Thursday, July 2, 2015

ග්‍රේරෝ...



 පොලිස් සුනඛ ග්‍රේරෝ පිට පිටම පස්වෙනි සොරකමත් අල්ලයි -පුවතක්.

ග්‍රේරෝ...ග්‍රේරෝ...ගර්....ගර්...
කොහෙද යකෝ හිටියේ උඹ
මෙච්චර හොරකම් උන රට.......?
ලොකු එකාගේ ගුරු හොරුන්ට ටියුශන් කාසිය ගෙවන්න
පොඩි දෝනිගේ අසනීපෙට දොස්තර දොළ ඇන්න යන්න
බඩ තඩි කලු මුදළාලිගේ ගෙදරට පැන්නට හොරාට
ගොරව ගොරව මගේ ලඟට ඇවිත් මාව කොටු කලාට
මොනවද හම්බුනේ බොට අද.......?
මස් කට්ටක්වත් දුන්නද වැඩිපුර උන් උඹේ බතට.....?

අපේ එවුන් බුරුතු පිටින් ගහගන ගිය සුනාමියට
ආධාරෙට ඒරොප්පෙන් දුන්න සල්ලි උගේ ඡන්දෙට
වියදම්කල හැටි දැක දැක හිටියද උඹ උඩ බලාන.....?
පොඩි පුතාගේ තංතෝසෙට ලංකාවේ පළවෙනියට
උඩ යවාපු රොකට් එකට අපේ සල්ලි පුච්චනකොට
හැමිණුනාද උඹ එතකොට පොලිස්පතිගේ බැල්ලි එක්ක.....?

දස්කොන් ප්‍රමිලා නාටක මද්දුමයා රඟන විටක
අඟුරු ගොඩක් වෙන දවසේ දස්කොන් තම රිය ඇතුලෙම
මොකද කලේ උඹ එතකොට බිරුවද හාවට හඳ මත....?
අපේ උන්ගේ අසනීපෙට සල්ලි දුන්න අරමුදලට
කෙළිනා විට තරුණ හෙටක් ලොකු පුතාගේ අණ දීමට
වල්ල තියන් සිමෙන්තියට නිදාගත්තේ ඇයි බං උඹ....?

අපේ කොල්ලෝ මැරෙනා විට ලේකම්'යැයි මහ ලොකුවට
ගෙනා අහස් යන්තරයෙන් කෝටි ගණන් උස්සන විට
ඉව තිබුනේ නැතිද උඹට ඒ හොරකම් අල්ලන්නට....?
සීගිරියට නොගිය එකා ඩිස්නිලන්තේ නටනා විට
උගෙ ගෑණිට උප්පැන්නෙත් චේතිය රජු සපයන විට
ඉව දැනුනේ මගෙ විතරද හොර සුවඳක් නැද්ද උන්ට....?

මහ දවාලේ මරනා විට පත්තරකාරයෝ මහමග
වතුර ඉල්ල අඬන උන්ට නෙලනාවිට මියයන්නම
උඹේ පොලිස් රැස්පොට් එක තිබුනෙ කොහෙද කියපන් මට....
මහනායක ඉල්ලීමට පෙන්නා පුක මුළු රටටම
රේස් පදින විටදි එවුන් මාළිගාව වටකරගන
කෙඳිරි ගගා හිටිය නේද කූඩුව ඇතුලෙම හිමිහිට....?

ග්‍රේරෝ....ග්‍රේරෝ...ගර්....ගර්...
කොහෙද යකෝ ඉන්නේ උඹ
මෙච්චර හොරකම් වෙන රට....?
දමා මොත්තේ අපි හැමටම දිනා ඡන්දේ පත්වුන විට
කෝටි ගණන් කෑවලු උන් මහ බැංකුව මුල්කරගන
උඹ හට අද කටුදෙන උන් ලෙවකනවිට උන් දෙපතුල
ඉවකරන්නේ කොහොමද උඹ හැම සුවඳම එක්වුනවිට....?
උඹත් අපි වගේමයි බං....
පැනල ගිහින් ඔතනින් හෙට දඩාවතේ පලයන් උඹ
හිත සංතෝශෙන්.....


කටුස්සා...
ඡායාරූපේ ඉස්සුවේ-මෙතනින්.

31 comments:

  1. ඕක බං කටු කන එකාගෙ වැරැද්ද නෙවෙයි. කටු කන්න දෙන උන්ගෙ වැරැද්ද. මොකද ලොකු උන් මස් කාලා දෙන කටු වලින් ටිකක්නෙ ඌට දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එක වෙනස් නොකර මොනව කලත් ඔහොම තමයි බං....

      Delete
  2. ඔය බල්ලවත් බත් කන්නෑ මේක කියෙව්වනං.
    මගෙ හිතේ උඹ අතින් ලියවුණු හොඳම දේශපාලන විග්‍රහය මේක.

    ReplyDelete
    Replies
    1. අපි කන හැටි ලිපා දනියි කියල බල්ලෝ කියන්වළු

      Delete
  3. ලෙසටම.. මධාවියා කියුවා වගේ ආයි ග්‍රේරො බත් කන්නෑ ලොවෙත් මේක ඌට ඇහෙන්න කියුවොත්.. හැබැයි ඌටත් උගේ මහ එවුන්ගේ වගේ ලැජ්ජා නහරයක් නැද්ද මංදා.. නොදකින්.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා නහරේ තියාගන හිටියොත් උන්ට කන්න වෙන්නේ පස්...

      Delete
  4. මේක නම් සුපිරි.....
    කාලකණ්ණි දේශපාලන හැත්ත ගැන පට්ටෙට ලියලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. අපි ලිවුවා කියලා හැදෙයි උං...බලාගන හිටපං

      Delete
  5. එල ද බ්‍රා...
    උඔගේ මේ හැකියාව එල ද බ්‍රා...
    ටයිටැනික් නැව ගිලුන එක දැන ගත්තෙ ඡැක් රොස් ආදරය නැව ඇතුලේ තිබුන නිසා..ඒ වගේ එක සිද්ධියකින් ලෙකු කතාවක් ගොඩ නගන්න උඔට තියෙන මේ හැකියාවට අත් දෙකම උස්සලා රෙෂ්පට්..

    ReplyDelete
    Replies
    1. ඒක මගේ ආතල් එක බං.හිතේ මැවෙන කතානම් ගොඩයි.ඒ ඔක්කොම ලියන්න ගියොත් මම මානසික ලෙඩෙක්වගේ පෙනෙයි උඹලට...

      Delete
  6. අම්මපා.............. කොහොම හොරු හොයන්නද?????? හැම ඒකාම හොරකං කරන රටක........

    ReplyDelete
    Replies
    1. බොහොම ඉදලනම් හරියන්නේ නෑ.අනුගත වියන්...හොරකමට.

      Delete
  7. හොඳ නිර්මාණයක් මචං...

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි ලොකු අයියේ...

      Delete
  8. Fuck the system
    කවිය මසුරං.

    ReplyDelete
    Replies
    1. who create the system?
      ස්තූතියි මයියා...

      Delete
  9. දැං බල්ලොත් වැඩ කරන්නෙ වාසියට බං ....

    ReplyDelete
    Replies
    1. එහෙම නොකලොත් උන්ගේ පැටවු බඩගින්නේ බං...

      Delete
  10. බල්ලො පොලිසියට ගද්දිම දේශපාලකයෙක් විසින් බල්ලව පුස්සෙක් කරනව. ඊට පස්සෙ ඒ බයට සදාකල් උන්ව දකිද්දි නැට්ට පුකේ ගහ ගන්නව.

    ReplyDelete
    Replies
    1. පුස්සෙක් නොවුනත් පුස්සෙක්වගේ ඉන්න සිද්දවෙලා.එහෙම නොකලොත් උන්ට නැට්ටත් අරගන පාරට බහින්න තමා වෙන්නේ.

      Delete
  11. බල්ලො පොලිසියට ගද්දිම දේශපාලකයෙක් විසින් බල්ලව පුස්සෙක් කරනව. ඊට පස්සෙ ඒ බයට සදාකල් උන්ව දකිද්දි නැට්ට පුකේ ගහ ගන්නව.

    ReplyDelete
  12. ග්‍රේරෝලගේ ඉව කොන්ට්‍රෝල් වෙන්නේ "එයාලට" ඕන විධටනේ බං

    ReplyDelete
    Replies
    1. උන්ගෙනම් ඉව විතරයි.ඒත් අපිට ළමයින්ගේ උප්පැන්නට ඇඩ්‍රස් දාන තැන ඉදන් හැසිරෙන්න වෙලා තියෙන්නේ "එයාලට" ඕන විදිහට

      Delete
  13. Replies
    1. ග්‍රේරෝ නේද...?ඌ මරු බල්ලා....
      ස්තූතියි බස්සියේ...

      Delete
  14. katu kana katu dena ballanta balliyanta upaharayak wewa

    ReplyDelete
    Replies
    1. එතකොට ආචාර වෙඩිමුර පත්තුකරන්න ඕනේ අපිද?

      Delete
  15. හොරු හොයන නාඩගම් දැන් එපා වෙලා.
    http://nelumyaya.com/?p=3442

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද අජිත් අයියේ...නොමිලේ බලන්න තියන එකම නාඩගම නිසා මිනිස්සුත් ඔහේ බලන් ඉන්නවා...
      බොහොමත් ස්තූතියි අයියේ...

      Delete
  16. සුපිරි බං. උඹ ලීව ඒවගෙන් සුපිරිම එක. මේවා අපිට විතරක් නෙමේ බ්ලොග් ලෝකෙන් එහා ඉන්න උන්ටත් දකින්න තිබුනානම් මරු.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම්.මටත් සුදුවෑන් එකක යන්න පුළුවන්වෙයි නොමිලේම

      Delete