Wednesday, March 25, 2015

අප්පච්චී,මාමලා,බාප්පලා සහ දරුවෝ....




අප්පච්චී භාගෙට මළ දුක කිවුවහම
බලා සිනාසෙන උන් ටික දිහා බැළුවම
ඇඟේ මාලු ගඟේ නටන රඟ දුටුවහම
කුමක් කරම් මං අද මගෙ අප්ප නැතුවම

අප්පච්චිගෙ මිනිය තියන් අපි ඇඬුවහම
බාප්පලා මරණයෙ වැඩ කරගැහුවහම
අපේ උන්ගේ හිතේ දුකට උන්ට බැන්නම
උන් ගියෙ නෑ බාර ගත්තා මිනිය කරටම

අප්පච්චිගෙ ළමයි වෙච්ච අපිටත් නැති දුක
උන්ට දැනෙන්නේ කොහොමද කතා උනා රට
එදා වේල හම්බකරන් කාපු එවුන් කොට
උන් කොහොමද දාලා යන්නෙ බූරු පිටියෙ රස

බූරු පිටිය බාර ගත්තේ ගමේ උපාසක
උපාසකට පිටිපස්සෙන් ලොකු මාමල රැල
පුල්ලි තියපු කොලත් එක්ක සෙල්ලම් කරනට
උන්ට නොහැක අප්පච්චිනෙ දන්නේ පිටියෙ රඟ

නොහැකිව නිසි පළපුරුද්ද බූරු ගහන්නට
චන්ඩි උනේ බූරු පිටියේ බාප්පලා ටික
කටින් නොහැක බූරු පිටියෙ ලොක්කන් වීමට
මාමල රැල පච වෙනවනෙ බාප්පලා මැද

පෙරුම්පුරල අතට ගත්ත කුට්ටම දෙන්නට
මාමල ටික කොහොමටවත් කැමති වුනේ නැත
අප්පගෙ රස කෑම නැතිව තනිවුන පවුලට
කොක්ක ගැහුව හීන් සැරේ ලොකු මාමල ටික


ෆ්‍රයිඩ් රයිස් කාපු අපිට රතු බත් හුරු නැත
දිව හුරු රස කෑම එක්ක අපිට ඕනේ දත
බාප්පලට නොහැක දෙන්න උන්ලඟ නෑ අත
මාමලාට එකතු වෙන්න යමු මල්ලියෙ හෙට

බාප්පලා කෑ ගසාවි උන්ව ඕනෙ නැත
කෑ ගසනා සැරට උන්ගෙ ලබ්බ බහියි යට
ඒ වගේද මාමලාගේ ෆ්‍රයිඩ් රයිස් රස
මාමලාට එකතු වෙලා තෝන් ගනිමු හෙට

අප්පච්චිගෙ මිනිය ඔහොම තියන් ඉඳිමු අප
මිනිය තියනකන් පිටියත් දුවයි සැරට වට
බාප්පලත් වටේ ඉදන් කෑමොර දුන්නට
හිතන්නෙපා උන් ගැන උඹ උන් කොහි යන්නද

පොඩි උන් ටික ගැන නොහිතා රසකර කෑවට
ඒ තරහට උන් ටික දැන් බාප්පලට ලව
බියනොමවන් මල්ලියේ උඹ උන් කෑගහුවට
පාත්වුනේ කවදද කදු බල්ලෝ බිරුවට



මතු සම්බන්දයි



කටුස්සා....

29 comments:

  1. දැන් නම් මේ විදිහට අප්පච්චී පෙට්ටියෙන් නැගිටලා එන සීන් එකක් වගේ පේන්නේ.. බලමු බලමු..

    ReplyDelete
    Replies
    1. එකෙම්ම බන් ආයේ වෙන කමෙන්ට් එකක් නෑ මගෙත් මේකම තමයි

      Delete
    2. එහෙම ආවොත් හෙන ජොලි නේද?

      Delete
  2. අප්පච්චි වලෙන් නැගිට්ට දවසක උඹේ බෙල්ල මිරිකයි

    ReplyDelete
    Replies
    1. බෙල්ලනම් මිරිකුවත් මොකෝ අනික මිරිකන්නේ නැතුව.

      Delete
  3. අප්පච්චි ආයි එයි කියලා බයට තමා කට්ටිය ඔය සැට්වුනේ.

    ReplyDelete
    Replies
    1. එයි කියලා බයට මෙහෙමනම් ඕකා ආපහු සිරාවටම ආවොත්....

      Delete
  4. අටම් මධුමාධවී කියපුවත් ගැන හිතුවාම දැන්ම මොකවත් ලියන්න බයයි.පස්සේ ලියනවා.

    ReplyDelete
    Replies
    1. පස්සේ ලියන්න දෙයක් ඉතුරු වෙයිද?

      Delete
  5. අප්පච්චි එනවා.. අපි බලාන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. බලාගන හිටපං.උඹට සීනි බනිසුත් අරගන එනවලු.

      Delete
  6. අප්පච්චි මළා... දුකයි තමයි.. ඒත් ඉතින් මිනීයක් ගෙදර තියාගෙන ඉන්න බෑ නේ..

    ReplyDelete
    Replies
    1. ගෙදරනම් තියාගන්න බෑ තමයි.ඒත් කොහේ හරි තියල බූරු පිටිය කරගන යන්න ඕනෙනේ....

      Delete
  7. මෙ විදිහට අත යටින් කොල ගහනකොට හිතෙන්නෙනම් අප්පච්චි හිටිය කාලෙත් මෙයිට වෙනස් නෑ කියල.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම එකයි බං.අපි විතරයි වෙනස්.

      Delete
  8. අප්පච්චි හොදයි කියන්නෙ දැං දැං කස්ටිය
    අනේ මංද
    ඒ දීගෙත් අච්චාරු වුණා ඕං

    ReplyDelete
    Replies
    1. අප්පච්චි නැතුව වෙන ඕනේ එකෙක් බං...

      Delete
  9. අප්පද බොල. නෙලල ඇරල නේද. අර උඩින් තියෙන පිංතූරෙ දැක්කමනම් මට මාර අප්පිරියාවක් එන්නෙ බං. බඩත් දඟලනවා.

    ReplyDelete
    Replies
    1. බලහන්කො ඉන්න ලස්සන...උඹලට ඊරිසියාව.

      Delete
  10. මම කවි ටික රසවින්දා..
    එල ද බ්‍රා

    ReplyDelete
  11. මමත් කවි ටික රසවින්දා..

    ReplyDelete
    Replies
    1. රස වින්දනම් තව වෙන මොනවද...

      Delete
  12. අප්පචි මැරිලද නැද්ද ෂුවර් නෑ බං තාම. කුඩප්පච්චි මොනවා කරන්න හදනවද කියලත් හිතාගන්න බෑ. අනේ මන්ද බං...

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා බං.අපි හම්බකලොත් අපි කයි.

      Delete
  13. ජයකොඩි සෙනෙවිරත්නගේ කතාවක් වගේ.....
    අප්පච්චිගේ අගය දැනේන්නේ බිම් කරුවල වැටෙනෙකොට නේද?

    ReplyDelete
    Replies
    1. ඒ අප්පච්චිගේ අගේ දැනෙන්නනම් තව මේ වගේ ඒවා ගොඩාරියක් ඕනේවෙයි බං.

      Delete
  14. පට්ටේටම ලියල. මටනම් අප්පච්චිත් එපා මාමලත් එපා බාප්පලත් එපා. හත්මුතු පරම්පරාවම අප්පරසන්න වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දේශපාලනෙන් තොර රටක්....?
      කොහේද කොහේද අපේ ලොවක්....?

      Delete