Monday, June 22, 2015
හීනය - 02
හීනය-01
හීනය-1.5
"හලෝ අයියේ...කොහොමද ඉතින්...?"
"හොඳින් හොඳින්....ඔයාට කොහොමද ඉතින්...?හස්බන්ඩ් නිදිද...?"
"නෑ..තාම ඇහැරිලා...ඔයානේ මගේ හස්බන්ඩ් ඉතින්..."
"කියන්න එපෑයි කලින්...මට ටැපළුනා...කීයක් එක්ක කියලා කතාකරන්නද ඉතින් දවසකට....?"
"කීයක්ද?"
"අනේ මන්දා...ලඟදී ගැන්නෙත් නෑ...ලක්මාලී, ඉරේශා, යමුනා, ශාලිකා,සුමනා, කමලා, ඈන්, නිර්මලා, පවිත්‍රා, හර්ශනී, ලශානී,චාන්දනී,තුශාරා,වෙරනී,දිලිනි,අනූපමා,චතුරිකා,.....ඔතන කීයක් තියනවද?"
"වයසක සෙට් එකක් වගේ නේද?"
"අත්දැකීම් තියන අයව තමා මම තෝර ගන්නේ.ට්‍රේන් කර කර ඉන්න ගියහම වෙලාව අඩුවෙනවනේ...""
"හරියටම තෝරල තියනවා....මටත් අත්දැකීම් ගොඩයිනේ"
"නෑ..නෑ...ඒක තෝරගත්තේ හැමදාටම...අනික්වා ටෙම්පරි ජොබ්..."
"ඒ දෙක මාරු වෙයිද දන්නෙ නෑ...?"
"එහෙම වෙන්නේ නෑළු නේ...?උනත් මට මොකෝ...මට ඔයාගේ අතීතෙන් වැඩක් නෑ.මාත් එක්ක යාළු උන දවසේ ඉදලා මම ඔයාගෙන් බලාපොරොත්තු උන විදිහට හිටියහම ඒ ඇති මට"
"හරිනම් මමයි එහෙම කියන්න ඕනේ ඔයාට"
"මම මක්කරන්නද තෝ එන්න පරක්කු උනාට?අඩුමගානේ ලියුමක්වත් එවලා තිබුනනම් එනවා කියලා බඹසර රැකගන මාත් ඉන්නවනේ තෝ එනකම්...."
"ඉඳියි කියල තමා බය..."
"ඇයි සැකද?"
"නැතුව..."
"සිරාවටමද?"
"හ්ම්ම්ම්...."
"දෙයක් කියන්නම්...?"
"හා"
"මගේ අතීතේ ගැන ඔයා ගොඩක් දේවල් දන්නවා.නොදන්න දේවලුත් තියනවා.ඒ දේවල් ඔයාගෙන් හන්ගලා නෑ.ඒ දේවල් කියලා නැත්තේ ඒවා ඔයා මගෙන් අහල නැති නිසා.ඔයාට දැනගන්න ඕන දවසට ඒවත් මම ඔයාට කියන්නම්.ඒත් එකක් මතක තියාගන්න.ඔයත් එක්ක යාළු උන දවසේ ඉදන් ඔයාට දුක හිතෙන,ඔයාගේ විශ්වාසේ කඩවෙන කිසිම දෙයක් මම කරල නෑ.ගෑනු,සෙක්ස් සම්බන්දයෙන්නම් කියන්න තියෙන්නේ ඔයත් එක්ක යළුවුන දවසෙ ඉදන් මමත් පතිවත රකිනවා කියල තමා..."
"දුක හිතුනද මගේ මහත්තයට....?මට ඔයා ගැන කිසිම අවිශ්වාසයක් නෑ අයියේ...මම විහිළුවට කිවුවේ...මම ඔයාගේ පළවෙනිය නෙමෙයි කියලා නොදැන නෙමෙයිනේ යාළුවුනේ...ඔයාට වගේම ඒ අතීතෙන් මට වැඩකුත් නෑ.ඔයා ඒ විශ්වාසේ රකිනවා කියලා මම දන්නවා.ඔයාගේ ආදරේ බොරුවක් තිබුනේ නෑ කියලා මම දන්නවා.ඒ ආදරේට මම ගරුකරන්නෙත් ඒකයි.මම ඔයාගෙන් ඉල්ළුවේ එක දෙයයි.ඒ මාව අනිත් අයත් එක්ක කම්පෙයාර් කරන්න එපා කියල විතරයි.ඒ ඉල්ලීම ඕනෑවටත් වඩා ඔයා අතින් රැකුනා.ඉතින් මට වෙන ප්‍රශ්න නෑ මේ ආදරය ඇතුලේ...."
"ඔයා මට අලුත් පාරක් පෙන්නුවා මේ ජීවිතේ.ඒ පාර දිගේ ගිහින් මාත් අලුත් මිනිහෙක් වුනා.මගේ ආදරෙත් අලුත්වුනා.මම ඒ වෙනසට කැමතියි.අන්න ඒ නිසාමයි මම උඹට මෙච්චර ආදරේ..."
"ඇත්තට....අම්මෝ ඇති යන්තන්...මේ විදිහට සීරියස් කතාකරල හරි මේ මිනිහගෙන් ආදරේ කියල අහගත්තා...."
"ඔය ඉතින් තෝ මගෙන් කන්න තමයි හදන්නේ..."
"අම්මෝ...බයයිළු මම...."
"දැක්කනේ මගේ සැර....හා...හා...ගහන්නේ නෑ.දැන් එනවා ඇද යටින්..."
"කියනකම් හිටියේ මම..."
"දැන් තෝ ලඟ හිටියනම් මිරීරීරීරී...කගන ඉන්නව මම..."
"මම මලොත්...?"
"වළලනවා...තියාගන ජාඩි දාන්නද ...?"
"බූරුවා...අඩන්නෙවත් නැද්ද....?"
"පිස්සුද...මල ගෙදරට එන ගෑණු ළමයි දිහා බලන්න තියනවනේ මට...අඬ අඬ ඔය වැඩ කරන්න පුළුවන්ද?"
"ඔයානම් එහෙම කරයි මම මලොත්....මම දන්නවනේ මගේ අයියා මට ගොඩක් ආදරෙයි කියලා....පොළවේ පස් කයි නේද...?"
"මට වෙන වැඩ නෑනේ පස් කන්න...මේ...මට ආදරෙයිද..."
"ම්ම්ම්....ටිකක්..."
"ඇයි ටිකක්...?ගොඩක් කියල කියන්න ලැජ්ජද?"
"අම්ම කියල තියෙන්නේ බොරු කියන්න එපා කියලා..."
"බැල්ලි...."
"කෝ...?කාමරේට ඇවිත්ද?"
"මම කිවුවයි කියල හිතාගනින්....ඒකි කොහොමත් මගේ කාමරේ තමා ඉන්නේ..."
"මම ආවට පස්සේ කාමරේ හිටියොත් ඌත් එක්කම ඉන්න කියලා මම යනවා එළියට"
"ඌව යාලු කරගනින්...ඒකා හරි හොදයි..."
"ඒකා මාත් එක්ක යාලුවෙන්නේ නෑ...එදා ආවහමත් මට ගෙරෙවුවා ඔයා ලගට ආවා කියලා...ඔයාගේ ගිය ආත්මේ ගෑනිද කොහේද"
"එතකොට ලබන ආත්මේ මම ගෑනියෙක් ගෙනාවහම උඹත් ගොරවනවද එයාට...?"
"හහ්...හිතාගන ඇති මගෙන් ගැලවෙන්න....තව ආත්ම 100ක් යනකන් මමම විතරයි ඔයාගේ ගෑනි...."
"මම එච්චර ලොකු කරුමයක් කරලා තියනවද...?"
"හම්ම්...පැත්තකට වෙලා අහිංසක විදිහට හිටිය ලස්සන කෙල්ලෙක්ව අමාරුවේ දැම්මනේ මේ ආත්මේ...ඉතින් තව ආත්ම 100 යනකම්ම ඒ පව ගෙවෙන්නේ නෑළු...."
"අහිංසක විදිහට හිටියා....?කවුද දන්නේ නෑ තේ උඩිච්චි වගේ ඇස් කරකව කරකව මගේ දිහා බලලා මාව අමාරුවේ දැම්මේ....?"
"අනේ මට වැඩේමයි ඇස් කරකව කරකව ඔයා දිහා බලන්න....මට වෙන වැඩ නෑනේ...."
"හරි හරි...දැන් ඒ දේ වෙලා ඉවරනේ....කියපන්කෝ හෙට යන්නේ කොහොමද කියලා....?"
"තාත්තා 1.30 ට මාව ඇරලනවා කිවුවා....ඔයා එන ගමන් මාව ගන්න...කොහොමත් ඉවරවෙනකොට 5- 5.30 වෙයි..."
"එච්චරවෙලා මොනව සුදු කරනවද බං ඕක ඇතුලේ....?"
"එහෙම තමා...කොච්චර තැන් තියනවද සුදු කරගන්න....අනික ඉතින් නිල්මිණි අක්කත් කතාවට අහුවුනහම ඉවරයක් නෑනේ...අනුර අයියා ගැනයි,ඔෆිස් එක ගැනයි කියවන්න රටක භූත තියනවා එයාට..."
"ඒ මනුස්සයා ගැන මොනව කියන්නද?ඔය ඉන්නේ හෙන ජොලියේ ඔෆිස් එකට වෙලා...."
"පවු නේද අයියේ ඒගොල්ලොත්...?ළමයි නැති එක ගැන හෙන දුකින් ඉන්නේ ඒ අයත්...."
"හම්ම්...අනුර අයියත් ජොලියෙන් හිටියට හෙන අප්සට් එකෙන් ඉන්නේ...ඒත් පෙන්නන්නේ නෑ..."
"එයා ඔයාට හෙන ආදරෙයිළු....නිල්මිණී අක්කත් එක්ක හරියට කියවනවළු ඔයාගැන...මගෙන් සල්ලිගන්නෙත් නෑ අයියේ සමහර වෙලාවලට....බලෙන් දුන්නත් ගන්නේ අඩුවෙන්...."
"මමත් ඕකට බැන්නා එදා...ඒත් හිනාවෙනවා මිසක් මුකුත් කියන්නේ නෑ...වෙඩින් එක ඉවරවෙලා මොනව හරි දෙමු ඒ දෙන්නට...වෙන මොනවා කරන්නද?"
"එහෙනම් ඔයා හෙට එනවනේ....?"
"එනවා කියලා නෑවිත් ඉදලා නෑනේ මම....මම එන්නම්....කොහෙන් හරි කාලා රෑ වෙලා ගෙදර යමු...අම්මලට කියල එන්න..."
"වෙඩින් එක ලංවෙලා මාව මරන්න එක්කන් යනවද දන්නෙත් නෑ....?"
"බයවෙන්න එපා...දැන්ම මරන්නේ නෑ...අවුරුද්දක් විතර ගිහින් තමා මැරුවත් මරන්නේ...."
"බූරුවා....කාලා එමුද අයියේ....?බඩගිනියි...."
"යමු...මටත් බඩගිනියි...."
එහෙනම් බඩ පැලෙන්න කාලා එන්න....බායි..."
"බායි..."
*****************************************************************
"අයියේ...මම සැලෝන් එකට යනවා හොඳේ...ඔයා එතනට එන්න...ෆෝන් ආන්සර් නොකලොත් ගනන් ගන්න එපා....ඔයා ඇතුලටම එන්න..."
"කමක්නැද්ද දන්නේ නෑ මම ඇතුලටම ආවට....?හරි...ඔයා වැඩේ කරගන්න..."
"පරිස්සමෙන් එන්න අයියේ...මම යනවා...තාත්තා එළියටත් බැහැලා..."
"හරි පැටියෝ...පරිස්සමෙන් යන්න...බායි..."
"බායි..."
*****************************************************************
"හොඳටම විශ්වාසද අනුර අයියේ...?"
"මගුලක් අහන්න එපා බං...නිල්මිණී මට දැන් කතාකරලා කිවුවේ....කෝ සමන්තයා...?සමා...මම කිවුව විදිහට අර වැඩේ කරපන් ඉක්මනට....මම ඒකව එක්කන් යනකන් උඹලා එන්න එපා පේන්න...අපි ගිහින් විනාඩි 10න් හොස්පිට්ල් වරන් උඹලා කට්ටිය..."
"හරි අයියේ...මම යනවා...."
"ඔය මූණ ටිකක් හදාගන පලයන්...."
*****************************************************************
"විදුර...මල්ලී...පොඩි හදිස්සියක්...නිල්මිණීගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා...ඉක්මනට හොස්පිට්ල් එකට දුවල එමුද මල්ලී...?"
"කොහේදිද...?හරි අයියේ යමු....සුරත්..උඹ සමන්තයව දැක්කද...?ඌ මගේ ෆෝන් එක ගත්තා කෝල් එකක් ගන්න...ඌ ආවහම ඒක ඉල්ලගනින්...අපි එන්න පරක්කු උනොත් යනගමන් අපේ එහා ගෙදරට දීගන යන්න කියපන් මට දෙන්න කියලා..."
"හරි විදුරය...මම කියන්නම්...උඹ ඔය වැඩේ බලපන්කෝ..."
"යමු අනුර අයියේ...බය වෙන්න එපා...එහෙමට අමාරුවක් නැතුව ඇති...යමු.."
*****************************************************************
"විදුර...මල්ලී...නැගිටපන් බං දැන්වත් කියන දේ අහලා...උඹ තව කොච්චරවෙලා ඔතනට වෙලා හිටියත් සමාධි එන්නේ නෑනේ මල්ලී...."
"එයා එහෙම ඉන්නේ කොහොමද අනුර අයියේ....?එයා හොඳටම දන්නවා මට එයා නැතුව ඉන්න බෑ කියලා...එයා ඇරෙන්න මට වෙන කවුරුවත් නෑ කියලා...එයා කොහොමද අනුර අයියේ මාව දාලා යන්න හිත හදාගත්තේ....?ඒ මගේ සමාධි නෙමෙයි අනුර අයියේ...ඒ මගේ සමාධි නෙමෙයි.එයා කවදාවත් මාව දාලා යන්නේ නෑ කියලා මට පොරොන්දුවුනේ අපි යාළුවුන දවසෙමයි...ඒ මගේ සුදූ නෙමෙයි..."
"විදුර...අනේ මල්ලියේ...මම උඹේ අයිය කියලා හිතලවත් ඔය ඇඬිල්ල නතරකරපන්...දැන් දවස් 4ක් තිස්සේ උඹ කිසිම කෑමක් නැතුව අඬනවා...දැන් අපි යමු මල්ලියේ ගෙදර...බලපන්...උඹ නිසා කවුරුත් තාම කනත්තෙන් ගිහින් නෑ...යමු ගෙදර විදුර...."
"මට අඬන්න දීපන් අනුර අයියේ...උඹ හිතන්නේ මට ආපහු හිනාවෙන්න පුළුවන් කියලද මේ ජීවිතේටම....?මෙතන වලළලා දැම්මේ මගේ හිනාව අනුර අයියේ...මගේ ජීවිතේ...මගේ කෙල්ලව මෙතන තනියෙන් තියලා මට යන්න බෑ....ඒ කෙල්ල මේ දවස්ටිකේ පුදුම සතුටකින් හිටියේ අනුර අයියේ...තව සති 3යි තිබුනේ එයා මගේ ගෙදරට එන්න...මගේ ගෙදරට එන්න පුදුම ආසාවකින් හිටියේ...අනේ ඒකෙල්ලව මෙතන දාලා මම කොහොමද අනුර අයියේ තනියම ආපහු ගෙදර යන්නේ...?"
"මල්ලී...පොඩ්ඩක් බලපන් ඇස් ඇරලා...උඹ මෙතන ඉන්න හැමෝවම අසරණකරනවා මල්ලියේ...බලපන් අර අම්මයි තාත්තයි දිහා...වරෙන් යන්න ගෙදර...ඒ මිනිස්සුන්ටත් හයියක් වෙන්න ඕනේ උඹයි මල්ලියේ දැන්...මම කියන දේ අහපන් පොඩ්ඩක්...."
"මම කොහොමද අයියේ සුදූව තනියම මෙතන දාලා යන්නේ....?මට මගේ සුදූව ගෙනත් දීපන් අයියේ...මට ගෙනත් දීපන් මගේ සුදූව..."
"සුරත්...අල්ලපන්...මේකා ආපහු සිහිනැතිවුනා...උඹ කකුල් දෙකෙන් අල්ලපන්...රොශාන්....මෙහෙන් අල්ලලා වෑන් එකට දාගන මලගෙදරට එක්කන් වරෙන්...මම අර අම්මවයි තාත්තවයි එක්කගන එන්නම්...."
-නිමි-
Labels:
කෙටි නවකතා
Subscribe to:
Post Comments (Atom)
හිනස්සවලා හිනස්සවලා අන්තිමට..........
ReplyDeleteපිය පුතු දෙදෙනා එකටයි යන්නේ කියලා ඔය අමරදේව මාස්ටරුත් කියන්නේ බං....
Deleteසෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය දිගේ නැග්ගා වගේනෙ බං.
ReplyDeleteඋඹ බයවුනේ ලම්භ උස දැකලද ,නැත්තම් පෛතගරස්ව මතක්වෙලාද?
Deleteහෙමීං නැගලා ලම්බ උසම පහලට වැටෙනකොට තදවෙන්නැද්ද බං?
Deleteමාධවියගෙ කමෙන්ටුව පට්ට හිහි
ReplyDeleteසෝක බරිතයි දිය බරියටත් වඩා සෝකබරිතයි බං...
හය්යෝ සංසාරෙ
මං පස්ස හැරිලා බැලුවා උඹ කර්ණයේ මට පහලිං ඇති කියලා... කෝ නෑනෙ පේන්න.
Deleteමහේශ්
Deleteසංසාරේ භවේ දුකා ලුණු මිරිසුයි බතුයි කකා....
මධා-
Deleteඋඹ දැක්කේ නැද්ද 45 නැම්ම අස්සේ හිරවෙලා ඉන්න මයියව....?
හපොයි, මොක්කද මේ කලේ
ReplyDeleteමොනව කරන්නද සුදූ ඉතිං...
Deleteහීන ගොඩක් එක්ක පියඹලා ගිය හිත නැවතුනා වගේ...
ReplyDeleteහීනෙම ජීවත්වෙන්න පුළුවන්නම් කොච්චර එකක්ද නේද?
Deleteඔව්... ඒක නම් ඇත්ත..
Delete1.5 කොටසේ තේරුම දැන්නේ වැදුනේ.. මීට හොඳයි මාව උස්සල පොළොවේ ගැහුවනම්.. සැක්.
ReplyDeleteවෙලාවට මේකට හීනය කියල නම දැම්මේ. නැත්නම් හිත හදා ගන්න වෙන්නෑ සෑහෙන කාලෙකට. කෙල්ලට හැබෑට මොකද උනේ බං.. සැලෝන් එකේදී දාපු බෙහෙතක් හරි ඉන්ජෙක්ශන් එකක් හරි විස වෙලාද? නැත්නම් කාරෙකෙන් බැහැල ඇතුලට යන ටිකට ඇක්සිඩන්ට් එකක් වෙලාද? දැන් ඉතින් මොනව උනත් වැඩකුත් නෑනේ එකාතකින්.
ඕකනේ ඉතින් උඹලා හදිස්සි මරණ පරීක්ශකලා වෙන්න හදනවනේ...
Deleteඔන්න දැන් සුදූ කාර් එකෙන් බහින කොටම ලොකූ අලියෙක් එනවළු එතනට.උගේ හොඬවැල වැදිලා එතන හිටපු පිස්සු බල්ලෙක් විසික් වෙනවළු පාරේයන මනුස්සයෙක් ලඟට.පිස්සු බල්ලා කෑවොත් කියලා බයවුන මිනිහා පස්ස හැරි හැරි දිවුවළු.ඒක දැක්ක පොලිස් මාමා කෙනෙක් බල්ලට වෙඩි තිබ්බළු.පොලිස් මාමලාගේ ඉලක්ක ගැන ආපහු මොන කතාද?සුදූට බඩු බනිස්ළු....
දැන් හරිනේ....?
කටුසා නම් කටුසක්ම තමයි !!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteකටුසර භෝගයක් වගේද?
Deleteබොහොම ස්තූතියිඇනෝ මචෝ කියවලා අදහස් පලකලාට.....
මචං...
ReplyDeleteමම මේ කතාව කියවගෙන ගියේ මගේ සදුව ආදේශ කරගෙන. ගොඩක් වෙලාවට අපි දෙන්නත් මේ වගේ..
මචං..මෙහම දෙයක් වුනෙත් මම මැරෙයි..පොඩි මෙන්ඩා මාව නැතුව පැලිලා මැරෙයි..
සිගරට් එකක් බොන්නම ඔනේ..
ඔය විදිහටම මටත් බය හිතෙනවා බන් කරුණු දෙකකට.එකක් මම මැරුනොත් අපේ පවුලේ අය කොහොම ඉවසයිද කියන එක.අනික මට සුදු කබර හැදුනොත් කියන එක.මම ඒ ලෙඩේට හෙන බයයි.මොකක් නිසාද මන්දා.වැඩිය හිතන්න එපා ඔයවගේ දේවල් ගැන.
Deleteමම උඹට එදත් කිවුවා.ප්‍රශ්න වලට සිගරට් බොන්න එපා බං.එහෙම ප්‍රශ්න වලට සිගරට් බිවුවොත් ජීවිතයේ සමහර කාල වලදී අපිට ලංකාවේ තියන සිගරට් මදිවෙයි.
This comment has been removed by the author.
ReplyDeleteතූ විතරක්.....
ReplyDeleteකාපන් මාව......හොදට ලියලා අන්තිමට ඒක කක්කි කලා....
නෙදකින්. ඔච්චර හොඳ කතාව කාලා. උඹත් නිකං අර දේශකයා වගේ බන්. ඕක ඔයිට වැඩිය හොඳට ඉවර කරන්න විදිහක් තිබ්බෙම නැද්ද.
ReplyDeleteදශම භාගෙන් ඉවර කරපු කතා දැක්කමයි.
ReplyDeletehttp://nelumyaya.com/?p=3355