Thursday, February 12, 2015

ගිජිඳු



අවරට යන හිරු අතරේ-මවු පුතු හොඬවැල් පැටලේ
වතුර බිඳක් සොයා යන්න-දෙපා යොමු වුනා

සීට් බෙල්ට් උගුලෙ තොණ්ඩුව-වැටී තද වෙලා කකුළට
මහා හඬින් කෑ ගසනා -පුතු දෙනෙත බලා

කුන්චනාද කර දස දෙස-කරකවා වලිගෙ රවුමට
දූලි වලා නගා වැරෙන්-පුතු දෙසට ගියා

දරා කුස හොවා සෙනෙහෙන්-පෙවූ කිරි වෙලා රුධිරය
පැරද වෙඩි හඬට බුරුලෙන්-පොළව තෙත් කලා

පුරුදු කිරි සුවඳ පරයා-දැනුන ලේ සුවඳ විඳගන
ඩිෆෙන්ඩරේ පසු පසට වැද-පුතු කොළඹ ගියා

මහා "අසපුවේ"පැත්තක-තැනු තහඩු මන්දීරේක
දම්වැලෙන් වෙලී පා යුග-පුතු ගාල් වුනා


 ආලවක ලෙසින් වෙස් ගෙන-දරා සිවුර පින් කඳ වට
මහත් සොම්නසින් බුදුපුතු-සිනා විසිරුණා

නැතිව විඳි මවගෙ උණුසුම-දඟලනා විටදි යන්නට
නිවන් පුරය අසබඩ සිටි-පින්වතුන් තුටුවුනා

බලන්නකො මුගෙ දැඟලිළි-ඉහ වහ යයි කෙළිලොල් ගති
බොදු බැතියෙන් ගිණි කණ වැදි-මුවින් පිටවුනා

මෙවන් බුදු පුතුන් සෙවනක-රැදෙන්නට කොතෙක්දැයි පින් කඳ
තිරිසනා උනත් බැතියෙන්- සාදු කියවුනා

පැමිනෙනා විටදි රජවරු-බුදු පුතුන් අතින් පළතුරු
කවන විටදි පත්තරයට-දසුන් එක්වුනා

යන්න පෙරහැරේ ගරු ලෙස-තබා පිටමතින් ධාතුව
පුරුදු කරමු අපි "රාජා"ට-බුදු පුතුන් සැරසුනා

කෙසඟ වී දිරුව ඇලයට-ඇනෙන විටක හෙන්ඩුවෙ උල
සන්සුන් ලෙස ගමනේ යන්න-රාජා හුරුවුනා


 අනේ මහා පින් කඳක්ය-බලන්න මූ යන ලස්සන
කියා කියන ශ්‍රද්ධා සිත්-ගනන වැඩි වුනා

තබා කරඩුවත් පිට මත-යනෙන විටදි පෙරහැර මැද
දැනුණ කිරි සුවඳ රාජාට-ඉන්න බැරිකලා

විසුණු කර දැමූ දම්වැල්-සොයන විටක මවු උණුසුම
වියරු වැටුන මවු සෙනෙහෙට-සිල්වතුන් පැරදුනා

මේක දේව සාපයක්ය-කිල්ලට අහුවෙල පෙරහැර
අති පූජ්‍ය ආලවකයා-හඬ අවදිකලා

කිසිත් නොදන්නා වන සිත-තහඩු මඩුවෙ දම්වැල්මැද
හමා එන සුළගෙ මුහුවුන-මවු සෙනෙහේ ඉවකලා




කටුස්සා....


18 comments:

  1. දිලා තියනවා රිදෙන්න.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. රිදෙන්නේ උන්ට බන්.උන්ට කියාගන්න බැරි නිසා ඉන්නවා.ඒක දකින අපේ හැත්ත හිතන්නේ උන් මතු බුදුවෙන්න පෙරුම්පුරනවා කියලා.

      Delete
  2. හ්ම්ම් .... මිනිස්සු කියලා කිව්වට සත්තුන්ගේ තියා මිනිස්සුන්ගේවත් හිතක් තේරුම් ගන්න බැරි මිනිස්සු

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කිවුවට මිනිස්සුම නෙමෙයි.ප්‍රෝග්‍රෑම් කරපු මැශින්.

      Delete
  3. දැන් පුරුද්දට වෙග් ගිහින් තිෙයන්ෙන මිනිස්සු තමන්ෙග බලපුළුවන්කාරකම් ෙපන්නන්න අහිංසක සත්තුත් හිර කරන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔවු බන්.අලියෙක් හිරකරන් ඉන්න පන්සලක,ගෙදරක් දැක්කහම මටනම් පේන්නේ ඒ තැන තියන තිරිසන්කම.ලොකු කමක් කොහේ තියන එකක්ද මන්දා.

      Delete
  4. හරිම ලස්සනයි කසුටු..... හැමතැනම පොලිට්‍රික්ස් බලල එපා වෙනව..... හැමදාමත් ලස්සනට ලියන්න හැකිවේවා.... සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි ඇනෝ.ඇනෝ වේශයෙන් හරි ඇවිත් අදහස් දැක්වීම ගොඩක් ලොකු දෙයක්.පොලිටික්ස්නම් මටත් එපාවෙලා.

      Delete
  5. වටිනා මාතෘකාවක්. ඇත්තට කැලේට අයිති සත්තු කැලේ නොතිය ගෙවල් වල හදන එකටනම් මමත් කැමති නෑ. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සත්තු විතරක් නෙමෙයි.මිනිස්සුන්ටත් ඔය දේ අදාලයි මනා.අයිති තැනින් ගෙනල්ලා කොච්චර වෙනස් කරන්න හැදුවත් නිදහස ලැබුන ගමන් හැමෝම කවදාහරි තමන් පුරුදු තැනටම යනවා.

      Delete
  6. හස්තියා වෙනුවට හැකිනම් කැලයක කූඩු කර දමන්ට ඔය හිංසාකාරී පරපුර සමහර විට දැනෙයි උංටත්

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.මුන්ට කරන්න තියන එකම දේ.

      Delete
  7. අලින් පෙරහැරේ ගෙන යෑම දැන් කරා අැති.... ඒකට විරුද්ධ වීම තමයි මේ හැම දේටම උත්තරය... අපි මිනිස්සු විදිහට ඒක නැවැත්විය යුතුයි.... අැයි කිසිම සත්වයින් වෙනුවෙන් කතා කරන සංවිධානයක්වත් මේක ගැන කතා නොකරන්නේ... අැයි අලිනැතුව පෙරහැර කරන්න බැරිද,????? අැයි ඒ සතාව ම මරාගෙන කන්නේ...

    ReplyDelete
    Replies
    1. හැම එකාම ඔතන්ට අත තියන්න හරි බයයි.ඒත මුන් දන්නේ නෑ බුදු හාමුදුරුවෝ අද හිටියනම් මේකට විරුද්ධව නැගී සිටින පළවෙනියා උන්වහන්සේ බව.මහා ලොකුවට දහම ඔළුව උඩ තියාගන ඉන්නවා.ඒත් ඒ දහමේ මූලික දේවත් පිළිපදින්න ඕන කමක් නෑ."සියළු සත්වයෝ දඬුවමට බිය වෙති".

      Delete
  8. මේ පිස්සු නං කෙලින්ඩ එපා අලි නැතුව කරඩුව වඩම්මන්නේ අහවල් එකේ තියලද

    ReplyDelete
    Replies
    1. ඔය අහවල් එක නැති එවුන් තමා ඕක ඕනෙමයි කියන්නේ.ඕක මේ නුවර යුගයේ අන්තිම කාලේ එකතු කරගත්තූ ගොන් චූන් එකක්.දැන්වත් ඕක නවත්තන්න ඕනෙ බන්.

      Delete
  9. තම දරු පවුල රකින්න වගාවක් කලාම ඒක කන්න එන අලියව මරණ එක ගැටළුවක් නොවේ මට නම්. අලි පැටියව අල්ලගන්න අම්මව මරණ එක ගැටළුවක්. බොරු සෝබනේට ලොකුකම පෙන්නන්න අලියෙක් තියාගෙන ඉන්න එක ගැටළුවක් . පන්සල් වල පෙරහැරවල් වල අලි ගණනින් පෙරහැරේ සරුව මනින්න අලින්ව පෙරහරේ ගෙනියන එක ගැටළුවක්.

    ReplyDelete
    Replies
    1. අලින්ව ජාතික සම්පතක් වෙන්නේ ලොකු වාහන වලින් ඇවිත් සන්ග්ලාස් දාගන උන් දිහා බලන එවුන්ට විතරයි.තමන්ගේ ළමයින්ගේ බඩගින්න නිවන්න හේනක් කොටන මිනිහෙක්ට අලියා කියන්නේ හෙනයක්.ඒත් එහෙම කියලා උන්ව හිරකරන් ඉන්න එක කොහොමත් අනුමත කරන්න බෑ.මේවා වෙනස්කරන්න ඕනේ මිනිස්සුන්ගේ පොඩිකාලේ ඉදන්මයි.

      Delete