Sunday, April 19, 2020

අහසනම් දුරයි... සඳ නේන වග සැබැයි...


හිතවතිය....
මේ තමයි ඒ නිවන
ආදරය වැඩිපුරම ගුලිගැසුන නවාතැන

තුරුල්වී විඳගත්ත....
හිනා කන්දක පලමු පස්පිඩ
නොදැනීම නෙත තෙමුව....
කඳුලු උල්පත මැවුව කෙම්බිම

හැමතැනම....
ආදරය විතරක්ම විසිරිච්ච අපේ තැන

මායාව හිතදරා.... 
ඡායාව නෙත අස්සේ හංගලා
වෑයමෙන්..   
ලෝකෙටම හිනහිලා ඇතිවෙලා

සැනසුමම විතරක්ම
මට දුන්න එකම තැන

පෙරවදන් පසුවදන් අයිතිනැති කතාවක
මියෙන්නට අවැසිමුත්....
පුරුද්දට හුස්මගත් ආත්මය එපාවෙන
නිමේශය....

සැරිසරන්නෙමි සුවඳ සොය සොය
නුඹ තැබූ පා ලකුණු ඉවකර


මියගිහින් බොහෝකල් 
ජීවිතය....
අවසාන සිනාපොද
සොයන්නම් මම දිනක 
මෙතනදිම....
මට මාව අහිමිකල
දම්පාට ඇස්තුලම
සැනසීම....


කටුස්සා....

4 comments:

  1. මලයාගේ විරහ කවි හැමදාමත් අගෙයි

    ReplyDelete
  2. ඔබ මා හුමුවුන
    මේ ඉර හඳ යට
    කොතැනක සිටියත්
    මා මළ දවසට
    මගෙ ලග තනියට ඉනු මැනවී...........
    විචාරක දියණිය

    ReplyDelete
  3. සදාකාලික මතක
    විරහව උනත් සුන්දරව ගලපලා

    ReplyDelete
  4. තමන්ට තමන් අහිමි කළ තැනක කවදාක නම් තියෙනවද සැනසීමක්... ලස්සනයි

    ReplyDelete