට වඩා සාදාරනයක් වෙන්නෝනෙ කියල හිතෙනව.. අසංක ප්‍රියමන්ත පීරිස් ගේ මං ආසම සිංදුවක් මතක් උනා..

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා...
    වෙරලේ රළ මැන්නා...
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...

    කැකුලක් සිඳුනෙන් හදවත පිපුණූ
    පඳුරෙත් කටු මත විස තිබුණා...
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැළලක් මතුවී පෙනුනා...

    පවකින් පෙර අත් භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා...
    මගෙ අත දිගුකල හැකි හැමතැනදී
    ඔබෙ අත මා දුරකින් තිබුනා...

    ReplyDelete
    Replies
    1. විහඟටත් තරූශිටත් මීට වඩා සාදාරනයක් වෙන්නෝනෙ කියල මාත් හිතෙනව..මොකද මුන් දෙන්න තාමත් විදවනව.තාම කතාව ඉවර නෑනෙ.බලමු ඉස්සරහට.
      මෙච්චර ලොකු ප්‍රශ්නයක් හිතේ තියාගන ඒකෙන් පැනල යන්නෙ නැතුව ඒකට මූණ දෙන ගමන් මේ පැතිවලටත් ඇවිත් යන එකට ගොඩක් ස්තුතියි මිත්‍ර.

      Delete
  3. හප්පේ... නිකං මොකක්ද වුනා වගේ , විහඟ ...පුදුම මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. විහඟ උඹ ඔය හිතන් ඉන්න විදිහමද කියල ඉස්සරහට බලමු.

      Delete
  4. වැලි මත සටහන් වූ පියසටහන්...ලොකූ කතාවක් කියනව වගේ.. මටත් තියෙනවා ඒ වගේ ජීවමාන සිහිවටන.

    ReplyDelete
  5. ලොකුම ලොකු කතාවක්....සමහරවිට ජීවිතේම වෙන්න ඇති...

    ReplyDelete
  6. කටුස්සා..................

    මං හිතන්නේ අපි අද තමයි මේ පැත්තට ආවේ. මොනවා වුණත් බ්ලොගය පුරාම රවුමක් ගැහුවා.. ඇත්තට ම අගේ ඇති බ්ලොගයක්.. ඔහොම කරගෙන යමු... අපි දිගට ම ඉන්නවා ඔබ සමග..... ඉස්සරහට ගොඩක් දේවල් කතා කරමු............

    ReplyDelete
    Replies
    1. කරපොවල බැලුවට ස්තූතියි.කතා කරන්න දේවල් බොහොමයි.කල් තියනවනෙ.හිමින් කතා කරමු.දැන් බයත් නෑනේ.කියවන්න කවුරුහරි ඉන්නව කියලත් දන්නවනෙ.

      Delete
  7. කොටස් දෙකම කියෙව්වා. ඉදිරියටත් කියවගෙන යනවා......දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. හිතුවෙ අරූ අයිය මේ වගේ ඒව කියවන්නෙ නෑ කියල.හැබැයි කියවනව කියල දැනගත්තහම අමුතු මෙවුව එකක් ආව.ඒ මෙවුව එක තියාගන්න හැමදාම එන්න වෙයි හොදේ....

      Delete
  8. කොටස් දෙකම ඔන්න මමත් කියෙව්ව. ලස්සන කතාවක්. දිගටම ලියන්න. සුභපැතුම්. හැබැයි ඔන්න සාධාරණ අවසානයක් තියෙන්න ඔනි හොඳේ...

    ReplyDelete
    Replies
    1. හැමකතාවක්ම ලස්සනට පටන් ගත්තට ලස්සනට ඉවර වෙන්නෙ නෑ මැඩම්.අපි බලමුකො.කොහොමත් තව වැඩිකල් නොයා ඕක ඉවර වෙයි.

      Delete
  9. මිනිස් සිතුවිලි සංකීර්ණයි කටුස්සෝ..මම හිතනව විහඟටත් වෙලා තියෙන්නේ ඒකයි කියලා..බලමු ඊලඟට මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
  10. අමුතුම සීන්කෝන් එකක්නේ

    ReplyDelete