Friday, January 16, 2015

ප්‍රාර්ථනා



සොයා ආ මග දෙනෙත් දල්වා බැළු විට ආපසු හැරි
දුටිමි තරුවක් ලෙසින් පායා පසු පසින් හුන් ඉඳුසරී
ගෙවා ලන්නට බොහෝ දුර ඇත නොහැක එන්නට මට යළී
දුරින් හිඳ සිත් සන
ගමු අපි දහස්වර ලොව මැරි මැරී


ලොවක් තිබුනත් නුඹට මට අද ලොවක් නැත හෙට අප සතූ
තැනිය යුතුවේ ලොවක් අපහට සිටින්නට දෙපයින් මතූ
තනන ඒ ලොව කිරුළ පළඳා රැජිණ ලෙස නුඹ සිටියුතු
යන්න අවසර දෙනුමැනේ අද තනන්නට ලොව අප පැතූ 



වනස්පතියයි මගේ ලොව නුඹ සෙවන දුන් සඳ ලොබ සිතින්
නොහැක නුඹ වෙන්කරව ලන්නට බැඳී පවතින දිවි මගින්
සිහිනයෙන් මෙන් මතක්වී මට සොයන විට යහනේ ලඟින්
පායපන් නුඹ සඳක් වී රන් දැවෙන වැළි කතරට උඩින්

                 



                                         කටුස්සා.....

22 comments:

  1. බොහොම ලයාන්විතයි.
    ඉඳුසර කියන්නෙ දේදුන්න නේද?

    ReplyDelete
    Replies
    1. ඉඳුසර කියන්නේ ඉන්ද්‍ර+සර=හිරු එළිය කියල තමා අහල තියෙන්නේ.මම වැරදිද දන්නේ නෑ මදාවි.දන්න කෙනෙක් ඉන්නවනම් කියනකම් බලන්ඉමු.

      Delete
  2. වේදනාත්මක සොඳුරු පැතුමක්.. සමාජයේ බොහෝ පිරිසකගේ ගීතයක්. ඉස්තරම්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....අවුරුදු ගානක් තමන්ගේ ප්‍රියයන්ගෙන් ඈත්වෙලා ඉන්න රටගිය ඇත්තෝ ඉන්නේ හරි ජොලියෙන් කියලනේ ගොඩක් දෙනා හිතන් ඉන්නේ.

      Delete
  3. බොහොම සුන්දර පදපෙලි ටිකක්

    මෙන්න මෙතනට ගිහින් බලන්න කවි ලියන යට බොහොම ප්‍රයෝජනවත්. මේ කවි කෙලින් කරගන්න පුළුවන් මේකෙන්

    http://aluth-malli.blogspot.com/2012/10/9.html

    ReplyDelete
    Replies
    1. කවි කෙලින් කර ගන්න කිව්ව පාර මාත් ගිහින් බැලුවා.. පට්ට සොෆ්ට්වෙයාර් එකක්නේ. මේක හදපු අළුත් මල්ලිත් ෂෙයා කරපු ඉවානුත් එළ කොල්ලො දෙන්නෙක් අම්මපා..

      Delete
    2. ඉවාන්-
      ගමෙන් ඈත් වෙලා ඉන්න උඹලටත් මේහැඟීම පොඩ්ඩක් හරි දැනිල ඇති.(කොළඹින් එකක් හොයාගන්න කලින්...)
      සිරා සොෆ්ට්වෙයාර් එකක්.ඒත් මොකක් හරි අවුලක් තියනවා.අළුත් මල්ලීගේ බ්ලොග් එක වැඩ නැති නිසා අහන්න විදිහකුත් නෑ.සමහර විට මම කරපු විදිහේ අවුලක්ද දන්නෙත් නෑ
      කමියා-
      ඇත්තම කියපන්,උඹ දඩිබිඩියේ ඉවාන් දාපු ලින්ක් එකට ගියේ "කවි කෙළින් කරගන්න"කියන එකේ "කවි" කියන එක දැකල නෙමෙයි නේද?

      Delete
  4. ඇඩෙනවා!!
    පට්ට කටුස්සා...

    ReplyDelete
    Replies
    1. අඩන්න එපා යකෝ...මිනිස්සු වැරදියට තේරුම් ගනියි

      Delete
  5. සොයා ආ මග නැවත බැලුමුත්.. දිනුම් කණුවක් නෑ වැටී
    දයා බර හදවතට ආලය බරයි.............. නෑ එහි උස් මිටී
    භයා නක දෙය උනේ බෝ දෙන හැපේ ඒ මත්තෙම ගැටී
    නොයා ආපහු ඉදිරියට යන....... පැතුම දෙදෙනාටම වටී

    ඉවාන්ගේ හා අලුත් මල්ලීගේ පිහිටෙන් කෙලින් කර ගැනීමට උත්සාහ ගත් නමුත් එහි යම්කිසි දෝශයක් නිසා බැරිවූ අතර පරන පුරුදු විදියටම කෙලින් කර ගත් බව කරුණාවෙන් සළකන්න.

    ReplyDelete
    Replies
    1. වටේ ගිහින් කෙළින් කරගන්න බැරි වයසකුත් එනවා.එතකොට ඉතින් පුරුදු විදිහටම තමා කෙළින් කරගන්න වෙන්නේ

      Delete
  6. මේ කවි ටිකනම් මාර ලස්සනයි. සිංදුවක් කරන්නත් පුළුවන් වගේ කියල දැක්ක ගමන් පේනව. පුළුවන් නම් කරහන් කටුස්සො. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේවා ලියන්නේ එච්චර බලාපොරොත්තු තියාගන නෙමෙයි.ඕන කෙනෙක් ඉන්නවනම් මේවා අරගන ඕන දෙයක් කරන්න තහනමකුත් නෑ.
      ජය වේවා......

      Delete
  7. නියමයි.. වේදනාත්මක හැඟීමක් උනත් ඒක ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.....සමාවෙන්න උත්තර දෙන්න පරක්කු උනාට.

      Delete
  8. වැදුනා බොක්කට.
    එල ද බ්‍රා
    මාරම හැගිමක් ඉල්ලිමක්

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ දැක්කේ නෑ උඹව.
      හැඟීමක් තියන සම්භන්දතා වල ඉල්ලීමුත් හැඟීම් දනවන ඒවා තමයි.

      Delete
  9. තවත් එල එකක් කටුස්සා !!!!!!!!!

    ReplyDelete
    Replies
    1. උඹේ බ්ලොගේ අළුත් වෙනස සිරා.අළුත් පෝස්ට් එකක් දාපන් ඉක්මනට අළුත් ගෙදරට.

      Delete