දෑස් අග රෑදී සිට පැතුම් මල් පුබුදුකල
සයුරවන් සෙනෙහසක් නිරතුරුව තිළිනකල
සිනාමල් මුව සරස සිනහවම උරුමකල
අනේ නුඹ නැති දිනක කෙසේ හිනහෙම්ද මම
කවා සිප සනසවා සෙනෙහසින් තුරුළුකර
දෙවා ඔවදන් සතර මවක්සේ ලඟින්හිද
මවුවතින් සුසුදුවන් පෙමක් මට දුන් සබඳ
තනිවෙන්නේ කෙලෙසින්ද ඔබෙ සුවඳ ඈත්කර
සාගරය වන් විසල් තනිව විඳි කඳුළු බිද
විඳගත්තේ කෙළෙසින්ද මට නොදී සුසුම් පොද
ඔබ වින්ඳ දුක් කන්දෙ අරගන්න මගෙ කොටස
ළගදීම මම එනවා තනිව නෑ නුඹ තවම
කටුස්සා...
2012.08.30.
U turned so I also turned the way you were heading :) No escape ද? කාලයක් හැංගිල තිබ්බ කටුසු කවි හිත ආයි මල් ඵල දරනවා.. ෆෝම් එක දිගටම තියා ගනින්.. ජය වේවා!
ReplyDeleteකයි පද බැඳිල්ල ඉස්තරං...
ReplyDeleteසමුගෙන ගොස් යලි හැරුණෙමි සත්තයි ඔබ ඇවදින් සෙවනැල්ලක් සේ....ද?
අපූරු පද ට්කක්...
ReplyDelete// මවුවතින් සුසුදුවන් පෙමක් මට දුන් සබඳ
තනිවෙන්නේ කෙලෙසින්ද ඔබෙ සුවඳ ඈත්කර//
මේ පේලි දෙකට වැඩිපුර හිත ගියා...
එල ද බ්‍රා
ReplyDeleteඋඔ දන්නවනේ කවි රස වින්දට මට පද බදින්න බෑ කියලා..
අම්මප මට නම් ඔය කවි ලිවිල්ල මන් අරහං. හැබැයි මේ කවි ටික නම් නියමයි කියන්න නම් පුලුවන්.
ReplyDeleteකමක් නෑ ළඟදි ඔයා යනවනේ ..දුක ඉවරයි....සුභ පතනවා කටුසු පුංචෝ
ReplyDeleteලස්සනයි කටුසු රාළේ.
ReplyDeleteඇත්තටම පොඩි දුකක් තැවරිච්ච කවි පෙළක් වුණත් හිතට තදටම දැණුන
ඉස්තරං
ReplyDelete@-}-- @-}-- @-}-- @-}-- @-}-- @-}-- @-}--
ඉස්තරම් නිමැවුමක් කටුසු
ReplyDeleteනියමයි, ළඟදීම ගියාට කමක් නෑ. ගිය ගමන් ඇරියස් කවර කරන්න පටන් ගන්න එපා
ReplyDeleteදැන දැනම කරන,කරන්න සිද්දවෙලා තියන වරදකට සමාව ඉල්ලන්නයි ආයිබෝං මේ සටහන යොදන්නේ...කටුස්සා කීයක් හරි හොයාගන්න,කටුසුපවුල බඩවියත සරිකරගන්න, කටුසු දරු මල්ලෝ රැකෙන රස්සාවේ ඇතිවෙලා තියන ගැටළු ටිකක් විසදගන්න මේ දවස්වල හතරවටේ දුවන නිසා කටුස්සා ගොඩක් බුසී වෙලා.ඒ නිසාම කමෙන්ට් වලට උත්තර ලියන්න, කමෙන්ට් කරන්න වෙලාවක් නැති තරම්.පුළු පුළුවන් විදිහට බ්ලොග් ලිපි කියවනවා.කියවන වෙලාව අනූව කමෙන්ටුත් කොටනවා.ඒත් ගොඩක් ඒවා මගෑරෙනවා. ඒ අතපසුවීමට සමාව භාජනේක දාලා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
ReplyDeleteමේ කවියත් අද ඊයේ ලියපු එකක් නෙමෙයි.කටුස්සාගේ පරණ ෆෝන් කට්ටක් ගොඩක්කල් තිස්සේ කැඩිල තියලා ආපහු හැදුවා.ඒකේ තිබුන පැරණි පෙම්වතියට යවපු මැසේජ් එකක් තමයි මේක.(මෙච්චර වැඩ අස්සෙත් ඒකාලේ යවපු මැසේජ් බල බල සුට්ටක් අතිතෙට යන්න වෙලාවක් තිබුනාළු ).මේකේ මකුළු දැල් බැදෙන්න දෙන්න බැරිනිසාම තමයි ඒක දැම්මේ.ඒක කියවලා අදහස් පලකරපු මචන්ස්ලා හා මචින්ස්ලා හැමෝටම ගොඩක් ස්තූතියි.දැනට මේ විදිහට ඇදගන ගියත් යථා තත්වයට ඇවිත් පුරුදු විදිහට ආපහු බ්ලොග් ජීවිතේ ගෙවන්න බලාපොරොත්තු වෙනවා ඉක්මනටම.මේ ජර මර අස්සේ දාන ලිපිවලට ඔබ හැමෝගෙම කමෙන්ට් බලාපොරොත්තු වෙනවා එහෙම ඉල්ලීමක් කරන්න සදාචාරාත්මක අයිතියක් නැතිවුනත්.ඒ ඔය කමෙන්ට් මට හරියට වටින නිසා.....
ජය වේවා හැමෝටම....