Wednesday, June 17, 2015

බල්ලෝ සහ මිනිස්සු -02




ජීවත්වෙන මිනිස්සුන්ගේ
පාලනයට තෝර ගත්තු
බල්ලන් රෑණට දැන් හරි
වැඩක් වෙලානේ

හැම එකාම නැට්ට හපං
ගහන ගහන හැම ගේමම
උඩින් ඉන්න බල්ලෙක් ලඟ
නතර වෙලානේ

මහ බල්ලගේ මොලේ ලගදි
බලුවී යන අනිත් බල්ලෝ
තැන තැන රැස්වී හොරාට
කෙඳිරි ගාන්
නේ
 
ඇල්සේසොන් කියා හිතන්
වල්බල්ලෙක් ලොකු කරගන
කටුකන බල්ලෝ පොදියක්
සැරින් බුරන්
නේ
 
වල් බල්ලත් පන්සල් ගොස්
පර පෙනුමත් වසන් කරන්
සාදු කියා මහ හයියෙන්
උඩු බුරලන්
නේ

ඒ බල්ලා වටේ ඉදපු
වල් බල්ලන් සමහරක්ට
ලොකු බල්ලා මස්කටු දී
තුරුලට ගන්
නේ
 
මේ බලුපොර අස්සෙන් ගොස්
වැඩි කලබල නැති බල්ලෙක්
මස් කට්ටත් කටින් අරන්
පැත්තට වන්
නේ
 
මේ බව දුටු බලු රෑණක්
ඒ බල්ලා වටේ ඉදන්
ලෙව කන්නට කට්ට ටිකක්
බලා හිඳින්
නේ
 
අවුරුදු විස්සටත් වැඩිය
සද්ද නැතිව හුන් බල්ලත්
වටේ ඉන්න බල්ලන් දැක
දැන් බුරලන්
නේ
 
චන්ඩි කියා හිතා සිටින
තව වල් බලු රෑණක් ලොකු
කතා කිය කියා තැන තැන
දේශන දෙන්
නේ

පාලනයට උන් තරමට
තවත් බල්ලෝ නෑ කිය කිය
අතලොස්සක් එකතුකරන්
සිහින මවන්
නේ
 
කොළඹ යන්න මග පණ නැති
නාකි බල්ලෝ දෙතුන් දෙනෙක්
පකය නෙලා ගන්න මුවින්
කෙල බේරන්
නේ
 
උන් නටනා වන්නමකට
බෙරේ ගහන්නට සැරසී
බඩ පපුවට ඇළුන ජනයා
බලා හිදින්
නේ


කටුස්සා....

30 comments:

  1. පට්ට යකෝ. මේක පත්තරේක දාන්න වටිනවා පොල්ගෙඩි අකුරෙන් :D

    ඒක නෙමේ කෝ බොලාගේ හීනය-2 :P. උඹත් හරියට අර බල්ලෙක් වගේ බන්. ඒක ඉක්මනටම දානවා කියල බොරු පොරොන්දු දුන්නා අහිංසක බ්ලොග් රසික රසිකාවියන්ට. ඒ උනාට අදටත් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹ හදන්නේ අහිංසක පත්තරකාරයන්ගේ බඩට ගහන්න මේවා පත්තරේට දාලා.
      හරි හරි ලියන්නම් ඒකත්.බාගෙට ලියලා තියෙන්නේ.මේ ලබ්බ කොම්පීතරේ කැඩිල තිබුනා බන්...

      Delete
  2. මහම මහ බලුම බලු කතාවක් උනත් ලස්සනට ගලපලා තියෙනවා.
    කසුට්ටා මේ දවස්වල බුසී වගේ. මං බයවුනේ පූසෙකුටවත් අහුවෙලාද කියලා.

    ReplyDelete
    Replies
    1. බුසීටත් වඩා මේක කැඩිලා තිබුනා.හදන්න යන්න වෙලාවක් නැතුව හිටියේ.
      පූසෙක්ට නෙමෙයි...පූසියෙක්ට....

      Delete
  3. තක දොං.. බලා ඉඳින්නේ..
    කටුස්ස අලි හොඬවැලට රිංගුවා වගේ.. හැක්.

    ReplyDelete
  4. අපෙ රටේ නම් නෙවෙයි නේද බං....?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං...අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව බල්ලන්ව පාලනයට පත්කරගත්තේ කවද්ද?

      Delete
  5. කවි කියන්නේ මෙව්වට බන්...
    වල්ලපට්ට..
    මල් හතයි බුලත් කොලත් හතයි ගංජා කොල දෙකයි...

    ReplyDelete
    Replies
    1. මල් හතයි..බුලත් කොල දෙකයි...ගංජා කොල හතයි...බුලත් කෑවහම මට ඉක්කා වැටෙනවා...

      Delete
  6. මේ මං හීනියට වගේ අහන්නෙ හීනයක් වත් දැක්කද
    ලංකාවෙ නං මෙහෙම වෙන්නෑ
    :-D :-D :-D :-D:-P :-P :-P

    ReplyDelete
    Replies
    1. හරි...එතකොට උඹ කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ හීනෙන් නෙමෙයි කියලද?

      Delete
  7. නියමයි SLFP එකටයි මහින්ද පිළටයි JVP එකටයි හෙළ උරුමෙටයි නියමෙට ගහල තියනවා යූඇන්පියට ඇර

    ReplyDelete
    Replies
    1. ඔවු බං...රුපියල් 2000 ගන්නත් ඕනෙනේ....
      ඔතන තියෙන්නේ බලන විදිහෙයි දකින විදිහෙයි වෙනස සහෝ... කුනුවෙලා ගිය වරකා ගෙඩියක එක මදුලක් විතරක් හොදයි කියන්න තරමට මගේ මොලේ අවුල් ගිහින් නෑ තාම.
      7,8,9 කවි ටික ආපහු කියවන්න.උත්තර හම්බවෙයි.හැබැයි හෙළ උරුමේනම් ඔතන නෑ.මතක් උනේවත් නෑ මට.දැන් එහෙම එකක් තියනවද?

      Delete
  8. මේ කොහේ බල්ලො ගැනද බං කිවුවේ?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ...ඇමරිකාවේ...
      ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....

      Delete
  9. කොළඹ නගර සභාව අත්හැර දමන ලද බල්ලන් පිළිබඳවත් සංගණනයක්‌ සිදුකර ඇති අතර එහිදී යන බල්ලන් දෙදහසකගේ තොරතුරු හෙළි වී ඇත.

    මෙත් ඒ බල්ලෝද

    ReplyDelete
    Replies
    1. නැ.මේ අර හැමෝටම අමතකවුන බල්ලෝ 220 ගාන ගැන...

      Delete
  10. කවුද ඩෝ බල්ල .අපි දකුනෙ හරිය

    ReplyDelete
    Replies
    1. අයියා දකුණේ කොයි හරියෙයි අයියා....?

      Delete
    2. දකුනේ පාත් වෙලා තියන කොනේ

      Delete
    3. මට හිතුනා පැත්තක් බරවෙලා වගේ ඇවිදිනකොට...

      Delete
  11. ඇයි අනේ බල්ලන්ට අපහාස කරන්නේ.පවු අහිංසක කුක්කෝ

    ReplyDelete
    Replies
    1. කුක්කොයි අපියි කියලා කොහේද නගෝ වෙනසක්....

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. බල්ලොත් එක්ක බෑ තමා බන්!!!

    ReplyDelete