Monday, January 2, 2017

ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන්..




අහම්බයක්
මේ තරම් ලස්සනවෙන්න ඕනෙද ?
මේ තරම් ආදරණීය වෙන්න ඕනෙද ?
මේ තරම් දුක හිතෙන්න ඕනෙද ? 
මේ තරම්  මතක ඉතුරුකරන්න ඕනෙද ?
හිතෙන හිතෙන වෙලාවට 
මතක්කර කර හිනාවෙන්න තරමටම ???

එක්කෝ
නෑවිත් ඉන්න තිබුනා උඹට....
බැරිමනම්
ඇවිල්ලා ගුලිනොගැහී හිටියනම්;
මගේ හිත අස්සේ
හිතේ රස්නේ ඇස් අගට නොගෙන
හිනාවෙනවනේ අදත් මම.......

අඩුමගානේ
මේ විදිහට මහ හයියෙන්
ආත්මෙම හෙල්ලිලා යන තරමටම
තට්ටු නොකර,
හිමිහිට මෘදුව
පිරිමදින්න තිබුනා මගේ හදවත....
එහෙමවුනානම්
මම තාමත් හුස්මගන්නවා
සැනසිල්ලේ........

ඔක්කොම ඉවසන්න තිබුනා....
ඒත් අර හිනාව !
රෑ තිස්සේ ඇහැරගන 
උඹගැනම හිතන්න තරම්
තවම
හිත අස්සට ඇවිත් නෑනම් තමයි.....
ඇහැරිලා බලද්දී
උඹ හිනාවෙනකොට දොරගාව
ඇත්තමයි
මිරිකන්න තිබුනා උඹව
ලඟ හිටියනම්........

හැබැයි
මේ විදිහට නොතිබුන එකමයි හොඳ
කෙලවරක් ;
අපේ කතාවට......
තිබ්බනම් ඉවරකරන්න වෙනවනේ
එක තැනකදී......
දැන් මට යන්න පුළුවන්
උඹ එක්ක අනන්තෙටම
හීන අස්සේ හැංගිලා........

උඹට තිබුනා
ටිකක් කලින් එන්න......
ආවනම් ;
මේ කවි කඳුර
අද
කවි සාගරයක් වෙලා......

15 comments:

  1. ////උඹට තිබුනා
    ටිකක් කලින් එන්න......
    ආවනම් ;
    මේ කවි කඳුර
    අද
    කවි සාගරයක් වෙලා......////
    දැන් උනත් කවි සාගරයක් වෙන්න බැරිකමක් නෑ:D

    ReplyDelete
  2. "ඒත් අර හිනාව" ඕක තමයි ලෙඩේ. ලස්සනයි කටුසු.

    ජයවෙවා!!!

    ReplyDelete
  3. උඹත් මැරෙන්නද යකෝ හදන්නෙ? නෑ නෑ. මේක ලංකාවෙ ඉන්න කාලෙ එකක් වෙන්නැති.

    ReplyDelete
  4. හ්ම්ම්ම් අපූරුයි....

    ReplyDelete
  5. අම්මෆා ආදරයක තියෙන සෙවල....

    ReplyDelete
  6. //මිරිකන්න තිබුනා උඹව
    ලඟ හිටියනම්........ //

    ඊඊඊයා හලෝ ....

    ReplyDelete
  7. ලව් කරන්න ගිහිං රිද්දනොගත්ත එවුං ඉන්න ගෙදරකිං අබ ටිකක් හොයන්න යන ගමං! 

    ReplyDelete
  8. ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරය !

    ReplyDelete
  9. උඹට තිබුනා
    ටිකක් කලින් එන්න......
    ආවනම් ;
    මේ කවි කඳුර
    අද
    කවි සාගරයක් වෙලා......😍🔫

    හ්ම්ම්..ඒක තමයි...එයාට තිබ්බනේ කලින් එන්න​.....එත් කොහෙ එන්නද​...පිස්සු බැල්ලක් ඉඳලනෙ පාර හරස් කරගෙන​....කොහොමහරි ඔය කවි කඳුර නැති වෙන්න කලින් ආවනේ...ඒකම මදැයි...හැක්...ආයේ කවදාවත් පරක්කු වෙන එකක් නෑ...බොරු කියන්නෙ මක්කටෙයි.....ජබ්බගෙ කවි වලින් මගේ ජීවීතේ පුරාම දෝංකාර දෙන කවිය මේක​....කෙලින්ම හාට් පියර්සින්...කවි කඳුර සාගරයක්ම වේවා !

    ReplyDelete
  10. හැබැයි
    මේ විදිහට නොතිබුන එකමයි හොඳ
    කෙලවරක් ;
    අපේ කතාවට......
    තිබ්බනම් ඉවරකරන්න වෙනවනේ
    එක තැනකදී......
    දැන් මට යන්න පුළුවන්
    උඹ එක්ක අනන්තෙටම
    හීන අස්සේ හැංගිලා........



    ආසම කොටස කසුටු.....
    ලස්සනයි අයියණ්ඩි

    ReplyDelete