Wednesday, May 27, 2015

හීනය....



"අඩෝ ලබ්බි...මොකද කරන්නේ....?"
"ලබ්බි....ශික්...ගෑනු ළමයෙක්ට කතාකරන කැත...මහ නැහැදිච්ච ගෝරිල්ලෙක්"
"තෝ මගේ ගෑනිනේ ඉතින්....උඹට ලබ්බි කියන්නේ නැතුව මම වෙන කාට ලබ්බි කියන්නද?"
"ඇයි අල්ලපු ගෙදර අක්කා...ඇයි අර හැමදාම ඔයත් එක්ක නිදාගන්න අර ලස්සන කෙල්ලෝ තුන්දෙනා..."
"ආ....ඒ අය ඉන්නේ ඉතින් අර කොටු කොටු දාන සීන් වලට විතරනේ.ඒ අයට ලබ්බි කියන්නේ නෑ.ලබ්බි කියල කතාකරන්නේ මම ආදරේ කරන කෙනාට විතරයි"
"ඇයි අප්පා ...ඒක මාර වැඩක්නේ...ආදරේ කරන කෙනාට ලබ්බි.අර නිදාගන්න එවුන්ට මොකද්ද කියන්නේ එතකොට?"
"ඒ ගොල්ලන්ට කියන්න ගොඩක් නම් තියනවා .... සුදූ...පැටියෝ...මැනික....වස්තුව....කොච්චර නම් තියනවද..."
"මරනව තෝව මම..."
"උම්මා දීලද...?"
"නෑ....කොනිත්තල.උම්මා ඉල්ලගනින් අර අනිත් එවුන්ගෙන්.මම ඉන්නේ ආදරේ කරන්න විතරනේ..."
"අන්න අන්න ඔයාට වැරදුනා.ඒකට විතරක් නෙමෙයි ඔයා ඉන්නේ.....මම තේ බොන්නේ නැති නිසා ෆෘට් ජූස් එකක් අරගන ඇවිත් උදේ පාන්දර මාව ඇහැරවන්න ඕනේ.මගේ ඇදුම් අයර්න් කරලා දෙන්න ඕනේ.සපත්තු දෙක පොලිශ් කරලා දෙන්න ඕනේ.ගෙවල් අස්පස් කරලා රසට උයල වෙලාවට කෑම ටික දෙන්න ඕනේ.හවසට මම ගෙදර ආවහම ඔය බීම එකක්,කේක් කෑල්ලක් මට ගෙනත් දීලා මගේ සපත්තු මේස් ගලවන්න ඕනේ.තව....."
"ඇති ඇති...මට බෑ උඹව බඳින්න....හොයා ගනින් වැඩට ගෑණු කෙනෙක්ව....මම එන්නෑ ඔයත් එක්ක"
"ඔය කිවුවට මම දන්නවනේ තෝ එනවා කියලා...."
"මමනම් එයි...ඇයි ඔය කියන අල්ලපු ගෙදර අක්කයි,එහා ගෙදර නංගියි,රෑට ඇදට එන කෙල්ලෝ තුන්දෙනයි එක්කම ඉන්නකෝ මට වද නොදී..."
"උන් එක්කම හිටියහම මාව බලාගන්නේ කවුද? මගේ වැඩ කරල දෙන්නේ කවුද?"
"ඉතින් ඔය ඉන්නේ කට්ටිය...ඒ අය කරල දෙයි"
"අපෝ බෑ....මහන්සි වුනොත් ඒ අය කැතවෙයි.ඒ අයට වැඩ කියන්න බෑ"
"අයියේ...මම උඹව මරනවා හොඳේ....එන්නෙම නෑ මමනම් ඔය ගෙදරට...ඉදපිය තනියම"
"ඉන්න පුළුවන්ද තනියම.....?"
"බැරි එකනේ වෙලා තියෙන්නේ...."
"වෙලාව තමයි ඉතින්.කරුමයක් තියනවනම් වලක්වන්න බෑළුනේ....බලමුකෝ ඕක ගෙවුනට පස්සෙවත් හොද කෙල්ලෙක්ව හම්බවෙයිද කියල මට...?"
"අපොයි ඔවු...කාගෙද දන්නේ නෑ කරුමේ....මමනම් තෝව බඳින්නෙම නෑ රිලව....හිටපිය අල්ලපු ගෙදර එකී එක්කම"
"හරි හරි ඉතින් මගේ සුදු බෝල ලස්සන කුක්කු බෝලෙනේ ඔයා....ඉතින් කියන්නකෝ මොකද කරන්නේ කියලා..."
"මොනවා කරන්නද ඉතින් මේ රෑ...අර වහුකුණු රිළවා කතාකරනකම් බලා හිටියා..."
"අදනම් වෙලාව හොඳයි නේද?වහුකුණු රිළවා වෙනුවට කතාකලේ දඟකාර හැඩකාර විසේකාර හැන්ඩ්සම් කොල්ළෙක්නේ...."
"පුහ්...මැස්සෙක් ගිය උඩ...."
"මේ මෝඩයෝ...හෙට ප්ලෑන්ස් මොනවද?"
"හ්ම්ම්ම්....උදේ 8 වෙනකොට ඔයා අපේ ගෙදර.8.05ට අපි යනවා සැලෝන් එකට නිල්මිණී අක්කව පික් කරගන්න.එයත් එක්ක පෙටා යනවා.ඒ වැඩ ඉවරවෙලා ඔයා මට ශාන්ති විහාර් එකෙන් මසාල තෝස 2-3ක් කන්න අරගන දෙනවා.එනගමන් මට මිල්ක් ශේක් එකකුත් අරගන දීලා මාව ගෙදරින් දාලා ඔයා ගෙදර යනවා....සිම්පල් ප්ලෑන් එකක්..."
"මෙහෙම කරමු...ඉස්සල්ලම තෝසේ 2-3 කාලා ඉමු.නැත්තන් මෙශර්මන්ට් වෙනස් වුනොත් අපරාදෙනේ ගන්න ගවුම."
"හා...හා...ඒක ගැන ඔයා වදවෙන්න එපා.මම ඒක බලා ගන්නම්.ඔයා මම කියන විදිහට වැඩේ කරන්නකෝ...."
"නොදකින් මෙහෙම මලපෙරේතියෙක්....මේ අම්මලා වැඩට යන්නේ කීයටද?"
"6.30ට .ඇයි?"
"නෑ ඉතින් අම්මලා නැතිවෙලාවට නංගි බබෙක් විතරක් ඉන්න ගේකට එන්න හොඳද මන්දා...ඒකයි මම ඇහුවේ..."
"අනේ...මම නොදන්න අයියා....ඔවු ඔවු...ගෙදරට එන්න එපා...ගේට් එක ලඟට ඇවිත් හෝර්න් එක ගහන්න.මම එන්නම්..."
"නොදකින් වල් ඊරී....මම 6.45 වෙනකොට ගෙදරට එනවා.මූණ හෝදන් හිටු හොදේ..."
"ඇයි...තව සති 5යි මගුලට තියෙන්නේ....ඉවසන් ඉන්න බැරිද එතකන්....අසහනෙද එච්චරට?"
"පිස්සුද දරුවෝ...මම එන්නේ ඔයාගේ ඇදුම් අන්දන්න....ලස්සනට ඇදගන යන්න එපැයි ඉතින් ගිනිකිකිළි වගේ"
"නෑ...නෑ...ඔයා මහන්සි වෙන්න ඕනේ නෑ ඒකට.මම තනියම ඇදගන්නම්.ඔයා ගේට් එක ලගට වෙලා ඉන්න.මම ගේට් එක අරින්නේ 8.05ට. වනචරයා."
"නොදකින්...පතන්න ඕනේ මෙහෙම ගෑණු....බලපියකෝ...මගුල්දා රෑවත් මම තොට අතක් තියන්නේ නෑ.අනිත් පැත්ත හැරිලා නිදියනවා සැපට"
"අම්මෝ...ලොකු දෙයක්....මමත් හොදට නිදියනවා අතපය දිග ඇරගන"
"ඔවු ...ඔවු...බලන් හිටපන්කෝ...කොහොමත් තොට අතපය ඈත් කරන් තමයි එදාට ඉන්න වෙන්නේ..."
"වනචරම වනචරයා.මේ කපේදිනම් හදන්න බෑ ඔයාව....මේ අයියේ...කෑම කෑවද?"
"නෑ බං තාම.අර වැඩ ටික ඉවරවෙනකොට පරක්කු උනා.ඔයාව මතක්වුන නිසා ඔයාට කතාකලා."
"එහෙනම් මොන මගුලටද ඉස්සල්ලා කමුද කියල ඇහුවහම කමුයි කිවුවේ...යනවා ගිහින් කාලා එනවා මගේ යකා අවුස්සන්නේ නැතුව..."
"හරි හරි...තව ටිකකින් කන්නම්....කතා කරන්නකෝ දැන්"
"මේ...කතා නෑ..ගිහින් කාලා එන්න.කාලා ඇවිත් මට ගන්න.මම තියනවා....බායි..."
"බීප්...බීප්...බීප්..."

නොදකින් මුන්ගේ ගණන්...මේකිගේ අම්මට ජංගි කීයක් තියනවද දන්නේ නෑ.
***********************************************************************************

"අඩෝ අයියේ...."
"මොකද බං නංගියේ...?"
"මොකද කරන්නේ...?"
"එහෙමට විශේෂ වැඩක් නෑ.පත්තරේ බැළුවා.ඇයි?"
"නිකමට ඇහුවේ...ඇයි දැන් කතා කරන්න එපාද...?"
"නෑ ඉතින්....තව අවුරුදු බර ගානක් ඔය කච කචේ අහන් ඉන්න වෙන හින්දා මම බැළුවේ මේ දවස් ටිකවත් කතා නොකර කනක් ඇහිලා ඉන්න."
"ආආ...ඇත්තද...එහෙනම් ඉන්නකෝ...අපි තියනවා...බායි..."
"ඒ ඉතින් විහිළුවටනේ කිවුවේ....කියන්නකෝ ඉතින් මගේ හොඳ සුදූ වගේ..."
"අපෝ බටර්...කට වටේ පෙරෙනවා....මේ...දෙයක් අහන්නම්?"
"මොකද්ද?"
"ඒ වෙලාවේ අම්මා හිටිය නිසා අහන්න හම්බුනේ නෑ.අර ගවුම ෆිටෝන්ග් කරද්දී ඇයි අර මම දිහා අමුතු විදිහට බලා හිටියේ...?"
"කොයි වෙලාවෙද...?මම එහෙම බලා හිටියද...?"
"හ්ම්ම්....නිල්මිණී අක්කටත් හිනා ඒ බලා හිටපු විදිහට...ඇයි එහෙම බලා හිටියේ....?"
"අනේ ඉතින් මේ වගේ දර හැවක්නේ මටත් කරගහන්න උනේ කියලා හිතුනා.ඒ වෙලාව ගැනද දන්නේ නෑ ඔය කියන්නේ....?"
"අනේ.....කියනවකෝ"
"උඹ ඒ ඇදුම ඇන්දහම ලස්සනයි බං.හරියට සුරන්ගනාවියක් වගේ.මට ලෝභ හිතුනා.ඒකයි බලාගන හිටියේ."
"මොනවද ඒ වෙලාවේ හිතුනේ...?"
"හිතිච්ච දේ තමයි ඉතින් ඔය කිවුවේ...."
"විනාඩි 5ක් විතර කට ඇරන් බලා ඉද්දි හිතුනේ ඔච්චරද...?කියන්නකෝ අගේ නැතුව.ඔය හිතේ තියන ආදරේ කියනවකෝ හිතේම හංගගන ඉන්නේ නැතුව.මහ මොකෙක්ද මන්දා...කවදාවත් ඒ ආදරේ පෙන්නන්න ඉගන ගන්නේ නෑ.එයා හැසිරෙන විදිහෙන්,බලන විදිහෙන් මම තේරුම්ගන්න ඕනේ මට කොච්චර ආදරේද කියලා ඉතිං"
"ඉතින් ඒ මගේ හැටිනේ...ඒ මදිද...?"
"මදි නෑ...ඒත් ඉතින් අපි ගෑණුනේ...අපි කැමතියි අපි ගැන හිතන ඒවා අහන්න...."
"ඉතින් එහෙම කියන්න මට තේරෙන්නේ නෑනේ...."
"එහෙනම් ඉගන ගන්න...නැත්තන් වෙන කවුරුහරි මාව වර්ණනා කරනකොට මම නොමග ගියොත් වැරදිකාරයා ඔයා තමයි හොඳේ...."
"ඒක ගැනනම් මම බය නෑ...."
"ඇයි...?"
"මම තරම් පොට්ටයෙක් තව නැතුව ඇති මේ ලෝකේ...."

 "බූරුවා...මට ආදරේ කරන හැටි කියන්න තමයි වචන නැත්තේ.අපහස කරන්නනම් ඕන තරම් වචන එනවා කටට"
"නෑ...නෑ..ඉතින්...ඕකනේ කියන්නේ...බෙරි වෙන්නනම් එපා හොඳේ.මම කැමතිම නැති වැඩේ තමයි ඔය"
"ඉතින් එහෙනම් කියනවකෝ...අඩුමගානේ මට ආදරෙයිද කියලවත්...?"
"ආදරෙයි තමයි බං මම උඹට.ඒක ඉතින් ඔයා දන්නවනේ.අදනම් ඉතින් ඒ ආදරේ වැඩිවුනා.තෝ අද ඒ ඇදුමට ලස්සනට හිටියා.මට මිරී...කන්න හිතුනා."
"අන්න එහෙමවත් ටිකක් කියනවකෝ බුම්මට්ටා වගේ කටේ හිරකරගන ඉන්නේ නැතුව....අපි කොහොමත් ලස්සනයි තමයි..."
"නෑ..."
"නෑ නෙමෙයි.ඔවු"
"මම හිතන් හිටියේ ඒ ගවුම ලස්සන නිසා උඹව ලස්සනට පේනවා කියලා..."
"පල යන්න නරියා...ගවුම ලස්සන වුනේ මම නිසා..."
"හරි හරි...අපි එහෙම කියමුකෝ.මේ සුදූ...අර ජුවලරි ගන්න යනකොට මගේ නැන්දම්මත් එනවා නේද?"
"ඇයි ඒ...?අපි දෙන්නම ගිහින් ගමු අයියේ..."
"එයාවත් එක්කන් යමු.නැත්තන් එයා හිතයි අපි එයාව මගාරිනවා කියලා"
"පුහ්...බෑනගේ ලවු එක බලහන්කෝ නැන්දම්මට..."
"මට ඉතින් අම්මෙක් තාත්තෙක් හිටියේ නෑනේ නංගෝ...ඒ නිසා ලවු තමයි එයාට"
"හරි හරි...අපි එයාවත් එක්කන් යමුකෝ...මේ අයියේ...වැඩි ගනන් ඒවා එපා හොඳේ...මම රත්‍රං දාන්න එච්චර කැමති නෑනේ....ඔයත් කැමති නෑනේ...ඒ නිසා ඔය නමට රත්‍රං කියල කියන්න ඒවා ගමු හොඳේ වැඩි ගනන් නොදී"
"නැන්දම්මා හිතයිද දන්නේ නෑ බෑනා ලෝභයෙක් කියලා..?"
"නැන්දට පේන්නද මාල ගන්නේ...?එයා දන්නවා දුවගේ හැටි.අනික ඔයත් රත්‍රං වලට එච්චර කැමති නෑ කියලා එයා දන්නවා..."
"වෙලාවට...මම මේ කල්පනා කලේ ඔය මුද්ද ගලවලා මම වැඩට යනකොට නැන්දම්මා වැරදියට හිතයි කියලා."
"හහ්...මුද්ද ගලවලා යන්න....කපනව මම ඔය අත මුද්ද ගලවලා ගියොත්..."
"නෑ ඉතින්...මම රත්‍රං වලට කැමති නැති නිසා මිස වෙන දෙයක් හින්දා නෙමෙයි..."
"ආආ.....ඇත්තද....වරෙන්කෝ අයියේ උඹ මුද්ද ගලවලා යන්න...මම බලා ගන්නම්කෝ එදාට ඒක..."
"ඊරිසියාව...මම හැංඩියා වගේ ඉන්නකොට මගේ දිහා කෙල්ලෝ බලයි කියල ඊරිසියාව..."
"අනේ මට වැඩේමයි...මේ අයියේ...ලබන ඉරිදා ඔය වැඩේ කරමු.ඔයා සඳුදට මොකද කරන්නේ..?"
"ඔෆිස් තමයි ඉතින්.ඇයි?"
"නෑ...එදාට අර දෙවනි ෆේශල් එක කරන්න යනවා.ඒකයි ඇහුවේ.ඔයා ඔෆිස් යන්න.මම තනියම යන්නම් ඒකට.නිවාඩු ඉතුරු කරගන්නත් ඕනෙනේ ඔයා"

"එහෙනම් මෙහෙම කරන්න.දවල් වෙලා යන්න.මම වැඩ ඇරිලා එන වෙලාවට මාත් එක්ක ගෙදර එන්න ටයිම් මැනේජ් කරගන්න"
"බලමුකෝ...මම සැලෝන් එකට කතාකරලා ඔයාට කියන්නම්කෝ..."
"හරි පැටියෝ...එහෙම කරන්න"
"අයියෝ...මම පොඩ්ඩක් කුස්සිය පැත්තට ඔළුව දාලා එන්නද?අම්මා උයනවා.ටිකක් උදවු කරලා එන්නම්"
"හරි සුදූ එහෙනම් ගිහින් එන්න.කෑමකන වෙලාවට මට කතාකරන්න "
"හරි අයියේ...පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි...බායි.."
"බායි පැට්ටෝ...පරිස්සමෙන් ඉන්න"

             -මතු සම්බන්ධයි-

කටුස්සා....

25 comments:

  1. හප්පට සිලි! ඒ පාර කසුට්ටා කඩනවා මල් යායක්ම. කතාවෙ ඉතුරු ටිකත් දෙබස් වලිංම යයි වගේ. එකම දෙබස් ඛණ්ඩයක් ඇතුලෙ උඹ, තෝ කිය කියා ආයි ඔයා කියලා කියන්න හිත හදාගන්න හැටි කියා දියංකො බං. මොනා උනත් උඩ ඉඳං පහලට එක හුස්මට කියවන්න පුලුවං. රොමැන්ටික් කොමඩි!

    ReplyDelete
    Replies
    1. ඒක ක‍ටුසු මෙතඩ් එකනෙ මධුමාධවීයෝ ....

      මගේ අදහසත් මෙතනම දාන්නම්,
      ඇත්තටම පට්ට රොමෑන්ටික්, එක හුස්මට කියෙව්වා .. ටිකක් විතර ඉරිසියාත් හිතෙනවා අප්පා .....

      Delete
    2. මරු ආහ්..මට ආපු පුරස්නේ තමයි ඔය කියපු ඒවා ඔක්කොම මතක තිබුනද කියන එක??

      Delete
    3. මධාවි-
      හ්ම්ම්...පොඩි xපෙරිමන්ට් එකක් තමයි කලේ,විස්තර ,පැහැදිලි කිරීම් නැතුව දෙබස් වලින් කතාවක් ලියන්න පුළුවන්ද බලන්න.ඒත් හැබැයි ඒ වැඩෙන් කතාව දිග වැඩිවෙනවා.ඔය උඹ,තෝ කියන වචන වගේම තමයි බං ඔයා ,මෙයා කියන වචනත්.වැඩිය හිතන්න යන්න එපා.ඔය නිකන් ඉන්න ගමන් වයිපරේට උඹ ,තෝ කියන වචන ජොලි මූඩ් එකෙන්ම කියල බඩට brrrr ගාලා එහෙම මට කියපන්කෝ කොහොමද ප්‍රතිචාර කියලා....

      සඳරු-
      ඔවු බං..මේ උඹ,තෝ කියන වචන මුන් මහ ලොකුවට අරගනනේ...උඹට විතරක් නෙමෙයි මටත් ඊරිසියා හිතෙනවා වෙලාවකට.

      මලියා-
      ඈ ගස් ගෙම්බෝ...තෝ හිතුවද මේ ඔක්කොම මම කටපාඩමින් ලියන ඒවා කියලා?( ජොලියට කිවුවේ හොඳේ ).මේවා පරිකල්පිත අත්දැකීම් බොල....

      Delete
  2. ආයි දෙකක් නෑ මල් නෙලීමේ එකපර්ට් කෙනෙක් කියතෑකි එකෙන්ම.. මචෝ මං අපේ උන්දැට ලව් කරන කාලේවත් අදටවත් තවම තෝ උඹ බං බොලං තමුසේ ඕයි ඔය මොකුත් කියල නෑ.. (අනිත් උන්ටනම් කියල තියෙනව ඉතිං) ඒක නිසා මට ටිකක් නුහුරුයි නුහුරුයි වාගේ ගතියකුත් ආවා.. මොනව උනත් ඉතිං පාලොස් අවුරුද්දකින් තිරිහං උනා ලියවිල්ලට..

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලිපියකින්වත් නාකි මැන්ටල් ටික හිතින්වත් තිරිහන් කරන එකම කොච්චර පිණක්ද?උඹ සුභාශිතේ මේ කවිය අහල තියනවද?

      පබඳ පබඳ කිවිඳු ද යුදයෙහි සෙබළුද
      පැහැද සුරති කෙළිනා වර වරඟන ද
      කිවද තෝ තා යන බස් පෙරදැරි සුහද
      වරද නොව අසත් නිරිඳෝ වඩම් නොද

      ගීත රචනයෙහි පසිඳු කවීන්ද, සටන් බිම වන් යුධ භටයින්ද, රතී ක්‍රීඩාවෙහිදී ස්ත්‍රීන්ද සෙනෙහස මුල්කොටගන තෝ,තා යනුවෙන් කීවත් රජවරු වූවද එම වචන අසා කෝප නොවී තව තවත් කැමත්තෙන් අසයි.

      මමත් සුභාශීතේ අනූවම ජීවත්වෙන එකෙක් බොල....

      වතින් බතින් බුලතින් සියළු සැපතින
      නිතින් විඳින පහසින් රස මුසු බසින
      කතුන් සිත් ගනිමි යමකෙකු යනු කෙවින
      දැලින් සුළං බදනට තැත් කරනු වැනී

      ඕකත් සුභාශිතේම තමයි තියෙන්නේ බං....(හෙන දුකින් කිවුවේ හොඳේ )

      Delete
  3. අඩේ අපි දෙන්නනම් මල් කඩද්දි ඔය වචන සැට් එකට අමතරව මචං කියලත් කියනවා

    ReplyDelete
    Replies
    1. මම හිතන විදිහට බොලා ලා පෙම්වතුන් වෙන්න ඉස්සර යාළුවෝ වෙන්න ඇති....

      Delete
  4. මරු අයියේ ආදරෙත් එක්ක අවබෝධෙකුත් තියනව...එක හුස්මට කියවන් ගියා

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි වත්සලා...

      Delete
  5. මගේ මොලේ උලුක්කු උනා මේක කියවල ....

    ReplyDelete
    Replies
    1. මොලේ.....යකෝ දවස් 7ක් එකදිගට බොන්න ඕනේ කාරණාවක්නේ.....

      Delete
  6. //මහ නැහැදිච්ච ගෝරිල්ලෙක්//
    උඹ ඒක හරියටම ගළපලා ලියලා :P.

    මේ මටත් බං එකම වාක්‍යයේ උඹ තෝ ඔයා කියල තියෙද්දි ටිකක් අවුල් වගේ. පටන් ගන්න එකෙන් අවසන් උනානම් හොඳ නැද්ද :D.

    කාලෙකින් කටුස්සගෙන් එක උස්මට කතාවක් කියෙව්වා කොහොම හරි. නියමයි. ඊළඟ කොටසත් ඉක්මණටම දාහන් හොඳේ.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකෙන් මේකෙන් උඹ මට ගෝරිල්ලා කියලත් කිවුවා එහෙනම්....
      පටන් ගන්න තැනින්ම ඉවර කරන්න බෑ බොල ලවු කරද්දී.බොරුනම් අහල බලපන් මධාවියාගෙන්....

      ලබන බදාදා අනිත් කොටස දානවා අනිවා.....

      Delete
  7. කටුස්ගේ වෙඩින් එක ලඟයි වගේ නේද ...

    ReplyDelete
    Replies
    1. ලඟයි..ලඟයි..හොඳටම ලඟයි.පොඩි පරහකට තියෙන්නේ කෙල්ලෙක් නැති එක විතරයි....

      Delete
  8. නයි කයිද රෝස්පාන් කිව්වලු........

    ReplyDelete
    Replies
    1. උන් කන්නේ නෑ බොල.ගිලිනවා....

      Delete
  9. ජයසිරි මංගලම් කිවුවලු..

    ReplyDelete
  10. මේ පෙම් යුවළ අයිය නංගි කියාගන්නෙ මොකද කටුස්සෝ?ඒ විවාහ වෙන්න ඉන්න දෙන්නෙක් නේද.අයියල නංගිලා මම දන්නා තරමින් විවාහ වෙන්නෙ නෑනෙ.ඇයි ඒ යුවළට නමින් අමතාගන්න බැරිවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හුටා,,,දැන් උත්තර දීපන්කෝ මේකට....
      දැන් මේකයි හැලපයියේ වෙලා තියෙන්නේ...කාළගුණ හා දේශගුණ බලපෑම් මත සිදුවන භෞමික අඛණ්ඩතාවයේ ව්ජලනය නිසා සාර්ව ආර්ථික කුටුම්භය තුල ඇතිවන සිතුම් විධාරණය තුලින් ;අත පතා පසුපසින් යන මුළු කාල සීමාව තුලම සිත්ගැනීම උදෙසා අමාශගත ස්නේහය නිසාම අමතන නමින්ම දිගින් දිගටම ඇයව ආමන්ත්‍රනය කිරීම නිසාම මෙම පටලැවිල්ල සිදුවන බව කෞටිල්‍ය පණ්ඩිතයා ලියූ "ස්ත්‍රි චිකිත්සාවලියේ"සඳහන්ව ඇත.
      තේරුණා නේ....
      ඕක අහනකම්ම මට ඒ ගැන හිතුනෙම නෑ.මගේ පෙම්වතියෝ වෙලා හිටිය දෙන්නටම මම කතාකලේ නංගී කියලා.ඔවුනුත් මට කතාකලේ අයියා කියලා.ඒ පෙම්වතුන් වෙන්න ඉස්සල්ලා කතාකරපු පුරුද්දටම.අවස්තානුකූලව තව සුන්දර මෙන්ම අසුන්දර ආමන්ත්‍රන වලිනුත් කතාකලත් ගොඩ වෙලාවට පාවිච්චිකලේ අයියා-නංගී කියන වදන තමයි.ඒකයි මෙතන්ටත් ඒකම යොදාගත්තේ.

      Delete
  11. ඒ ලැජ්ජයි බන් කියවන්ඩ.....ඊයාාා.....
    නරක කතා ලියලා....

    ReplyDelete