Sunday, March 22, 2015

බාඳුරා සිහිනය



සුභ සිහින මැවෙන ඔබ සෙවනේ රැදෙන්නට තරම්
නුඹ තුරුලේ සුව උණුසුම දැනෙන්නට තරම්
කඳුළු පිසින නුඹ වදනට මියෙන්නට තරම්
මට දැනෙන හැඟුම පහදා දෙනු මැනවි ලන්කරන්


මම ඔබට කියන කවි ඔබහට දැනෙන්නට තරම්
මගේ තුරුලේ සුව යහනක් මැවෙන්නට තරම්
මා මුමුණන වදනට ඔය සිත නිවෙන්නට තරම්
පවසනවද මගෙ ආලය ඔබ විඳින තරම්


මා දෙනෙත මතට යොමන දෙනෙත මා සොයන තරම්
ඔබ දන්නවාද ඒ බැල්මට හිත දවන තරම්

ඔය දෙනෙත් මතට කිමිදෙන මම මා දකින තරම්
ඔබ දන්නවාද ඒ දෙනෙතට ලොබ බඳින තරම්



නුඹ පුලුල් උරය මගෙ ලමැදේ සුව සොයන තරම්
ඔබ දන්නවාද මගෙ සියොළඟ කිති කැවෙන තරම්

ඔබ ඉඟ රැළි ඇගිලි තුඩට සුව ගෙනෙන තරම්
ඔබ දන්නවාද නුඹ සුසුමින් මා සැලෙන තරම්



කටුස්සා....

23 comments:

  1. උඹ දන්නවාද උඹෙ කවි මං රස විඳින තරම්?

    උඩම කවියේ ලංකරන් කියනෙක මන් කියෙව්වේ රත්තරං කියලා..

    ටූ තම්බ්ස් අප් කටුස්සෝ..

    ReplyDelete
    Replies
    1. නම කටුස්සා උනත් උඹෙ පද හරිම ඉස්තරම්
      දුක පාලුව විරහව සහ ලියා ඇති තරම්
      එක දිගට තවත් තිබුනානම් ඒත් මදි තරම්
      උඹ දන්නවාද උඹෙ කවි අපි රස විඳින තරම්

      Delete
    2. උඹල දෙන්නටම ගොඩක් ස්තූතියි.කමියා,රත්තරන් කියල දාන්න හදලා දැම්මේ නෑ බොළඳ ගතිය තවත් වැඩිවෙයි කියලා.දුක,පාළුවට වඩා දැන්නම් වෙන ඒවා කියවෙයි මදාවියෝ.අර කමියට ලියපු පෝස්ට් එකේ මම දැම්මේ "මම දැන් නොට්ටිගේ පුතෙක් නෙමෙයි" කියලා.

      Delete
  2. කටුස්සා... අති විශිෂ්ඨයි බං හැමදාම කියනවා වගේ.. එක නෙවෙයි, උඹ අඩුගානේ ඔය ළමයට කටුසු හදවතේ ලින්කුව වත් යවලද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. තාම නෑ.අඩුම ගානේ අපේ ගෙදර එකෙක්වත්,මගේ යාළුවෙක්වත් දන්නේ නෑ.මම හිටපු විදිහට එකෙක්වත් පිළිගන්න එකකුත් නෑ මම මේ වගේ වැඩක් කරනවා කියලා.

      Delete
    2. මමත් එහම තමා බං. ගෑණි දන්නවා. යාළුවො දෙතුන් දෙනෙක් දන්නවා. බුකියෙවත් මෙව්වා දාලා නෑ මමත්. මට ඇඟිල්ලෙන් ඇන ඇන මෙව්වා ලියවන අතිජාත මිත්‍රයා බුකියෙ දවසක් මේ ගැන දාපු එකට ලයික් එකක් වත් දැම්මෙ නෑ. ඒ උනත් දැනුවත් කරන්න ඕන "තැන" දැනුවත් කරපං. නැත්තං අපරාදෙ බං...

      Delete
  3. අපූරුයි කටුස්සෝ, හැමදාමත් වගේ.

    ReplyDelete
    Replies
    1. වැඩ අස්සේ උනත් ඇවිත් කියවන එකම ලොකු දෙයක්.

      Delete
  4. කස්ට්ටාගේ බෑගිරිය..හැක්

    ReplyDelete
    Replies
    1. නොදකින්.....ඇයි යකෝ ඉඳල ඉඳලා ලවු කවියක් ලිවුවත් මුන්ට පේන්නේ අඬනවා වගෙයිනේ.

      Delete
    2. උඹලට පේන්නෙත් මම බස් අජිත් වගේද?

      Delete
  5. වෙනදා වගේම නියමයි කටුස්සෝ....මං ගොඩක්ම කැමති උඹෙ පාට වෙනස් කිරිල්ලට

    ReplyDelete
    Replies
    1. අපි පාට පාට කටුස්සොනේ.....

      Delete
  6. කටුස්සෝ අර මුදු මුහුණේ සුව රැදුනේ සින්දුව වෙනස් ම කතාවක් කිව්වාට මේ පදනමම ඒකටත් තියෙනවා කියලට මටනම් හිතුනේ... ඒ කියන්නේ අාදරය කිරීම ගැන ඔබ ලස්සනට කියනවා... නොකියන කොටස ඒ ගීතයේ මනාවට ගොණු කරලා තියෙනවා.... අගෙයි කටුස්සා... වෙනදා වගේම සුන්දර පද ගැලපීමක්

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවහම මමත් ආපහු බැළුවා ඕන්.ටිකක් ඒ වගේ තමා.ඒත් ඒ ගීතයේ තියන ප්‍රශ්න ඇසීම මේකේ නෑ.තියෙන්නේ දැනෙන හැඟුම් ප්‍රකාශ කිරීම.අනික මම වගේ ක්ෂුද්‍ර ජීවියෙක්ගේ අතින් ඒ වගේ විශිෂ්ඨ ගීතයකට අලගුතියන්න තරම් නිර්මාණයක් බිහිවෙන එකකුත් නෑ.

      Delete
  7. කාලෙකින් නිදහසේ මේ පැත්තට ආවෙ, ලස්සනයි කටුස්සෝ...

    ReplyDelete
    Replies
    1. අම්මෝ...ගෑණු ළමයා ගොඩ කාලෙකින් නැවෙන් බැහැලා.අගය කිරීමට බොහොමත් ස්තූතියි තනූ....

      Delete
  8. කට්ටගේ කවි දැන් එන්න එන්න ලස්සන වෙනවනේ.. ඔහොම යං.. ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. සමහර එවුන් කසුට්ටලු.අර පාදඩ දේශකයා කස්ටලු.දැන් තව එකෙක් කට්ටලු.අර පහලින් තව එකෙක් මීචලු.මටනම් එපාවෙනවා බන්....

      Delete
  9. Replies
    1. වෙන එවුන්ට නම් හදන්නේ තව කවුරුහරි.මම මටම නම් හදාගනද කොහේද?උඹ 26 යනවද?

      Delete
    2. යනව කොහොමහරි.. උඹ එනවද?

      Delete