පාවෙන්න හීනයක....
මේ නුඹේ යාමයයි
විඳගන්න...සැනසෙන්න...
හෝරාව පැමිණ ඇත
දයාබරය....
නොසොයන්න.... නොබලන්න....
මතක යනු පෙන බුබුලුමැ'යි
ජීවිතය ඇත්තේම
තවත් ගවුවක දුරින්මැ'යි
"නිස්කාරන තුවාල ඇත්තේ කාටද...
රතු ඇස් ඇත්තේ කාටද....
මුද්‍රික පානය ලඟ පමාවන්නන්ටය"
දයාබරය...
හිත අරන් දියකරමු
පා ලකුනු මැකෙන්නට
උරුවිසිත් බලාගන...
පිරෙනතෙක් ඔය හිතත්
ආයෙමත්
සිහිගන්න.... යලි යලිත්....
"ජීවිතය තිබ්බේම මතක ඇතුලේ වුනත්
මතක යනු පෙන බුබුලුමැ'යි
ජීවිතයට අයිති නැති...."
උරුවිසිය....
පුරවන්න ඔය බඳුන
පියවි සිහි අවැසි නැත
සැනසෙන්න.... විඳගන්න....
ජීවිතය
මතක යනු දුහුවිලිය
සිහින් පොද වැස්සටත්
පොලවටම දියවයන....
දයාබරය....
පාවෙන්න හීනයක
මේ නුඹේ යාමයයි
විඳගන්න...සැනසෙන්න....
ඉතිරිකර
නුඹ මුවග සිනාබිඳ....
කටුස්සා....
දවන රිදවන - තවන සනහන
ReplyDeleteහිත් මත හිනා තවරන
දෙඇසට කඳුළු ගෙන එන
මතක
රැඳෙයි අප ළඟ නිබඳ
නොයයි හැරදා කිසිවිට...
ලස්සනයි ඉතින්. පරණ කටුස්ස ඇවිත්
ReplyDelete//ජීවිතය තිබ්බේම මතක ඇතුලේ වුනත්
ReplyDeleteමතක යනු පෙන බුබුලුමැ'යි
ජීවිතයට අයිති නැති....//
ඇත්තමයි .. නිසොල්මන් සමය ඔබේ කවි සිත අවදි කරවලා වගේ . දිගටම ලියන්න.
සැමදා මෙන්ම ; රොෂාන් රවිඳ්‍ර කියනවා වාගේ පපුව කොනිත්තන කවියක්!
ReplyDeleteගුමු ගුමුව වදුලේෙ
ReplyDeleteසිලි සිලිය සුළගේ
මුණු මුණුව නදියේ
කසු කුුසුව ගගුලේ
අදයි මට ඇසුනේ //
විහඟ මිහිරාවී
මුදුහඬින රාගී //
කොතැන තිබුනිද තී
අද ගයන මේ ගී
හද බඳුන ඉතිරි
ගලන මී මිහිරී
කොතැන නම් සැගවී
තිබිණිදැයි සොයමී
විචාරක දියණිය