Sunday, June 21, 2020

සඳ හෙමින් බැස යන්න....



ලිහී ගිලිහුණ කෙස් රොදක්
පපුව මත්තේ රැඳි දිනක්
දෑස් තුල මගෙ රුව සොයද්දී
නෙතට නෙත දුටු ඉසිඹුවක්

ආදරේ කියලා කියන්නෙම
උහුලගනු බැරි මතකයක්....

ඇඟිලි තුඩු මත උණුහුමක්
දැනෙන නිදි නැති දිගු රැයක්
ඉවරයක් නැති කතා ගොන්නක
මගහැරුන එක කොම්බුවක්

ආදරේ කියලා කියන්නෙම
දරාගනු බැරි හිස්කමක්....

අනන්තෙට යන සිනහවක්
හීන කන්දක අලු ගොඩක්
කුරුටු කොල මලු ගණන් පුරවන
සිනා කඳුලැලි උල්පතක්

ආදරේ කියලා කියන්නෙම
අපිට අපි හමුවුන තැනක්....


කටුස්සා....

15 comments:

  1. මට මා ලෙසින් ඉන්න , වෙනකෙකු නොවි ඉන්න ,ඉඩ තියෙන ඉඩ ලැබෙන තැනට මම ආදරය කියලා කියනවා. ඒ කියන්නේ මගේ comfortzone එක..

    ReplyDelete
    Replies
    1. ආදරේට නිර්වචන කවදනම් දෙන්න පුලුවන්වෙයිද?

      Delete
  2. ආදරේ කියලා කියන්නෙම
    මඟදී ඇහැරුණු සිහිනයක්...!

    ReplyDelete
    Replies
    1. ඒක වැදුනා පට්ට විදිහට. මේක ආපහු කපලා කොටලා හදන දවසකට ඔය පද දෙක මම හොරකම් කරනවා

      Delete
  3. ආදරේට කෝටුකෑලි ��

    ReplyDelete
    Replies
    1. උඩු අතට තියලා ඉඳගනින්

      Delete
  4. //ආදරේ කියලා කියන්නෙම
    අපිට අපි හමුවුන තැනක්....//

    ලස්සනයි. .. ඇත්තමයි .....

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ අයිටනම් මාව මරාගන කන්න කේන්ති ඇති. කමෙන්ට් වලට රිප්ලයි නෑ. මේල් වලට උත්තර නෑ. සමාවෙන්න හැම දේකටම.විවේකයක් නැති කම නිසාම සිදුවුන දෙයක්.

      බොහොම ස්තූතියි ඇගයීමට...

      Delete
  5. ඔබේ කවිය තුළින් ආදරයේ තවත් පැතිකඩක් දුටුවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. කවමදාවත් ඔබ දමන එක කමෙන්ටුවකටවත් රිප්ලයි නොකරද්දිත් තාමත් මගේ ලොකුකම් බලමින් මේ බ්ලොග් එක කියවන එකට ස්තූතිකරන්න මට තේරෙන්නේ නෑ ඇත්තටම. මේ හිතවත්කමට බොහොමත් ස්තූතියි ඔබ තුමියට

      Delete
  6. හදවතට දැනුන කවියක්.

    මේ පද පේලිය කියවද්දි මතක් උන සිංදුවක් මේ

    https://www.youtube.com/watch?v=c_NfZs9H8As

    ඒකෙ කියන්නේ මෙහෙම

    "කාගෙ කාගෙත් දෑස් කෙළවර
    ශේෂ කඳුළක් තියෙනවා
    බැරිම තැන්වල එහෙම ඒවා
    ගලාගෙන බිම හැලෙනවා
    හිමිනොවූත් සමහරක් මල්
    අහිමි වන තැන බැඳෙනවා
    සදාකාලික ප්රේමයක් නම්
    කවදාහරි අත්හැරෙනවා"

    ReplyDelete
    Replies
    1. තරිඳුගේ "ලු"...මේ දවස්වල මගේ ආසම ගායකයා. තරිඳුගේ සිංදුවල කටහඬ, සංගීතයටත් වඩා මම පිස්සුවැටිලා ඉන්නේ ඒ වචනවලට. එක දෙයක්නම් අනිවාර්‍යයි. තරිඳු වැඩිකල් නොයවා මිනිස්සුව මරනවා, වචනවලින්.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete